ජය මංගල ගී තාලෙට... පිඹ පිඹ බට දඬු නළා... [FONT="]ජය පැන් බොන සෙබළ රැලක් ... උලතෙත හඬ තල තලා....[/FONT]
[FONT="]රස කර මම පවසන්නෙමි.... මිණි කිංකිනි සොලවලා....[/FONT]
[FONT="]අසනු මැනවි අසනු මැනවි ... අසනු මැනවි තුටු වෙලා.....[/FONT]
[FONT="]පරයනු ඉදුනිල් කැට... දෙනෙතෙහි ඇති කැල්මට...[/FONT]
[FONT="]වසඟ නොවන්නේ කවුරුද... නෑනගෙ එක බැල්මට...[/FONT]
[FONT="]මම කැමතී නෑනට.. නෑන කැමති නෑ මට....//[/FONT]
[FONT="]මැල්ලුමකට පොල්පලා... නෙලන්න සිහිනිඟ සලා...[/FONT]
[FONT="]යනවිට රණ මොනරි වගෙයි.. මගෙ හද කුල්මත් වෙලා..[/FONT]
[FONT="]මම කැමතී නෑනට.. නෑන කැමති නෑ මට....//[/FONT]
[FONT="]පොත්ටික තුරුලට අරන්... මුව මදහස රැලි කරන්...[/FONT]
[FONT="]පාසල් යන දෙවැට දිගේ.. නෑනා මගෙ රත්තරං...[/FONT]
[FONT="]මම කැමතී නෑනට.. නෑන කැමති නෑ මට....//[/FONT]
[FONT="]අඩ සඳ වන් නළලතේ .. චන්දන තිලකය ඇතේ..[/FONT]
[FONT="]රිකිපිල වැනි කෙස් කලඹට කිතුල් රෑන පැරදෙතේ...[/FONT]
[FONT="]මම කැමතී නෑනට.. නෑන කැමති නෑ මට....//[/FONT]
[FONT="]මුහුදෙහි රළ පෙල කැටී... ගමන සදිසි යන ලැසී...[/FONT]
[FONT="]ඇගෙයි මගේ ආදරයට.. ආසිරි මල් වැසි වසී..[/FONT]
[FONT="]මම කැමතී නෑනට.. නෑන කැමති නෑ මට....//[/FONT]
[FONT="]නෑඹුල් හිත කිති කැවී.. නව රසඳුන් තරතවී..[/FONT]
[FONT="]මගෙ දුප්පත් පැලේ ඉන්න.. එනවද මදු මාදවී...[/FONT]
[FONT="]මම කැමතී නෑනට.. නෑන කැමති නෑ මට....//[/FONT]
[FONT="]ඔබෙන් ලැබෙන තොත්තුවේ.. රසයට හද පත්තු වේ...[/FONT]
[FONT="]කිරියි පැණියි වගේ ඉන්න.. එනවද මගෙ වස්තුවේ..[/FONT]
[FONT="]මම කැමතී නෑනට.. නෑන කැමති නෑ මට....//[/FONT]
[FONT="]කරදර බාධක මැද්දේ.. දිවිගඟ පහලට ඇද්දේ..[/FONT]
[FONT="]ගල් පර මැද පෙරමුණේ.. මොන නදියද නැවතුනේ...[/FONT]
[FONT="]මම කැමතී නෑනට.. නෑන කැමති නෑ මට....//[/FONT]