බම්ප් කරපු අදහස් දක්වපු හැමෝටම මගේ හදපිරි ප්‍රණාමය!!!!
මේ කෙල්ලගෙන්... ඇත්තම කිව්වොත් කෙල්ල කියන එක හරි නෑ අක්කා කියන්න ඕනේ... මේ අක්කගෙන් අපේ රටේ ඉන්න ගොඩාක් දෙනෙක්ට ගන්න දෙයක් තියනවා.. මම කියන්නම් ඇයි මම මේ වගේ කෙල්ලෙක්ව බඳින්න කැමතියි කිව්වේ.. කොළඹම වෙන්න ඕනේ නෑ ඕනම නගරයක වුනත් ගමක් වුනත් ඉන්න බොලඳ සිහින ලෝක වල ජීවත් වෙන කෙල්ලන්ට වඩා මේ අක්කා සිය දහස් වාරයක් වටිනවා.. මේ අක්කගේ කතාවේ එයාට කැම්පස් යන්න බැරි වුනා කියලා එයාගේ සහෝදර සහෝදරියන්ට ස්කෝලේ යන්න බැරි වුනා කියලා අම්මට තාත්තට එයාලට හරියට සලකන්න බැරි වුනා කියලා රට ලෝකෙට බැන බැන හිටියේ නෑ [මම හිතන විදිහට ඇත්තටම එහෙම වෙලානම් මට කරන්න දෙයක් නෑ] එයා තමන්ගේ ධෛරයයෙන් ජීවිතය රැක ගන්න උත්සහා කලා.. මගේ පෞද්ගලික මතයත් මේකමයි.. අපිට රට හදන්න බෑ තනියෙන්... රජයට බැන්නා කියලා රටේ ලොකේ ඉන්න අනිත් මැති ඇමති වරුන්ට බැන්නා කියලා අපිට උන් එක්ක හැප්පෙන්න බෑ.. [අපි කිව්වේ මටනම් එහෙම කාත් එක්කවත් හැප්පෙන්න බෑ.. මොකද මම මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක්] ඉතින් අපිට කරන්න තියෙන්නේ ඉගෙනගෙන ඒකේ පරතෙරටම යන එක.. එහෙම නැත්නම් හොඳට කල්පනා කරලා ව්‍යාපාරයක් කරලා දියුණුවෙන එක... ඉතින් මේ අක්කා එයාගේ ජීවිතේ එයාට පුලුවන් විදිහට ජය අරගෙන තියනවා.. රටට ලෝකෙට දෙයක් කරලා පෙන්නලා තියනවා... එයා ඉඳලා තියන තත්ත්වයේ හැටියට තවත් ණය වෙලා මේ විදිහට දෙයක් පටන් ගන්න තියෙන්න ඕනේ ශක්තිය පොඩ්ඩක් කල්පනා කරලා බලන්න... අන්න ඒ ගට ''ගට්ස්'' මේ අපි නිතර දකින සීනි බෝල කෙල්ලෝ ගාව නෑ... තවත් තියන මතයක් තමා ගෙවල් වල හොඳ අම්මලා තාත්තලා යටතේ ලස්සන හැදුන කෙල්ලෝ ඉන්නවලු.. ඒ වගේ කෙල්ලෙක්ව බැඳ ගන්න හොඳට ඉගෙන ගෙන හරි හම්බ කරගෙන එන්නලු.. ඒ මොන දෙකයි පනහේ කතාවක්ද බන්... මේ කොහේවත් යන කෙල්ලෙක්ව ගන්නේ මොකටද නිකන් මැරිලා මැරිලා... කෙල්ල ගමේද නගරේද කොලඹ ද දකුනෙද තාත්තා ඇම්තිද මන්ත්‍රීද නැත්නම් අම්මට තාත්තට සල්ලි තියනවද නැද්ද කියන එක නෙමේ අපි බලන්න ඕනේ... හිතන්න පුලුවන් හැකියාව සමග දෙයක් කරන්න පුලුවන් හැකියාව කෙල්ලෙක්ට තියනවද කියලා.... මම හිතනවා මේ අක්කා ගාව ඒ දේ තියනවා.. අන්න ඒ නිසයි මම මේ අක්කා වගේ කෙල්ලෙක් බඳින්න ඕනේ කිව්වේ... ''වගේ'' කියන වචනයෙන් එයාවම බඳින්න ඕනේ කියලා අදහසක් නෑ.. මම දන්න විදිහට.. අනිත් එක මෙයා අක්කා කෙනෙක්. බැඳලත් එක්ක..
apen salli gasa kanna witharai inne heththa

මම not this girl කිව්වේ එකක් එයා බැඳලා අනිත් එක මට වඩා වැඩිමල්.. අනිත් එක girl like this කිව්වහම ඒ කෙල්ලවම බදිනවා කියලා අදහසක් නැනේ 



හරි ඔන්න එහෙනම් මම මට කඩ්ඩ බැරි බව එකටම කිව්වා..
බදින්නේ ජීවිතෙටම එක පාරයි.. ඉතින් ඒ දේ මීට වඩා හොයලා බලලා කරන්න ඕනදෙයක් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා..

