මම දැන් එලකිරියට ඇවිත් අවුරුදු දෙකකටත් වැඩි. ඒ කාලෙ තුල මම කාත් එක්කවත් ප්‍රශ්නයක් ඇති කරගෙනවත් මේකෙ වලි දාගෙනවත් නෑ. ඒක මගේ ඉතිහාසය දිහා බැලුවොත් ඔයාලට හොයා ගන්න පුළුවන්. මම මේකට එන්නෙත් අධ්‍යාපනික යමක් දැනගන්න එහෙම නැත්තම් හිත සැහැල්ලු කරගන්න. මටම කියල විශේෂිත යාලුවොවත් තරහකාරයොවත් මට මේකෙ නෑ. ඒත් මේකෙ ඉන්න ගොඩක් පරන සාමාජිකයොන්ට මම ගරු කරනවා. හැමදාම මේකෙ ඉන්න සුදුපූසා, කින්ග්දෙව්, උරාජ්, කුමාර 456, රී පෝස්ට් බොන්සි බඩී වගේ තව වැදගත් හොඳ පුද්ගලයො ගොඩක් ඉන්නවා. ඒත් සමහර නොවැදගත් අශීලාචාර උදවිය නිසා මේ සයිට් එක එන්න එන්නම පිරිහෙනවා. අසැබ් වචන ගරුසරුවක් නැති කතා බහ, හරියට දෙයක් නොදැන බොරුවට නිත් අය අපහසු තාවට පත් කිරීම් ඒ අතර ප්‍රධානයි. ඒවට තමයි ත්‍රෙඩ් වලට රෙප් දෙන ක්‍රමයක් තියෙන්නෙ. ඒත් ඒ ක්‍රමේ නිසි ලෙස පාවිච්චි වෙනවද කියල සැකයක් තියනවා. කුනුහරපෙන් බැනල තමයි රෙප් කපන්නෙ. ඒත් කමක් නෑ. එහෙම කරන්න සාධාරණ හේතුවක් තියනව නම්. මම මගේ ත්‍රෙඩ් එකක කවමදාකවත් කෙලින්ම හෝ වක්‍රව රෙප් ඉල්ලල නෑ කිසිම කෙනෙක්ගෙන්. ඒක මගේ ත්‍රෙඩ් බලල ඕන කෙනෙක්ට දැනගන්න පුළුවන්. ඒවට ආසාවකුත් නෑ. ඒත් යූසර් සීපී එකට යනකොට හේතුවක් ඇතිව කුනුහරප කියාගෙන බොරුවට රෙප් කපල තියන ක නිතර ඇස ගැටෙද්දි හිතට හරිම දුකයි. එහෙම රෙප් කපනවට හදපු ත්‍රෙඩ් එක යාවත් කාලීන අන බවක් හෝ ඒකෙන් ඇත්තටම සේවයක් වෙන බවක් නම් පේන්න නෑ. එහෙම රෙප් කපන ඒව ආයෙත් දෙනවට වඩා, එහෙම රෙප් කපන මිනිස්සුන්ට ඊට වඩා වැඩි දඬුවමක් දෙන එක සුදුසුයි කියල මම කියනවා. මේ මම ඔය කියපු දේට එක නිදසුනක්










