ලොව පුරා වැඩිහිටියන් අතුරෙන් මිලියන 875 ක් අකුරු කියවීමට නොදන්නා බව වාර්ථා වෙනවා.එයින් තුනෙන් දෙකක්ම කාන්තාවන්ය.අකුරු නොදන්නා අයගෙන් 98%ක්ම ජිවත් වන්නේ සංවර්ධනය වෙමින් පවත්නා රටවලයි එයිනුත් අඩක්ම දකුණු ආසියානු රටවල්ය.
දකුණු ආසියානු රටවල අධ්‍යාපනය සඳහා වාර්ෂික වියදම වන්නේ දළ ජාතික නිශ්පාදනයෙන් 1.9%යි යුද වියදමින් දළ ජාතික නිෂ්පාදනයෙන් 3.8% යි.එය පකිස්ථානයෙන් 7%යි පකිස්ථානයේ ගුරුවරුන්ට වඩා 50%සොල්දාදුවන්ය.
ශ්‍රි ලංකාව දකුණු ආසියාවේ අකුරු දන්නා අය සිටින රටවල් අතරින් පෙර මුන ගන්නවා එහි වැඩිහිටියන් අතුරන් 90%ක් අකුරු කියවීමට සමත්ය. එයිනුත් 94% පිරිමින් වන අතර 87% ක් කාන්තාවයන්ය.
ශ්‍රි ලංකාවේ අධ්‍යාපනික වියදමින් ද දළ ජාතික නිශ්පාදනයෙන් 1.3% ක් (2007 -2002) එමෙන්ම ශ්‍රි ලංකාවේ ප්‍රාථමික පාසල් වල එක් ගුරුවරයෙකුට සිටින්නේ සිසුන් 23කි.
කිසි දිනක පංති කාමරයට නොගිය ළමයින් සංඛයාව මිලියන 100ට වඩා ලොව සිටිනවා.
දකුණු ආසියාවේ ශිෂ්‍ය ගුරු අනුපාතය ශිෂ්‍යයන් හැටකට එක් ගුරුවරයෙකි.එය ලෝකයේ දියුණු රටවල ශිෂ්‍යන් තිස්දෙනෙකු එක් ගුරුවරයෙකුට යන ප්‍රතිශත හා බලන විට ඉහළ සංඛ්‍යාවකි.
ලෝකයේ සෑම ළමයෙකුටම ප්‍රාථමික අධ්‍යාපනය දිමට යන අතිරේක වියදම රුපියල් බිලියන 58ක් .එය ගෝලිය යුද හමුදා වියදම් මෙන් හතර ගුනයකි.
ඇමරිකාවේ වසරකට සිරුරු අලංකාරන වියදම් ඩොලර් මිලියන 8යි. යුරෝපයේ හා ඇමරිකාවේ සුවඳ විලවුන් සදහා වසරක වියදම ඩොලර් මිලියන 72 කි ලෝව පුරා වසරකට වෙළද දැන්විම් ප්‍රචාරන වියදම් ඩොලර් මිලියන 435කි.
කතෘ අයිතිය--ටී. සදුන් චතුරංග සුරියවැව.///http://www.danuma.lk