විනාශයට_පෙරසූදානම
මිනිසුන් සතුන් වඳවී යාම ගැන පමණක් උනන්දු වුවාට ඇත්තටම අපිට නොදැනීම ගොඩක් ශාක විශේෂ මේ ලෝකෙන් තුරන් වෙලා හමාරයි.
1903 වසරේදී ඇමරිකාවේ බෝග වර්ග 8,000 ක් පමණ වගාකරල තිබෙනවා. අවුරුදු 80ක් ගෙවිල 1983දී ඒ බෝග වර්ග ගණන 600කට අඩුවෙලා තිබෙනවා.
ඒ ඇමරිකාවෙනේ. අපේ ලංකාවේ වගා කරලා තියන වී වර්ග ගැන විතරක් කියනවනම්, සිංහල රජකාලේදි තිබිල තියන වී වර්ග ගණන පමණක් 3000ක් ලු. දැනට ඒවායින් වර්ග 1487ක් පමණයි පේරාදෙණිය ජාන සම්පත් මධ්‍යස්ථානය විසින් සොයාගෙන තිබෙන්නේ.
ලෝකයේ න්‍යෂ්ටික යුද්ධයක් ඇති වුනොත්? විශාල ග්‍රාහකයක් ගැටුනොත්? බරපතල කාලගුණික විපර්යාසයක් ඇතිවුනොත්? ඒ වගේ විශාල අනතුරකට ලෝකයට මුහුණ දෙන්න උනොත් දැනට තිබෙන බෝග වර්ග ලෝකයෙන් තුරන් වී යාමේ අවදානමක් තියනවා.
එහෙම විනාශයකින් පසු අලුත් ශිෂ්ටාචාරයක් ආරම්භ කරන්න අවශ්‍ය කරන බෝග වර්ග දැනටමත් උත්තරධ්රැවයෙන් 1300KM ක් දුරින් පිහිටි Spitsbergen නම් නෝර්වේජියානු දුපතක බිම්ගෙයක් තුල තැන්පත් කර හමාරයි. (Svalbard Global Seed Vault)
මේ සුරක්ෂිතගාරය තුල බීජ වර්ග මිලියන 4.5ක් අසුරා තබන්න පහසුකම් තිබෙනවා.
මේ සුරක්ෂිතාගාරයට “Doomsday” Seed Vault කියලත් සමහරු කියනවා. නම අහුනමත් ටිකක් බයහිතෙනවා.
මේ බීජ වර්ග ලෝක විනාශයකින් පසුව ප්‍රයෝජනයට ගන්න තියාගන්නවා කිව්වට සමහර ජාන බැංකුවල දුර්වලකම් නිසා විනාශ වෙන සාම්පල් ප්‍රතිස්ථාපනය කරන්නත් මේ “Doomsday” Seed Vault එක යොදාගන්නවා.
මෙය ආරම්භ කර තිබෙන්නේ 2008 දී බෝග වර්ග ලක්ෂ 4ක බීජ සමගින්. Ireland, U.S., Canada, Switzerland, Colombia, Mexico , Syria කියන රටවල් තමයි පළමුවෙන්ම බීජ සාම්පල් ලබා දී තිබෙන්නේ.
2013 මාර්තු මාසය වන විට මෙහි තිබෙන බීජ විශේෂ ගණන 7,70000 ක් දක්වා වැඩි වී තිබෙනවා.
ඊයේ දාපු ත්‍රෙඩ් එක: පාට_පාට_බඩඉරිඟු