අපෝ... කතා කරලා වැඩක් නැහැ බං.. සමහර එවුන් ගාව තියෙන ෆෝන් උන්ගෙ අල්ලට වඩා ලොකුයි.. අත් දෙකෙන්ම අල්ලලා කනේ තියාගන්නවා.. හරියට පිටු දෙසීයෙ Ex Book එකක් වගේ..
ඕනම දේකට සීමාවක් තියෙන්න ඕනි බං.. මං කලින් කිව්වා වගේ ශ්රී ලංකාව කියන්නෙ පිටරට්ටු විසි කරන ඕනම මල හත්ජරාවක් උඩ පැනලා අල්ලගන්න ජාතියක්..
අපේ රටේ වැඩියක් ඉන්නෙ රුපියල් හතලිස්දාහක් පනස්දාහක් වගේ පඩියක් ගන්න එවුන්.. සමහර එවුන්ට එච්චරවත් නෑ.. විසිදාහ, තිස් දාහ පඬි ගන්න එවුනුත් ඉන්නවා.. ඉතිං ලක්ෂ දෙක තුනක් දීලා ඔයින් ෆෝන් එකක් ගන්නවට වඩා හොඳ නැද්ද බං අනාගතේ වෙනුවෙන් ඒ ගාණ ඉතිරි කලා නම්.. ඇත්තටම මට නම් ඔච්චර ලොකු ෆෝන් ගන්න එක නම් මහම මහ අපරාධයක් කියලයි මටනම් හිතෙන්නෙ..
අපේ බොසා මාසෙට ලක්ෂ ගණන් හොයන බුවෙක් බං.. වාහනම තියෙනවා හත අටක්ම.. ඒත් පොර පාවිච්චි කරන්නෙ Nokia 1200 එකක්.. උන් ෆෝන් පාවිච්චි කරන්නෙ පණිවුඩයක් හුවමාරු කරගන්න විතරයි..
කොටින්ම කිව්වොත් අපේ රටේ කොල්ලො කෙල්ලොන්ගෙන් වැඩි හරියක් ඉන්නෙ පඩ ශෝ කාරයො.. අතේ සතේ නෑ.. ඒ වුණාට ඌ පොශ්.. සල්ලි තියෙන එකයි නැති එකයි බලාගන්න පුළුවන් ගේමක් නැතුව..
ලොකු ෆෝන් පාවිච්චි කරන එක වැරැද්දක් නෙමේ.. ඒක එක එකාගෙ කැමැත්තනේ.. විනෝදාංශයටත් එහෙම ෆෝන් පාවිච්චි කරන අය ඉන්නවා.. ඒකෙ අවුලක් නෑ.. ඒත් පාවිච්චි කරන්න කලින් දෙපාරක් තුන්පාරක් හිතනවා නම් වටිනවා.. මෙච්චර ලොකු ගාණක් දීලා ෆෝන් එකක් අරන් වැඩක් තියෙද කියලා.. වැරදිලාවත් බිම වැටුණොත් ඔක්කොම ඉවරයිනේ..