සාගර පතුළ තුළ සැඟවුනු විශ්මිත නගරය

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    සාගර පතුළ තුළ සැඟවුනු විශ්මිත නගරය

    attachment.php


    ඇට්ලන්ටිස් ශිෂ්ටචාරය පිලිබඳව මුල්ම ලිඛිත සාක්ෂි අපට හමු වනු ලබන්නේ ප්ලේටෝ හා ඔහුගේ සීයා අතර ඇතිවනුලබන දෙබසක් ඇසුරිනි. ඒ අනුව ප්ලේටෝ ගේ කාලයට වසර 9000 කට පෙර ඉතා දියුනුව පැවති සමුද්‍රගාමී ශිෂ්ටචාරයක් වූ "ඇට්ලැන්ටිස්" එකල ලොව පැවති අනෙකුත් ශිෂ්ටචාර සියල්ලම තම අණසැක යටතට ගැනීම තරම ප්‍රබල වූවක් විය.


    මුල්ම ඇට්ලන්ටිස් ආදිවාසීන් ලෙස සැලකෙනු ලබන්නේ, මෙයට වසර 5000කට පමණ, හෝ ඊට පෙර පෘථිවියට පැමිණි කිසියම් ජීවි විශේෂයක් විසින් බව සැලකේ. (ලිරියන් සෞරග්‍රහ මණ්ඩලයෙන් පැමිණි අය වලුන් ලෙස සලකනු ලබයි.) මොවුන් "එලොහිම්" නොහොත් "අනින්කායි" ලෙස හඳුන්වනු ලබන අතර වසර 800කට පමණ අයු කාලයකට හිමිකම් කියූවො වෙති. බයිබලයේ උත්පත්ති පොතෙහි මොවුන් යොධයන් ලෙසට හඳුන්වා දී ඇත.

    ප්‍රවාදයනට අනුව "ටයිමන්" වරුන් ලෙසද සැළකෙන මොවුනට, අඩි 8-12 දක්වා උස්වු ශරීර තිබූ බවට, කැණීම් වලින් හමුවු යෝධ ඇටසැකිළි සාක්ෂි දරයි.

    එමෙන්ම ඇට්ලැන්ටිස් වරු සතු වූ තාක්ෂණය වත්මන්, විද්‍යාවට අද ද පැහැදිළි කළ නොහැකි තරම් සුපිරි අධි ස්වභාවික එකක් වූ බවට සාධක ඇත. උදාහරණයක් ලෙස කාලගුණය , ගිණිකඳු පිපිරීම් ආදිය පවා ඔවුන් පාලනය කර ඇති බව අනාවරණය වී ඇත.

    මේ සඳහා ඔවුන් යොදාගෙන ඇත්තේ සුසර කරන ලද පළිඟු(Crystals)වු අතර, අවසානයේදී ශිෂ්ටාචාරය විනාශ වී යාමට පවා හේතු වූයේ ද, ඔවුන්ගේ මෙම අධික පළිඟු භාවිතයයි.

    පළිඟු සතු අධික වර්තන හැකියාව, විස්තාරය, ශක්තිය ගබඩා කර ගැනීමේ හැකියාව ඔවුන් පුළුල් පරාසයක් තුල දියුණු කරමින්, ශක්තිය ගබඩා කිරීමට, ත්‍රීවුතාව පාලනය කිරීමට හා වෙනත් ස්ථානයකට සම්ප්‍රේෂණ්ය කිරීමට පමණක් නොව ද්‍රව්‍ය සම්ප්‍රේෂණ්ය කිරීමට ද, යොදාගත් බව සනාථ වී ඇත.

    නමුත් අවසානයේ දි, මෙම බලසම්පන්න ශිෂ්ටචාරය සාගර පතුලේ සදහටම මිහිදන් කරලීමට හේතු වනු ලැබූයේ, බල කාමයෙන් මත්වූ ඇට්ලැන්ටිස් වරුන්ගේ මෙම සීමාව ඉක්මවන ලෙස සුසර කරන ලද, පළිඟු වල අධි භාවිතයයි. අධික ලෙස සුසර කරන ලද පළිඟු හේතුවෙන් යමහල් ක්‍රියාකරීත්වය ඉහලයාමෙන් ඇතිවූ ප්‍රභල භූ කම්පනයන් හා සුනාමි තත්වය හේතුවෙන් ඇට්ලන්ටිස් ජනාවාසය සාගරයට බිලි වූ අතර, මෙම විනාශකාරී ස්ංසිද්ධියේ ප්‍රබලතාවය හේතුවෙන් පෘථිවියේ සිරස් අක්ෂය ද, අද පවතින ආකරයට අංශක 23 1/2 කින් ආනත වූ බවට මතයක් ද වේ.

    මෙම මතයන් මිථ්‍යවන් ලෙසට බැහරලීමට නොහැකි වනුයේ මෙම ප්‍රදේශයන් ගෙන් අදටත් හමු වන භෞතික සාක්ෂි හෙතුවෙනි. උදාහරණයක් ලෙස, වර්තමානයේ දී පවා අභිරහසක් ලෙසට පවතින බර්මියුඩා ත්‍රිකෝණයේ සිදුවනු ලබන ගුප්ත අතුරුදන් වීම් වලට, සාගර පතුලේ සැඟවී ඇති ඇට්ලැන්ටිස් යුගයට අයත් පළිඟු හේතු වන බව සැළකේ

    එමෙන්ම මෙම මතයන් තවදුරටත් තහවුරු වීමට ස්ථිරසාර සාක්ෂි 1973 මැක්ෂින් ඈෂර්ගේ ප්‍රධානත්වයෙන් මුහුදු පතුලේ සිදුකරනු ලැබූ ඇට්ලැන්ටිස් ගවේෂණය මගින් සපයනු ලැබුනු අතර ගවේෂණයට සහභාගී වූ ගවේෂකයන් හට සාගර පතුල තුළ තිබූ නටඹුන් අතර, ගඩොල් ඇතිරූ මහා මාර්ග, විශාල කුළුනු, සර්පිලාකාර හා ඒක කේන්ද්‍රීය මෝස්තර, පිරමීඩ්, ගෝල, ඇළ මාර්ග ආදිය හඳුනා ගැනීමට හැකිවිය.

    මෙහි වූ අනෙක් විස්මය ජනක කරුණ වනුයේ එම නටඹුන් ග්‍රීක දාර්ශනික ප්ලේටෝ විස්තර කරන ලද ස්ථාන වලින් ම හමු වීමයි


    ගත්තේ
    http://helayasl.blogspot.com/2012/08/blog-post_12.html


     

    Attachments

    • atlantis_advanced_ancient_civilization.jpg
      atlantis_advanced_ancient_civilization.jpg
      33.4 KB · Views: 492

    SomeoneElse

    Banned
    Sep 7, 2013
    400
    10
    0
    එමෙන්ම ඇට්ලැන්ටිස් වරු සතු වූ තාක්ෂණය වත්මන්, විද්‍යාවට අද ද පැහැදිළි කළ නොහැකි තරම් සුපිරි අධි ස්වභාවික එකක් වූ බවට සාධක ඇත. උදාහරණයක් ලෙස කාලගුණය , ගිණිකඳු පිපිරීම් ආදිය පවා ඔවුන් පාලනය කර ඇති බව අනාවරණය වී ඇත.

    mewa aththada ban? kauda, koheda mewa hari kiyala confirm karala thiyenne?
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    lol. earth eke axis eka 23.5 kin ala karanna puluwan deyak earth ekema thiyanne kohomada? thibunanam dan borathel one naane. crystal eken serama karaganna thibbane :rofl:

    owa boru ban. aththa wage pena youtube videosuth hadala thiyanawa. ohoma nagarayaka natabun wath thama hoyagana na man hithannr
     

    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48


    6.40 විතර​ බලන්න​, ඇට්ලැන්ටිස් ගැන කියවෙනව ගැන කියවෙනවා