අප්පච්චී

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වෙරළු ගහේ අත්තක හිටි
    කපුටු කුරුල්ලා......
    බොරළු පාර දෙස බලමින්
    නද දෙනු දැකලා.....
    නැගිට එන්න බෑ ...
    වාරුව නැති පා ගැහෙනා.....
    අප්පච්චී නුඹ එනතුරු
    දොර ලග හිදිනා...........


    ඉහට වියන් පයට වියන්
    පළදා යසට............
    රන් රිදියෙන් මුතු මැනිකෙන්..
    ඔපවී හැඩට...........
    සමාජයේ උස් තැන් වල
    යෙහෙන් වැජබෙන.........
    පරපුර සිහි කරමින්...
    සුසුමක් හෙලනවද...........

    මතුර මතුර දරුවන්ගේ..
    නම් සිහි කරලා.......
    උතුරා යන සෙනෙහෙන්
    නෙත කදුලින් පෙගිලා.....
    අතුරේ යන සේ ජීවිතයම
    කැප කරලා......
    වතුර ටිකක් දෙන්නටවත්..
    උන් නෑ රැදිලා..........

    සයුරු තෙරින් එතෙරක
    ජීවිතයම ගෙවිලා.....
    ලද මොනරුන් පෑල දොරින්..
    කොහිද ඉගිලිලා.........
    සරණක් නැති දිවියක් ඇති...
    පණ ණළ රැකිලා.....
    බෝසත්කම පතනවාද...
    දරු සැප හිතලා........




     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    profilepic71029_7.gif
     
    • Like
    Reactions: Dinushasankalpa

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අද රටේ දරවන්ට ආදරේ නොකරන දෙමව්පියන් ඉන්න
    දෙමච්පියන්ට ආදරය නොකරන දරුවන් බිහි වෙමින් සිටින
    යුගයක මෙවැන් දේ තවත් ලියවිය යුතුයි..:yes::yes::yes:
    ඒ ඔවුන් වෙනුවෙන් නොව :no::no::no::no:
    දෙමාපිය දූදරු බැඳීම අදටත් පවත්වා ගන්නා වුන් සඳහා ය..
    සුපිරි.

    11.gif

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    අද රටේ දරවන්ට ආදරේ නොකරන දෙමව්පියන් ඉන්න
    දෙමච්පියන්ට ආදරය නොකරන දරුවන් බිහි වෙමින් සිටින
    යුගයක මෙවැන් දේ තවත් ලියවිය යුතුයි..:yes::yes::yes:
    ඒ ඔවුන් වෙනුවෙන් නොව :no::no::no::no:
    දෙමාපිය දූදරු බැඳීම අදටත් පවත්වා ගන්නා වුන් සඳහා ය..
    සුපිරි.

    11.gif

    :) බොහොම ස්තූතියි මචං :)



    හැම දෙනාටම ගොඩාක් ස්තූතියි :)
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    අපිට හොරෙන් අඩන
    දුක හිත තුල තියාගෙන ඉන්න අප්පච්චී