Buy A DSLR - Part 01

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    DSLR මිලට ගැනීම සඳහා මාර්ගෝපදේශනයක් – මූලික දේ

    select-a-dslr.jpg




    හැඳින්වීම

    DSLR කැමරාවක් කියන්නෙ Point and Shoot කැමරාවකට වඩා ලොකු වෙනස්කම් ප්‍රමාණයක් තිබෙන කැමරාවක්. ප්‍රධානම දේවල් තමයි, ඡායාරූප වල තිබෙන noise ඉතාම අවම වීම, ඉහළ සංවේදීතාවය, කාච මාරු කිරීමට තිබෙන හැකියාව, reflex (පරාවර්තන) viewfinder එකක් පැවතීම, වේගවත් ක්‍රියාකාරිත්වය වගේ දේවල්. reflex viewfinder එක කියන එක නම් SLR වලම පමණක් තිබෙන දෙයක්. මෙම කැමරා වර්ග දෙක සහ ඒවායේ වෙනස්කම් අපි වෙනමම කතා කරමු.

    DSLR කැමරා වල තිබෙන, කාච මාරු කිරීමේ හැකියාව නිසා ඡායාරූප ශිල්පියාට ඉතාම හොඳ සුනම්‍යතාවයක් ලැබෙනවා. නමුත් ඉතින් කැමරාවට අවශ්‍ය කරන කාචය හෝ කාච සමූහය තෝරා ගැනීම, කැමරාවක් තෝරාගන්නවාට වඩා අමාරු වෙන්න ඉඩ තිබෙනවා. බොහොමයක් Auto Focus Lens හා පරණ Manual focus film SLR lens උනත් හුඟක් DSLR සමඟ භාවිත කරන්නට පුළුවන්. නමුත් පෙන්වන කෝණයන් වෙනස් වෙන්නට ඉඩ තිබෙනවා.

    තවත් සඳහන් කළ යුතු දෙයක් තමයි, දැන් reflex viewfinder එකක් රහිත නමුත් කාච මාරු කළ හැකි ඩිජිටල් කැමරා වර්ගත් තිබෙනවා. මේවායේදී පිටුපසින් ඇති LCD තිරය තමයි ඡායාරූපය ගැනීමේදී භාවිතා වන්නේ. සමහරක් කැමරා වල Electronic viewfinder එකක් තිබෙනවා. එය කාචයට පෙනෙන දේම පෙන්වීමට හැකි ලෙස සකසල තිබෙනව. මේ කැමරා DSLR වලට වඩා කුඩා ලෙස නිපදවා තිබෙන අතර, ඒවායේ ක්‍රියාකාරිත්වය හා වේගය නම් DSLR තරමට නම් නෑ. මේවා, Single Lens Display හා Interchangeable Lens Camera යන නම් වලින් හැඳින්වෙනවා





    DSLR ගැන ඔබ දැනගතයුතු දේවල් 10ක්

    01.භාවිත කරන අවස්ථාවේදී වඩාත්ම කාර්යක්ෂම වෙන්නෙ DSLR තමයි. අලුත් ඒවායේ තිබෙන Live View කියන එකෙන් පුළුවන් ඡායාරූපය ගන්නකොට මොකද්ද කියල ස්ක්‍රීන් එකෙන්ම බලාගන්න. හැබැයි ඒකෙ තියෙන පාඩුව තමයි auto-focusing වීමට ගත වන කාලය වැඩි වීම හා, ඡායාරූපයේ වදින දේ 100%ක්ම නොපෙන්වීම. (නමුත් දැන් බොහොමයක් කැමරා වල 100%ක්ම හෝ 95%ක් වගේ ප්‍රමාණය්ක්වත් Live view එක මගින් පෙන්වනවා.)

    02.DSLR එකක view finder එක බලන්නෙත් කාචය හරහාමයි. ඉතින් ඡායාරූපයට වදින දේම තමයි ඔබට ඉන් පෙනෙන්නෙ, ඉතින් නාභිගත කිරීම හා රාමුව හරි හැටි සකසා ගැනීම් ඉතාම පහසුයි. හැබැයි ඒකෙන් exposure එක එහෙම නම් නිවැරදිව හිතාගන්නට අපහසුයි.

    03.DSLR එකක optical zoom එක වෙනස් වෙන්නෙ ඒකත් එක්ක භාවිතා කරන කාචය අනුවයි. කැමරාව ගැන විස්තර කරනකොට optical zoom ගැන කියන්න බෑ. zoom කරන්න බැරි කාචයන් හඳුන්වන්නේ prime lenses කියලයි.

    04.DSLR එකක Focal Length Multiplier කියන එක, ඒකෙ සෙන්සරයේ ප්‍රමාණයත් එක්ක වෙනස් වෙන දෙයක්. ලෙන්ස් එකෙ දර්ශන කෝණය ගණනය කෙරෙන්නෙ, ඒ කාචය සවි කරල තිබෙන කැමරාවේ Focal Length Multiplier එක භාවිත කරලයි.

    05.SLR කැමරාවට කාචය සවිකරන සම්බන්ධකයට කියන්නෙ mount එක කියල. එකම ආකාරයේ mount එකක් තිබෙන කැමරා කා කාච පමණයි එකිනෙකට සම්බන්ධ කරන්න පුළුවන්.

    06.SLR කැමරා වලදී සූම් කිරීම, නාභිගත කිරීම අපිටම කළ හැකියි.. සමහරක් අවස්ථා වලදී කැමරාව මගින් කරන නාභිගත කිරීම වඩා වේගවත් හා සාර්ථක වන අතර, සමහරක් අවස්ථා වලදී අපිම නාභිගත කිරීම වඩා නිවැරදි වෙනවා.

    07.සෑම DSLR කැමරාවකම සියළුම දේවල් අපිට අතින්ම පාලනය, වෙනස් කිරීම කරන්න පුළුවන්. manually නභිගත කිරීම, white balance අවශ්‍ය පරිදි සැකසීම, ඉහළ ISO අගයන් තිබීම, පිටතින් සැණෙළියක් සවිකළ හැකි hot shoe එකක් පැවතීම, RAW වර්ගයේ ඉමේජයන් ආකාරයට ඡායාරූප ලබා ගත හැකි වීම, මේ කැමරා වල විශේෂත්වයන්.

    08.කැමරාවට සවි කර ඇති කාචයේ හැකියාව අනුව ලබා ගත හැකි aperture අගයන් සීමා වෙනවා, ගැළපෙන shutter වේගයන් කැමරාවෙන් වෙනස් කළ හැකියි හා ඒ අගයන්ද කැමරාව අනුව වෙනස් වෙනවා.

    09.DSLR කැමරා වලට විඩීයෝ පටිගත කිරීමේ හැකියාවත් දැන් ලබල දීල තිබෙනව. හැකියාවන් දියුණු වූවත් කිහිපයකට පමණයි, පටිගත කරන අතරතුර එක දිගට නාභිගත කිරීම කරන්න පුළුවන්.

    10.DSLR කැමරා වල Battery life එක, බොහොමයක් fixed lens camera වලට වඩා නම් වැඩියි. (live view භාවිතා කරන්නේ නැති නම්). ප්‍රධානම හේතුව වෙන්නෙ LCD තිරය විශාල විදුලියක් භාවිත කිරීම හා එය ක්‍රියාත්මකව පවතිනතාක් සෙන්සරය හා ඇතුළත පරිපථ ක්‍රියාකාරිත්වයේ පැවතීමයි.





    DSLR භාවිතයේ වාසි

    තෝරා ගන්නා කාචය අනුව වෙනස් වුනත් DSLR කැමරා වලින් ලබාදෙන ඡායාරූප වල තත්වය වෙනත් fixed lens digital camera එකකින් ලබාදෙන ඡායාරූපයකට වඩා සැමවිටම වගේ ඉහළින් තිබෙනවා. ඡායාරූපයේ අඩු noise එකකුත්, වැඩි තොරතුරු ප්‍රමාණයකුත්, ඉහළ ISO අගයනුත් එක්ක, DSLR එකක් fixed focus කැමරාවකට වඩා ඉදිරියෙන් සිටිනවා. DSLR එකකට වඩා වැඩි වර්ණ පරාසයක් අල්ලා ගැනීමෙ හැකියාව තිබෙනව (High Dynamic Range). එසේ වෙනත් කැමරා දෙවර්ගයම, වර්ණ, white balance හා exposure යන දේවල් වලින් නම් සැම විටම වගේ සමානව සිටිනවා.

    ක්‍රියාකාරිත්වය අතින් DSLR කැමරා වල තිබෙන වාසියක් තමයි වේගය. Fixed lens camera වලට වඩා මේවායේ නාභිගත කිරීමේ වේගය හා ඡායාරූපගත කිරීමේ වේගය වැඩියි. වෙනත් දේවල් පවා වේගවත්. ඡායාරූපයක් ගෙන ඊලඟ ඡායාරූපය ගැනීමට සුදානම් වීමට ගත වන කාලය, කැමරාව ඔන් වීමට ගත වන කාලය වගේ දේවලුත්.

    චලනය වන වස්තූන් ඡායාරූපගත කිරීමේදී, නාභිගත කිරීමේ වේගය හා ඡායාරූපය ගැනීමේ වේගය ඉතාම වැදගත් සාධකයන් බවට පත් වෙනවා. Fixed lens කැමරාවකට සාපේක්ෂව DSLR කැමරාවකට, වේගවත් නාභිගත කිරීමේ හැකියාවක් තිබෙනවා. DSLR කැමරා වල ඉහළ විභේදනයකින් යුතු ඡායාරූපයක් ගැනීමේදී පවා ඉතා ඉක්මනින් ඡායාරූපය ගැනීමටත්, ඊලඟ ඡායාරූපය ගැනීමට කැමරාව සකසා ගැනීමටත් හැකියාවක් තිබෙනවා. (නමුත් මතක පතේ වේගය මත මෙය වෙනස් වෙනවා.) හැබැයි දැන් නම් CMOS තාක්ෂණය භාවිත කරන ඉතා වේගවත් fixed lens කැමරා පවා තිබෙනවා. Action Photography හා Fashion Photography වලදී Burst mode නැතිනම් continuous mode භාවිත කර යුතු වෙනවා. මොකද කිව්වොත් අවශ්‍යම අවස්ථාව ඡායාරූපගත කරගැනීමට. එය කොයි මොහොතේ එයිද කියා දන්නේ නැති නිසා. DSLR කැමරා වේගවත්ව ඡායාරූපය ගන්නවා පමණක්ම නොවෙයි, එය එක ශොට් එකකදී එක දිගටම ඡායරූප රැසක් කෙටි කාල පරාසයන් තුළදී ඡායාරූපගත කරනවා. මේ හරහා අවශ්‍ය කරන මොහොතම ඡායාරූපයට නැඟීමේ හැකියාව වැඩි වෙනවා
    .




    DSLR භාවිතයේ අවාසි

    DSLR කැමරා වලත් යම් යම් අවාසි තිබෙනවා. ප්‍රධානම අවාසි දෙකක් තමයි, මිල හා සෙන්සරය මත බැඳෙන දුහුවිල්ල. මිල අඩුම DSLR කැමරාවටත් ලෙන්ස් එකක් එකතු කළාම, ඒකත් සියළුම fixed lens කැමරා වල මිලට වඩා ඉහළ වෙනවා.

    සෙන්සරය මත බැඳෙන දුහුවිල්ල එතනට එන්නෙ කාචය මාරු කරන අවස්ථා වලදියි. මේක අවම කරගන්න කරන්න පුළුවන් එක දෙයක් තමයි, හැම අවස්ථාවටම භාවිතා කරන්න පුළුවන් එක් කාචයක් අරගෙන ඒක සැමවිටම කැමරාවට සම්බන්ධ කරල තැබීම. දැන් දැන් එන DSLR වල තාක්ෂණයක් තිබෙනවා මෙම දුහුවිල්ල සෙන්සරය සෙලවීම මගින් ඉවත් කිරීමට. නමුත් ඒකෙන් ප්‍රශ්නය අඩු උනාට ඒක විසඳුමක් නෙමෙයි.

    තවත් තිබෙන පොඩි පොඩි අවාසි ටිකක් තමයි, live view වලදි කළ හැකි දේ අඩු වීම, ශටරයේ ශබ්දය, වැඩි බරකින් යුක්ත වීම. ඡායාරූපය කොහොම නිරාවරණය වෙයිද යන්න, කිසිම කෙනෙක්ට හරියටම කියන්න බෑ, ඒක අත්දැකීම් එක්කම එකතු වෙන හැකියාවක්. ශටරයේ ශබ්දය සමහරක් අවස්ථා වල කරදරයක් වෙන්න ඉඩ තිබෙනව. උදා: පංසලක් වැනි නිශ්ශබ්ද පරිසරයකදී. අවසානව, කැමරාවේ විශාලත්වය කියන එක අමතක කරන්න පුළුවන් සාධකයක් නෙමෙයි. සාමාන්‍ය රීතියක් තමයි, “කැමරාව ලොකු වෙන්න ලොකු වෙන්න, ඔබ ගන්නා ඡායාරූප ප්‍රමාණයත් අඩු වෙනවා” කියන එක.


    දෙවෙනි කොටස බලාපොරොත්තු වන්න

    සියලු අයිතීන් කතෘ සතුය
    උපුටා ගන්නා ලදී
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    සියලු අයිතීන් කතෘ සතුය උපුටා ගන්නා ලදී

    මෙහෙම දානවට වඩා ඔරිජිනල් සෝර්ස් එකේ ලින්ක් එකයි ආටිකල් එක ලිව්ව කෙනාගේ නමයි එක්ක දැම්මනම් තමා හරි.
     
    Last edited:

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මෙහෙම දානවට වඩා ඔරිජිනල් සෝර්ස් එකේ ලින්ක් එකයි ආටිකල් එක ලිව්ව කෙනාගේ නමයි එක්ක දැම්මනම් තමා හරි.

    දාලා තියෙන්නේ
    මටත් හම්බ උන ටිකක්
    කොල්ලෙක් ගෙනත් දීපු එකක් මේ දැම්මේ

    :dull::dull:
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    දාලා තියෙන්නේ
    මටත් හම්බ උන ටිකක්
    කොල්ලෙක් ගෙනත් දීපු එකක් මේ දැම්මේ

    :dull::dull:

    පස්සේ හරි ලින්ක් එක ඇඩ් කරපු එක හොඳයි. මොකද ඕකක් ලියන්න මහන්සිවෙන්න ඕනේ. ඒ නිසා උපුටා ගන්නකොට ක්‍රෙඩිට්ස් ප්ලස් සෝර්ස් ලින්ක් එක දෙන එක තමා හොඳ.