තරුණයින් වඳ කරන, පිළිකාකාරක සුවද විලවුන්..!!

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    තරුණයින් වඳ කරන, පිළිකාකාරක සුවද විලවුන්..!!

    ලොව ප්‍රචලිතම සුවඳ විලවුන් වර්ග 17කත් හානිකර, පිළිකාකාරක රසායන...

    තරුණයින් වඳ කරන පිළිකාකාරක සහිත සුවඳ විලවුන් වර්ගවල කතාව




    dead.jpg




    සුවඳ විලවුන් වල ඉතිහාසය පටන් ගන්නේ පුරාණ ඊජිප්තුවෙනි. ක්‌ලියෝපැට්‌රා රැජින මාර්ක්‌ ඇන්ටනීව වසඟ කර ගැනීම සඳහා එක්‌තරා සුවඳ විලවුන් වර්ගයක්‌ භාවිත කළ බව පැවසේ. ග්‍රීසියේ ප්ලීනි, වසර 3,000 කටත් පෙර සුවඳ විලවුන් නිෂ්පාදනය කරන ආකාරය පිළිබඳ සටහන් කර තිබේ.

    එකල ස්‌වභාවික මූලාශ්‍ර පදනම් කර ගත් සුවඳ විලවුන් නිෂ්පාදනය, අද වන විට වැඩි වශයෙන් විවිධ කෘත්‍රිම රසායනික සංයෝග භාවිත කරන (එවැනි සංයෝග 6,000 ක්‌ පමණ භාවිත කෙරෙතැයි පැවසේ.) වෙළෙන්ඳන් හට දැවැන්ත ලාභ උල්පත් පාදා දෙන මහ දැවැන්ත කර්මාන්තයක්‌ වී ඇත.

    මෙම සුඟන්ධවත් කර්මාන්තය සහ වෙළෙඳාම එදා ලුවිස්‌ රජුගේ සුඟන්ධවත් කෙරුවාව තරම්ම භයානක ඉසවුවකට මනුවග තල්ලු කරමින් සිටින බව, ඇතැම් සුවඳ විලවුන් වර්ග වල තිබෙන රසායනික සංයෝගවල පැටිකිරිය විමසා බැලීමෙන් තහවුරු වෙයි.

    මව ගල්වන සුවඳ විලවුන් නිසාවෙන්, පිරිමි දරුවන්ට නියත වඳභාවය

    ගර්භණී මවගේ කුස තුළ වර්ධනය වන පිරිමි කළලයේ වෘෂණ කෝෂ වලට, සුවඳ විලවුන් හා ශැම්පෝ වල තිබෙන ඇතැම් හානිකර රසායනික ද්‍රව්‍යයන් නිසාවෙන්, ස්‌ථිර ලෙසම හානි සිදුවන බවත්, එම හානිය නිසාවෙන්, මෙලොව එළිය දකින පිරිමි දරුවන්, වඳභාවයට හෝ, මඳ සරුභාවයට හෝ, අඩු වයසින් පිළිකා රෝග වලට ගොදුරු විය හැකි බවත්, බටහිර රටවල් තුළ, ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක්‌ වන, මහා බ්‍රිතාන්‍යයේ එඩින්බරෝ සරසවියට අනුබද්ධ වෛද්‍ය පර්යේෂණ කවුන්සිලයේ, මානව විද්‍යා ඒකකයේ ප්‍රමුඛ මහාචාර්යවරයෙකු වන, "රිචර්ඩ් ෂාප්" (Richard Sharpe) විසින් එළි දක්‌වා ඇති පර්යේෂණ වාර්තාවක දැක්‌වේ.

    වර්ෂ 2010 දී ඇමරිකා එක්‌සත් ජනපදයේ මහජන සෞඛ්‍ය පිළිබඳ ප්‍රමුඛ සංවිධානයක්‌ වන "පාරිසරික වැඩ සාමූහිකය" (EWG) නැමති ආයතනය සහ "සුරක්‌ෂිත විලවුන් සඳහා වන ව්‍යාපාරය" (Campaign for Safe Cosmetics) නැමති ස්‌වෙච්ඡා සංවිධානය සමග ඒකාබද්ධව, සිදු කළ සමීක්‌ෂණයක දී, එරට වෙළෙඳසැල් තුළ විකිණීමට තිබුණු ලොව ප්‍රචලිත සුවඳ විලවුන් වර්ග 17 ක්‌ තුළම හානිකර, රහස්‌ රසායනික ද්‍රව්‍යයන් (ලේබලය මත සඳහන් නොකළ) අන්තර්ගතව තිබුණු බවට හෙළි වී තිබේ. ඒවායින් ඇතැම් රසායනික ද්‍රව්‍යයන් ප්‍රජනන පද්ධතියට, මොළයට, පෙනහැල්ලට, අතිශයින්ම හානිකර, පිළිකාකාරක ඒවා බවත්, ඔවුන්ගේ සමීක්‌ෂණ වාර්තාවේ දැක්‌වේ. (http://safecosmetics.org/article.php?id=644)

    1986 වසරේ දී ඇමරිකානු විද්‍යා ඇකඩමිය විසින් ඇතැම් කෘත්‍රිම සුඟන්ධකාරක වර්ග, මොළයේ සෛල වලට හානි කිරීමට හේතු වන ප්‍රධාන රසායනික සංයෝග කාණ්‌ඩ 6 න් එකක්‌ ලෙස නම් කර ඇත. ඇමරිකානු පාරිසරික ආරක්‌ෂණ අධිකාරියේ (EPA) වාර්තාවකින් අනතුරු අඟවා ඇත්තේ, එරට භයානකම විෂ වර්ග ඇත්තේ බාහිර පරිසරය තුළ නොව, නිවෙස්‌ තුළ භාවිත කෙරෙන, ශැම්පෝ, නිය ආලේපන, තොල් ආලේපන, බොඩි ලෝෂන්ස්‌, හෙයා ඩයි වර්ග, විලවුන්, සේදුම්කාරක ද්‍රව්‍යයන්, මදුරු විකර්ශක, එයාර් ෙµ්‍රස්‌නර්ස්‌, ගෘහස්‌ථ කෘමි නාශක, වැනි ගෘහස්‌ථ රසායනික ද්‍රව්‍යයන් ආශ්‍රිත පාරිභෝගික නිෂ්පාදන තුළ බවය.

    වස සැඟවීමේ අයිතිය

    තම සුවඳ විලවුන් නිෂ්පාදනයට අනන්‍යය වූ සුවඳට හේතු වන රසායනික සංයෝගය කුමක්‌දැයි ලේබලයේ සඳහන් නොකිරීමට "වෙළෙඳ රහස්‌ සඟවා ගැනීමේ ඊනියා අයිතිය" ට මුවා වී නිෂ්පාදකයින්ට කළ හැකිය. ඇමරිකානු ආහාර හා ඖෂධ අධිකාරිය (FDA) ඇතුළු ලොව බොහොමයක්‌ රටවල් මෙම ඊනියා අයිතිය පිළිගෙන ඇත. මේ අනුව, සුවඳ විලවුන් වර්ග වල පමණක්‌ නොව, සිසිල් බීම, ඇතුළු ආහාර නිෂ්පාදන බොහොමයකම අඩංගු ද්‍රව්‍යයන් පාරිභෝගිකයින්ගෙන් සැඟවීමේ අයිතිය නිෂ්පාදකයින්ට හිමිව ඇත.

    සුවඳ විලවුන් තුළ එළිපිට හෝ සැඟවී තිබිය හැකි, සුලභ රසායනික ද්‍රව්‍යයන් කිහිපයක පැටිකිරිය මෙසේය.


    තැලේට්‌ (phthalate) -

    මෙය අතිශයින්ම හානිකර රසායනික සංයෝගයකි. ප්‍රභල හෝමෝන ක්‍රියාකාරිත්වය වියවුල් කාරකයක්‌, (Endocrine disrupter) වඳකාරකයක්‌, සහ පිළිකාකාරකයක්‌ ලෙස හැඳින්වේ. තැලේට්‌ අඩංගු බොහොමයක්‌ සුවඳ විලවුන් සහ එයාර් ප්‍රෙස්‌aනර්ස්‌, ශැම්පෝ වර්ග, නිය ආලේපන, ප්ලාස්‌ටික්‌ ළදරු නිෂ්පාදන යුරෝපා කොමිසමේ රටවල් වල සපුරා තහනම් කර ඇත.

    තවද, පිළිකාකාරකයක්‌ මෙන්ම, පුරුෂ ශුක්‍රාණු විනාශ කිරීමට ද හේතුකාරකයක්‌ වන, වන, ඩයිඑතිල් තැලේට්‌ (DEP) නැමති සුගන්ධකාරකය, අපේ රටේ අළෙවි කෙරෙන ඇතැම් සුවඳ විලවුන් වර්ගවල ලේබලය මත සඳහන් කර තිබෙණු ද දැක ගත හැකිය. ඇතැම් අධ්‍යයනවලට අනුව පෙනී ගොස්‌ ඇත්තේ, DEP රසායනිකය අඩංගු සුවඳ විලවුන් වර්ග සුලභව භාවිත කළ ගර්භනී මවුවරුන්ගේ පිරිමි දරුවන් තුළින් ස්‌ත්‍රී ලක්‌ෂණ පෙන්නුම් කෙරෙන බවය.

    අතිශයින්ම විෂ, කස්‌තුරි සුවඳ
    (Musk)

    ඇමරිකාවේ Environmental working group ආයතනය (EWG) විසින් කර ඇති පර්යේෂණයක දී හෙළි වී ඇත්තේ, කෘත්‍රිම කස්‌තුරි සුවඳට හේතු වන Galaxolide සහ Tonalide වැනි රසායනික සංයෝග, වැදෑමහ හරහා මවු කුස සිටින කළලයට ද සංක්‍රමණය වන බවයි.

    මෙම රසායනික සංයෝග හෝර්මෝන ක්‍රියාකාරිත්වය වියවුල් කර දමන බවත්, පියයුරු පිළිකා අවදානම ඉහළ දමන බවත්, ශරීරයේ ස්‌වභාවික විස හරණ යාන්ත්‍රණය (Detoxification) බිඳ දමන බවත් හෙළි වී තිබේ. (http://safecosmetics.org)

    සෝඩියම් බෙන්සොඒට්‌

    මෙය ජෑම්, කොඩියල් වැනි ආහාර නිෂ්පාදන මෙන්ම සුවඳ විලවුන්, ශැම්පෝ, ක්‍රීම් වර්ග, බොඩි ලෝෂන්ස්‌ , ලිප් බාම්ස්‌ වර්ග කල්තබා ගැනීම සඳහා ද සුලභව භාවිත කරන රසායනික ද්‍රව්‍යයක්‌ වෙයි. මෙම රසායනිකය ආහාර ජීර්ණ මාර්ගය ඔස්‌සේ මෙන්ම සම හරහාද ක්‌ෂණිකව ශරීර ගත වී අපගේ සෛල වලට ඔක්‌සිජන් සැපයුම අඩාල කරයි.

    කෘත්‍රිම ඇල්කොහොල් වර්ග (Alcohol denat)

    මේවා පෙට්‌ට්‍රොaලියම් පාදක කර ගත්, ඇල්කොහොල් වර්ගයන් වෙයි. මෙම කාණ්‌ඩයේ ඇල්කොහොල් වර්ග බොහොමයක්‌ම අසාත්මිකතා වලට හේතු කාරක වෙයි. යුරෝපා සංගමයේ රටවල් වල ලේබල් රෙගුලාසි ප්‍රකාරව බෙන්සිල් ඇල්කොහොල් තිබෙන බව සඳහන් කිරීම අනිවාර්ය වෙයි.

    ඩී.එම්.ඩී.එම්. හයිඩේසන් සහ බ්රෝනොපෝල් (D M D M hydaton /Bronopol)

    ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුයුක්‌ත, පිළිකා පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණ ඒජන්සියේ International Agency දෙර Research on Cancer (IARC) වාර්තා වලට අනුව, මෙය ප්‍රභල පිළිකාකාරකයක්‌ වෙයි.

    බියුටේන්, අයිසො බියුටේන්, ප්‍රොපේන්

    එංගලන්තයේ විසූ 16 හැවිරිදි ජොනතන් කේප්වෙල් නැමති නව යෞවනයෙකු, එක්‌තරා ඩිඔඩ්රන්ට්‌ වර්ගයක්‌ අධික ලෙස කාලයක්‌ තිස්‌සේ ඇඟ ගැල්වීම නිසාවෙන්, 1998 වසරේදී හදිසියේ හෘදයාබාධයක්‌ වැළඳීමෙන් මිය ගියේය. මරණ පරීක්‌ෂණයේ දී හෙළි වූයේ ඔහුගේ සිරුරේ ඩිඔඩ්රන්ට්‌ වල තිබෙන බියුටේන් සහ ප්‍රොපේන් නැමති රසායනික සංයෝග අධිකව තිබුණු බවය. අනෙක්‌ අතට, මෙම සංයෝග චර්මාබාධ, ඇඳුම වැනි අසාත්මික රෝග උත්සන්න කරවීමට සමත් රසායනික ද්‍රව්‍යයන් ද වෙයි.

    පැරබීන්

    පැරබීන් වර්ග රාශියක්‌ වෙයි. සුවඳ විලවුන් වර්ග, ශැම්පෝ, බොඩි ලෝෂන්ස්‌, දහදිය ගඳ වළක්‌වන ආලේපන වර්ග, (Deodorants) වැනි විලවුන් නිෂ්පාද කල් තබා ගැනීම සඳහා භාවිත කරයි. පියයුරු පිළිකා රෝගීන්ගේ පියයුරු පටක තුළ, පැරබීන් සංයෝග සුලභව දැකිය හැකි බව සොයා ගෙන තිබේ. වඳ කාරකයක්‌, මඳ සරුභාවයට හේතු වන රසායනික කාණ්‌ඩයක්‌ ලෙසත් හැඳින්වෙයි. මෙය බොහෝ රටවල් වල තහනම් කර ඇත. මෙරට වෙළෙඳසැල් තුළ අළෙවි කෙරෙනා බොහොමයක්‌ නිෂ්පාදන තුළ අන්තර්ගත වෙයි. (උදාහරණ, බියුටිල් පැරබීන්)

    යුරෝපා කොමිසම සහ වෙනත් පිළිගත් ආයතන විසින් තම රටවල් වල ජනයාට ලබා දී ඇති මඟ පෙන්වීම් හා උපදෙස්‌ විමසා බැලීමේ දී ඒවා අප විසින් ද පිළිපැද්දාට වරදක්‌ නැති බව හැඟී යයි.

    විලවුන් හා සුවඳ විලවුන් භාවිතයේ දී පිළිපැදිය යුතු මූලිකම පූර්වාරක්‌ෂක ක්‍රමය වන්නේ ඒවා හැකිතාක්‌ භාවිතයෙන් වැළකීම හෝ අවම ලෙස භාවිත කිරීමයි. ස්‌වල්පය ඉතා කදිමයි.

    සුවඳ විලවුන් වර්ග භාවිත කරනවානම් සමට නොව, ඇඳුමේ ගල්වා ගන්න.

    සැර සුවඳක්‌ වහනය වන නිෂ්පාදන භාවිත නොකරන්න. සාමාන්‍යයෙන් ඔබ ගල්වන සුවඳ වලවුන් වර්ගයේ සුවඳ වහනය විය යුත්තේ ඔබේ අතේ දුරට පමණි. පොදු ස්‌ථාන වල එයාර් ප්‍රෙස්‌නර්ස්‌ වැනි සුවඳකාරක වර්ග භාවිත නොකරන්න. කෘත්‍රිම සුඟන්ධකාරක වර්ග අඩංගු නිෂ්පාදන වලින් වළකින්න.


    ශරීරයේ සංවේදී ස්‌ථාන වන, කන පිටුපස, බෙල්ල, මුහුණ, ඇස්‌, අත්ල, ප්‍රජනන ඉන්ද්‍රියය ආශ්‍රිතව සුවඳ විලවුන් වර්ග ගැල්වීමෙන් වලකින්න. සුවඳකාරකයේ නම (name of fragrance) සඳහන් නොවේනම් මිල දී නොගන්න.

    බෙන්සීන් කාණ්‌ඩය ඇති සියලුම නිෂ්පාදන වලින් වළකින්න.


    ඇඳුම, හතිය, වැනි අසාත්මිකතා ඇති උදවිය, කුඩා ළමුන්, ගර්භනී කාන්තාවන් සිටින නිවෙස්‌වල, ස්‌ථානවල සුවඳ විලවුන් හෝ වෙනත් සුඟන්ධකාරක (කාමර සුවඳකාරකයන් වැනි) භාවිත නොකරන්න.

    සුවඳ විලවුන් හා විලවුන් වර්ගවල තිබෙන සැක කටයුතු හෝ හානිකර රසායනික ද්‍රව්‍යයන් වල පැටිකිරිය ගැන දැන ගැනීම සඳහා EWG වෙබ් අඩවියේ http://www.ewg.org/skindeep/faq/ වෙත පිවිසෙන්න. සුද්දන් විසින් භාවිතය තහනම් කර ඇති, ඉදිරියේදී තහනම් කෙරෙන රසායනික ද්‍රව්‍යයන් අත්හදා බලන පර්යේෂණාගාර මීයන් බවට ඔබව, ඔබේ දරුවාව පත් කර ගන්නට ඉඩ නොදෙන්න.



    උපුටා ගැනීම- http://www.divaina.com/2013/11/10/feature01.html
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල මචං.. චූට්ටකට කලින් කියෙව්වා බෙස්ට් පර්ෆියුම් කියන ත්‍රේඩ් එකේ තිබිලා..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Toxic Perfume Ingredients Linked to Cancer, Sperm Damage

    In a wildly unregulated system, companies are pouring potentially hazardous chemicals into many everyday scented products, including popular perfumes.

    By Leah Zerbe
    November 21





    5504926.jpg

    Some of the stuff that perfume makers put in their products really stinks.
    image-foot.jpg





    Perfume ingredients may smell good to some people (while giving headaches to anyone sensitive to the fumes), but a 2010 study suggests popular brands reek of long-term health problems for all of us.
    The researchers found that labels of popular perfumes don't list harmful perfume ingredients linked to sperm damage, hormone disruption (which is linked to some cancers, thyroid disease, obesity, diabetes, and other serious health problems), reproductive toxicity, and allergy problems. And chemicals that may play a role in cancer were found in many of the fragrances analyzed. "This monumental study reveals the hidden hazards of fragrances," says Rodale.com advisor Anne C. Steinemann, PhD, professor of civil and environmental engineering, professor of public affairs, University of Washington. And, as with smoking, it's not just the person using the product that's affected. "Secondhand scents are also a big concern. One person using a fragranced product can cause health problems for many others," she says.



    The analysis, performed by the nonprofit Campaign for Safe Cosmetics, a group with coalition members from the Breast Cancer Fund, Environmental Working Group, Clean Water Action, and other public and environmental health organizations, found that many top-selling fragrance products contain a dozen or more secret chemical ingredients not listed on the labels, and multiple chemicals that can set off allergic reactions or disrupt hormones. Many have never been tested for safety on humans.


    All 17 of the popular fragrances tested contained chemicals not disclosed on the labels. Brands tested include:

    American Eagle Seventy Seven,

    Chanel Coco,

    Britney Spears Curious,

    Giorgio Armani Acqua di Gio (for men),

    Old Spice After Hours Body Spray (for men),

    Quicksilver (for men),

    Calvin Klein Eternity for Men,

    Bath & Body Works Japanese Cherry Blossom,

    Calvin Klein Eternity for Women,

    Halle by Halle Berry,

    Hannah Montana Secret Celebrity,

    Victoria's Secret Dream Angels Wish,

    Jennifer Lopez J. Lo Glow,

    AXE Body Spray for Men,

    Clinique Happy Perfume Spray and

    Dolce & Gabbana Light Blue.




    Here's what the researchers found, on average:


    • Ten sensitizing chemicals associated with allergic reactions like asthma, wheezing, headaches and contact dermatitis. Giorgio Armani Acqua di Gio contained 19 different sensitizing chemicals, more than any other product in the study.


    • Four hormone-disrupting perfume ingredients linked to a range of health effects including sperm damage, thyroid disruption, and cancer. Halle by Halle Berry, Quicksilver, and Jennifer Lopez J. Lo Glow each contained seven different chemicals with the potential to disrupt the hormone system.



    • American Eagle Seventy Seven contained 24 hidden chemicals, the highest number of any product in the study.


    Medical and public health experts from Harvard and the University of Washington peer-reviewed the study.



    source : http://www.rodalenews.com/perfume-ingredients?page=0,1
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    api nam axe

    Toxic Perfume Ingredients Linked to Cancer, Sperm Damage


    All 17 of the popular fragrances tested contained chemicals not disclosed on the labels. Brands tested include:

    American Eagle Seventy Seven,

    Chanel Coco,

    Britney Spears Curious,

    Giorgio Armani Acqua di Gio (for men),

    Old Spice After Hours Body Spray (for men),

    Quicksilver (for men),

    Calvin Klein Eternity for Men,

    Bath & Body Works Japanese Cherry Blossom,

    Calvin Klein Eternity for Women,

    Halle by Halle Berry,

    Hannah Montana Secret Celebrity,

    Victoria's Secret Dream Angels Wish,

    Jennifer Lopez J. Lo Glow,

    AXE Body Spray for Men,

    Clinique Happy Perfume Spray and

    Dolce & Gabbana Light Blue.


    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry: