ක්රිස් නෝනිස් මහතාගෙන් ඔබේ ඉංග්රීසි වචන මාලාවට:
1. vitriolic: විශේෂණ පදයකි. "vitriol" යනු ඉතා ප්රබල අම්ලයක් වන සල්ෆියුරික් අම්ලයට කියන නමකි. vitriolic යනු ඉතා දරුණු, කර්කශ, ද්වේශසහගත සහ කටුක යන අර්ථය දෙයි.
2. diatribe: නාම පදයකි. යම් කෙනෙකුට හෝ පිරිසකට එරෙහිව කරනු ලබන ඉතා දරුණු මට්ටමේ වාග්-ප්රහාරයක්, diatribe ලෙස හැඳින්වේ. වචනය හැදෙන්නේ "diatriba" යන ලතින් වචනයෙනි. "diatriba" යනු කෙළවරක් නැතිව කරන දැඩි විවේචනාත්මක සංවාදයකි.
3. punitive: විශේෂණ පදයකි. "දඬුවම් කරන සුළු" යන අර්ථය දෙයි. ප්රංශ "punitif" (දඬුවම් කරනවා / පළිගන්නවා) සහ ලතින් pūniō ("දඬුවම් කරනවා") යන්නෙන් සාදා ගත් වචනයකි.
4. dichotomy: නාමපදයකි. එකිනෙකින් සම්පූර්ණයෙන්ම වෙනස්, වෙන්ව පවතින කණ්ඩායක දෙකකට බෙදීම යන අර්ථය දෙයි. මූලාශ්රය ග්රීක dich- (ද්වි) + temnein (ඛණ්ඩනය / විභේදනය).
5. proxy propaganda: proxy යනු පෙරකලාසිකරුවා ය. එනම් වෙනත් කෙනෙක් වෙනුවට පෙනී සිටින්නා ය. ගණිතයේ දී නම්, යම් සැඟවුණු දත්තයක් වෙනුවට පෙනී සිටින, එළිපිට පෙනෙන දත්තයකි. නෛතිකව නම් වෙනත් අයෙකු වෙනුවෙන් පෙනී සිටීමට අවසර ලත්, බලයලත් කෙනා ය. propaganda යනු ප්රචාරය ය. නිකම්ම ප්රචාරය නොව, යම් වාසියක් බලාපොරොත්තුවෙන් කරනු ලබන පක්ෂග්රාහී, තරමක අතිශයෝක්තියෙන් යුතු ප්රචාරයකි. "අනුන්ගේ සීනි කිරන්න / අනුන්ට කුලියට කහින්න කඩේ යනවා" කියා හොඳ වික්ටෝරියානු ඉංගිරිසියෙන් කියන්නේ proxy propaganda කියා ය.
Source - Facebook