රනිල් වික්‍රමසිංහ යනු වචනයේ පරිසමාප්තියෙන්ම උද්ච්ච චරිතයකි. ඔහු කිසිවෙකු තඹ සතයකට මායිම් කරන්නේ නැත. ඔහු වැජඹෙන්නේ “හාමු මහත්තයා” මානසිකත්වය සහිතවය. රනිල් වික්‍රමසිංහට තම පක්ෂයේ නායකයන්, දේශපාලන සමකාලීනයන් රම්පේ, කරපිංචා මෙනි. රට පාලනය කිරීමට තමන්ට උපතින් ලැබුණු ජන්ම උරුමයක් සේ ඔහු සලකයි. එබැවින් ඔහු තමන්ට එල්ල වන විවේචන ගැන අබමල් රේණුවක සැළකිල්ලක් දක්වන්නේ නැත. කුමන විවේචන පැමිණිය ද රනිල් වික්‍රමසිංහ තම ගමන යයි. ඔහුට ඇත්තේ ඝන හමකි (thick skin).
එබැවින් දැන් රාජපක්ෂ සහ සිලින්ඩර බයියෝ අල් ජසීරා සහ Mehdi Hasanට චෝදනා කරති. අල් ජසීරා පසුපස කටාර් රාජ්‍ය සිටින බවත්, Mehdi Hasan හමාස් හිතවාදියකු බවත් ඔවුහු කියා සිටිති. මේවා “පොළොවේ ඇදය” අන්දමේ නිෂ්පල කථාය. රනිල් වික්‍රමසිංහ අල් ජසීරා සම්මුබ සාකච්ඡාවට ගියේ ජිල් බෝල ගැසීමට නොවෙයි. Mehdi Hasan යනු ලංකාවේ සිටින අන්දමේ ඕනෑම හාල්පාරුවෙකුට මයික් අල්ලන මාධ්‍යවේදියෙකු නොවන බව ඔහු දැන සිටියේ ය. Hasan බ්‍රිතාන්‍යයේ කීර්තිමත් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් දර්ශනය, දේශපාලනය සහ ආර්ථික විද්‍යාව (PPE) පිළිබඳ උපාධිධාරියෙකි. එමෙන්ම ඔහු BBC, MSNBC ඇතුළු රූපවාහිනී ආයතනයන්හි සහ Guardian ඇතුළු මුද්‍රිත මාධ්‍යයන්හි සේවය කළ ප්‍රගතිශීලී මාධ්‍යකරුවෙකි.
රනිල් වික්‍රමසිංහගේ අල් ජසීරා නෑම…
එවැනි චරිතයක් සහිත රනිල් වික්‍රමසිංහ අල් ජසීරා රූපවාහිනී නාලිකාවේ Head to head සංවාදය පිලිබඳ කලබලයට පත්ව සිටියි. එම සංවාදය විකාශනය වූ දින සවස මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඒ පිළිබඳ දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් කළේ ය. මෙය කිසිදිනෙක අප රනිල් වික්‍රමසිංහගෙන් බලාපොරොත්තු නොවන ප්‍රතිචාරයකි. තමා පැවසූ “හොඳ කෑලි” විකාශනය වූ වැඩ සටහනින් කපා දමා ඇති බවට චෝදනා කළ රනිල් වික්‍රමසිංහ, විමල් වීරවංශ වර්ගයේ දෙමළ ඩයස්පෝරා කුමන්ත්‍රණ න්‍යායක් ද ඉදිරිපත් කළේ බොහෝ දෙනෙකු පුදුම කරමිනි. රනිල් වික්‍රමසිංහ මේ තැනට වැටුණේ මන්ද?Head to head හි විහිළුවක් බවට පවත්වීම…
රනිල් වික්‍රමසිංහගේ දායක සභාවට මෙන්ම කොළඹ “ලිබරල්” කණ්ඩායම්වලට රනිල් වික්‍රමසිංහ යනු ආසියාවේ “මොළයයි”. ඉංග්‍රීසි භාෂාව හැසිරවීම හරහා ඔහුට ලොවම වසඟයට ගත හැකි බව ඔවුහු විශ්වාස කරති. ලෝකයම පිලිගන්නා රාජ්‍ය නායකයෙකි. රාජතාන්ත්‍රික සම්බන්ධතාවයන්හි විශිෂ්ටයෙකි. බටහිර ගරු කරන ලංකාවේ එකම “ලිබරල්” නායකයාය. සැබවින්ම රනිල් වික්‍රමසිංහගෙන් තොර ලෝකයක් ලංකාවට නොමැති බව ඔවුහු තරයේ විශ්වාස කරති. එවැනි “මාර” චරිතයක් අල් ජසීරා රූපවාහිනී නාලිකාවේ Head to head සංවාදයේදී විහිළුවක් බවට පවත්විය. මෙය රනිල් වික්‍රමසිංහගේ දායක සභාවට මෙන්ම කොළඹ “ලිබරල්” කණ්ඩායම්වලට අදහාගත නොහැකි පරාජයකි. කම්පනයකි. ඔවුන් මේ තත්ත්වයෙන් මුදවා ගැනීමට රනිල් වික්‍රමසිංහට සෘජුවම මැදිහත්වීමට සිදුවිය. මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා කරුණු පැහැදිලි කළේ එම අරමුණ වෙනුවෙන් බව පැහැදිලිය.මාධ්‍යවේදීන් තම අතපල්ලෙන් වැටුණු පිරිසක් …
ලංකාවේදී රනිල් වික්‍රමසිංහලාගෙන් ප්‍රශ්න කිරීමට තරම් නිර්භීත මාධ්‍යවේදීන් නැත. ඔවුන් සම්මුබ සාකච්ඡා කියා සිදු කරන්නේ ඔවුන්ට loose balls විසි කිරීම පමණි. රනිල් වික්‍රමසිංහලා හයේ පාරවල් ගසති. ඔවුහු කිසිවිටෙක වික්‍රමසිංහලාට අභියෝග නොකරති. ඉඳහිට හෝ යම් අභියෝගාත්මක ප්‍රශ්නයක් අසන මාධ්‍යවේදීන් bully කර “උඹ කවුද මගෙන් ප්‍රශ්න කරන්න” යන උද්දච්ච ප්‍රතිචාර ප්‍රදර්ශනය කිරීම රනිල් වික්‍රමසිංහගේ දිගු කාලීන උපාය මාර්ග විය. ඔහු ලංකාවේ මාධ්‍යවේදීන් සළකන්න තම අතපල්ලෙන් වැටුණු පිරිසක් වශයෙනි.“I have been in politics even before you were born”..
රනිල් වික්‍රමසිංහ සිතා සිටින්නේ ඒ කුප්‍රකට උපාය මාර්ග අල් ජසීරා වැනි ජාත්‍යන්තර රූපවාහිනී නාලිකා සඳහා ද ක්‍රියාත්මක කළ හැකි බවයි. ඔහු රාජ්‍යතාන්ත්‍රික ලෙස තමන්ට ඉදිරිපත් වන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන ප්‍රවේශය වෙනුවට තමන්ට සුපුරුදු උද්දච්ච උපක්‍රමය Mehdi Hasan ට එරෙහිව ක්‍රියාත්මක කළේ ය. එහෙත් එය පළමු විනාඩි දහය තුළ දීම අසාර්ථක විය. “I have been in politics even before you were born” යනුවෙන් රනිල් වික්‍රමසිංහ සිය සුපුරුදු උද්දච්ච ප්‍රහාරය Mehdi Hasan ට එල්ල කළේ ය. එහෙත් Hasan එය තඹ පයිසෙකට ගණන් නොගෙන “ඒක තමයි මෙතන ප්‍රශ්නය” යැයි සිනහසෙමින් පැවසූවේ රනිල් වික්‍රමසිංහ යනු කල් ඉකුත් වූ භාණ්ඩයක් බව අවධාරණය කරමිනි. තමන්ගේ සුපුරුදු තුරුම්පුව දෙකේ කොලයට වැටුණු බව තේරුම්ගත් වික්‍රමසිංහ සාකච්ඡාවෙන් නැගිට යන බවට තර්ජනය කළේ ය. එහෙත් එයින් ද බලපෑමක් සිදුනොවුණි. ඔහු ජනාධිපතිධූරයේ සිටි කාලයේ ජර්මනියේ DW රූපවාහිනී සේවය සමඟ පැවති ඉතා සරළ, සාමාන්‍ය සම්මුබ සාකච්ඡාවක් අතරේ ද නැඟිට යන බවට තර්ජනය කළේ ය.සම්මුබ සාකච්ඡාව විනෝදසමයක් බවට පත්වීම…
රනිල් වික්‍රමසිංහ තමන්ට ඉදිරිපත් කළ අතිබහුතරයක් ප්‍රශ්නවලට කිසිදු පැහැදිලි රාජ්‍යතාන්ත්‍රික පිළිතුරක් ලබානොදී පළා ගියේ ය. ඔහුගේ වචන හරඹ පිළිතුරු සභාවේ සිනහවට භාජනය විය. සභාවේ ප්‍රතිචාර නිරීක්ෂණය කරන විට හිටපු ජනාධිපතිවරයෙක්, හිටපු අගමතිවරයෙක්, ආසියාවේ “මොළය” සමඟ පැවත්වූ සම්මුබ සාකච්ඡාවකට වඩා එය අවසානයේ විනෝදසමයක් බවට පත්විය. Mehdi Hasan වැඩසටහන ආරම්භ කළේ රනිල් වික්‍රමසිංහට විශාල ගෞරවයක් ලබාදෙන ප්‍රවේශයකිනි. වසර දෙකක කාලයක් තුළ බංකොලොත් රට ගොඩගත් අතර රටතුළ දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීමට ඔහු සමත්වූ බව ප්‍රකාශ කරමිනි. එහෙත් ඒ ගෞරවය පදනම් කරගනිමින් සාකච්ඡාව තුළ රාජ්‍යතාන්ත්‍රික ලෙස සිය ආධිපත්‍යය පවත්වා ගැනීමට රනිල් වික්‍රමසිංහ අසමත් විය.ලක්ෂ්මන් කදිරගාමර්ගෙන් ඉගෙන ගන්න…
රනිල් වික්‍රමසිංහ යනු හිටපු ජනාධිපතිවරයෙක් සහ හිටපු අගමැතිවරයක් මිස වර්තමාන ශ්‍රී ලංකා රාජ්‍යයට සම්බන්ධ චරිතයක් නොවෙයි. ඔහුට ඒ සම්බන්ධයෙන් වගකීමක් නැත. ඔහු සිටින්නේ පහසු සහ ආරක්ෂාකාරී ස්ථානයක ය. ලක්ෂ්මන් කදිරගාමර් විදේශ ඇමතිවරයා වශයෙන් බීබීසී රූපවාහිණියේ Hard Talk වැඩ සටහනට වාඩි වූයේ ඉතා දූෂ්කර කාලයකදී ය. එක් පසකින් එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහි යුද්ධය. අනෙක් පසින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනාය. එල්.ටී.ටී.ඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාවේ තර්ජනය. දෙමළ ජාතිකයෙකු වශයෙන් දකුණේ සිංහල ආණ්ඩුවේ අරමුණු වෙනුවෙන් පෙනී සිටීම සහ දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීමේ ප්‍රවේශ සමතුලිත කර ගැනීමේ අභියෝගයන්ය. මේ සියළු අභියෝග, දුෂ්කරතා ඉදිරියේ ලක්ෂ්මන් කදිරගාමර් වසර 2005 මාර්තු මාසයේ බීබීසී Hard Talk අපූරුවට ජය ගත්තේ ය. ඔහු නියම රාජ්‍යතාන්ත්‍රිකයෙකු වශයෙන් සෑම ප්‍රශ්නකටම පැහැදිලි පිළිතුරු ලබා දුන්නේ ය.ජාතිය නිසා අපට අහිමිවූ විශිෂ්ටයා…
ඔහුට යොමු කළ හරස් ප්‍රශ්නයන් තම විවාදයේ සහ ඉංග්‍රීසි භාෂාව හැසිරීමේ දක්ෂතා උපයෝගී කර ගනිමින් ජය ගත්තේ ය. මෙය එක් නිදසුනක් පමණි. වසර 1994 අගෝස්තු සිට ඔහුගේ අකාල මරණය දක්වා මෙවැනි විදේශ මාධ්‍ය සම්මුබ සාකච්ඡා සිය ගණනකට මුහුණ දුන්නේ ය. එහෙත් රනිල් වික්‍රමසිංහ වර්ගයේ විනාශයකට කිසිදිනක ලක්ෂ්මන් කදිරගාමර් මුහුණ දුන්නේ නැත. ඔහු සියල්ලට රාජතාන්ත්‍රික ලෙස මුහුණ දුන්නේ ය. රනිල් වික්‍රමසිංහ සමඟ සංසන්දනය කිරීමේදී ලක්ෂ්මන් කදිරගාමර්ට අපේ රටේ ජනාධිපති, අගමැතිධූරය සඳහා අධ්‍යාපන, වෘත්තීය සහ දේශපාලන සුදුසුකම් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා තිබිණි. එහෙත් අවාසනාවකට ඔහුට ජාතිය හරස් විය.“ලිබරල්” නායකයා බටහිර කුමන්ත්‍රණ පසුපස සැඟවීම…
රනිල් වික්‍රමසිංහගේ අල් ජසීරා පරාජය පිළිබඳව ඔහුගේ දායක සභාව සහ කොළඹ “ලිබරල්” සමාජය කරකියාගත හැකි දෙයක් නොමැතිව සිටින විට ඔවුන්ගේ ගැලවීමට පැමිණියේ රාජපක්ෂ බයියන්ය. රාජපක්ෂ බයියෝ බටහිර කුමන්ත්‍රණ න්‍යාය යටතේ රනිල් වික්‍රමසිංහව ආරක්ෂා කළහ. එතෙක් සැඟවී සිටි සිලින්ඩර බයියෝ ද බටහිර කුමන්ත්‍රණ සරණ ගියහ. බටහිර ලෝකයේ විශ්වාසය දිනාගත්තේ යැයි කියන “ලිබරල්” නායකයාට බටහිර කුමන්ත්‍රණ පසුපස සැඟවීමට සිදුවීම ඉතිහාසයේ සරදමකි. එහෙත් බටහිර කුමන්ත්‍රණ න්‍යාය යටතේ රනිල් වික්‍රමසිංහව ගොඩ දැමීමට නොහැකි විය.අල් ජසීරා සම්මුබ සාකච්ඡාවට ගියේ ජිල් බෝල ගැසීමට ද ?
එබැවින් දැන් රාජපක්ෂ සහ සිලින්ඩර බයියෝ අල් ජසීරා සහ Mehdi Hasanට චෝදනා කරති. අල් ජසීරා පසුපස කටාර් රාජ්‍ය සිටින බවත්, Mehdi Hasan හමාස් හිතවාදියකු බවත් ඔවුහු කියා සිටිති. මේවා “පොළොවේ ඇදය” අන්දමේ නිෂ්පල කථාය. රනිල් වික්‍රමසිංහ අල් ජසීරා සම්මුබ සාකච්ඡාවට ගියේ ජිල් බෝල ගැසීමට නොවෙයි. Mehdi Hasan යනු ලංකාවේ සිටින අන්දමේ ඕනෑම හාල්පාරුවෙකුට මයික් අල්ලන මාධ්‍යවේදියෙකු නොවන බව ඔහු දැන සිටියේ ය. Hasan බ්‍රිතාන්‍යයේ කීර්තිමත් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් දර්ශනය, දේශපාලනය සහ ආර්ථික විද්‍යාව (PPE) පිළිබඳ උපාධිධාරියෙකි. එමෙන්ම ඔහු BBC, MSNBC ඇතුළු රූපවාහිනී ආයතනයන්හි සහ Guardian ඇතුළු මුද්‍රිත මාධ්‍යයන්හි සේවය කළ ප්‍රගතිශීලී මාධ්‍යකරුවෙකි.

