කලු ගලට පෙම් බැඳි නිසා....

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    කලු ගලට පෙම් බැඳි නිසා....

    ඔන්න යාලුවනේ මම තවත් සින්දුවක් හැදුවා.මේකෙත් පදරචනය දිනූශ සංකල්ප මල්ලිගෙන්..මූසික් හා ගායකයෙක් ලැබෙන තුරු ගායනය මගෙන්..මට සින්දු කියන්න බැරි බව මතක තියාගන්නවා හොඳයි:sorry:.මෙම ගීයට මම තබ්ලා සිතාර් එහෙම යොදාගෙන තියනවා:yes:..ටිකක් ඒ පැත්තට බර සින්දුවක්..ඉතින් අහලා බලලා ගුන දොස් පවසන ලෙස(ගායනයේ හැර )මම එලකිරියේ සන්ගීතයේ සුභාවිතයට ලැදි කුකුලන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා...
    මෙතනින් අහන්න
    https://soundcloud.com/jamiezue/kalu-galata-pem-bandi-nisaa

    සදා නොමියෙන ආලයේ මල්
    පිපී ඉහිරුනු හද විලේ.....
    උදා හිරු නැග දියත කළඹා ..
    අවර ගිර බැස යන වෙලේ.........
    මලානික බව දසත ගැලුවත්...
    නිහඩ ලොව නැත ගණදුරේ....
    පරාජිත වී හඩා වැටුනෙමි...
    ගැලූ රුහිරෙන් පපුතුරේ.......

    සරාසද මට ඔබේ මදහස...
    විඩාබර නෙත් පිනවනා.....
    කලාවැව සේ දැනෙයි සෙනෙහස...
    වියලි හද අස්වද්දනා..........
    හිතේ සැනසුම නිඹද ලැබුවෙමි..
    ගතේ සවියට දිරි දෙනා......
    මැදුරු තැනෙනා යසස් ලැබෙනා....
    වාසනා උල්පත උනා.....

    යනෙන තැන් මත ලකුණු නොසොයමි..
    හදේ සිරකර නැති නිදා..........
    ඔබේ නිදහස ඔබේ සැනසුම...
    ‍ලොකයත් නොවටින නිසා.........
    මගේ විශ්වාසයේ දොරගුලු....
    කඩා බිද දා ගිය නිසා....
    කෙසේ අදහම් සියුමැලිම හිත..
    කළුගලට පෙම් බැදි නිසා..........
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තබ්ලා වැඩ පොඩ්ඩක් අඩු කළා නං හොඳයි නේද verses යන ටිකේ ? මට හිතෙන්නේ නං එච්චරයි.
    සින්දුවට ගැලපෙන කට හඬක් හොයා ගත්තා නං එලම තමයි!
    ජයම පතනවා! :cool:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    තබ්ලා වැඩ පොඩ්ඩක් අඩු කළා නං හොඳයි නේද verses යන ටිකේ ? මට හිතෙන්නේ නං එච්චරයි.
    සින්දුවට ගැලපෙන කට හඬක් හොයා ගත්තා නං එලම තමයි!
    ජයම පතනවා! :cool:
    අය්යට එහෙම හිතෙනවද.:eek:.ගොඩාක් ඉස්තුතියි අය්යෙ කොමෙන්ට් කලාට:cool:..දැන් ගොඩාක් අය මේ වගේ සින්දු අහන්නෑ නෙ.;)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අය්යට එහෙම හිතෙනවද.:eek:.ගොඩාක් ඉස්තුතියි අය්යෙ කොමෙන්ට් කලාට:cool:..දැන් ගොඩාක් අය මේ වගේ සින්දු අහන්නෑ නෙ.;)
    මට ඒක විස්තර කරන්න තේරෙන්නේ නෑ.. මට හිතෙනේ verses තියන හරියේ, තබ්ලා බීට් එක වැඩිය වැඩ කෑලි නැතුව සරල උනානම් හොඳයි කියලා..
    දත් කිඹුලා, ජාස්බණ්ඩාර වගේ, ඔය සබ්ජෙක්ට් එක ගැන හරියට දාන්න කට්ටියට සින්දුව යවන්න. හරි හැටි ගුණ අගුණ කියයි.
     
    ස්තුතියි:cool: