විද්‍යාව කියන්නෙ එකක්. ආගම / සංස්කෘතිය කියන්නෙ තව එකක්. වෙන් කරලා තේරුම් ගන්න මචන්.
විද්‍යාත්මක ක්‍රමය කියන එකට ජාති බේද නෑ. ආගම බේද නෑ.
විද්‍යාව කියන්නේ ආගමෙන්, සංස්කෘතියෙන් ස්වායත්ත දෙයක් කියල තමයි බටහිර විද්‍යාවෙන් අපිට උගන්නන්නේ..නමුත් ඒ දේම තමයි සිද්ධ නොවෙන්නෙත්..පොලොව ගෝලාකාරයි, පොලොව සූර්යා වටේ පරිභ්‍රමණය වෙනවා කිව්වම ඒ දවස් වල පල්ලියෙන් කීදෙනෙක්ව එල්ලලා මැරුවද? ඒකට හේතුව උනේ පල්ලියේ ඉගැන්වීමට විරුද්ධ අදහසක් දැරීම විතරමයි..ඉතින් තවදුරටත් කියනවද විද්‍යාව, ආගමෙන් ස්වායත්තයි කියල?
නලින් ද සිල්වා, ඔහුගේ හැම දේශනයකම වගේ කියන්නෙත් ඔය දේම තමයි..මිනිස්සුන්ගේ ඔලු වලට දාල තියෙනවා, බටහිර විද්‍යාව සර්වසම්පූර්ණ,සර්ව සාධාරණ ස්වායත්ත දෙයක් කියල..ඊට විරුද්ධව හිතන එකා මෝඩයා, මිත්යාදෘෂ්ටිකයා කියලා...
ඔය දේම තමයි මීට සියවස් ගණනකට කලින් සිද්ධ උනේ..ඒකෙ ප්රගමනයක් තමයි දැන් සිද්ධ වෙන්නෙත්..සුද්දට ඕන උනේ පෙරදිග කලාපය තුල උන්ගේ ආගම පතුරුවන්න..ඒ සදහා උන් යුධ බලය පාවිච්චි කළා..දැන් කරන්නෙත් ඒ ටිකමයි..වෙනස තියෙන්නේ, යුධ බලය වෙනුවට උන්ගේ අධ්‍යාපනය යොදා ගන්න එක..
ඔය ගැලීලියෝ ලා පෘතුවිය කා වටෙද යන්නේ කියල හොයන්නත් කලින්, පෙරදිග හිටපු ඍෂිවරු නැකත් බැලීම පවා කළා..අපි දන්නවා, රාවනා රජු කාලේ අපේ රටේ හිටපු පුලතිසි කියන ඍෂිවරයා තමයි මුළු පෙරදිගටම වෙලාව ගණනය කලේ කියල..ඔහුගේ හෝරා යන්ත්‍රය තිබුනේ සීගිරි ගල මුදුනේ...ඒක වෙනම කියන්න ඕන කතාවක්...කොහොම හරි ඒ විද්‍යාත්මක ක්‍රමයක් පාවිච්චි කරලා නෙමෙයි පෙරදිග අය දැනුම ලබා ගත්තේ...අධ්‍යාත්මික බලයෙන්..පසුකාල වල පෙරදිගට ආපු සුද්දෝ මේ දේවල් දැනගත්තා...නමුත් උන්ගේ ආගම තුල,අධ්‍යාත්මික දේවල් වලට තැනක් තිබුනේ නෑ..උන්ට අධ්‍යාත්මික බලයක් තිබුනෙත් නෑ...ඉතින් තමන් පෙරදිගින් දැනගත්ත කරුණු විස්තර කරන්න උන්, උන්ගේම ප්‍රවාද හැදුවා...නිකන් සුරංගනා කතා වගේ..ඒ ක්‍රමය තමයි අද බටහිර විද්‍යාව කියල හදුන්වන්නේ...මොනවා හරි සිදුවීමක් දැක්කම, ඒක විස්තර කරන්න කතාවක් හදනවා..ඉලෙක්ටෝනය ගැන විතරක් මොන තරම් කතා ගොඩක් හදල තියෙනවද? එක කතාවක් බොරු වෙනකොට, ඒකට තව කතාවක් හදනවා..නමුත් කවදාවත් මොවුන් ප්රත්යක්ෂයෙන් ඒ දේ අවබෝද කරගෙන නෑ...නමුත් තවමත් අපේ වෙද මහත්වරු බෙහෙත් සීට්ටුවක් ලිව්වත්, අන්තිමට ලියන්නේ,'අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි' කියල..ඒ ප්රත්යක්ෂ දැනුම අපිට ලැබුනේ සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ..ඒක භාවිතා කිරීම නිසා ඇතිවන විශ්වාසය නිසා තමයි 'අත්දුටුවයි' කියල කියන්නේ..
බටහිර විද්‍යාව කියල තියෙන්නේ අන්තිමට කතා ගොඩක් විතරයි..අපිට ඉස්කෝල වල උගන්නනවා, ඒ සුරංගනා කතා විස්වාස කරපන් කියල..ඊට විරුද්ධව හිතන්න දෙන්නේ නෑ..
නලින් ද සිල්වා මේකට ගන්න හොදම උදාහරණ දෙක තමයි, ගුරුත්වාකර්ෂණය සහ ඉලෙක්ට්‍රොන..ඔහු අහනවා ගුරුත්වාකර්ෂණය දැනෙන්නේ අපේ මොන ඉන්ද්රියටද කියල..නමුත් විද්‍යාත්මක ක්රමයේම තියෙනවා, ඒ ක්‍රමය තුල හිතළු වලට ඉඩ නෑ, ඕනෑම දෙයක් පන්චේන්ද්රියන්ට දැනෙනව නම් විතරක් පිළිගන්න කියල..(ඒකනේ මෙහෙ ඉන්න ගොඩ සුද්දෝ කෑ ගහන්නේ දෙවියෝ කෝ? පේන්නේ නෑ නේ..එහෙනම් දෙවියෝ කියල දෙයක් නෑ කියල..)
නමුත් ගුරුත්වාකර්ෂණය කාටවත් දැනෙන අවයවයක් නෑ..ඒ වගේම ඉලෙක්ට්‍රෝනයක් පියවි ඇසින් හෝ අන්වීක්ෂයක් තුලින් දැකපු මිනිහෙක් මේ ලෝකේ නෑ..තියෙන්නේ ගණනය කිරීම් ටිකක් විතරයි...නමුත් අපිට කියනවා එහෙම තියෙනවා කියල විස්වාස කරපන් කියල..ඒ එක්කම අපේ දෙවියන් ගැන අවිස්වාස කරපන් කියල..නමුත් උන්ගේ යෝහොවා දෙවියන්ව විශ්වාස කරපන් කියල..ඉතින් ඔය කියන බටහිර විද්‍යාව, මොන තරම් පැටලුන , සුරංගනා කතාවක්ද කියල තේරෙන්නේ නැද්ද? මොන තරම් බටහිර විද්‍යාව, සර්ව සාධාරණද කියල තේරෙනවද?
ඉලෙක්ට්‍රෝනයක් කව්රුවත් දැකල නෑ
එත් ඉලෙක්ට්‍රෝනය කියල එකක් තියෙන බව වෙනත් පරීක්ෂණ මගින් පෙන්නුවා
උබ දන්නවා ඇති නේ කතෝදකිරන නල පරීක්ෂණ ඉලෙක්ට්‍රොන (නම දැම්මේ පස්සේ.) කියා දෙයක් තිබෙන බව ඒවා යේ ගමන් මග, රික්තයේදී හැසිරීම, චුම්බක හැසිරීම මේ ඔක්කොම ඔප්පු කරලා පෙන්නුවා නේ බං ඉලෙක්ට්‍රෝනය දැක්කේ නැති නිසා තමයි ඒවා කරලා පෙන්නුවේ මෙහෙම එකක් තියෙනවා කියල. ඉලෙක්ට්‍රෝනය අපි දැක්ක නම් මොන ලබ්බකටද ඔය පරීක්ෂණ කරන්නේ
වායුගෝලයේ වායුන් තිබෙනවද කියල අපිට පේනවද බං ? එතකොට එකත් බොරුද ? ගස් කෝලන් හෙලවෙන්නේ භූත බලපමෙන්ද ? අපිට පෙන්නේ නෑ එත් වාතය තිබෙන බව අපිට පෙනෙන දැනෙන දේවල් ඇසුරින් ඔප්පු කළා
දෙවියන් අපිට පෙන්නේ නෑ එහෙනං කරන්න තියෙන්නේ අපිට පෙනෙන දැනෙන දේවල් ඇසුරින් ඔප්පු කරන්න දෙවියන් ඉන්න බව. බොරුවට නාථ දෙවියෝ ආසනික ගැන කිව්වා වගේ නම් නෙවි හොදේ (ආසනික කියන්නේ බටහිරන් දැමු නමක් නේද ? නාථ දෙය්යෝ කොහොමද දන්නේ නෑ මේක උච්චාරණය කලේ.)
නමුත් විද්‍යාත්මක ක්රමයේම තියෙනවා, ඒ ක්‍රමය තුල හිතළු වලට ඉඩ නෑ, ඕනෑම දෙයක් පන්චේන්ද්රියන්ට දැනෙනව නම් විතරක් පිළිගන්න කියල..(ඒකනේ මෙහෙ ඉන්න ගොඩ සුද්දෝ කෑ ගහන්නේ දෙවියෝ කෝ? පේන්නේ නෑ නේ..එහෙනම් දෙවියෝ කියල දෙයක් නෑ කියල..) 



