::ජොකා::

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    පිරිමින් අතර යට කලිසමට ව්‍යවහාර වෙන වචනයක් තමයි "ජොකා".:yes: මේක ප්‍රසිද්ධියේ ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ නෑ පිරිමි උනත්. මොකද මේකත් කුණුහරුපයක් කියලයි හිතන්නේ.

    කොහොම උනත් ජොකා කියන්නේ කුණු හරුපයක් නොවේ. ජොකා අපේ සිංහල ව්‍යවහාරයට එන්නෙ ජොකී (jockey) කියන ඉංග්‍රීසි වචනයෙන්.

    හරි..පිරිමි යට ඇඳුම් ඉතිහාසය ගැන කතා කරනව නම් ඉතිහාසයේ විශාල කාලයක් යනකම් පිරිමි යට ඇඳුම් ඇන්දේ නෑ. පිරිමි ජනනේන්ද්‍රිය (ඔව් ඔව්..ඒක තමා :D) පසු කාලයේදී ආවරණය කර ගත්තේ විලි ලැජ්ජාවම නිසා නෙවෙයි. ඒ වැඩකටයුතු කිරීමේදී අපහසුවීම නිසා.(ඝණ්ඨාරෙ වදිනවානෙ :baffled::baffled: ) පසුව ජොකාට විවිධ විලාසිතාවන් එක්වුණා.


    අපේ රටේ ඉතිහාසය ගත්තොත් Localized ජොකා තමයි අමුඩය.

    අද අමුඩ අඳින ගොවියන් මේ රටේ නැතිවුනත්, ඊයේ පෙරේදා කට්ටියක් අමුඩ පිටින් කොළඹ ඇවිත් තිබුණා. කොළඹ අයට මේක විකාරයක් නැතිනම් අලුත් විලාසිතාවක් වගේ පේන්න ඇති.

    කොහොම හරි අද අඳින ජොකා වෙළඳ පොළෙන් මිළදී ගත යුතු ඇඳුමක්. අද ඕනැම රෙදි කඩයක පෙව්මන්ට් රෙදි තට්‍ටුවකින් ජොකෙක් මිළදී ගත හැකියි.

    ඉතින් මුලින්ම පිරිමි යට කලිසම නැතිනම් ජොකා වෙළඳපොළට ආවේ 1935 දී කියලයි වාර්තාවෙන්නේ.


    පළමු ජොක්කු වෙළඳාම සිදුකර ඇත්තේ 1935, ජනවාරි 19 වැනි දින. ඒ චිකාගෝ වල. එය වෙළඳ පොලට හඳුන්වා දී මාස තුනක් ගත වෙද්දී ජොක්කු තිස් දහසක් අලෙවි වූ බවත් ඉතිහාසයේ සඳහන්.


    එමෙන්ම උතුරු ඇමෙරිකාවේ ජන සමාජය ජොකා හැඳින්වීම සඳහා පසුකාලීනව "Jockey shorts" සහ "Jockeys" යන කෙටි යෙදුමද භවිතා කළ බව කියැවෙනවා.

    Jockey ඉතිහාසයේ සිදුවූ සුවිශේෂතම සිදුවීම ලෙස 1948 දී බ්‍රිතාන්‍යය නියේජනය කරමින් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වූ ක්‍රීඩකයින් සඳහා අය කිරීමකින් තොරවම ජොක්කු ලබාදීම හඳුන්වා දිය හැකියි.

    උතුරු ඇමෙරිකාවේ Jockey යන නමින් පිරිමි යට ඇඳුම් හඳුන්වනු ලැබුවද එය බ්‍රිතාන්‍ය ජන සමාජය විසින් "‍Y-fronts" යන නමින් හඳුන්වා තිබේ. ඒ එහි ඉදිරිපස තිබෙන හැඩය නිසා බව සඳහන්.මෙහි ඉදිරිපසින් විවෘත කළ හැකි හා නොකළ හැකි (හදිස්සියට චූ කරන්න වෙන්න ඇති :rolleyes: ) යනුවෙන් විලාසිතා දෙවර්ගයක් නිර්මාණය කෙරුණි.

    බ්‍රිතාන්‍ය තුළදී "‍Y-fronts" යනුවෙන් හඳුන්වාලු ජොකා ඕස්ට්‍රේලියාවේදී "jocks" ලෙස හඳුන්වා තිබෙනවා.

    ඕස්ට්‍රේලිනුවන් වඩාත් රුචිකත්වයක් දක්වා ඇත්තේ bikini-style ජොක්කු වලටයි.

    bikini-style එකෙත් යට ඇඳුමේ ඉදිරිපස ඇති ‍Y හැඩය ඇති ස්ථානය විවෘත නොකළ වර්ගයට බව පැවසෙනවා.

    විවිධ රටවල් මේ සඳහා තමන්ටම ආවේනික වූ නාමයන් යොදා ගත්තා සේම එක්සත් රාජධානියත් ඔවුනටම ආවේනික වූ "tighty-whiteys"යන නාමය යොදා ගෙන තියෙනවා.


    පිරිමින්ගේ ජනනේන්ද්‍රිය ක්‍රීඩා කරද්දී එක් තැනක රඳවා තබා ගැනීමේ අවශ්‍ය තාවය මතම යට ඇඳුම් නිර්මාණය වන්නට ඇත (නැත්තං සෙල්ල වලවේ :yes:) ඒ කෙසේ වුවත් ක්‍රීඩකයන්ට වෙන් වූම ජොක්කු වර්ගයක්ද තියෙනවා. ඒ විතරක් නෙවෙයි කවුරුවත් දන්නේ නැතුව ඇති විවිධ අවශ්‍යතාවයන් අනුව නිර්මාණය වුණු ජොක්කු විලාසිතාවන් 17 පමණ මේ වන විට තියෙනවා කියලා. ඒවා පසුවට.


    උපුටා ගැනීමකි..පොඩ්ඩක් වෙනස් කළා ඈහ්
     
    Last edited:
    • Like
    Reactions: Captain NALI

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ජොක්කු ගැන කිව්ව එකේ, ඊට සමාන ගැනු ඇදුම ගැනත් ලිපියක් පල කරහන්.. දැන් අසහනකාරයො වැහි වැහැලා
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    :D

    ජොක්කු ගැන කිව්ව එකේ, ඊට සමාන ගැනු ඇදුම ගැනත් ලිපියක් පල කරහන්.. දැන් අසහනකාරයො වැහි වැහැලා

    haehheae ... පෑන්ටිය ගැනත් දාන්නම්.... :rofl::rofl::rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ජෝක්කු bump

    9Y7qmQ3.png