-----------------------------------------------------------------------
කැස්බෑවා හොරකම් කරපු එක ගැන රිවිර එකේ කියන්නේ මෙහෙමයි (පහළ ලිපිය බලන්න)
මෙතන තමයි Interesting Part එක තියෙන්නේ
මීට මාස 8 කට කලින්
http://www.reddit.com/r/itookapicture/comments/1bzsod/itap_of_an_albino_turtle_in_sri_lanka/
Reddit එකේ මේ කැස්බෑවා ගැන Discussion එකක් ගිහින් තියෙනවා ඌගේ පින්තූරයකුත් තියෙනවා මේකේ දාලා.

ඊට පස්සේ
රිවිර එකේ කියනවා මෙහෙම
මේ කැස්බෑවා ඉල්ලලා තියෙන්නේ ලංකාවේ එකෙක්. ඌ ජනප්‍රිය ගායකයෙක් කියලයි කියන්නේ. ලංකාවේ සාමාන්‍යයෙන් ජනප්‍රිය ගයකයෙක්ට මේ වගේ එකෙක් ගන්න වත්කමක් නෑ තිබුනත් කිසිම හේතුවක් තියෙනවා කියලා හිතන්න අමාරුයි එතකොට ඌ ඒක මොකටද ඉල්ලුවේ?
ඉල්ලපු හේතුව
එතකොට දැන් අපිට පැහැදිලියි මෙතන ජනප්‍රිය ගායකයා කැස්බෑවා ඉල්ලලා තියෙන්නේ වෙන එකෙක්ට කියලා.
මෙතන එතකොට වෙන්න ඇත්තේ මේකයි. Reddit එකේ කැස්බෑවා කවුරු හරි එකෙක් දැක්කා (සුල්තාන් වරයෙක් ගේ හෙංචයියෙක් හෝ කලින් දාලා තියෙන හෝටල් දෙකේ අයිතිකාරයන්ගේ කවුරු හරි) මීට මාස 8 කට කලින් හෝ 7 කට කලින් (Reddit Post එක තියෙන්නේ මීට මාස 8 කට කලින් කොහොම හරි) ඊට පස්සේ ඌ Contract එක දුන්නා අපේ එකෙක්ට (රතු එකට අනුව මූ එකෙක්ට විතරක් නෙවෙයි කිහිප දෙනෙකුට Contract එක දීලා තියෙනවා) මීට මාස 6 යකට කලින් (Rivira එකේ තියෙන විදියට මාස 6 යක ඉදලා කැස්බෑවා ඉල්ලලා තියෙන්නේ) අපේ ඒකා කැස්බෑවා ගන්න try එකක් දුනා නමුත් ඒක බැරි වුනාම ඌවා ඉස්සුවා. කැස්බෑ හොරකම ගැන මගේ මතේ මේකයි.
මේ කැස්බෑවා ගැන 2011 දීත් Youtube Video එකක් කවුද එකෙක් Post කරලා තියෙනවා.
http://www.youtube.com/watch?v=4shKkD34d5A
රිවිර ලිපිය

දැනට මාස හයකට උඩදී රත්නපුර ප්‍රදේශයේ පුද්ගලයෙක් මේ සතාව රුපියල් ලක්ෂ පහකට ඉල්ලුවා. ඊට සති දෙකකට පසුව රුපියල් ලක්ෂ දහයකට ඉල්ලුවා. මාසයකට පසු රුපියල් ලක්ෂ පනහකට ඉල්ලුවා. තවත් සමහරු රුපියල් කොටි තුනකට, තුනහමාරකට, හතරකට ඉල්ලුවා. ඒත් මම සතාව දෙන්න කැමති වුණේ නෑ. - ආබ්‍රෙව්
මේ කැස්බෑවා ඉල්ලලා තියෙන්නේ ලංකාවේ එකෙක්. ඌ ජනප්‍රිය ගායකයෙක් කියලයි කියන්නේ. ලංකාවේ සාමාන්‍යයෙන් ජනප්‍රිය ගයකයෙක්ට මේ වගේ එකෙක් ගන්න වත්කමක් නෑ තිබුනත් කිසිම හේතුවක් තියෙනවා කියලා හිතන්න අමාරුයි එතකොට ඌ ඒක මොකටද ඉල්ලුවේ?
ඉල්ලපු හේතුව
ඔහු කිව්වා සිංගප්පූරුවේ හෝටලයකට සහ මාලදිවයිනේ ‘වයිටින් කැස්බෑවා’ කියන හෝටලයට සුදු කැස්බෑවා ඉල්ලනවා. ඒ නිසා සතාව දෙන්න කියලා.
මෙවැනි ඇලි කැස්බෑවුන් විදේශ රටවල ඇතැම් සුල්තාන්වරුන්ගේ පෞද්ගලික සත්වෝද්‍යානවලට ගෙන යාමේ උත්සාහයක් ද පවතින බවත් ඒ එම ඇලි කැස්බෑවුන්ගේ අමිල වටිනාකම නිසා බවත් පරිසරවේදීහු කියා සිටිති.
එතකොට දැන් අපිට පැහැදිලියි මෙතන ජනප්‍රිය ගායකයා කැස්බෑවා ඉල්ලලා තියෙන්නේ වෙන එකෙක්ට කියලා.
මෙතන එතකොට වෙන්න ඇත්තේ මේකයි. Reddit එකේ කැස්බෑවා කවුරු හරි එකෙක් දැක්කා (සුල්තාන් වරයෙක් ගේ හෙංචයියෙක් හෝ කලින් දාලා තියෙන හෝටල් දෙකේ අයිතිකාරයන්ගේ කවුරු හරි) මීට මාස 8 කට කලින් හෝ 7 කට කලින් (Reddit Post එක තියෙන්නේ මීට මාස 8 කට කලින් කොහොම හරි) ඊට පස්සේ ඌ Contract එක දුන්නා අපේ එකෙක්ට (රතු එකට අනුව මූ එකෙක්ට විතරක් නෙවෙයි කිහිප දෙනෙකුට Contract එක දීලා තියෙනවා) මීට මාස 6 යකට කලින් (Rivira එකේ තියෙන විදියට මාස 6 යක ඉදලා කැස්බෑවා ඉල්ලලා තියෙන්නේ) අපේ ඒකා කැස්බෑවා ගන්න try එකක් දුනා නමුත් ඒක බැරි වුනාම ඌවා ඉස්සුවා. කැස්බෑ හොරකම ගැන මගේ මතේ මේකයි.
මේ කැස්බෑවා ගැන 2011 දීත් Youtube Video එකක් කවුද එකෙක් Post කරලා තියෙනවා.
http://www.youtube.com/watch?v=4shKkD34d5A
රිවිර ලිපිය
කොස්ගොඩ සිය කැස්බෑ පර්යේෂණායතනයේ සිටි අතුරුදන් වූ සුදු කැස්බෑවා රු. කෝටි 3 1/2 කට ලබාදෙන ලෙස ප්‍රසිද්ධ තරුණ ගායකයෙක් තමාගෙන් අවස්ථා හතර පහකදීම ඉල්ලා සිටිබව එම ආයතනයේ අයිතිකරු වන කේ. චන්ද්‍රසිරි ආබ්‍රෙව් මහතා රිවිරට පැවසීය.කොස්ගොඩ කැස්බෑ පර්යේෂණායතනයේ සිටි රුපියල් කෝටි 4කට වැඩි වටිනාකමකින් යුත් ඉතා දුර්ලභ ගණයේ සුදු කැස්බෑවකු පෙරේදා (15) රාත්‍රී කිසියම් අයකු විසින් සොරා ගෙනයාමේ සිද්ධිය පිළිබඳව රිවිරට අදහස් දක්වමින් ආබ්‍රෙව් මහතා මේ බව කියා සිටියේය.
ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.
මේ සතා කොල කැස්බෑ වර්ගයට අයත් සතෙක්. සුදු කැස්බෑවා මට මගේ පුතා වගේ. කැස්බෑවට මෙච්චර ඉල්ලුමක් ආවේ දැනට මාස හයක පමණ කාලයක සිට. මේ සතා අපට ලැබුණේ 2007 වසරේදී. මේ සතා හදන එක ළමයෙක් හදනවාට වඩා අමාරුයි.දැනට මාස හයකට උඩදී රත්නපුර ප්‍රදේශයේ පුද්ගලයෙක් මේ සතාව රුපියල් ලක්ෂ පහකට ඉල්ලුවා. ඊට සති දෙකකට පසුව රුපියල් ලක්ෂ දහයකට ඉල්ලුවා. මාසයකට පසු රුපියල් ලක්ෂ පනහකට ඉල්ලුවා. තවත් සමහරු රුපියල් කොටි තුනකට, තුනහමාරකට, හතරකට ඉල්ලුවා. ඒත් මම සතාව දෙන්න කැමති වුණේ නෑ.මීට මාස තුනකට පමණ ඉහතදී ප්‍රසිද්ධ තරුණ ගායකයෙක් රුපියල් කෝටි තුනහමාරකට සුදු කැස්බෑවා ඉල්ලුවා. මම කිව්වා කීයක් දුන්නත් සුදු කැස්බෑව දෙන්නේ නෑ කියලා. ඒත් ඔහු අවස්ථා හතර පහකදීම සතාව ඉල්ලුවා. ඔහු කිව්වා සිංගප්පූරුවේ හෝටලයකට සහ මාලදිවයිනේ ‘වයිටින් කැස්බෑවා’ කියන හෝටලයට සුදු කැස්බෑවා ඉල්ලනවා. ඒ නිසා සතාව දෙන්න කියලා. මම කිව්වා ඔයා ඔයාගේ පුතාට ආදරෙයි වගේ තමා මම මේ සතාට ආදරය කරන්නේ කියලා. ඉන් පසු ඔහු මගෙත් එක්ක ටිකක් අමනාප වුණා. පසුව ඔහු තවත් පුද්ගලයින් යොදවා සතාව මගෙන් ගන්න පුළුවන්ද කියලා උත්සාහ කළා.වරක් ප්‍රාදේශීය සභාවක සභාපතිවරයකුත් සුදු කැස්බෑවා ඉල්ලුවා. තවත් වරෙක දුරකතන ඇමතුමක් ආවා ඇමැති කෙනකුගේ පුතෙක් කියලා කියපු කෙනකුගෙන්. ඔහු සතා ඉල්ලපු අවස්ථාවේදී බහින් බස් වීමකුත් සිදුවුණා.
මම අවුරුදු 35 ක කාලයක සිටයි මේ වෘත්තියේ යෙදී සිටින්නේ. මගෙන් මේ සතාව මිලදී ගන්න පුද්ගලයින් 200 විතර කතාකරලා තියෙනවා. ඒ අයගෙන් සිය දෙනකුගේ විතර දුරකථන අංක වාහන අංක මා සතුව තියෙනවා. ඒ තොරතුරු සියල්ල මම වනජීවි එකට සහ පොලිසියට ලබාදී තිබෙනවා යැයි ආබ්‍රෙව් මහතා රිවිරට පැවසීය.කැස්බෑවුන් දස දහසකට පමණ එක් ඇලි කැස්බෑවකු බිහිවන බවත්, එබැවින් මෙවැනි සතුන් මිල නියම කළ නොහැකි අමිල වටිනාකමකින් යුතු බවත් පරිසරවේදීහු කියා සිටිති.
ජාන විකෘති වීමෙන් සතුන්ගේ ‘ඇලි’ තත්ත්වය ඇතිවන බවත්, මෙහි දී මෙලනින් වර්ණකය ශරීරයෙන් ඈත් වී ඇස් රෝස පැහැ ගැන්වෙන බවත් පරිසරවේදීහු සඳහන් කරති.
මෙරට හමුවන කැස්බෑ වර්ග පහකි. කොළ, ධාර, පොතු, ගල් හා ඔළුගෙඩි එම කැස්බෑ වර්ග පහ වේ.මෙවැනි ඇලි කැස්බෑවුන් ස්වභාවික පරිසර පද්ධතියේ සෑදීම ඉතාමත් අපහසු වන අතර විශේෂ තත්ත්වයන් යටතේ සෑදිය යුතු බවත් මෙවැනි ඇලි කැස්බෑවුන් විදේශ රටවල ඇතැම් සුල්තාන්වරුන්ගේ පෞද්ගලික සත්වෝද්‍යානවලට ගෙන යාමේ උත්සාහයක් ද පවතින බවත් ඒ එම ඇලි කැස්බෑවුන්ගේ අමිල වටිනාකම නිසා බවත් පරිසරවේදීහු කියා සිටිති.
කැස්බෑවුන් වූ කලී අති දුර්ලභ සත්ත්ව විශේෂයක් බවත් කැස්බෑවුන්ගේ ඉතිහාසය ජුරාසික් යුගය දක්වා විහිදෙන බවත් පරිසරවේදීහු වැඩිදුරටත් සඳහන් කරති.
පෙරේදා (15) සවස 6.30ට පමණ කැස්බෑ පර්යේෂණායතනයේ දොරවල් වැසීමෙන් පසු ඊයේ (16) උදෑසන 6.00ට පමණ එය නැවත විවෘත කිරීමේ දී මෙම කැස්බෑවා සොරකම් කර තිබූ බවත් කැස්බෑ පර්යේෂණායතනයේ භාරකරු බි.එච්. දමින්ද (30) මහතා කොස්ගොඩ පොලිසියට පැමිණිලි කර තිබේ.වයස අවුරුදු 5ක් වන මෙම කැස්බෑවා දිගින් අඩි 2ක් පමණ වන බවත් බර කිලෝ ග්‍රෑම් 9.5ක් වූ බවත් එම පැමිණිල්‍ලේ වැඩිදුරටත් සඳහන් වේ.
මේ වන විට කොස්ගොඩ පොලිසිය කැස්බෑ සොරකම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ. අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසියේ පොලිස් නිල සුනඛ අංශය සහ ඇල්පිටිය විශේෂ අපරාධ ස්ථාන විමර්ශන ඒකකය ද පරීක්ෂණවලට සහාය වේ.
කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලාල් උඩුගමගේ, උප පොලිස් පරීක්ෂකවරුන් වන ජනක, සෙයිසා යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති.