කේක් හදන්න නම් පුළුවන්. හැබැයි අර සාමාන්‍ය කේක් එකක වගේ උඩින් තද පාට පොත්තක් එන්නේ නෑ. මම නම් හිතන්නේ නෑ ඔය කියන තරම් අහිතකර බලපෑමක් මයික්‍රෝවේව් අවන් එකෙන් එනවා කියල. මොකද ඒක වැඩ කරන්නේ අපි රත් කරන්න අවන් එක ඇතුලට දාන එකේ තියන ජල අණු මයික්‍රෝවේව් සිග්නල් එකක් මගින් අනුනාද කරලා කම්පනය කරන එක. එහෙම කම්පනය කරනකොට අණු අතර ඇති වෙන ඝර්ෂණය නිසා ඇතිවෙන රස්නේ මගින් තමයි ඒවා රත් වෙන්නේ. ඕන නම් වියලි දෙයක් මයික්‍රෝවේව් එක ඇතුලට දාල බලන්න පොඩ්ඩක්වත් රත් වෙන්නේ නැහැ. ජලය අඩංගු දේවල් විතරයි ඒකෙන රත් කරගන්න පුළුවන්. හැබැයි අවන් එකේ ලීක් එකක් තිබුනොත් නම් ඒ ලඟින් යන්නත් හොඳ නැහැ. මොකද අපි හැදිලා තියන්නේ 80%ක් විතර ජලයෙන් නේ.