මට මහළු වයසේ බැරිය මුත්‍රා කෙරුම පෙරසේ...!!

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    මට මහළු වයසේ බැරිය මුත්‍රා කෙරුම පෙරසේ...!!

    url



    පුරස්ථ ග්‍රන්ථිය විශාල වීම කියන්නේ වයසට යනකොට පුරුෂ පක්‍ෂයට පමණක් ඇතිවන බරපතල රෝගී තත්ත්වයකි.

    ‛‛මට මහළු වයසේ බැරිය මුත්‍රා කෙරුම පෙරසේ" කියලා ඒවගේ කෙනෙක් කිවුවොත් ගුත්තිල කාව්‍යයට අවමං කරන්න හිතාගෙන කියුවක් නොවන බව වැටහෙන්නේ මුත්‍රා පිටකරන එකේ රඟ හොඳින්ම වැටහෙන නිසයි.


    “අපෝ ඔය ලෙඩ අපිට හැදෙන්නේ නැහැනේ ! ...අනෙක වයසට ගිහින් හැදෙන ලෙඩ ....දැම්ම මොකදට ඕව ගැන ...“
    :confused::confused::confused:

    එහෙම ඉවතට නොයන ඔබ වෙනුවෙන් අද කතා කරන්නට හදන්නේ පුරුෂ පාර්ශවයට වද දෙන නොසලකා හැරියොත් අවාසනාවන්ත බලපෑමක් වුනත් කරන්නට තරම් බල සම්පන්න ලෙඩක් ගැන ...ඒ පිළිකාවක් ...:yes:

    පුරස්ථ ග්‍රන්ථිය පිරිමි මුත්‍රා මාර්යේ ඉහළ කොටසේ පිහිටලා තියෙන ප්‍රජනක පද්ධතියට අයත් ඉන්ද්‍රියක්. මේ ග්‍රන්ථියෙන් ශුක්‍රාණු වලට අවශ්‍ය පෝෂණය සැපයීම වගේම ශුක්‍රාණු වලට චලනය වන්නට මාධ්‍යයක් සපයන ශුක්‍ර තරලය නිපදවන්නටත් ආධාර වෙනවා. තුරුණු වියේදී ලිංගික ක්‍රියාවලියට, ප්‍රජනනයට සක්‍රීය විදිහට පුරස්ථ ග්‍රන්ථිය දායක වූවත් වයසට යන විට මහ කරදරකාරී ඉන්ද්‍රියක් බවට පත්වෙන්නේ ‛කලකදි රසලු කලකදී වස වෙනවලු’ යන කියමන සනාථ කරමින්.

    මේ විදිහට පුරස්ථ ග්‍රන්ථිය විශාල වීමට කරුණු කාරණා දෙකක් බලපානවා.


    1. පළමුවැන්න තමයි පිළිකාමය නොවන නැතිනම් අඛර ලෙස විශාල වීම. (BENIGN PROSTATIC HYPERPLACIA, BPH)

    2. දෙවැන්න පිළිකාමය විශාල වීම. (MALIGNANT HAPERPLACIA)


    සැකකටයුතු රෝග ලක්‍ෂණ


    මේ කවර ආකාරයකට ග්‍රන්ථිය විශාල වූවත් එහි ඍජු බලපෑමට ලක්වෙන්නේ මුත්‍රා මාර්ගය. මුත්‍රා මාර්යේ පටු වීම නිසා පහත රෝග ලක්‍ෂණ ඇති වෙනවා.

    • මුත්‍රා පහ කරන්නට ඇති පැකිළීම (HESITENCY) ඒ කියන්නේ තමන්ට උවමනා වෙලාවට මුත්‍ර පිටකරන්න අපහසුවීමයි.

    • එසේම මුත්‍රා පහර ඉදිරියට විදින්නට නොහැකිව මුත්‍රා බිංදු වශයෙන් මුත්‍රා විවරය අසල වැටීමක් දක්නට පුළුවන්.

    • මුත්‍රාශය අසම්පූර්ණ විදිහට හිස්වූ බව දැනීම (DRIBLING OF URINE), මුත්‍රා පිටකරන වාර ගණන වැඩි වීම වගේම රාත්‍රියට කිහිප වතාවක් මුත්‍රා කරන්න සිදු වීමත් අනෙකුත් රෝග ලක්‍ෂණ අතර වෙනවා.

    • මෙහෙම ටික කාලයක් ගත වෙනකොට මුත්‍රා පිටකරන්න තැටමීම නිසා ඇතිවන පසු පීඩනය නිසා මුත්‍රා ප්‍රණාල විශාල වීම (URETARAL PIALATATION) ජල වක්කතාව (HYDRONEPHROSIS) වකුගඩු වල විවිධ ආසාදන වගේම මුත්‍රාගල් ඇතිවීමටත් ඉවහල් වෙනවා.

    • මුත්‍රාශය අසම්පූර්ණ විදිහට හිස්වෙන විට මුත්‍රාශය තුළ මුත්‍රා පල්වීම නිසා ඇතිවන මුත්‍රා අසාදන හේතුවෙන් මුත්‍රා අඩස්සිය (DISURIA) උණ, කොන්ද ආශ්‍රිත වේදනා ඇති විය හැකියි.

    ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදියට , තවත් අවුරුදු අටකදි ලෝකයේ පිළිකා රෝගීන් සංඛ්‍යාව දැනට පවතින ප්‍රමාණය වගේ 50%කින් වැඩි වීමක් වෙන්න පුළුවන් බවට අනතුරු අඟවල තිබීම ...ඒ නිසා කෝකටත් අපි මේ අනතුරු ගැන දැන සිටීම වැදගත් ..ඇයි ද දන්නවද ...බොහාමයක් පිළිකා පෙර හඳුනාගැනීමෙන් සුව කරන්නට පුළුවන් නිසා. ඒ නිසා අපි මේ අප්‍රසන්න ,කකුලුවා(Cancer) ගැන කතා කරමු . අද කතා කරන්න හදන්නේ පිරිමි අපිටම විතරක් කරදර කරන කෙනෙක් ගැන ., :yes:කාන්තාවන්ටත් මේ ග්‍රන්ථීයේ යම් සම්බන්ධයක් තිබුණත් වැඩියෙන්ම කරදර කරන්නේ පිරිමින්ටමයි ..




    ඒ තමයි Prostate cancer ...සිංහලෙන් කිව්වොත් පුරස්ථ ග්‍රන්ථිමය පිළිකාව ...සමහර විට ඔබ මේ ගැන යමක් අහලත් ඇති මේ නම ඇහුවෙ අදම වෙන්නත් ඇති ..කෝකටත් කියල හැමදාමත් වගේ අපි මෙ රෝගයට සම්බන්ධ ජීව විද්‍යත්මක කරුණූ ටිකක් සරළව කතා කරලම වැඩට බහිමු.
    :yes:


    මොකක්ද මේ Prostate නැත්නම් Prostate gland එක කියන්නේ .අපි දැනටමත් දන්නවා අපේ ඇඟේ විවිධ ග්‍රන්ථී පිහිටලා තිබෙන බව . දහදිය නිපදවන ග්‍රන්ථී , සමේ තෙල් ගතිය නිපදවන ග්‍රන්ථී , ඊළඟට ....ඔව් ඛේඨ ග්‍රන්ථි ....ඇයි තයිරොයිඩ් ග්‍රන්ථීය නේද ..ඔය වගේ ග්‍රන්ථී ගණනාවක් අපේ ජීව ක්‍රියා පවත්වා ගන්නට දායකත්වය දෙනවා .. මේ හැම කෙනෙක්ම යම් දියරමය සංයෝගයක් නිපදවමින් එය ස්‍රාවය කරමින් ඒ සේවය කරනවා .

    අපි මේ කතා කරන Prostate gland එකත් ඒ විදියට වැඩ කරන කෙනෙක් . ඉන්නේ නම් ටිකක් හැංගිච්ච තැනක . පිරිමින්ගේ නම් මුත්‍රාශය පතුලේ හැංගිලා තමයි ඉන්නේ ..මුත්‍රාශයේ සිට මුත්‍රා , එළියට ගෙනියන බටය Urethra , වගේම ශ්‍රක්‍රාණූ දියරයක් විදියට යොමු කරන බටයත් අපි මේ කතා කරන Prostate gland තුලින් තමයි ගමන් කරන්නේ.

    ඒ නිසාම ප්‍රොස්ටේට් ග්‍රන්ථීය කරන දේ කුමක් දැයි මතක තියා ගන්නත් පහසුයි , මුල්ම වැඩේ තමයි අපේ මුත්‍රා ගලායාම පාළනය කරන එක ...ඒක කරන්නේ Prostate ග්‍රන්ථීයේ තිබෙන රබර් පටි වගේ පේෂි තන්තු මඟින් ..
    අනෙක් කාර්යය තමයි ලිංගික උත්තේජනයකදි ශ්‍රක්‍රාණු මිශ්‍ර තරළයට අවශ්‍ය කරන ආරක්ෂක දියරක් හදල වක්කරන එක . විශේෂයෙන්ම ලිංගික උත්තේජනයේ උච්චතම අවස්ථාවේ ඉවතට නිකුත් වන දියරයේ වැඩිම වගකීමක් දරන්නේ අපේ මේ ග්‍රන්ථීය .





    ඒ කියන්නේ මේ ග්‍රන්ථිය හරියට ක්‍රියාකාරී නැත්නම් කරදර ගොඩක් වෙන්නට පුළුවන් . ඔව්! ටෙස්ටොස්රොන් සහ ඇන්ඩ්‍රජන් කියන හෝමෝන වල බලපැමට යටත් වෙලා බොහොම හොදින් වැඩ කරගෙන යන මේ ග්‍රන්ථීය වයසට යත්දි පොඩි පොඩි කරදර දෙන්න පටන් ගන්නවා.


    මොන වගේ කරදරද ?:confused::confused::confused:
    ...සමහර විට ග්‍රන්ථිය ඉදිමිලා ඒක මැදින් ගමන් කරන බට තද කරන්නට පුළුවන් . දැන් මොකද වෙන්නේ ...අපි කිව්වනේ මැදින් ගමන් කරන්නේ මුත්‍ර අරගෙන යන බටය කියල ..දැන් ඒක හිරවෙනවා , . එතකොට මුත්‍රා කරගන්න බැහැ , සමහර විට මුත්‍රා කරන්න ඕන වුනත් පිට කරගන්න සෑහෙන තටමන්න ඕන ...
    සමහර විට මුත්‍රා කරලා ඉවර වුනාම ..ඕන්න ආයෙත් යන්න වගේ දැනෙන්නත් පුළුවන් ., මුත්‍රා පිට වුනත් වෙනද වගේ ඈතට වැටෙන්නේ නැහැ ..කකුල් දෙක ගාවටම වැටෙන තරමට වේගෙ අඩවෙලා . අනෙක හුඟක් වෙලාවට බිංදු බිංදු මත්‍රා පිට වෙනවා පාලනයක් කරගන්න බැරිවම.
    මොන විදියට කරත් තෙමාගන්නම වෙනව....දැන් ඉතින් මේ කීව දේට හේතු වුනේ අර ග්‍රන්ථිය ඉදිමීමනේ...:yes::yes:
    මේ ඉදිමිම පිළිකාමය නොවන තත්ත්වයේ Benign එකක් වුනොත් සරළ ප්‍රතිකාර කිහිපයකින් මේ කරදරේ මගහරවා ගන්නට පුළුවන් ...ඒත් ඒක පිළිකාමය malignant ඉදිමීමක් වුනොත් .......?:confused:




    ඔව් ඔබ දැනටමත් දන්නව පිළිකාවක් කියන්නේ “මහ අකීකරු , විකෘති සෛල වගයක් “ කියලා...කිසිම පාළනයක් නැතිය බෙදෙන මේ සෛල නිසා හැදෙන පිළීකා ගෙඩිය නිසා ඔය විදියට බට තද වීම විතරක් නෙවි.....
    වටේ ඉන්න අනෙක් ඉන්ද්‍රියයන් මරල දාන්නත් පුළුවන්.:shocked::shocked:



    Prostate cancer එකේදිත් වෙන්නේ ඒකමයි ..එයා මුලින්ම මුත්‍රා බටේ මිරිකල කියනවා ..
    “ඔන්න මම වැඩ පටන් ගන්නයි හදන්නේ, ඕන නං අල්ලගන්නෝ...“ කියල.
    මෙතනින් එහාට මේ පිළිකාව හැංගි මුත්තං සෙල්ලං කරනවා... ඒ කියන්නේ දැන් අපි නොසලකා හැරියොත්, මෙයා හෙමින් සැරේ අවට ඉන්න අවයව විනාශ කරන්න පටන් ගන්නවා, එයින් ප්‍රධානම තැන කොඳු ඇට ..ඊළඟට පෙනහළු , ඒ කියන්නේ අපේ ඇඟේ වැදගත්ම තැන් අපෙන් උදුරගන්නට පටන් ගන්නවා ..එහෙනම නම් මොකක්ද කරන්න ඕන...
    :rolleyes:




    වැදගත්ම දේ තමයි මේ හැංගි හොරා පැමිණියා දැයි සැක කළ හැකි ලක්ෂණ ගැන පොඩි අවබෝධයක් තිය ගන්න එක.
    මුලිකම ලක්ෂණ එන්නේ මුත්‍රා සම්බන්ධව , අපි මුලින් කීව වගේ මුත්‍රා කරගන්න ඇති අපහසුකම් එක්ක මුත්‍රා එක්ක ලේ පිටවීමක් වෙන්නත් පුළුවන් , ඒ වගේම ශ්‍රක්‍ර තරලයත් එක්ක Semen ලේ පිට වෙන්නත් පුළුවන් ..සමහර විට ඔබ ලිංගිකව එක් වෙලා ඉන්න අවස්ථාවේ ශිෂ්ණය පතුලෙන් පිච්චෙන, තද වේදනාවක් එන්නත් පුළුවන් .


    දැන් මේ වගේ ලක්ෂණයක් දෙකක් ආවොත් , කෝකටත් කියල ඔබේ පවුලේ වෛද්‍යවරයාට කියල පරික්ෂාවක් කර ගන්න.. ඔහු ඔබේ ගුද මාර්ගය තුලින් ඇඟිල්ලක් ඇතුලු කරල P.R.පරීක්ෂණය මඟින් මේ ග්‍රන්ථීය ස්ඵර්ශ කරල බලාවි, දැන් ඔහුට දළ අවබෝධයක් ගන්න පුළුවන් Prostate gland එකට මොකද වෙලා තියෙන්නේ කියලා..සැක සහිත නම් සරළ රුධීර පරික්ෂණයක් නියම කරාවි...

    ඒකේ නම මතක තියා ගන්න එක වටින නිසා නම කියන්නම් P.S.A. මේ Prostate Specific Antigen
    කියන රුධීර පරික්ෂණයේ අගයන් එක්ක මෙය පිළීකාවක් දැයි තහවුරු කරගන්න හැකියාවක් ඇති වෙනවා.
    ඒ අගය 4.0 ng/mL ට වඩා වැඩි නම් වෛද්‍යවරයා ඔබ තවත් පරික්ෂණ කිහිපයකට යොමු කරාවි, ඒ අතරේ එක්සේ, සිටී ස්කෑනින් වගේම, පොඩි ශල්‍යකර්මයක් මගින් ග්‍රනිථීයෙන් පටක කෑල්ලක් Biopsy අරගෙන එහි සෛල වල හැඩය ස්වභාවය පරික්ෂා කරන්නටත් යොමු කරාවි .


    ඔන්න ඔය ඔක්කොම කළාට පස්සේ වෛද්‍යවරයා ඔබට කියාවි , එය පිළිකාමය ගෙඩියක්ද නැත්ද යන වග..නැවතත් මේ කීව එක් ලක්ෂණයක් හරි P.S.A. අගය 4ට පොඩ්ඩක් වැඩිවුනා කියන එකෙන්ම මෙය පිළිකාවක් කියල හිතල කළබල වෙන්න එපා.. :yes:
    කළ යුත්තේ නොසලකා නොහැර හරියම තත්ත්වය කුමක්දැයි හඳුනාගන්නා තුරු අදාල පරික්ෂණ වලට කැමැත්තෙන් ඉදිරිපත්වෙන එකයි.මොකද නොසලාක සිටීම ලොකු අනතුරකට අතවනන නිසා.
    :yes:




    මේකට හේතුව ස්ථීරම නොකිය වුනත් , යම් ජානමය සබඳතාවක් පවතින බව හඳුනාගෙන තිබෙනව , ඒ ඊට සම්බන්ධ යැයි සැක කෙරෙන ජාන ඒකකයක් දැනටමත් හඳුනාගෙන තිබීම ,
    ඒ වගේම වයස අවුරුදු 40ට වැඩි පිරිමින් වැඩි අවදානම් (කාන්තාවන් මේ තත්ත්වයට පත්වීම නොහඳුනා ගන්නා තරම් සුළු සංඛ්‍යාවක් බවය කියැවෙන්නේ) ,
    තරබාරුනම් , එකතැන ඉඳගෙන කරන කම්මැළි රස්සාවක් කරනවා නම් ( ඒ කීවේ සක්‍රියව ඇඟ නොවෙහෙසෙන ) ,
    රැකියාව විදියට තීන්ත කර්මාන්ත හෝ තීන්ත හෝ සම්බන්ධ රසායනික කර්මාන්ත වල යෙදෙන , ඒ ආශ්‍රිතව ජීවත් වන අය වැඩි අවදානම් ,
    මත්පැන් භාවිතය වගේම සමාජ රෝග පැවතීමත් අවදානම වැඩි කරන බව සොයාගෙන තිබෙනවා ,

    තවත් ආහාර වේලේ ශාකමය ආහාර අඩුවෙන් කෑමට ගන්න අයත් අවදානම්.....ඔය ඔක්කොම අවදානම් ....ඒ කීවේ මේ සියල්ලම නොවන , කෙනෙකුට වුනත් මෙම පිළිකාව හැදෙන්න යම් ඉඩක් තිබෙනවා ..ඒ නිසා ඔය ලිස්ට් එක බලල...

    “අපිට හැදෙන්නේ නැහැ ...කියල“
    අමතක කරල දාන්නත්...
    “අපොයි මටත් කැන්සර් එක වගේ “
    කියල කළබල වෙන්නෙත් නැතිව මේ තොරතුරු දැනගෙන නිසි තැන නිසි ප්‍රතිකාරයට යොමු වීමයි වැදගත් .


    දැන්...මේ තතත්වය පිළිකාවක් වුනොත් මොකද වෙන්නේ...ඔව් ...
    වැදගත්ම දේ මේ තත්ත්වය මුල් අවස්ථාවෙම හඳුනා ගැනීම , මොකද මෙයා ඇඟ ඇතුලෙ හැංගිමුත්තං ගහමින් අනෙක් අවයවත් විනාශ කරන කෙනෙක් නිසා , වෙන තැන්වලට පහර ගහන්න ඉස්සර හඳුනගත්තොත් ශල්‍යකර්මය මඟින් පිළිකාමය පටක කපා ඉවත් කිරීමත්...
    විකිරණ ප්‍රතිකාර සහ පිළිකා ඖෂධ ප්‍රතිකාරත් ලබා දේවි ..ඒ වගේම හෝමෝනමය ප්‍රතිකාර ලබා දෙමින් ග්‍රන්ථීයේ සක්‍රිය බව පාලනය කරන්නත් උත්සාහ කරාවි .



    රෝගය තහවුරු කිරීමට ඉවහල්වන පරීක්‍ෂණ

    ඉතිං මේ විදිහේ රෝග ලක්‍ෂණ තියෙනවා නම් පුරස්ථි ග්‍රන්ථියේ විශාල වීමක් කියලා සැක කරන්න පුළුවන්. එන්ඩොස්කොපි (CYSTOURETHROSCOPY) වගේම යුරෝග්‍රූම් පරීක්‍ෂාවකින් ඒ බැව් තහවුරු කරගන්න පුළුවන්. ඊට අමතරව ගුද පරීක්‍ෂාවකින් වගේම රුධිරයේ මස්තු ක්‍රියටින් ප්‍රමාණයත් ඊට අදාල කර ගන්න පුළුවන්.


    ශල්‍යකර්මයක් අවශ්‍යයි

    මේ විදිහට පුරස්ථි ග්‍රන්ථියේ විශාල වීමක් ඇති වුණාම ඖෂධ ප්‍රතිකාර මගින් වළක්වන්නට හෝ අඩුකර ගන්නට පුළුවන් කමක් නැහැ. ඒ සඳහා ශල්‍යකර්මයක් සිදු කොට ග්‍රන්ථියේ විශාල වූ පටක කොටස් ඉවත් කළ යුතු වෙනවා. මෙතැනදී තමයි ප්‍රධාන ගැටළුව ඇති වන්නේ. ග්‍රන්ථිය විශාල වූ පමණින් සෑම කෙනෙකුටම ශල්‍යකර්මයක් සිදු කළ හැකිද? මේ තත්ත්වයට ගොදුරු වන්නේ වයස්ගත වූවන් පමණකුදු නොවේ. වයසට යනකොට ඇති වන කායික, මානසික දුර්වල බව වගේම අධි රුධිර පීඩනය, හෘදයාබාධ වැනි රෝග තත්ත්වයනුත් ඔවුන්ට අත වනනවා. එම නිසාම මෙවැනි පුද්ගලයෙකු නිර්වින්දනය කර ශල්‍යකර්මයකට භාජනය කරන්නට පෙර දෙවරක් හිතන්න වෙනවා. ඒ නිසා රෝගියාගේ මුත්‍රා මාර්ගය අවහිර වී ඇති ප්‍රමාණය, වයස හා රෝගියාගේ තත්ත්වය සැළකිල්ලට ගෙන තමයි ඔවුන් විවෘත පුරස්ථ ග්‍රන්ථිය ඉවත් කිරීමේ ශල්‍යකර්මයකට (OPEN PROSTECTOMY) භාජනය කරන්නේ. ඒ වගේම ශල්‍යකර්මයකට යෝග්‍ය නොවන අයට මුත්‍රා පිට කිරීම පහසු කිරීමට කැතීටරයක් (CATHETERIZATION) යෙදීම තමයි හොඳම විසඳුම.

    සැත්කමෙහි තතු

    විවෘත ශල්‍යකර්මයකදී කැපුම යොදන ස්ථානය අනුව විටපීය (PERINEAL) ප්‍රති යුනික (RETROPUBIC) හා උපරි යුනික (SUPRA PUBIC) විදිහට ශල්‍යකර්මය හඳුන්වනවා.

    නමුත් විවෘත ශල්‍යකර්මයක් සිදු නොකර මුත්‍රා මාර්ගය ඔස්සේ ඇතුල් කරන සුවිශේෂී උපකරණයක් මගින් පුරස්ථි ග්‍රන්ථියේ වැඩුනු පටක ඉවත් කිරීම දිවයිනේ සමහර රෝහල්වලදී සිදු කරනවා.
    TRANS URETHRA RESECTION OF PROSTATE විදිහට හැඳින්වෙන මේ ප්‍රතිකාර ක්‍රමය TURP විදිහට ජනප්‍රියයි. විවෘත ශල්‍යකර්මයකදී වගේ දින ගණනක් රෝහල්ගත වී ඉන්නට සිදු නොවනවා සේම අනෙකුත් සංකූලතා අවම මේ ක්‍රමය රෝගීන්ට නම් විශාල අස්වැසිල්ලක්.

    මේ ක්‍රමය මගින් පටක කොටස් ඉවත්කළ පසු මුත්‍රාශයට යොදන කැතීටරයක් මගින් දිනක් හෝ දෙකක් සාමාන්‍ය සේලයින් දියර මගින් මුත්‍රාශය සේදීමකට ලක් කරනු ලබනවා. ඉවත්කර ගන්න පටක කොටස් ජෛවේක්‍ෂාවකට ලක් කිරීමෙන් පිළිකා තත්ත්වයන් හඳුනාගෙන ඒ සඳහා කරන ප්‍රතිකර්ම කළ හැකියි.
    මේ කවර ආකාරයකට ශල්‍යකර්මය සිදු කළත් ආයාසයකින් තොරව මුත්‍රා පහ කරන්නට පුළුවන් නම් ශල්‍යකර්මය සාර්ථකයි කියලා නිගමනය කරන්න පුළුවන්. නමුත් මුත්‍රා පිටකරන වාර ගණන යථා තත්ත්වයට පත්වෙන්නට නම් ටික කාලයක් ගත වෙනවා. ඒ අතරතුර මුත්‍රා දැවිල්ලක්, මුත්‍රා සමඟ රුධිර බිංදු දෙක තුනක් පිටවීම සාමාන්‍ය දෙයක්.

    ඒ කොහොම වුණත් වතුර තිබහ සෑදෙන තෙක් නොසිට අඩුම තරමින් පැයකට වතුර ලීටරයක්වත් බොනවා නම් එය නැවත ශල්‍යකර්මය සිදු කිරීමේ මංපෙත් වසා දමන්නක් බැව් නොකිවමනායි.
    :yes::yes::yes:
    මුලින්ම අල්ල ගත්තොත් ලොකුම කරදරයක් නොවී රෝග තත්ත්වයෙන් සුවය ලබන්නට පුළුවන් , ඒත් ඒ වෙනකොට වෙන තැනකට පැතිරිලා තිබුනොත් වැඩේ ටිකක් දුර දිග යනවා , මොකද එතාකොට ප්‍රතිකාරයත් මීට වඩා සංකීර්න වෙනව වගේම සුව කිරීම කියල වචනය වෙනුවට “හොඳින් පාලනය කිරීම“ කියන පදය ආදේශ කරන්නටත් වෙනවා.
    :yes::yes::yes:


    යාලුවෝ හැමෝටම වැදගත් කියලා හිතෙනවානම් බම්ප් කරලා යන්න.
    උපුටා ගැනීමකි.

     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    bump... supiri... poddak digai.. :)


    Ela machan. okkoma kiyewwa
    Rep +3

    Thanks. Rep Given.

    ela tfs bro

    මේක හැදෙන්න හේතුව.....................

    රෙප7


    good post...++++

    බම්ප්

    Good Post!


    ස්තූතියි යාලුවනේ...:):)

    ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදියට , තවත් අවුරුදු අටකදි ලෝකයේ පිළිකා රෝගීන් සංඛ්‍යාව දැනට පවතින ප්‍රමාණය වගේ 50%කින් වැඩි වීමක් වෙන්න පුළුවන් බවට අනතුරු අඟවල තිබීම ...ඒ නිසා කෝකටත් අපි මේ අනතුරු ගැන දැන සිටීම වැදගත් ..ඇයි ද දන්නවද ...බොහාමයක් පිළිකා පෙර හඳුනාගැනීමෙන් සුව කරන්නට පුළුවන් නිසා. ඒ නිසා අපි මේ අප්‍රසන්න ,කකුලුවා(Cancer) ගැන කතා කරමු . අද කතා කරන්න හදන්නේ පිරිමි අපිටම විතරක් කරදර කරන කෙනෙක් ගැන ., :yes:කාන්තාවන්ටත් මේ ග්‍රන්ථීයේ යම් සම්බන්ධයක් තිබුණත් වැඩියෙන්ම කරදර කරන්නේ පිරිමින්ටමයි ..
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    Elz..Good Post Bro............:yes:

    ස්තූතියි මචන්.. මේ වගෙ එකක් මෙතන දාන්න ඕන කියලා හිතුවේ අද වෙනකොට මේ ලෙඩේ නිසා ලන්කාවේ ගොඩ දෙනෙක් පීඩා විදින නිසයි.
    අනික මේ ලෙඩේ හැදෙනකල්ම අපිට තේරෙන්නේ නැහැ මේකේ තියන අවදානම ගැන. එකයි මේක මෙතන දැම්මේ..:yes::yes::yes:
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City

    good post >>>

    Godak watinawa Saho
    +6

    ස්තූතියි යාලුවනේ.. මේ වගෙ ත්‍රෙඩ් එකක් මෙතන දාන්න ඕන කියලා හිතුවේ අද වෙනකොට මේ ලෙඩේ නිසා ලන්කාවේ වයසක අය විතරක් නෙවී තරුණ කොල්ලො පවා පීඩා විදින නිසයි.
    අනික මේ ලෙඩේ හැදෙනකල්ම අපිට තේරෙන්නේ නැහැ මේකේ තියන අවදානම ගැන. එකයි ඒ ගැන අවබෝධයක් ලබාගන්න මේක මෙතන දැම්මේ..
    :yes::yes::yes:

     
    • Like
    Reactions: djtwinz