සත් මසක් විඳවූ
කැම්පස් එකේ සෝෂල් එක
අදයි දුන්නේ DJ ඇවිත්
රුග් එකක් නැතුවම දුන්නු සෝෂල්
එකමුතුවෙන්න කියා දෙනවලු
උස් මිටිකම් මතින් උද්ධච්ඡ වූ එවුන්
එකම බිමකට ගෙනාවලු
ඒත් එහෙම වුණාද
අනේ මන්දා
“අපි නම් අතට අතවත් දෙන්නේ නැහැ උන්ට *
සෝෂල් දවසේත් සමහරැ කිව්වේ එහෙමයි
ඒත්
අතට අත දෙන මොහොත
ළං ළං වත්ම
බදා ගත්තා බැනපු උන්ම
අතට අත දෙන්නේ නැහැ කියපු උන්ම
සිනාසුනා දසන් දක්වා සේරම
එකට කෑවා එකට බිව්වා අපි සේරම
පරණ තරහ මරහ අමතක කරමින
දැනුනා අවුරැදු උත්සවයක් සැමරැවා වගේම
එකට නැටුවා එකට ගැයුවා අපි සේරම
පරණ තරහ මරහ අමතක කරමින
අපිට අපිවම අමතක කරමින
ඒත් දයාබර සෝෂල්,
ඔයාගේ විභාගෙන් අපි පාස්ද ?
එකමුතු වෙයිද අපි හැමෝම
එකමුතු වුණාද අපි හැමෝම
දිනයකට සීමා වෙයිද මේ හැම
රි -කරෙක්ෂන් දැමිය යුතු
එකම ප්‍රශ්න පත්තරය මෙයයි
කැම්පස් එකේ සෝෂල් එක
අදයි දුන්නේ DJ ඇවිත්
රුග් එකක් නැතුවම දුන්නු සෝෂල්
එකමුතුවෙන්න කියා දෙනවලු
උස් මිටිකම් මතින් උද්ධච්ඡ වූ එවුන්
එකම බිමකට ගෙනාවලු
ඒත් එහෙම වුණාද
අනේ මන්දා
“අපි නම් අතට අතවත් දෙන්නේ නැහැ උන්ට *
සෝෂල් දවසේත් සමහරැ කිව්වේ එහෙමයි
ඒත්
අතට අත දෙන මොහොත
ළං ළං වත්ම
බදා ගත්තා බැනපු උන්ම
අතට අත දෙන්නේ නැහැ කියපු උන්ම
සිනාසුනා දසන් දක්වා සේරම
එකට කෑවා එකට බිව්වා අපි සේරම
පරණ තරහ මරහ අමතක කරමින
දැනුනා අවුරැදු උත්සවයක් සැමරැවා වගේම
එකට නැටුවා එකට ගැයුවා අපි සේරම
පරණ තරහ මරහ අමතක කරමින
අපිට අපිවම අමතක කරමින
ඒත් දයාබර සෝෂල්,
ඔයාගේ විභාගෙන් අපි පාස්ද ?
එකමුතු වෙයිද අපි හැමෝම
එකමුතු වුණාද අපි හැමෝම
දිනයකට සීමා වෙයිද මේ හැම
රි -කරෙක්ෂන් දැමිය යුතු
එකම ප්‍රශ්න පත්තරය මෙයයි
Last edited:
x