විශ්වය ගැන ඔබ නොදන්නේ මොනවාද?

misty9051

Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    විශ්වය ගැන ඔබ නොදන්නේ මොනවාද?

    විශ්වය ගැන ඔබ නොදන්නේ මොනවාද?



    විශ්වය ගැන ඔබ නොදන්නේ මොනවද?…ඒක නම් මහ මෝඩ ප්‍රශ්ණයක් වගේ..ඇත්තටම විශ්වය ගැන අපි දන්නේ මොනවද?.ඔබ විශ්වය ගැන ගොඩක් දන්නවා වෙන්න පුළුවන් ඒත් ඔබ මෙන්න මේ දේවල් දැනගෙන හිටියාද?

    #1. කිරි සයුර
    m31_gendler_Nmosaic1.jpg


    ඉර බටහිර අහසේ සැඟවුණු සවසක ඔබ අහසේ එක එක විදිහට දිලිසෙන තරු දෙස කවදාහරි බලා ඉන්න ඇති නේද? ඔබට පෙනෙන තරු ගණන ගැන මට සහතිකයක් දෙන්න බෑ. මොකද ඔබට පෙනෙන තරු ගණන ඔබ බලන අහසේ හා පරිසරයේ ස්වභාවයත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. ඒත් මම එක සහතිකයක් දෙන්නම් ඒ දකින හැම තරුවක්ම අයිති වෙන්නේ ඔබත් මාත් ජීවත් වන ක්ෂීරපථ එහෙමත් නැත්නම් කිරි සයුර චක්‍රාවාටයටයි. නමුත් ඔබ වඩාත් විමසිල්ලෙන් බැලුවොත් අප චක්‍රාවටයට ආසන්න තවත් චක්‍රාවාට එකක් දෙකක් බලන්න පුළුවන්.

    #2. මණ්දාකිණි
    galaxies.png


    ඔබ කොතරම් කුඩාද? ඇත්තටම විශ්වයේ සුවිශාලත්වය අත්දකිනතාක් කල් ඔබ කොතරම් කුඩාදැයි ඔබට වැටහෙන්නේ නැති වෙයි.විද්‍යාඥයන් තක්සේරු කරන විදිහට මේ විශ්වයේ මණ්දාකිණි බිලියන 100 කටත් වඩා තියෙනවා.මේ මණ්දාකිණි වල තියෙන තරු ගණන බිලියන 10 ඒවා ට්‍රිලියනයක් පමණ තියෙනවා.ඒ කියන්නේ 1 x 10²² ක් පමණ.මේ තරු ප්‍රමාණය පෘතුවියේ තියෙන මුළු වැලි කැට ගාණටත් වඩා වැඩියි!

    #3. අඳුරු පදාර්ථ
    darkmatter.png


    විශ්වයේ තියෙන සියළුම තරු,මණ්දාකිණි,කළුකුහර වල ස්කන්ධය; විශ්වයේ මුළු ස්කන්ධයෙන් 5% ක් විතරයි.එතකොට ඉතිරිය? විද්‍යාඥයන් අනුමාන කරන්නේ මේ 95% සමන්විත වෙන්නේ අඳුරු පදාර්ථ කියන ද්‍රව්‍යයෙන් බව.හැබැයි අද වෙනකන් මේ අත්භූත ද්‍රව්‍ය ගැන හෝ මේවා තියෙන්නේ කොහෙද කියලාවත් කිසිම කෙනෙක් දන්නේ නැහැ.

    #4. මධ්‍යසාරීය අභ්‍යවකාෂ වළාකුළු

    sagb.png

    ඔබට කැමතිද ඔබේම කියලා bar එකක් දාගන්න? ආලෝක වර්ෂ 26 000 ක් දුරින් තියෙන්නේ වුණත් මං හිතන්නේ Sagittarius B තරම් හොඳ තැනක් ඒකට නැති වෙයි.මොකද එහි තියෙන අන්තර්තාරීය වළාකුළු සහ දූවිලි හැදිලා තියෙන්නේ වයිනයිල් මධ්‍යසාර ලීටර බිලියන ගණනකින්! ඇත්තටම මේවා බොන්න බැරි වුණත් ජීවයක ආරම්භය සඳහා මේ කාබනික ද්‍රව්‍ය ගොඩක් වැහ්ඩ්ගත්.

    #5. ඇමරිකාවෙන් හඳටත් ප්‍රහාරයක්!
    nuclear.png


    1950 ගණන් වල ඇමරිකාව මගින් දියත් කෙරුණු A119 කියන ව්‍යාපෘතියේ අරමුණ වුණේ හඳට න්‍යශ්ඨික මිසයිලයක් යවන්න.ඇමරිකානුවන් හිතුවේ ඒ වන විට තිබුණ තියුණු අභ්‍යවකාශ තරඟයේ තවත් අඩියක් ඉස්සරහට තියන්න ඒ මෙහෙයුම උදව් වෙයි කියලා.නමුත් වාසනාවකට වගේ ඒ මෙහෙයුම කවදාවත් ක්‍රියාත්මක වුණේ නැහැ.

    #6. චන්ද්‍ර මායාව

    moonlarge.png

    ඔබට කවද හරි දැනිලා තියනවද ක්ෂිතිජය ළඟ හඳ තියනකොට ඒක නියම ප්‍රමාණයට වඩා ප්‍රමාණයෙන් විශාල බව? ඇත්තටම ඒක එහෙම නෙවෙයි.ඒක තවත් එක් දෘශ්ඨි මායාවක් විතරයි.ඒකට කියන්නේ ponzo illusion කියලයි.ඇත්තට ක්ෂිතිජයේදී හඳ පෙන්නේ නියම ප්‍රමාණයට වඩා ටිකක් කුඩාවට.ඒත් ඔබේ මොළය එය භාරගන්න කැමති නෑ. ඒ නිසා මොළය හඳ ටිකක් විතර පුම්බලා පෙන්නනවා. මං බොරුනම් කියන්නේ ඊළඟ දවසේ හඳ ලොකුවට පේන කොට අත් දෙකින් හඳ වටේ තියන ඒවා වැහැන්න හඳ විතරක් බලන්න. ඔබටත් ඇත්ත තේරේවි.

    #7. හඳ වෙඩි බෙහෙත් ගඳයි..!

    gunpowder.png

    ඇපලෝ මෙහෙයුමේ ගගනගාමින් පවසන ආකාරයට හඳේ තියන දූවිලි සෑහෙන්න මෘදුයි.ඒ වගේම ඒවා වෙඩි බෙහෙත් ගඳයි.මෙහෙම වෙන්න හේතුව නම් විද්‍යාඥයන් තාම හරියට දන්නේ නැහැ.මේ වැලි හැදිලා තියෙන්නේ සිලිකන් ඩයොක්සයිඩ් වලින්.

    #8. විශ්වයේ විශාලම දියමන්තිය
    diamond.png



    2004 වසරේදී විද්‍යාඥයන් විසින් විශ්වයේ මෙතෙක් සොයාගත් විශාලම දියමන්තිය සොයාගත්තා. ඇත්තටම මේක විනාෂ වුණු තරුවක්. ආලෝක වර්ශ 50ක් පමණ දුරින් තියන 4000 කි.මී විතර විශ්කම්භයක් තියන මේ තරුවේ හරය සමන්විත වෙන්නේ කැරට් ට්‍රිලියන ගණනක් වෙන දියමන්තියකින්!

    #9. සිකුරුගේ දවස එහි අවුරුද්දකටත් වඩා දිගුයි.
    venus.png


    සිකුරු තම අක්ෂය වටා භ්‍රමණය වෙන්න; සූර්යයා වටා පරිභ්‍රමණය වෙන්න ගතවන කාලයටහ් වඩා වැඩි කාලයක් ගන්නවා.ඒක නිසා සිකුරු මත දවසක් ඒමත අවුරුද්දකට වඩා සෑහැන්න දිගු වෙනවා.

    #10. පාවෙන සෙනසුරු

    saturn.png

    සෙනසුරු ප්‍රමාණයෙන් කොතරම් විශාල වුණත් ඔබ එය වතුර වීදුරුවකට දැම්මොත් කිසිම සැකයක් නැතුව පාවේවි.මොකද කියනවානම් සෙනසුරු වල ඝනත්වය ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් 0.687 ක් පමණයි.ජලයේ ඝණත්වය ඝණ සෙන්ටීමීටරයට ග්‍රෑම් 0.998ක් වෙනවා.ඒත් අවාසනාවකට මෙහෙම සෙනසුරු පාවෙනවා දකින්න නම් ඔබට කිලෝමීටර 120 00 කටත් වැඩි විශ්කම්භයක් තියන වතුර වීදුරුවක් ඕනෑ වේවි.

    #11. පෘතුවියට හඳවල් එකකට වඩා වැඩි ගණනක්..!
    asteroid.png


    ඇත්තටම ඒ ඔක්කොම හඳවල් නෙමෙයි.නමුත් විද්‍යාඥයන් සොයාගෙන තියෙන විදිහට පෘතුවියත් සමඟම හිරු වටා භ්‍රමණය වන ඇස්ටරොයිඩ කිහිපයක් පෘතුවිය වටා තියනවා.

    #12. අභ්‍යවකාෂ කුණු
    spacejunk.png


    පෘතුවිය වටා විවිධ ආකාරයේ වස්තු 8000 ක් පමණ කක්ෂගත වෙලා තියනවා.මින් බොහොමයක්ම වර්ග කර තියෙන්නේ අභ්‍යවකාෂ කුණු එහෙමත් නැත්නම් පැරණි අභ්‍යවකාෂ මෙහෙයුම් වලින් අවකාශයට ඉවත් කල සුන්බුන් ලෙසයි.

    #13. අපෙන් ඈතට යන හඳ

    moon.png

    දැනට හොයාගෙන තියන විදිහට චන්ද්‍රයා සෑම වසරකම පෘතුවියෙන් සෙන්ටිමීටර 3.8ක් පමණ ඈතට යනවා. මේ නිසා පසුගිය සියවස තුල පෘතුවියේ භ්‍රමණ වේගය සෑම දිනකම තත්පර 0.002කින් අඩු වෙලා තියෙනවා.එහෙම බැලුවොත් අපි අද දකින්නේ එදා ඩයිනෝසරයන් දැක්ක හඳට වඩා කුඩා හඳක්. ඒ වගේම අද අපේ දවස එදා දවසකට වඩා දිගුයි!

    #14. ඔබේ සම මතට වැටෙන් හිරු එළිය වසර 30 000 ක් පරණයි..!
    sun.png


    ඔබ කවදාහරි උදෑසන ඔබේ සම මතට වැටෙන නැවුම් හිරු කිරණේ ආශ්වාදය අත්දැකලා තියනවාද? ඔබේ පිළිතුර ඔව් නම් ඔබ සම්පූර්ණයෙන්ම වැරදියි.මොකද ඔබ ඔය නැවුම් කියලා හිතන හිරු එළිය වසර 30 000 ක් තරම් පැරණියි.ඇත්තටම අපි දන්න විදිහට සූර්ය කිරණයක් සූර්ය පෘශ්ඨයේ සිට සැතපුම් මිලියන 93 ක් පමණ දුර ගෙවා පෘතුවියට ළඟාවෙන්න මිනිත්තු 8ක් පමණ ගන්නවා. නමුත් ඒ සූර්ය කිරණ, ඒවා බිහිවන සූර්ය හරයේ සිට මතුපිටට පැමිණෙන්න වසර 30 000 ක පමණ කාලයක් වැයකරනවා.

    #15. නිමක් නැති චලනය

    motion.png

    උපකල්පනය කරන්න; ඔබ සිටගෙන ඉන්නවා ග්‍රහලොවක් මත. එය සිය අක්ෂය වටා භ්‍රමණය වෙන ගමන් සිය මවු තාරකාව වටා පරිභ්‍රමණය වෙනවා.මේ තාරකාව සිය පරිවාර ග්‍රහයන් රැගත් සෞරග්‍රහ මණ්ඩලයත් සමඟ සිය චක්‍රාවාටයේ මධ්‍යය වටා භ්‍රමණය වෙනවා.මේ චක්‍රාවාටය මේ ඔක්කොමත් වෙට විශ්වය වටා රවුම් ගහනවා….. මොකද? ඔලුව කැරකෙනවා වගේද? හරි..හරි.. ඔලුව අවුල් කර ගන්නේ නැතිව ඊළඟ කාරණාව බලන්නකෝ.

    #16. විශේෂ සාපේක්ෂතාවාදය පිළිබඳ ගැලීලියෝගේ සිද්ධාන්තය

    bus.png

    ඔබ කොහොමද දැනගන්නේ ඔබ ඉඳගෙන ඉන්න බසය ගමන් කරන බව?සමහර විට ඔබ ඔය ඉඳගෙන ඉන්නේ මේ විශ්වයේ තියෙන චලනය නොවන එකම වස්තුව තුල වෙන්න පුළුවන්. ඔය යටින් තියන පාර ඇතුළු අනෙකුත් සියළුම දේ චලනය වන නිසා ඔබට තේරෙන්නේ ඇත්තටම ඔබේ බසය ගමන් කරනවා වගෙයි.නමුත් ඇත්තම තත්වය මේකයි. විශ්වයේ කිසිම දෙයක් නිරපේක්ෂව චලනය වන, නොවන බව අපිට ඔප්පු කරන්න බෑ.ඒක ඔබ ඒ ඒ සිද්ධිය දිහා බලන රාමුවට සාපේක්ෂයි.ඔබට එහා පැත්තේ ඉඳගෙන ඉන්න ඔබේ මිතුරා නිශ්චලව ඉන්න ලෙස ඔබට පෙනෙනවා. මොකද ඔබ ඔහු දෙස බලන්නේ ඔබත් සමඟ ගමන්ගන්නා බසය කියන රාමුව තුල සිටයි.නමුත් මේ වෙලාවේ පදික වේදිකාවේ සිටගෙන ඉන්න පදිකයෙක් දකින්නේ ඔබ දෙදෙනාම බසයේ වේගයෙන් ගමන් කරන බව.මොකද ඔහු ඔබ දෙස බලන්නේ පොළවට සාපේක්ෂවයි.එහෙනම් අපි තවත් එක් අඩියක් ඉස්සරහට තියමු අපේ ඊළඟ කාරණාවට…

    #17. ආලෝකයේ වේගය
    speedoflight.png


    හොඳයි නැවතත් කලින් බස් උදාහරණයට ගියොත්;ඔබ පැයට කිලෝමීටර 60 ක වේගයෙන් ගමන් කර බසයේ සිට ජනේලයෙන් පිටත තියන නිශ්චිත් ඉලක්කයකට ඊතලයක් විදිනවා.ඊතලය අදාල ඉලක්කයට ළඟා වන වේගය කුමක්ද?ඊතලයේ නියම වේගය ලබා ගන්නේ පොළවට සාපේක්ෂව වේගයක් විදියටයි.ඒ කියන්නේ බසයට සාපේක්ෂව ඊතලයේ වේගය + බසයේ වේගය.

    අපි හිතමු ඔබ මේ විදිහටම ආලෝක ධාරාවක් අදාල ඉලක්කය වෙතම යොමු කරනවා කියලා. දැන් ආලෝකයේ වේගය මොකක් වෙයිද? ආලෝකයේ වේගය තත්පරයට සැතපුම් 186 000 ක් පමණ වෙනවා. ඔබ ආලෝකය ඉලක්කය වෙත ළඟාවෙන වේගය ලබාගන්න පෙර පරිදි එයට බසය ගමන් කරන පැයට කිලෝමීටර 60 ක වේගය එකතු කරනවාද? එහෙනම් ඔබ ලොකු වැරැද්දක් කරගන්නේ.විද්‍යාඥයන් කියන්න්නේ ඕනෑම තත්වයක් යටතේ ආලෝකයට අත් කරගන්න පුළුවන් උපරිම වේගය තත්පරයට සැතපුම් 186 000 යි. මෙන්න අපේ ඊළඟ කාරණාවට පූර්විකාව….

    #18. විශ්වීය වේග සීමාව
    speedlimit.png


    අපි ඉහත කතා කරපු කාරණාව නිසා ආලෝකයට කිසිම විටක තත්පරයට සැතපුම් 186 000 වේග සීමා ඉක්මවන්න බෑ.ආලෝකයට විතරක් නෙමෙයි විශ්වයේ කිසිම වස්තුවකට මේ සීමාව ඉක්මවන්න බෑ ඒ නිසයි මේ සීමාව.විශ්වීය වේග සීමාව වෙන්නේ.මේ කතා කල සියල්ල අපේ ඊළඟ කාරණාව තේරුම්ගන්න උදව් වේවි.

    #19. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය
    timedilation.png


    වැඩිය සංකීර්ණ කරුණු වලට යන්නේ නැතුව කියුවොත් අයින්ස්ටයින්ගේ විප්ලවකාරි අදහසක් වුණේ චලනය සාපේක්ෂයි කියන එක පමණක් නෙමෙයි.ඔහු කියුවා කාලයත් සාපේක්ෂයි කියලා. ඇත්තටම මේ දෙක එකිනෙක සම්බන්ධයි.හොඳයි, ඔබ හිතන්න ඔබ දැන් චලනය වන බසයක ඉඳගෙන ඉන්නවා.ඔබ, ඔබට විරුද්ධ පැත්තේ ඇති බසයේ බිත්තියට ආලෝක ධාරාවක් එල්ල කරනවා.එය ඔබට විරුද්ධ බිත්ති‍යේ ගැටෙන්න පෙර තත්පරයක් තුල මීටර දෙකක දුරක් ගමන් කරනවා.මේ අව්ස්ථාවේදීම පදික වේදිකාවේ ඉන්න පදිකයෙක් මේ සිද්ධිය දකිනවා. නමුත් ඔහුට සාපේක්ෂව බසය චලනය වන නිසා ඔහුට පෙනෙන්නේ ආලෝක කදම්භය විරුද්ධ බිත්තියේ ගැටෙන්න පෙර තත්පරයක් තුල මීටර් 15ක දුරක් ගමන් කරන ලෙසයි.සරලව කියුවොත් යම් වස්තුවක් තියනවා; ඒක අවස්ථා දෙකකදී එකිනෙකට වඩා වෙනස් දුරවල් දෙකක් ගමන් කරනවා.හැබැයි ඒ එකම කාල පරාසයකදී එකම වේගයකින්. එහෙම වෙන්නේ කොහොමද?

    මෙයට ඇති එකම තර්කානුකූල පැහැදිලි කිරීම වන්නේ පදිකයාට පෙනෙන විදිහට ආලෝක කදම්භය විරුද්ධ බිත්තියේ ගැටෙන්න තත්පරයට වැඩි කාලයක් ගත වෙනවා.ඒ අනුව පදිකයාට සාපේක්ෂව ඔබේ කාලය ගත වෙන්නේ හෙමින්. අනෙක් විද්‍යාඥයන් මේ කාරණය මඟහැර ගියත් අයින්ස්ටයින් මේ ප්‍රශ්ණයට මුහුණ දී මේ වගේ නිගමනයක් ලබා දුන්නා. තාමත් මාව විශ්වාස නැද්ද? එහෙනම් ඊළඟ කරුණ බලන්න….

    #20. චලනය වෙන ඔරලෝසු
    movingclock.png


    අපි මෙච්චර වෙලා කතා කරපුවා නවීන තාක්ෂණයත් හා සම්බන්ධයි.චලනය වෙන පරිඝනක සහ යාත්‍රණ (navigation) උපාංග වල ඇති ඔරලෝසු වලටත් සාපේක්තතාවය තදින්ම බලපානවා. උදාහරණයක් ලෙස ඔබ ගුවන් නියමුවෙකුගේ අතේ බඳින ඔරලෝසුව අන්තිම නැනෝ තත්පරයටම ඔබේ වෙලාවට සමාන ලෙස සකසාගන්න. ඔහු පියාසර කර නැවත පැමිණි පසු නැවතත් ඔහුගේ වෙලාව ඔබේ වෙලාව හා සසඳන්න.ඔහුගේ සහ ඔබේ ඔර්ලෝසු වල බැටරිය කොතරම් හොඳ වුණත් ඔර්ලෝසු අතිශය නිවැරදි වුණත්; ගුවන් නියමුවාගේ වේලාව ඔබේ වෙලාවට වඩා නැනෝ තත්පර ගණනකින් හෝ අඩු බව ඔබට පැහැදිලි වේවි.

    #21. වැඩි කාලයක් ජීවත් වෙන්න….පඩි පෙළවල් භාවිතා නොකරන්න.
    stairs.png


    පාසලේදී ඉගෙනගත්ත භෞතික විද්‍යාව මතකද? පෘතුවි පෘශ්ඨය ආසන්නයේදී ගුරුත්ව බලය වැඩි වන බව? ඔවු ඔබ හිතනවා හරි පෘතුවි පෘශ්ඨය ආසන්නයේ කාලය ගත වෙන්නේත් හෙමින්. ඇත්තටම විවිධ උසවල් වලදී ඔරලෝසුව ක්‍රියා කරන වේගය එකිනෙකට වෙනස් වෙනවා.තවත් දෙයක්… පෘතුවියේ භ්‍රමණය නිසා සමකය අසල සිටගෙන ඉන්න ඔබේ වේගය උත්
    twinparadox.png
    තර ධ්‍රැවයේ සිටගෙන ඉන්න ඔබේ මිතුරාගේ වේගයට වඩා වැඩියි.ඒ කියන්නේ ඔබේ මිතුරාගේ ඔරලෝසුව ක්‍රියාකරන්නේ ඔබේ ඔරලෝසුවට වඩා හෙමින්…!

    #22. වයස වෙනස් නිවුන්නෝ


    සුප්‍රසිද්ධ නිවුන්නන්ගේ විරුද්ධාභාසය උපකල්පනය කරන්නේ මෙවැන්නක්.මේ නිවුන්නන්ගෙන් එක්කෙනෙක් අභ්‍යවකාශ යානයක නංවා ආලෝක වේගයට ආසන්න වේගයෙන් අභ්‍යවකාශයට යවනවා.අනෙකාට පෘතුවිය මතම ඉන්නට ඉඩ හරිනවා. මේ සාපේක්ෂතාවයේ ප්‍රතිඵලයක් ලෙස සිය අභ්‍යවකාශ චාරිකාව නිම කර එන පෙර පුද්ගලයා; පොළවේ සිටින සිය නිවුන් සහෝදරයාට වඩා පැහැදිලිවම තරුණයි..!

    #23. කළු කුහර

    blackhole.png

    මේ අන්තර් අවකාශීය රික්ත ශෝධක (vacuum cleaners) ඇත්තටම විශාල ස්කන්ධයකින් යුත් තාරකායි. මේ තාරකා මිය යන විට සිය පිටත වායුමය ස්ථරය පුපුරුවා හැර මධ්‍ය හරය සුවිශාල ඝනත්වයකින් හා ප්‍රමාණයෙන් ඉතා කුඩා ගෝලයක් බවට පත් කරගන්නවා.ඒක හරියට අපේ සූර්යයාගේ ස්කන්ධය තියන කුඩා ටෙනිස් බෝලයක් වගෙයි. මේ අධික ඝනත්වය නිසා සිදුවන්නේ කළු කුහරය අති විශාල ගුරුත්වාකර්ශන බලයක් හිමි කර ගැනීමයි. කිසියම් වස්තුවක් ගුරුත්වාකර්ශණ ක්ෂේත්‍රයකින් මිදීමට නම් එයට ඒ සඳහා නිශ්චිත ප්‍රවේගයක් ගත යුතු වෙනවා (වියෝග ප්‍රවේගය).පෘතුවියේදී නම් අභ්‍යවකාශ යානයක් සඳහා එම අගය තත්පරයට සැතපුම් 7 යි. නමුත් මේ කළු කුහර මත එම ප්‍රවේගය තත්පරයට සැතපුම් 186 000 ටත් වැඩියි.ඒ කියන්නේ ආලෝක ප්‍රවේගයත් ඉක්මවා ගිය අගයක්. එනම් ආලෝකයටත් කළු කුහරයෙන් ගැලවීමක් නෑ


    Reference - http://list25.com/25-crazy-facts-about-the-universe/
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    [FONT=&quot][FONT=&quot][/FONT]Thanks මචන් දන්නැති එව්ව හුගක් තිබ්බ. Rep +++
    හැබැයි ආලෝකයේ වේගය ඉක්මවා යන්න බැහැ:no: කියන එකනම් දැන් බොරු කියල ඔප්පු කරලනේ තියෙන්නෙ.
    [/FONT]
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    "ක්ෂිතිජයේදී හඳ පෙන්නේ නියම ප්‍රමාණයට වඩා ටිකක් කුඩාවට.ඒත් ඔබේ මොළය එය භාරගන්න කැමති නෑ. ඒ නිසා මොළය හඳ ටිකක් විතර පුම්බලා පෙන්නනවා. මං බොරුනම් කියන්නේ ඊළඟ දවසේ හඳ ලොකුවට පේන කොට අත් දෙකින් හඳ වටේ තියන ඒවා වැහැන්න හඳ විතරක් බලන්න. ඔබටත් ඇත්ත තේරේවි.''

    ඔය website එකේ එහෙම තිබුනට උඹ එහෙම බැලුවද? මාත් හවසට beach එක හරියට ගිහිල්ල බලන්න ඕන මේක. එතකොට මේක මොලෙන් කරන මායාවක් නම් camera එකකින් photo එකක් ගත්තාමත් ඉර/ හඳ ලොකුවට පේන්නෙ කොහොමද බන්? camera එකට මොළයක් නෑ නෙ.


    පෘතුවිය වටා විවිධ ආකාරයේ වස්තු 8000 ක් පමණ කක්ෂගත වෙලා තියනවා.මින් බොහොමයක්ම වර්ග කර තියෙන්නේ අභ්‍යවකාෂ කුණු එහෙමත් නැත්නම් පැරණි අභ්‍යවකාෂ මෙහෙයුම් වලින් අවකාශයට ඉවත් කල සුන්බුන් ලෙසයි.

    තව අවුරුදු 100කින් කොච්චර කුණු තියේද?? :no:

    #20, #21, #22 ප්‍රශ්න 1000ක් විතර ඔලුවට ගෙනාව..
     

    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    "ක්ෂිතිජයේදී හඳ පෙන්නේ නියම ප්‍රමාණයට වඩා ටිකක් කුඩාවට.ඒත් ඔබේ මොළය එය භාරගන්න කැමති නෑ. ඒ නිසා මොළය හඳ ටිකක් විතර පුම්බලා පෙන්නනවා. මං බොරුනම් කියන්නේ ඊළඟ දවසේ හඳ ලොකුවට පේන කොට අත් දෙකින් හඳ වටේ තියන ඒවා වැහැන්න හඳ විතරක් බලන්න. ඔබටත් ඇත්ත තේරේවි.''

    ඔය website එකේ එහෙම තිබුනට උඹ එහෙම බැලුවද? මාත් හවසට beach එක හරියට ගිහිල්ල බලන්න ඕන මේක. එතකොට මේක මොලෙන් කරන මායාවක් නම් camera එකකින් photo එකක් ගත්තාමත් ඉර/ හඳ ලොකුවට පේන්නෙ කොහොමද බන්? camera එකට මොළයක් නෑ නෙ.


    පෘතුවිය වටා විවිධ ආකාරයේ වස්තු 8000 ක් පමණ කක්ෂගත වෙලා තියනවා.මින් බොහොමයක්ම වර්ග කර තියෙන්නේ අභ්‍යවකාෂ කුණු එහෙමත් නැත්නම් පැරණි අභ්‍යවකාෂ මෙහෙයුම් වලින් අවකාශයට ඉවත් කල සුන්බුන් ලෙසයි.

    තව අවුරුදු 100කින් කොච්චර කුණු තියේද?? :no:

    #20, #21, #22 ප්‍රශ්න 1000ක් විතර ඔලුවට ගෙනාව..



    1.මේක මම ගත්තේ මම ලියපු බිලොග් එකෙන් මචන්..
    2. ඇත්තටම මම ඒක කරලා බැලුවා. කතාව ඇත්ත.
    3. ෆොටෝ එකේ කතාවට නම් මට තර්කානුකූල උත්තරයක් හිතාගන්න අමාරුයි , තව ටිකක් හිතල / හොයල බලන්න ඕන.
    4. space waste ප්‍රශ්නෙයට නම් දැන් ජපන් team එකක් solution එකක් දෙන්න යනවා කියල මම ඊයේ කියවපු mag එකක තිබුන. ඒ නිසා ඒ ප්‍රශ්නය නම් ලගදීම මගහැරී යාවි.

    Note : තව හොයන්න දිරිමත් කලාට ස්තුතියි :)
     

    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    [FONT=&quot][FONT=&quot][/FONT]Thanks මචන් දන්නැති එව්ව හුගක් තිබ්බ. Rep +++
    හැබැයි ආලෝකයේ වේගය ඉක්මවා යන්න බැහැ:no: කියන එකනම් දැන් බොරු කියල ඔප්පු කරලනේ තියෙන්නෙ.
    [/FONT]

    වැඩි විස්තර දැනගන්න කැමතියි ??? :nerd: