Gembanpila ge Dharma Raajya

kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0

ගම්මන්පිල ගේ රුපියල් සීයේ මෝස්තරය හෙවත් පෙරේත තටුවේ න්‍යාය -විසල්ගේ විග්‍රහය-----

සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් නායකයා වූද, හෙළ උරුමයේ ඉදිරි පෙල නායකයෙක් වූද, හිටපු පළාත් ඇමති ගම්මන්පිල මාධ්‍ය හමුවට පැමිණ රුපියයල් සියයේ නෝට්ටුවක් පෙන්වමින් තම මැතිවරණ අරමුදලට ආධාර කරන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටියේය. තමන් හොරකම් නොකළ බවත් තම මැතිවරණ ව්‍යාපාරයට ව්‍යාපාරිකයින්ගෙන් උදව් නොගන්නා බවත් මෙමගින් ඒත්තු ගැන්වීමට නුදුරේදීම ශ්‍රීලනිපයට පැනීමට සිටින හිටපු ඇමතිවරයා උත්සාහ දරමින් සිටී. මීට අමතරව ඇමතිවරයෙකු ලෙස පරිහරණය කළ දේවල් නැවත බාර දී ඕනෑම කෙනෙක් කළ යුතුව ඇති සාමාන්‍ය ක්‍රියාවක් සිදුකර මාධ්‍ය ඉදිරියේ වීරයා වී සිටී. අප හිටපු ඇමතිවරයාගේ මේ මෝස්තරය යම් ආකාරයකට ඵල දරා ඇති බව පෙනෙන්නේ දැනටමත් දේශපාලනය ගැන මොලෝ හසරක් නොදන්නා අර්ධ නාගරික පණ්ඩිතයන් පිරිසක් ව්‍යාජ දේශපාලන සදාචාරයෙන්, ව්‍යාජ යහ පාලනයෙන් සහ ව්‍යාජ වග වීමෙන් චූන් වී ඇති නිසාය. මීට අමතරව වාමාංශික බ්ලොග් කරුවෙක්ද රුපියල් සියය විෂයයේ දේශපාලන වග වීමේ ආහ්ලාදයෙන් මත් වී සිටී. තතු මෙසේ හෙයින් මෙම මෝස්තරයේ හැඩතල දිග පළල ගැන යම් තෝරා බේරා ගැනීමක් කිරීම මග හැරිය හැකි කරුණක් නොවේ.

පෙරේත තටුවේ න්‍යාය
------------------------------
මළ පෙරේත පූජාවන්ට සකස් කරන පෙරේත තටුව අරක්කු, ගංජා, අබිං, බීඩි, කැවිලි වර්ග, ඇට, ඇටි, මල්, ගෙඩි, පුළුටු, දිය ගොඩ මස් ආදී කී නොකී එකිනෙකට හාත් පසින්ම වෙනස් ජාති වලින් සංතෘප්තය. රාජපක්ෂ රෙජීමයද සෑම අතින්ම මේ පෙරේත තටුවට සමානය. මුලින්ම ඒ දෙස බැලූ විගස අරක්කු වීදුරුව, ගංජා මිටිය, දුම් කොළය ආදී දේ පෙනේ. ඇස් මානයේ එස්. බී වැනි හකුරු පලුද, නිමල් සිරිපාල වැනි පොල් බෑද, වාසු වැනි කරුංකා ද, දැකිය හැක. මීට අමතරව විමල් වැනි දුම්මලද, බන්දුල වැනි බිබික්කං ද, ඩලස් වැනි පොල් තෙල්ද, මර්වින් වැනි පුළුටුද, මාලිනී පවිත්‍රා වැනි දිය ගොඩ මස්ද දෘෂ්‍යමානය. ටිකක් ලං වී බැලූ විට රෝහිත අබේගුණවර්ධන, නිශාන්ත මුතුහෙට්ටිගම වැනි හාල් කෑලි දැකිය හැකිය. අනර්කලී පබා වැනි කපුරු පෙතිද තිබේ. ඔබ පෙරේත තටුව තවත් හොඳින් නිරීක්ෂණය කළහොත් එහි බුලත් කොළ අස්සේ ඇති සූකිරි කැට දැකිය හැකි වනු ඇත. ගම්මන්පිල කණ්ඩායම් නායකයා අපට යෝජනා කරන්නේ පෙරේත තටුවේ සැඟවී ඇති යහ පාලනය, දේශපාලන සදාචාරය සහ වග වීම වැනි සූකිරි කැට දෙස බලන ලෙසයි. එහි ඉදිරියෙන්ම තිඛෙන අරක්කු වීදුරුව, ගංජා මිටිය, අබිං ගුලිය වැනි නීතියේ ආධිපත්‍ය විනාශ කිරීම, මහ පරිමාන දූෂණ, ජාතීන් අතර සහජීවනය විනාශ කිරීම, රාජ්‍ය බලය යොදා සිදුකරන මත්ද්‍රව්‍ය ව්‍යාපාර, මාධ්‍ය මර්දනය, වර්ධනය වන අපරාධ, අධික ජීවන බර ආදී දේ නොසලකා හැරිය යුතු බවයි.

ගම්මන්පිලගේ රුපියල් සියයේ කැම්පේන් එක තවත් එක් ප්‍රචාරකවාදී වැඩ පිළිවෙලක් සහ මාධ්‍ය හමුවේ සිදුකරන බොරු මෝස්තරයක් පමණක් වන්නේ මේ නිසා ය.

මෝස්තරයද පරණයි
---------------------
අනෙක් අතට මෙය අළුත් මෝස්තරයක් ද නොවේ. මීට පෙර මෙවැනි මෝස්තර කාරයෝ ඡන්දය ඉල්ලුහ. පාර්ලිමේන්තුවටත් තේරී පත්වූහ. ඇමති කම් වලටත් පත්වූහ. අමතක නම් විරුද්ධ පක්ෂ සමග එකම වේදිකාවේ ඩලස් ඡන්ද කළ හැටිත් පෝස්ටර් වලින් තොරව මිලින්ද මොරගොඩ ඡන්ද කළ හැටිත් මතක් කරගත හැක. අද තිඛෙන්නේ ඩලස්ලාගේ මිලින්දලාගේ යහ පාලනයයේ, දේශපාලන සදාචාරයේ, වග වීමේ ප්‍රතිඵල පාලනයයි. මේ පාලනයෙන් වතුර ඉල්ලු විට ලැඛෙන්නේ උන්ඩය. ඉන්ධන සහනාධාර ඉල්ලු විට ලැඛෙන්නේ මිනී පෙට්ටිය. නිවාස ගිනි තබා කොළඹ දුප්පතුන් පන්නා ඉඩම් කොල්ල කන්නේද මේ පාලනය ය. අගවිනිසුරු වරිය මහ දවල් තනතුරෙන් අනීතකව පන්නන්නේ ද මේ පාලනය ය.

2004 දී ගම්මන්පිල නියෝජනය කළ හෙළ උරුමයද ධර්ම රාජ්‍යයේ මෝස්තරය දමා පාර්ලිමේන්තුවට වැඩම කළහ. දැන් වසර 10 ක් ගිය කළ ධර්ම රාජ්‍යයේ කෙරුවාව කෙසේද යත් වයස පනස් අටේ ස්ත්‍රීන් දූෂණය වන්නේ පන්සලේය. මේ ධර්ම රාජ්‍යයේ වැඩකට පේන්ට් බාස් කෙනෙක්වත් ගෙදරකට ගන්න බැරිය. ගත්තොත් එකෙක් ඉවරය. ඉතිහාසයේ වැඩිම මත්පැන් අලෙවිය වාර්තා වන්නේ හෙල උරුමයේ ඝණින්නාන්සේලා පාලනයට උදව් කරන මේ කාලයේය. 5 වන සිල්පදයට සංශෝධනයක් එක්කර අරලිය ගහ මන්දිරයේදී ටිකක් ගත්තාට කමක් නැතැයි කියන්නේද උන්නාන්සේලාමය. උන්නාන්සේලාගේ පන්සල් වල බල්ලන් ලගින්නේත් ඛෙන්ස් වලය. සමහර ධර්ම රාජ්‍ය හිමිවරු වැඩ වසන්නේ අධි සුඛෝපභෝගී අසපු වලය. අපගේ රුපියල් සියයට කෙලින්න හදන්නේ නැතිව මේ අසපු වල ගොඩ ගසා ඇති මිටි වලින් මිලියනයක් දෙකක් ගන්නට ගම්මන්පිලට නොසිතෙන්නේ අපේ කරුමයට විය හැක. අළුත් මෝස්තර දමන්න පෙර ගම්මන්පිල කණ්ඩායම් නායක තුමා පරණ ධර්ම රාජ්‍ය මෝස්තරය ගැන යම් පසු විපරමක් කරන්නේ නම් ඉතා අගනේය.

ගැටළුව වන්නේ මේ දෘෂ්‍යමාන සත්‍යය ඇඟිල්ලෙන් ඇන පෙන්නුවත් පිලි ගන්නට කැමති නැති, කෙතරම් කිව්වත් තේරුම් ගන්න බැරි මුග්ධයන්ගෙන් සමාජය පිරී තිබීමයි. අර්ධ නාගරික බක පණ්ඩිතයෝ, හරිහමන් වැඩක් නොකර වැටුප් සුව විඳින බහුතර රජයේ සේවකයෝ, රෙස්ට් හවුස් සහ පන්සල් මාරුවෙන් මාරුවට වන්දනා කරන උපාසිකාවෝ, වම දකුණ මාරු වී ඇති අධිරාජ්‍ය විරෝධී දේශප්‍රේ-මීයෝ, අරක්කු ටිකට උදලූ තලයට පස්සෙන් යන දීනයෝ ආදීන්ගෙන් මේ මුග්ධ සමාජය සමන්විතය.

ගම්මන්පිලලා නියෝජනය කරන සන්ධානයේ සැබෑ ඡන්ද පදනම සැකසී ඇත්තේ මොවුන්ගෙන්ය. ගම්මන්පිලලා මෝස්තර දාන්නේ මොවුන් දෙස බලාගෙනය. මෙවර හෝ මේ මෝස්තර කාරයන් පරාජය කිරීමට හිතන්න පුළුවන් මහජනතාව තීරණය කළ යුතුය.

-විසල් කරුණාරත්න විසිනි-

1010964_666629316735570_537752951_n.jpg
 
giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    bullshit. I know him. He don't even have a own house or a vehicle.

    How come a person who cant b financially successful z gonna make other ppl financially wealthy:baffled: having a degree at monash n into 40 s if u still dnt hv a ur iwn house i tnk he z a faliure
     
    Saul Goodman

    Member
    Jan 23, 2014
    463
    41
    0
    How come a person who cant b financially successful z gonna make other ppl financially wealthy:baffled: having a degree at monash n into 40 s if u still dnt hv a ur iwn house i tnk he z a faliure

    He isn't a failure. Businesses depends on many things. now look at the Ceylinco group. they were the best of the best in sri lanka many years ago and today the owner is in jail. check out his fan page or the website if you don't know him.

    This was posted on his page yesterday.
    1039642_10152197871029253_1147713582_o.png

    This is his five years of progress.
    1495518_10152148639049253_907096634_n.jpg

    Sorry about my bad English.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    He isn't a failure. Businesses depends on many things. now look at the Ceylinco group. they were the best of the best in sri lanka many years ago and today the owner is in jail. check out his fan page or the website if you don't know him.

    This was posted on his page yesterday.
    1039642_10152197871029253_1147713582_o.png

    This is his five years of progress.
    1495518_10152148639049253_907096634_n.jpg

    Sorry about my bad English.

    Evryone knows why kotakawaka got arrested he was pressurised to sell fingara to gota n namal which he rejected draged him into trouble .yes he has misused d company money which often do by directors. They went into liquidity issue since ppl tried to get thir money out n ppl here kmows wht happend. Businesses can fail no argument about it bt before u say im gonna make u a house u shud hv one.before u going to gv a hand to someone to get in u need to make sure tht u r safe :)
     
    mm... So, I herd that after V.W became a minister he has spent millions of rupees building a villa for him. According to your vision It's not wrong right?. :dull:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    mm... So, I herd that after V.W became a minister he has spent millions of rupees building a villa for him. According to your vision It's not wrong right?. :dull:

    Im talking about proven success before politics. Not after.after u becoming a minister building a villa means u hv earn through dirty work.im taliking about successful person in personnel life coming to politices n say im successful o i can make this hapoen for u.same ligic z behind about u need to be a married person to be eligible to become a presidental candidate . If u dnt hv a family to manage n be accountable u cant manage a country n beaccountable.same logic.
     
    I see your point bro. (Y)