විදුලි බිල අඩු කරගනිමු-1

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    විදුලි බිල අඩු කරගනිමු-1

    මම එලකිරියට ඇවිත් ටික කාලයක් වුනාට මේකෙන් ලොකු දැනුමක් ගත්ත.ඒකට මුලින්ම මේකේ සාමාජිකයොන්ට ස්තුති කරන්න ඕනේ.:yes::yes::yes:
    මේකේ සෙට් එකටත් මොනාහරි දෙන්න හිතුව.මට හිතුන හැටියට මේක හැමෝටම වැදගත්.පොඩි පොඩි කරුණු ටිකක්.
    එක එක කාලෙට විදුලි බිල ඉහල යන නිසා ඒ ගැන කතා කරනවා.එත් අපේ බිල අඩු කරගන්න අපිට කරන්න පුලුවන දේවල් ටිකක් මේකෙන් කියන්නම්


    අපේම වැරදි නිසා අපේ බිල වැඩි වෙන හැටි​

    ◦දවල් කාලයේ උපරිම හිරු එලිය ලැබෙන විදියට නිවාස සැලසුම් කර නොතිබීම.

    ◦හිරු එලිය පහසුවෙන් ලබා ගත හැකි ස්ථාන වලට විදුලි ආලෝකය යෙදීම.

    ◦නිවසේ බිත්තිවලට අඳුරු වර්ණ යෙදීම නිසා වඩා ආලෝකමත් විදුලි බුබුළු යෙදීමට සිදුවීම.

    ◦ආලෝක අවශ්‍යතාව පිලිබඳ අවබෝදයකින් තොරව වැඩි ධාරිතාවකින් යුතු විදුලි බුබුළු දැල්වීම.

    ◦නාන කාමර,වැසිකිළි වැනි අඩු විදුලි ආලෝකයක් අවශ්‍ය ස්ථානවලට ද වැඩි බලයක් පරිභෝජනය කරන විදුලි බුබුළු යෙදීම.

    ◦දැනට වැඩි දියුණු කර නිපදවා ඇති අඩු විදුලි බලයක් වැය වන ප්‍රතිදීප්ත පහන්,ආලෝක විමෝචක දියෝඩ(L.E.D.) පිලිබඳ අවබෝධයක් නොමැති වීම.

    ◦රෙදි මැදීමේදී විදුලිය අරපිරිමැසීමේ උපක්‍රම නොයෙදීම.

    ◦විදුලි උපකරණ මිලදී ගැනීමේදී කාර්යක්ෂම විදුලි උපකරණ පිලිබඳ නොසලකා හැරීම.

    ◦ශීතකරණ භාවිතයේදී හා මිලදී ගැනීමේදී ඒ සම්බන්ධව නිකුත් කරන උපදෙස් නොසලකා හැරීම.

    ◦වායුසමන යන්ත්‍ර භාවිතයේදී දොර ජනෙල් වසා නොතැබීම.


    බිල අඩු කරගන්න අපිට කරන්න පුළුවන් දේවල් ටිකක් තමයි මේ

    විදුලි පංකා භාවිතය
    ◦Ceiling Fan සඳහා සිටුවා තබන(Pedestal)විදුලි පංකා සහ මේස විදුලි පංකා සඳහා වය වන විදුලියට වඩා දෙගුණයක පමණ විදුලි ප්‍රමාණයක් වැය වේ.
    එබැවින් සිටුවා තබන(Pedestal)විදුලි පංකා සහ මේස විදුලි පංකා භාවිතය වඩා යෝග්‍ය වේ.

    ◦පැරණි වේග පාලක මගින් විදුලි පංකාවෙහි වේගය කුමක් වුවද එකම විදුලියක් දවාලයි.නවීන ඉලෙක්ට්‍රොනික වේග පාලක පංකාවේ වේගය සමග වය වන විදුලියද පාලනය කරයි.
    එබැවින් ඉලෙක්ට්‍රොනික වේග පාලක සහිත විදුලි පංකා භාවිතය වඩා සුදුසුය.




    වායුසමන යන්ත්‍ර භාවිතය
    ◦වායුසමන යන්ත්‍ර ක්‍රියා කරවීමට පෙර දෙවරක් සිතන්න.අත්‍යවශ්‍යම නොවේ නම් විදුලි පංකාවක් භාවිතා කරන්න.

    ◦නිවසට හෝ සේවා ස්ථානයට අවශ්‍ය ප්‍රමාණයේ යන්ත්‍රයක් තෝරාගන්න.

    ◦අවශ්‍ය ප්‍රමාණයට පමණක් උෂ්ණත්වය අඩු කරන්න.අංශක එකක අඩු වීමකදී වියදම 4%කින් පමණ වැඩි වේ.

    ◦අවශ්‍යතා අනුව කාලසටහනකට අනුව උෂ්ණත්වය වෙනස් වන අන්දමට සැකසිය හැකි පාලකයක් සවි කරගන්න.

    ◦පෙරණයන්(Filters), නල සහ සිදුරු පිරිසිදු කිරීම වැදගත් වේ.නොඑසේ නම් වාතය ගමන් කිරීමේ අපහසුතා ඇති වී වැඩි විදුලියක් වැය වේ.

    ◦යන්ත්‍රය ක්‍රියාත්මක වන විට දොර ජනෙල් වසා තබන්න.

    ◦ජනෙල් තිර යෙදීම මගින් දිවා කාලයේ උෂ්ණත්වය වැඩි වීම අවහිර කිරීම සිදු කරයි.

    ◦ජනෙල් ඒකක (Window Unit) වර්ගයේ යන්ත්‍ර සවිකරන විට ගොඩනැගිල්ලේ වැඩියෙන්ම සෙවන ලැබෙන පැත්තේ සවි කරන්න.
    images
    ◦කැඩුණු හෝ බිඳුණු ජනේල, විදුලි උපකරණ සහ ස්විච ආදිය සවි කල ස්ථාන හොඳින් වසා තබන්න.

    ◦වායුසමන යන්ත්‍ර සමග විදුලි පංකා භාවිතා කරන්න.එමගින් 7℃ පමණ උෂ්ණත්ව අඩු වීමක් දැනේ.

    ◦යන්ත්‍රයෙන් පිටවන වායු ධාරාවට බාධාවන ලෙස භාණ්ඩ ඇසිරීමෙන් වැළකිය යුතුය.


    මුලාශ්‍රය:-ලං.වි.ම. මගින් නිකුත් කල වාර්තාවක්.


    වෙලා තියෙන හැටියට ඉතුරු උපාංග ගැන තොරතුරු ටිකත් දාන්නම්.ගොඩක් ඒවා කට්ටිය දන්නවත් ඇති.මේකෙන් නොදන්න දෙයක් එක්කෙනෙක් හරි ඉගෙනගත්තනම් මට සතුටුයි.