කොතලාවල දැරිය පියාට ලියූ ලිපිය
මේ ලියුම හරියට කියෙව්වේ අදයි, ප්‍රින්සිපල් ගේ අතෙත් ලොකු වැරැද්දක් තියන බව පේනව. කෙල්ලෙක් මානසිකව වැටෙනව නේ මේ වගේ උනහම. හැබැයි මේ සිද්ධියෙදි ගොඩ දෙනෙක් කතා නොකරපු දේවල් ටිකක් මම දැක්ක.
1) ඇටෙන් පොත්තෙන් එලියට එන්න කලින් මුන් ලව් කරනව. මේකිව යාලු කරන් හිටපු හිපාටුව තාමත් ඒව මේව ශෙයාර් කර කර රගනව මම දැක්ක. ඌත් වගකියන්න ඕන 50%ක් මේකට. ගෙදර ප්‍රශ්න කෙල්ලට අනිව එන්න ඇත්තේ ලව් කේස් එක නිසා නේ.
උබල අහයි ලව් කරන එක වැරදීද කියල, පොඩි කාලේම ලව් බැරිනම් ළමයි හදාගත්තත් කමක් නෑ ඒවගේ වගකීම් බාරගන්න පුලුවන් නම්, suicide කරගන්න නෙමේ.
2) ෆේස්බුක්.
ලංකාවේ 80% ක්ම ෆේස්බුක් පාවිච්චි කරන්නේ ඒකෙන් ගන්න ඕන හරි දේ ගැන දැනුමක් නැතුව. සමහරු මේව නිසාම පැත්ත පලාතේ එන්නේ නැතුව එලකිරියට වෙලා ඉන්නව.
හරියට පාවිච්චි කරනව නම්/ කරන්න ඕන නම් ෆේස්බුක් කියන්නේ අපිට ගොඩක් ප්‍රයෝජනවත් දෙයක්.
හැබැයි ලංකාවේ දන්නේ නැතුව ගොන් පාට් දාන උන් තමා වැඩි. මම කියන්නේ බොරු නම් ලංකාවේ ටිකක් ප්‍රසිද්ද නිලියෙක්ගේ පේජ් එකකට ගිහින් පොටෝ වලට තියන comment බලන්න. වෙන ඕන නෑ, යාලුවෝ 1000+ ඉන්න කෙල්ලෙක්ගේ prof pic එකට තියන කමෙන්ට් බලන්න.
හරි විදිහට පාවිච්චි කරනව නම් FB කියන්නේ හොද දෙයක්.
මේ කෙල්ලට මොකටද ෆේස්බුක්? යකෝ අපි ඉස්කෝලේ යන කාලේ දන්නේවත් නෑ.
වයසට නොගැලපෙන මගුල් කරන්න ගිහින් නේද මේ ඔක්කොම? කෙල්ල සිල් අරන් එනකොට පිනා බැන්න නෙමේ නේ.
3) ප්‍රින්සිපල් වැරදි ඇති, ඒත් ඌ මිනීමරුවෙක් නෙමේ කියන එකත් අමතක කරන්න හොද නැහැ. කරගත්ත කියන්නේ මානසිකව හොද මට්ටමක ඉදල නෑ, ඒ වෙලාවක ආවේගෙට ලියපු දෙයක් නිසා ප්‍රින්සිපල්ව මිනීමරුවෙක් ගානට දාන්න බෑ.
4) අන්තිම උබල කමෙන්ට් දානකොට නිවන් සුව පතපන් සිංහල බෞද්ධයෝ. නිකන් පොශ් වෙන්න RIP දාන්නයි , අනිත් වෙලාවට බෞද්දකම මතක් වෙලා දුවන් ඇවිල්ල හම්බයන්ට බනින්න විතරක් බෞද්ධයෝ වෙන්න එපා.

සාමයේ සැතපේවා කියන්නේ කිතුනු ආගමේ විශ්වාස කරන විදිහට එයාල අවසන් ගෞරව දක්වන විදිහ. අපි බෞද්ධාගමේ විශ්වාස කරන්නේ නැවත ඉපදීම සහ නිවන. පොශ් වෙන්නම ඕන නම් May you attain Nibbana කියල දාපල්ල. මැරිච්ච එකෙක්ගේ post එකකට කෙමෙන්ට් දැක්කම හිතෙනව යකෝ ලංකාවේ ඉන්නේ christian උන් විතරද කියල. ලැජ්ජයි බෞද්දයෝ ගැන

කොතලාවල දැරිය පියාට ලියූ ලිපිය
කුරුණෑගල සර් ජොන් කොතලාවල විදුහලේ විදුහල්පතිවරයා විසින් සිදු කළ නොහික්මුණු ප්‍රශ්නකිරීම් හමුවේ දැඩි කම්පණයකට ලක්ව තම නිවසේ බාල්ගකයක එල්ලී සියදිවි හානිකරගත් දැරිය එසේ මියයෑමට මොහොතකට පෙර තම පියා අමතමින් ලියා ඇති ලිපිය පහත පළ වේ.
"At Home
2014/02/03
අප්පච්චි වෙත,
මට සමාවෙන්න මේ වගේ තීරණයක් ගත්තට. මං වරදක් නොකර මට බෑ මගේ අප්පච්චිව ප්‍රින්සිපල් ගාවට ගෙනියන්න කිසිම ඕනෑ කමක්. එතන මං කළා නම් කළේ 7 වසරෙදි 4To එක ගහපු එක. මං කළ ඒ වරද විතරක් මං පිළිගන්නවා. 4To එක Fb දාපු කෙනයි ඒ 4To දුන්න කෙනයි දෙන්නම බේරිලා. ඇයි මට විතරක් ඇඟිල්ල දිග් කරන්නේ. අද මං මගේ අහිංසක අප්පච්චි ගෙනිච්චා නම් සර්ගෙ පද කොච්චර අහන්න ඕනද. මගෙ අප්පච්චි එහෙම දේවල් අහන්න ඕන නෑ. කොච්චර ප්‍රශ්න ගොඩාක් අප්පච්චි පපුවෙ තියන් ඉන්නවද කියලා මේ ගෙදර කාටවත් තේරෙන්නෑ. ඒ අස්සෙ කොහෙවත් යන එකකට මගේ අප්පච්චි බාල්දු කරන්න මට ඕනෑ කමක් නෑ. මේ ඔක්කටම හේතුව අපේ ප්‍රින්සිපල් කිසිම දෙයක් දන්නේ නැතිව මට විතරක් ඇඟිල්ල දික් කරන්නේ ඇයි කියලා මට තේරෙන් නෑ. එක පාරක් ළමයි 5000 ක් මැදදේ රැස්වීමේ උඩට ගත්තා. කොල්ලෙක් එක්ක Film එකක් බැලුවා කියලා. ඒව දන්නවා මගේ නංගි. අහන්න මං තනියමද ගියේ කියලා. මෙච්චර අසාධාරණකම් වෙද්දී මං ගොඩාක් ඉවසුවා. තවත් බෑ. බංඩාර සර් පංති බාරව දානවා කියල දැන ගත්ත දවසෙ ඉඳලා හැම වැඩක්ම නවත්තලා සර් වෙනුවෙන් හිටියා. එහෙම කරපු මට බොරු චෝදනාවක් දැම්මා. මේ ස්කෝලෙ වෙනුවෙන් කැපවීම් කරපු එක තමා ලොකුම වරද. ස්කෝලෙ මොකක් හරි තරගයකට, උත්සවයකට මම නැටුවේ නැත්තම් තමා පුදුමේ. ජයසුන්දර මිස්, රංජනි මිස් ඒවා දන්නවා. මට තවත් බෑ මගේ බංඩාර සර්ටයි, අප්පච්චිටයි දුකක් වෙන්න. මං අද කරගන්න දෙයින් මං හිතනවා තවත් ළමයෙක්ට මේ වගේ පහත් වැඩක් වෙන්නෙ නැති වෙයි කියලා. සමහර සර්ලා ප්‍රශ්නයක් උනාම මගේ පවුල ඇදල ගන්නවා. මං මේ කියන්නේ කා ගැනද කියලා මගේ අප්පච්චි දන්නවා. මට තවත් ජීවත් වෙලා ඉඳලා ඔය ස්කෝලෙ ..... පද අහ අහ O/L තවදුරටත් කර ගන්න බෑ. මගේ මරණින් පස්සෙවත් අපෙ ප්‍රින්සිපල්ට කියන්න අහිංසක ළමයි පොඩි වරදක් කරාට එයාලට වේසි කියලා කතා කරන එක නවත්වන්න.
ළමයෙක්ට වරදක් කියද්දි කවුද හරි වැරදි කියලා හොයලා බලන්න කියලා. හැමදාම අපිටම වැරදි කියන්නේ. මං මගේ අප්පච්චිට ගොඩක් ආදරෙයි. කවුරුත් ඉස්සරහ මගේ දුව කරපු වැරදි වලට සමාවෙන්න කියනවාට මං කැමති නෑ. දැන් ප්‍රින්සිපල්ට කියන්න මාව ස්කෝලෙන් අස් කරලා දාන්න කියලා. අපි හොඳ දෙයක් කරලා තරඟවලින් දින්නට අපිට හොඳ නාමය දුන්නෑ. ඒත් වරදක් කරාම මුලු ස්කෝලෙටම ඇහෙන්න කෑ ගහන්න විතරයි දන්නේ. එයා කියන්නේ මාව ස්කොලෙට අගෞවරයක් කියලනේ. ඕව අහ අහ ස්කෝලෙ එන්න බෑ. ගමගේ සර් කිව්වා මට නරක ළමයෙක් කියලා. මං එවලේ මගේ O/L රිසාල්ට් වලින් මගේ හොඳ නරක පෙන්නන්න තීරණේ කරත් මං පරක්කු වැඩී. දැන් කරන්න දෙයක් නෑ.
මට ඔය ස්කෝලෙ මගේ දක්ෂතා ගැන කියනවා නම් කීවේ මගේ බංඩාර සර්, නැටුම් මිස්ලා 2 යි ප්‍රභා මිස් විතරයි. මං ප්‍රභා මිස් ගාවට ගිහින් මගේ ප්‍රශ්න කියලා මිස් මගේ හිත හදපු වෙලාවේ මං ලොකු තරඟයක් දෙන්න තීරණය කරන් හිටියේ. ඒත් මගේ හීන ඔක්කොම විනාශ කළා. මට දැන් O/L තියා ලබන ආත්මෙ කොහොම තැනක් තියෙද කියලා හිතා ගන්න බෑ. අප්පච්චි ඔයා මගේ ඉඩම කොටස ඔයාගෙ නමට හරව ගන්න. මම නැතිව ඔයාට සලකන්න කෙනෙක් හිටියොත් පුදුමයි. දැන් ඔයා ළඟින් ඔක්කොම ඉන්නෙ සල්ලි තියෙන නිසා. නැති වුණ දාට ඔයා ළඟ කවුරුත් නැතිවෙයි. ඒක වෙන්න දෙන්න බෑ. අවසාන අවස්ථාවෙත් මගේ අප්පච්චිගෙ ඇස් දෙක විතරයි පේන්නෙ. මට ඔයා දාල යන්න ගොඩාක් දුකයි. නංගිත් පුළුවන් නම් ස්කොලෙන් අස් කරන්න. මේ ප්‍රින්සිපල් ඉන්නකම් මගේ නංගිට වෙනස්කම් කරයි. අම්මේ මම ඔයාටත් ගොඩක් ආදරෙයි. මගේ අක්කිව මට අන්තිම වෙලාවෙත් බලා ගන්න බැරි වුණා. ඔයාත් ඉන්න තැනක සතුටින් ඉන්න. මගෙ අප්පච්චි ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න. නංගි එයා ලොකු ගින්දර ගොඩාක් මැද්දෙ පිච්චි පිච්චි ඉන්නේ. මං නැතුව ඔයාගෙ ප්‍රශ්න කියන්නේ කාටද අප්පච්චි. මට ලියන්න ලියන්න මගේ හිතේ දුක වැඩි වෙනවා. යන ආත්‍මයකට වත් සැනසීමක් නැතිවෙයි.
මං මේ තීරණය ගත්තේ මං වගේ වැරදි නැති ළමයි තව ඉදියි. ස්කොලෙන් අස් කරන්න බලයි. ඒ ළමයි වෙනුවෙන් මේ තිරණේ.
I love You my Family
මාව දැක්ක ගමන් බංඩාර සර්ට ඉස්සෙල්ල කියන්න.
මීට
චූටි දුව"