විදුලි බිල අඩු කරගනිමු-2
මේකේ මුල් කොටස මෙතනින්.
ශීතකරණ භාවිතය
සාමාන්‍ය නිවසක වැය වන විදුලි ඒකකවලින් 30%-50% අතර ප්‍රමාණයක් ශීතකරණ සඳහා වැය වේ.

◦නවීන ශීතකරණ දැනට විසිවසරකට පමණ පෙර නිපදවූ ශීතකරණ පරිභෝජනය කරන විදුලියෙන් 10%ක් පමණක් පරිභෝජනය කරයි.
එබැවින් නවීන ශීතකරණ භාවිතය මුදල් මෙන්ම බලෂක්තියද ඉතිරි කරයි.
◦ශීතකරණයේ දොර නිසි පරිදි වායු පිටවීමකින් තොරව වසා තැබීම විදුලිය අපතේ යැවීම වළක්වයි.විවෘත දොරකින් 10°C-20°C පමණ උෂ්ණත්ව ඉහල නැගීමක් සිදු විය හැක.
◦ආහාර වර්ග වෙන වෙනම පැසි(basket)වල අසුරා ගබඩා කරන්න.එවිට අවශ්‍ය ආහාර වර්ගය තේරීමට දොර විවෘත කරගෙන සිටිනවා වෙනුවට අවශ්‍ය පැස පමණක් පිටතට ගැනීම කල හැක.
◦ආවරණ රහිතව තබන ලද දියර වර්ග ශීතකරණය තුලට තෙතමනය මුදා හරී.එවිට ශීතකරණයට කලයුතු වැඩ ප්‍රමාණය වැඩි වේ.එනිසා දියර ආහාර වර්ග ආවරණය කර තැබීම වඩා සුදුසු වේ.
◦උණුසුම් ආහාර දැමීමට ඇත්නම් ඒවා කාමර උෂ්ණත්වයට පත්වීමට තබා ශීතකරණය තුල තැන්පත් කිරීම මගින් ශීතකරණය වය කල යුතු ශක්තිය අවම වේ.
◦ඉවතට ගන්නා ලද ශීත ආහාර නැවත ඇතුලට දැමීමට ඇත්නම් එය හැකි ඉක්මනින් සිදු කරන්න.මන්දයත් ශීත ආහාර පිටතට ගත විට පරිසරයෙන් තාපය උරාගන්න බැවින් නැවත ශීතකරණයට දැමූ විට එම තාපයඉවත් කිරීමට සිදු වේ.
◦අධි ශීතකරණයේ පවතින ද්‍රව්‍යවල හිම ඉවත් කිරීමට අවශ්‍ය නම් ඒවා ශීතකරණය තුලට දමන්න.එවිට ඒවා තාපය උරාගෙන හිම ඉවත් කරගන්න බැවින් ශීතකරණයේ වැඩ අඩු වේ.
◦හැකිතාක් අනවශ්‍ය දේවල් ශීතකරණය තුලින් ඉවත් කිරීමෙන් ද අනවශ්‍ය ලෙස ශක්ති පරිභෝජනයෙන් වැළකිය හැක.
◦ශීතකරණය කාමරයක තැබීමේදී බිත්තිය හා ශීතකරණය අතර යම් දුරක් තැබීමෙන් පිටුපසට හොඳ වාතාශ්‍රයක් ලැබී ශීතකරණයේ පිටුපස සිසිල්වීම ඉක්මන් වේ.
◦ශීතකරණය ඍජුව හිරු රැස් පතිත වන හෝ උඳුනක් සමීපයේ ඇති ස්ථානයක තැබීමෙන් ශීතකරණයට වැඩි විදුලියක් භාවිතා කිරීමට සිදු වේ.
◦බීඩිං හා ශීතකරණයේ දඟරවල පිරිසිදු බව පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
රෙදි සෝදන යන්ත්‍ර භාවිතය
◦ස්වයංක්‍රීය රෙදි සෝදන යන්ත්‍ර සඳහා අර්ධ රෙදි සෝදන යන්ත්‍රවලට වඩා වැඩි විදුලියක් වැය වේ.තමන්ගේ අවශ්‍යතාව මත අවශ්‍ය යන්ත්‍ර වර්ගය තෝරා ගත යුතුය.
◦ඔබගේ පවුලට ගැලපෙන යන්ත්‍රයක් තොර ගන්න.පුද්ගලයන් 4-6 සහිත පවුලකට බොහෝ විට 5kg යන්ත්‍රයක් සෑහේ.
◦උපකරණයට නියමිත බර අනුව රෙදි භාවිතා කරන්න.නියමිත බර ප්‍රමාණයට වඩා අඩු රෙදි ප්‍රමාණයක් සේදීමට ඇත්නම් ඒවා අතින් සෝදන්න.නොඑසේ නම් පවතින රෙදි ප්‍රමාණයට සරිලන පරිදි වතුර එක කරන්න.
◦උපකරණයේ දක්වා ඇති බරට වඩා වැඩි රෙදි ප්‍රමාණයක් සේදීමේදී රෙදි නිසියාකාරව නොසේදේ.මෝටරය ද රත් වී හානි විය හැක.
◦හැකි සෑම විටම රෙදි අව්වේ වියලා ගන්න.වියළීමේ යන්ත්‍රවලට අධික ශක්තියක් වැය වේ.
විදුලි ඉස්ත්රික්ක භාවිතය
◦වාෂ්ප ඉස්ත්‍රික්කයක් තෝරා ගැනීමේදී වතුර පිරවීමේ පහසුව,වාෂ්ප පිටවීමට ප්‍රමාණවත් සිදුරු තිබීම යන කරුණු පිලිබඳ සැලකිලිමත් වන්න.
◦පතුලට ඇලීම වලක්වන ද්‍රව්‍යයක් ආලේප කර තිබීම හෝ සුදු යකඩවලින් සාදා තිබීම නිසා රෙද්ද මත පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි වේ.
◦උෂ්ණත්වය පාලනය කල හැකි වීම ඉතා වැදගත්ය.
◦අවශ්‍ය උෂ්ණත්වයට ලඟා වූ පසු විදුලිය ඉබේ විසන්ධි වන ක්‍රමයක් පැවතීම වාසිදායක වේ.
◦හැකි සෑම විටම රෙදි සියල්ල එකවර මැදගන්න.එවිට එය කිහිපවරක් රත් කිරීමට යන විදුලිය ඉතිරි වේ.
◦තෙත රෙදි මැදීම අත්‍යවශ්‍ය විට පමණක් සිදු කරන්න.නැතහොත් ජලය වාෂ්ප වීමට අවශ්‍ය තාප නිපදවීමට අධික විදුලියක් වැය කල යුතුය.
◦සෝදා වියලාගත් රෙදි පොඩි නොවන ලෙස අසුරා ගන්න.මැදීමට පෙර රෙදිවල ඝනකම අනුව ඒවා වර්ග කරගන්න.ඉන්පසු ඝන රෙද්දේ සිට සිනිඳු රෙද්ද දක්වා මදින්න.සිනිඳු රෙදි මැදින විට උෂ්ණත්වය අඩු කරගන්න.
◦රත් වී ඉස්ත්‍රික්කය කිසිදු පෘෂ්ටයක ගැටීමට නොදී සිරස්ව සිටුවා තබන්න.එවිට තාප හානිය අවම වේ.
රූපවාහිනී,V.C.D./D.V.D. යන්ත්‍ර භාවිතය
◦රූපවාහිනී,V.C.D./D.V.D. යන්ත්‍ර ක්‍රියා විරහිතව තබන විට විදුලි සැපයුමේ හෝ යන්ත්‍රයේ ඇති ස්විච්චයෙන්ම ක්‍රියා විරහිත කරන්න.එසේ නොමැතිව දුරස්ථ පාලකයෙන් ක්‍රියා විරහිත කළහොත්(stand-by mode) රුපවාහිනී යන්ත්‍ර සඳහා 18W-25W පමණ ද V.C.D./D.V.D. යන්ත්‍ර සඳහා 11W-20W පමණ ද වැය වේ.
පරිගණකය භාවිතය
◦Desktop Monitorsවලට වඩා LCD Monitors කාර්යක්ෂම උපාංග වේ.
◦පරිගණකයේ Monitor එක සඳහා සාපේක්ෂව වැඩි විදුලියක් භාවිතා වන බැවින් පරිගණකය භාවිතා නොකරන අවස්ථාවක එය විනාඩි කිහිපයකින් ස්වයංක්‍රීය නිද්‍රාවට(sleep mode) පත් වන පරිදි සකසන්න.
විදුලි උඳුන් හා විදුලි කේතල භාවිතය
◦අහාර පිසීම සඳහා සහ ජලය රත් කිරීම සඳහා විදුලි උඳුන් හා විදුලි කේතල යොදාගැනීම දර සහ ඉන්ධන භාවිතයට සාපේක්ෂව අධික මුදලක් වය කරයි.එමනිසා එවැනි කටයුතු සඳහා විදුලි උපකරණ භාවිතය හැකිතාක් අවම කරගන්න.
නල ජලය සඳහා ජාල පොම්පය ක්‍රියා කරවීම
◦නල ජලය ලබාගන්න ගෘහස්ත පාරිභෝගිකයින් රාත්‍රී කාලයේදී බිම් මට්ටමේ පිහිටි ටැංකියට ජලය පිරුණු පසු දිවා කාලයේදී ඉහල ජල ටැංකියට පොම්පයක් ආධාරයෙන් ජලය ගෙන යයි.
එහෙත් රාත්‍රී කාලයේදී ජල ධාරාව කෙලින්ම ඉහල ටැංකියට සම්බන්ධ කර තැබීමෙන් ජල පොම්පය රහිතව ජලය එක් රැස් කරගත හැක.
මුලාශ්‍රය:-ලං.වි.ම. මගින් නිකුත් කල වාර්තාවක්
කියවන කට්ටිය වැදගත් කියල හිතෙනවනම් අනික් අයටත් බලාගන්න bump එකක් දාගෙන යන්න.

Good post 