ගෝඨාට කැපයි - ෆොන්සේකාට අකැපයි
ශ්‍රී ලංකාවේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා රාජකාරි කරද්දී දේශපාලනය කළා කියා ඔහු ගේ තරු පටි ගලවා විශ්‍රාම වැටුප් අහිමි කර වසර දෙකක සිර දඩුවම් දුන්නා නම් හමුදාපතිටත් ඉහළ නිලධාරියෙක් වන ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහ දවල් ගම්මන්පිලගේ දේශපාලන වේදිකාවට නැග දේශපාලනය කිරීම ගැන ඔහුට දඩුවම් නොදෙන්නේ මන්දැයි ජාත්‍යන්තර ප්‍රජාව මෙන්ම රටේ නීතිගරුක පුරවැසියන් වික්ෂිප්ත වී ප්‍රශ්න කරති.
රටේ අනෙකුත් මිනිසුන්ට එක නීතියකුත් නන්දසේන ගෝඨාභය රාජපක්ෂට වෙනත් නීතියකුත් ක්‍රියාත්මක විය නොහැකිය. නීතිය ඉදිරියේ සියළු දෙනා එක සමානය. නඩු පැවරිය නොහැක්කේ ජනාධිපති ධූරය දරන පුද්ගලයාට එම ධූරය දරණ කාලයේදී පමණි.
ගෝඨාභය රාජපක්ෂ නම් රජයේ නිලධාරියා සහ උදය ගම්මන්පිල නම් නීතිඥ අපේක්ෂකයා මැතිවරණ නීති අමු අමුවේ කඩා දමා අදට දින 6 කි. සාධාරණ මැතිවරණයක් පැවැත්වීම පිලිබඳ පාර්ලිමේන්තුවට වග කිව යුතු මැතිවරණ කොමසාරිස් වරයා මේ දක්වා තමාගේ අක්කරයක් පමණ පළල මුඛය පූට්ටු කරගෙන ගොලූ වී සිටී. රාජ්‍ය පරිපාලන ඇමැති ජෝන් සෙනෙවිරත්න අඳ ගොලූ බිහිරෙක් සේ සිටී. රාජපක්ෂලාට කඩේ යන කප්පරක් මැතිවරණ නිරීක්ෂක සංවිධාන පොන්නයන් සේ ස්ටිකර් ගැන දොඩවමින් ගෝඨාභයගේ සහ ගම්මන්පිලගේ මැතිවරණ නීති උල්ලංඝනය ගැන නොකර කතා සිටී. නීතිඥ සංගමයද මෙකී බරපතල නීති උල්ලංඝනය ගැන තවමත් නිෂ්ශබ්දය. ජඩමාධ්‍ය කාරයෝ ආණ්ඩුවෙන් දුන් ලැප්ටොප් එක හිරකරගෙන අල්ලා ගෙන වගේ වගක් නැතිව බාර් වලට වී බි බී කල්ගෙවති.
විපක්ෂයද රාජපක්ෂලාගේ මෙකී අතිශය දරුණු නීති උල්ලංඝනය ගැන ප්‍රමාණවත් විරෝධයක් දක්වා නැත. රාජපක්ෂලාට එක නීතියකුත් අනෙක් අයට වෙනත් නීතියකුත් පනවා මැතිවරණ පැවැත්වීමේ සත පහක තේරුමක් නැති බවත් මෙවැනි වංචනික මැතිවරණයන්ට මුහුණ දෙමින් සැමදා පරාජය වීමේ තේරුමක් නැති බවත් සියළු විපක්ෂය එක්වී මහජනතාවට ඒත්තු ගැන්විය යුතුය. මහජනතාව සමග මෙම සාපරාධී ක්‍රියාවට එරෙහිව නැගී සිටිය යුතුය. ගෝඨාභය නම් ඇමරිකානු පුරවැසියා ශ්‍රී ලංකාවේ නීතිය කැඩීමට එරෙහිව තීරණාත්මකව ක්‍රියා කළ යුතුය.
- ලංකා ඊ නිව්ස් -

මෙතැන කවුරුන්වත් නියම අනන්‍යතාවයෙන් සිටිනවා මම දැක නැත. ඉතින් කෙනෙකුන් නමකින් සිටිනවා දුටු විට එය බොරුවක් යැයි සිතන ඔබේ අන්තර්ජාල දැනුම ගැන අනුකම්පා කරමි.