ගෝඨාට කැපයි - ෆොන්සේකාට අකැපයි

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ගෝඨාට කැපයි - ෆොන්සේකාට අකැපයි

    ශ්‍රී ලංකාවේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා රාජකාරි කරද්දී දේශපාලනය කළා කියා ඔහු ගේ තරු පටි ගලවා විශ්‍රාම වැටුප් අහිමි කර වසර දෙකක සිර දඩුවම් දුන්නා නම් හමුදාපතිටත් ඉහළ නිලධාරියෙක් වන ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහ දවල් ගම්මන්පිලගේ දේශපාලන වේදිකාවට නැග දේශපාලනය කිරීම ගැන ඔහුට දඩුවම් නොදෙන්නේ මන්දැයි ජාත්‍යන්තර ප්‍රජාව මෙන්ම රටේ නීතිගරුක පුරවැසියන් වික්ෂිප්ත වී ප්‍රශ්න කරති.

    රටේ අනෙකුත් මිනිසුන්ට එක නීතියකුත් නන්දසේන ගෝඨාභය රාජපක්ෂට වෙනත් නීතියකුත් ක්‍රියාත්මක විය නොහැකිය. නීතිය ඉදිරියේ සියළු දෙනා එක සමානය. නඩු පැවරිය නොහැක්කේ ජනාධිපති ධූරය දරන පුද්ගලයාට එම ධූරය දරණ කාලයේදී පමණි.

    ගෝඨාභය රාජපක්ෂ නම් රජයේ නිලධාරියා සහ උදය ගම්මන්පිල නම් නීතිඥ අපේක්ෂකයා මැතිවරණ නීති අමු අමුවේ කඩා දමා අදට දින 6 කි. සාධාරණ මැතිවරණයක් පැවැත්වීම පිලිබඳ පාර්ලිමේන්තුවට වග කිව යුතු මැතිවරණ කොමසාරිස් වරයා මේ දක්වා තමාගේ අක්කරයක් පමණ පළල මුඛය පූට්ටු කරගෙන ගොලූ වී සිටී. රාජ්‍ය පරිපාලන ඇමැති ජෝන් සෙනෙවිරත්න අඳ ගොලූ බිහිරෙක් සේ සිටී. රාජපක්ෂලාට කඩේ යන කප්පරක් මැතිවරණ නිරීක්ෂක සංවිධාන පොන්නයන් සේ ස්ටිකර් ගැන දොඩවමින් ගෝඨාභයගේ සහ ගම්මන්පිලගේ මැතිවරණ නීති උල්ලංඝනය ගැන නොකර කතා සිටී. නීතිඥ සංගමයද මෙකී බරපතල නීති උල්ලංඝනය ගැන තවමත් නිෂ්ශබ්දය. ජඩමාධ්‍ය කාරයෝ ආණ්ඩුවෙන් දුන් ලැප්ටොප් එක හිරකරගෙන අල්ලා ගෙන වගේ වගක් නැතිව බාර් වලට වී බි බී කල්ගෙවති.

    විපක්ෂයද රාජපක්ෂලාගේ මෙකී අතිශය දරුණු නීති උල්ලංඝනය ගැන ප්‍රමාණවත් විරෝධයක් දක්වා නැත. රාජපක්ෂලාට එක නීතියකුත් අනෙක් අයට වෙනත් නීතියකුත් පනවා මැතිවරණ පැවැත්වීමේ සත පහක තේරුමක් නැති බවත් මෙවැනි වංචනික මැතිවරණයන්ට මුහුණ දෙමින් සැමදා පරාජය වීමේ තේරුමක් නැති බවත් සියළු විපක්ෂය එක්වී මහජනතාවට ඒත්තු ගැන්විය යුතුය. මහජනතාව සමග මෙම සාපරාධී ක්‍රියාවට එරෙහිව නැගී සිටිය යුතුය. ගෝඨාභය නම් ඇමරිකානු පුරවැසියා ශ්‍රී ලංකාවේ නීතිය කැඩීමට එරෙහිව තීරණාත්මකව ක්‍රියා කළ යුතුය.

    923143_671461966252305_1832829968_n.jpg

    - ලංකා ඊ නිව්ස් -
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,759
    3,355
    113
    ගෝඨා හැම මැතිවරණයකදිම එලිපිටම දේශපාලනය කරනවා..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    ගම්මන්පිල ලෝයර් කෙනෙක් වෙලත් දන්නේ නැද්ද රාජ්‍ය නිලධාරීන් දේශපාලන වැඩ වලට සම්බන්ධ කරගන්න බැහැ කියලා.. සාමාන්‍ය මිනිහෙක් උනත් ඒක දන්නවා.. ඒ වෙලාවට විතරයි ගම්මන්පිල බබා.. යුද්ධයට වැඩිම දායකත්වය දුන්නේ ගෝඨාලු.. රෙද්ද තමයි.. ගම්මන්පිලට මතක නැතුව ඇති කලින් යුද්දේ කාලේ හමුදාවෙන් අස් වෙලා ඇමරිකාවට මාරුවෙලා කම්පියුටර් ඔපරේටර් කෙනෙක් විදියට වැඩ කරකර හිටියා.. එහෙම කෙනා ගම්මන්පිලගේ ජීවමාන වීරයා නම් යුද්ධය දිනන්න සක්‍රීය දායකත්වය සපයපු ෆොන්සේකා ඇතුලු රනවිරුවන්ගේ ෆොටෝ ගෙදර ගහගෙන උදේ හවස පහන් පත්තු කරත් මදි.. ගම්මන්පිලලා කියන්නේ තමන්ගේ ඡන්ද ව්‍යාපාරේ වෙනුවෙන් බුද්ධාගම පාවිච්චි කරන උන්.. උන් ඇත්තටම බුදුදහමේ කියන දේවල් රකිනවනම් උන්ට රෙද්ද ඇදගෙන මේ ආණ්ඩුවේ ඉන්න බැහැ.. ගම්මන්පිලගේ නායක හාමුදුරුවෝ කියනවා අගමැති කුඩ්ඩා කියලා.. ගම්මන්පිල ඒ ආණඩුවේ ඡන්දේ ඉල්ලනවා.. කොටුවේ දුම්රියපොල ඉස්සරහ ගව ඝාතනයට විරුද්ධව උපවාසයක් තියෙනවා.. ගම්මන්පිල ගියාද එහෙට? ගෝඨා වනාතමුල්ලේ ගෙවල් වල මිනිස්සුන්ට තග දාලා සුදුවෑන් වල උස්සනවා.. ගම්මන්පිලගේ වීරයා කරන වැඩද මේවා? ගම්මන්පිල තමන්ගේ බලේ රැක ගන්න ඕන කුණු වැඩක් කරන බොරු සිංහල බෞද්ධයෙක්.. නැත්නම් මෙච්චර වැරදි තියෙන ආණ්ඩුව මෙහෙම රකීද? මොලේ තියෙන මිනිස්සු මේ පාර මුන්ට පාඩමක් උගන්නන්න ඕන.. :angry::angry::angry:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    Saul Goodman ඔයාට කොන්ද පණ තියෙනවනම් අපි වගේ ඇත්ත ID එකෙන් එන්න.. මේ දේවල් වලට විතරක් බොරු ID හදාගෙන මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඒ කියන්නේ ඔයාම දන්නවා ඔයාගේ ඇත්ත් එකෙන් ඇවිල්ලා ආණ්ඩුවට කඩේ ගියාම ඔයා චාටර් වෙනවා කවුරුවත් ගනන් ගන්නේ නැහැ කියලා.. කරුණාකරලා කශේරුකාව සහිත පිරිමියෙක් වගේ වැඩ කරන්න..
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    ගම්මන්පිල ලෝයර් කෙනෙක් වෙලත් දන්නේ නැද්ද රාජ්‍ය නිලධාරීන් දේශපාලන වැඩ වලට සම්බන්ධ කරගන්න බැහැ කියලා.. සාමාන්‍ය මිනිහෙක් උනත් ඒක දන්නවා.. ඒ වෙලාවට විතරයි ගම්මන්පිල බබා.. යුද්ධයට වැඩිම දායකත්වය දුන්නේ ගෝඨාලු.. රෙද්ද තමයි.. ගම්මන්පිලට මතක නැතුව ඇති කලින් යුද්දේ කාලේ හමුදාවෙන් අස් වෙලා ඇමරිකාවට මාරුවෙලා කම්පියුටර් ඔපරේටර් කෙනෙක් විදියට වැඩ කරකර හිටියා.. එහෙම කෙනා ගම්මන්පිලගේ ජීවමාන වීරයා නම් යුද්ධය දිනන්න සක්‍රීය දායකත්වය සපයපු ෆොන්සේකා ඇතුලු රනවිරුවන්ගේ ෆොටෝ ගෙදර ගහගෙන උදේ හවස පහන් පත්තු කරත් මදි.. ගම්මන්පිලලා කියන්නේ තමන්ගේ ඡන්ද ව්‍යාපාරේ වෙනුවෙන් බුද්ධාගම පාවිච්චි කරන උන්.. උන් ඇත්තටම බුදුදහමේ කියන දේවල් රකිනවනම් උන්ට රෙද්ද ඇදගෙන මේ ආණ්ඩුවේ ඉන්න බැහැ.. ගම්මන්පිලගේ නායක හාමුදුරුවෝ කියනවා අගමැති කුඩ්ඩා කියලා.. ගම්මන්පිල ඒ ආණඩුවේ ඡන්දේ ඉල්ලනවා.. කොටුවේ දුම්රියපොල ඉස්සරහ ගව ඝාතනයට විරුද්ධව උපවාසයක් තියෙනවා.. ගම්මන්පිල ගියාද එහෙට? ගෝඨා වනාතමුල්ලේ ගෙවල් වල මිනිස්සුන්ට තග දාලා සුදුවෑන් වල උස්සනවා.. ගම්මන්පිලගේ වීරයා කරන වැඩද මේවා? ගම්මන්පිල තමන්ගේ බලේ රැක ගන්න ඕන කුණු වැඩක් කරන බොරු සිංහල බෞද්ධයෙක්.. නැත්නම් මෙච්චර වැරදි තියෙන ආණ්ඩුව මෙහෙම රකීද? මොලේ තියෙන මිනිස්සු මේ පාර මුන්ට පාඩමක් උගන්නන්න ඕන.. :angry::angry::angry:
    well said
     
    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    Saul Goodman ඔයාට කොන්ද පණ තියෙනවනම් අපි වගේ ඇත්ත ID එකෙන් එන්න.. මේ දේවල් වලට විතරක් බොරු ID හදාගෙන මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඒ කියන්නේ ඔයාම දන්නවා ඔයාගේ ඇත්ත් එකෙන් ඇවිල්ලා ආණ්ඩුවට කඩේ ගියාම ඔයා චාටර් වෙනවා කවුරුවත් ගනන් ගන්නේ නැහැ කියලා.. කරුණාකරලා කශේරුකාව සහිත පිරිමියෙක් වගේ වැඩ කරන්න..
    ඔන්න ආවා ,දැන් හරිද :P
     
    Saul Goodman

    Member
    Jan 23, 2014
    463
    41
    0
    Saul Goodman ඔයාට කොන්ද පණ තියෙනවනම් අපි වගේ ඇත්ත ID එකෙන් එන්න.. මේ දේවල් වලට විතරක් බොරු ID හදාගෙන මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඒ කියන්නේ ඔයාම දන්නවා ඔයාගේ ඇත්ත් එකෙන් ඇවිල්ලා ආණ්ඩුවට කඩේ ගියාම ඔයා චාටර් වෙනවා කවුරුවත් ගනන් ගන්නේ නැහැ කියලා.. කරුණාකරලා කශේරුකාව සහිත පිරිමියෙක් වගේ වැඩ කරන්න..

    Saul Goodman යනු අමරිකානු කතා මාලාවක එන චරිතයකි. එය ගූගල් කර මා සුද්දෙක් වෙන්නට හදනවා යැයි සිතන්නේ නම් මුලින්ම ඔළුව බලවා ගත යුත්තේ ඔබය. අන්තර්ජාලයේ සරළ ප්‍රායෝගික දෙයක් නොදැන කියවීමෙන් සවුත්තු වෙන්නේ තමන්මය. දෙවැන්න නම් මා හට ඔවදන් දීමට එන රැඩිකල්78 ඇත්ත අයිඩී එකක් වෙන්නේ කෙසේ දැයි මුලින්ම ඔප්පු කළ යුතුයැ. අඩුම තරමේ එය නමක් වත් නොවේය. :baffled: මෙතැන කවුරුන්වත් නියම අනන්‍යතාවයෙන් සිටිනවා මම දැක නැත. ඉතින් කෙනෙකුන් නමකින් සිටිනවා දුටු විට එය බොරුවක් යැයි සිතන ඔබේ අන්තර්ජාල දැනුම ගැන අනුකම්පා කරමි.