මේ වනවිට වනාතමුල්ල සහස්පුර ධර්මශ්‍රම පන්සල අසල ප්‍රදේශයේදී ජනතා විමුක්තිපෙරමුණේ අධාරකුරවන් සහ පොලීසියේ උසස් නිලධාරීන් අතර උණුසුම් තත්වයක් හටගෙන ඇති බවත් ජවිපෙ ආධාරකරුවන්ගේ සහායට එම ප්‍රදේශයේ ජනතාවද 200කට අධික පිරිසක් එක් රැස්වී සිටින බවත් වාර්තාවේ.
පොලීසිය විසින් ලබාදෙන්නාවූ නිසි අවසරයක් සහිතව එම ප්‍රදේශයේ අතුරුපාරකට ආසන්නයේ මැතිවරණ ප්‍රචාරක රැලියක් පැවැත්වීමට එම පක්ෂය කටයුතු සූදානම් කර තිබී ඇත. රැලිය පැවැත්වීමෙන් එම ප්‍රදේශයේ පිහිටි ධර්මශ්‍රම පන්සලේ භික්ෂූන් වහන්සේ ඇතුළු ප්‍රදේශවාසීන්ගේ විරෝධතාවයක් ඇත්දැයි විමසීම සඳහා පොලීස් නිලධාරීන් කටයුතු කර ඇති අතර භික්ෂූන් වහන්සේ ලිඛිතවම පවසා ඇත්තේ එය තමන් වහන්සේට හෝ ජනතාවට බාධාවක් නොවන බවයි.
පසුව පොලීසිය එයට අවසර ලබාදී ඇති අතර ප්‍රදේශවාසීන් සහ ජවිපෙ ආධාරකරුවන් ඊට අවශ්‍ය වේදිකාව සහ සැරසිලි ඉදි කරමින් සිටියදී පොලීසියම පැමිණ එය කඩා දමා ඇත.
එහිදී පොලීසිය සමග උණුසුම් තත්වයක් හටගෙන ඇති අතර පොලීසිය පවසා ඇත්තේ රැස්වීම් භූමිය ආසන්නයේ ඇති අතුරු පාරට එම රස්වීම බාධාවක් බවයි.
කෙසේ නමුත් ජවිපෙ ආධාරකරුවන් සහ ප්‍රදේශවාසීන් පවසන්නේ ඊයේ (02) නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ මැති ඇමතිවරුන් රැසකගේ සහභාගීත්වයෙන් ග්‍රෑන්පාස් මංසන්දියේ මැතිවරණ ප්‍රචාරක රැලියක් පැවැත්වූ අතර එය රථවාහන ගමනාගමනයටද බාධාවක් වූ නමුත් පොලීසිය එයට කිසිදු විරෝධයක් නොදැක්වූ බවයි.
මේ වනවිට ජවිපෙ අපේක්ෂක නීතීඥ සුනිල් වටගල මහතා එම ස්ථානයට ගොස් ඇති බවත් පොලිස් නිලධාරීන්ද 50ක පමණ පිරිසක් එහි රැඳී සිටින බවත් පැවසේ.
මාධ්‍යවේදීන්ද ප්‍රදේශවාසීන්ද එම ස්ථානයේ පිරී ඇති බවත් මැතිවරණ කොමසාරිස්වරයාද තව ස්වල්ප මොහොතකින් එම ස්ථානයට පැමිණීමට නියමිත බවත් වාර්තාවේ.