මෙන්න කෙල්ලො

Kuruminiyaa

Well-known member
  • May 10, 2026
    303
    512
    93
    සුංගාවිල කැලෑවේ දෙදිනක් අතුරුදන් වූ යුවතිය හමුවේ
    සොමාවතිය චෛත්‍ය මාර්ගයේ සුංගාවිල රක්ෂිතයේදී අතුරුදන් වූ 19 හැවිරිදි තරුණියක් දින දෙකකට පසු නිරුපද්‍රිතව සොයාගෙන තිබෙනවා.
    පුලස්තිගම පොලිසිය, වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ මෙහෙයුමකදී තඹාල වැව ආසන්නයේදී ඇය සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
    වැලිකන්ද, මොනරතැන්න ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය පසුගිය 2 වැනිදා උදෑසන හිතවතෙකු සමඟ යතුරුපැදියකින් සොමාවතිය මාර්ගයේ පැමිණ සුංගාවිල රක්ෂිතය ආසන්නයේදී යතුරුපැදිය නවතා කැලෑවට ඇතුළු වී තිබෙනවා.
    එහිදී දෙදෙනා වෙන්වීමෙන් පසු තරුණිය අතරමංව ඇති අතර, ඇය සොයා ගිය තරුණයාටද ඇය සොයාගැනීමට නොහැකි වී ඇති බව සඳහන්.
    මේ අතර, රක්ෂිතයේ මාර්ගය අසල හිමිකරුවෙකු නොමැති යතුරුපැදියක් තිබෙන බවට ලැබුණු තොරතුරක් මත පොලිසිය සිදුකළ සෝදිසියේදී අදාළ තරුණයා සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
    අනතුරුව තරුණිය සොයා පොලිස් නිලධාරීන් 60 දෙනෙකු, වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් 65 දෙනෙකු පමණ එක්ව සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
    එම මෙහෙයුම අතරතුර තඹාල වැව ආසන්නයේ තරුණියක් සිටින බවට ලැබුණු තොරතුරක් මත එහි ගිය පොලිස් නිලධාරීන් ඇය සොයාගෙන තිබෙනවා.
    පොලිසියට ඇය ප්‍රකාශ කර ඇත්තේ කැලෑවේදී තරුණයාගෙන් වෙන්වීමෙන් පසු අතරමං වූ බවත්, රාත්‍රියේ ගසක් යට රැඳී සිටි බවත්ය.
    කැලෑවේ වන අලි සැරිසරන නමුත් තමන්ට කිසිදු අනතුරක් සිදු නොවූ බවත්, සතුව තිබූ ජල බෝතලයේ ජලය පානය කරමින් කැලෑවෙන් පිටතට පැමිණ තඹාල වැව ආසන්නයට ළඟා වූ බවත් ඇය පොලිසියට පවසා තිබෙනවා.
    පසුව තරුණිය දෙමාපියන් වෙත භාරදී පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
    මේ අතර, තරුණිය සමඟ කැලෑවට ගිය තරුණයා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
    පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,085
    2,227
    113
    "මේ අතර, තරුණිය සමඟ කැලෑවට ගිය තරුණයා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.." 🤔
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,514
    8,053
    113
    කොල්ලව ඇයි arrest කරන්නේ ? දෙන්නම adults ලනේ... නැත්නම් කොල්ලා limit පැනලා මොනහරි කරන්න එද්දී කෙල්ල දිව්වද දන්නේ නැහැ
     
    • Like
    Reactions: Naughtykolla48

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,275
    6,792
    113
    East Blue (Goa Kingdom)
    මොකද්ද හේතුව arrest කරන්න ?
    අතරමන් උන එක පොලිසියට කිව්වේ නැති එකද , ජීවිතේට හානියක් වෙන්න දැන දැන ගිහින් අතරමන් කරලා වගේ සැකයක් මතද


    කව්ද ඕක ඔරිගීනල් ලියපු එකා අබිලින් ද
     
    • Like
    Reactions: ob_server

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,514
    8,053
    113



    උණවටුන ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළේ හෝටලයක ලැගුම්ගෙන සිටි 63 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවකට ලිංගික කටයුතු සඳහා ඇරියුම් කරමින් ලිඛිත සටහන් ඇගේ කාමරයේ දොර යටින් තැබූ ශ්‍රී ලාංකික තරුණයන් තිදෙනකු උණවටුන සංචාරක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    සති එකහමාරකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවට පැමිණ උණවටුන ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිටි මෙම ඕස්ට්‍රේලියානු කාන්තාව රැඳීසිටි කාමරයට ආසන්න කාමරයක දෙහිවල සහ පානදුර ප්‍රදේශවල පදිංචි අදාළ සැකකරුවන් තිදෙනා ද නවාතැන්ගෙන සිට ඇති බව පොලිසිය පවසයි.

    ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද මෙම ඇරියුම් පත් ඇගේ කාමරයේ දොර යටින් තබා ඇති අතර, එම කාන්තාව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව වහා ක්‍රියාත්මක වූ උණවටුන සංචාරක පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා හබරාදූව පොලිසිය වෙත භාර දී ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ දිනයේදී ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

    ------ Post added on Sep 4, 2026 at 2:06 PM

    මොකද්ද හේතුව arrest කරන්න ?
    අතරමන් උන එක පොලිසියට කිව්වේ නැති එකද , ජීවිතේට හානියක් වෙන්න දැන දැන ගිහින් අතරමන් කරලා වගේ සැකයක් මතද


    කව්ද ඕක ඔරිගීනල් ලියපු එකා අබිලින් ද


    තම පෙම්වතා සමඟ සෝමාවතිය පුදබිම වැඳපුදා ගැනීමට ගොස් ආපසු එමින් සිටියදී අතුරුදහන් වූ 17 හැවිරිදි තරුණියක්, වන අලින් ඇතුළු වනසතුන්ගෙන් ගහන තඹාල මහ වනය මැද රැයක් පහන් කිරීමෙන් අනතුරුව දින දෙකකට ආසන්න කාලයකට පසු සූදානමින් සිටි පොලිස් මෙහෙයුමකින් සොයාගැනීමට පුලස්තිගම පොලිසිය සමත් වී තිබේ. මෙලෙස අතුරුදහන්ව සිට පසුව සොයාගනු ලැබුවේ වැලිකන්ද, මොණරතැන්න, අංක 15 ඩී ලිපිනයේ පදිංචිව සිටින ඩී.
    ඩබ්ලිව්. සංජනා හංසනි නමැති තරුණියයි.

    මෙම යුවළ පසුගිය දෙවැනිදා දහවල් 11:00 ට පමණ යතුරුපැදියකින් සෝමාවතිය පුදබිම වෙත ගොස් ඇති අතර, නැවත පැමිණෙන අතරතුර සුංගාවිල සෝමාවතී මාර්ගයේ 29 කණුව ආසන්නයේ යතුරුපැදිය නවත්වා කැලෑබද ප්‍රදේශයට ගොස් තිබේ. මාර්ගයේ ගමන් කළ පුද්ගලයකුට මඟ අසල නවත්වා තිබූ මෙම යතුරුපැදිය පිළිබඳව සැක සිතී ඒ බව පුලස්තිපුර පොලිසිය වෙත දැනුම් දී ඇත. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ දිවා ජංගම සංචාරක පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
    යතුරුපැදියේ ලියාපදිංචි අංකය ඔස්සේ හිමිකරුගේ තොරතුරු අනාවරණය කරගත් පොලිස් නිලධාරීන් "රෝෂාන් අපි පොලිසියෙන්, එළියට එන්න" යනුවෙන් කෑගසා ඇති අතර, පසුව පෙම්වතා පොලිසිය හමුවට පැමිණ ඇත. තමාට ඇති වූ බඩේ අමාරුවක් හේතුවෙන් කැලයට ඇතුළු වූ බව පෙම්වතා පවසා තිබුණ ද, පොලිසිය පැමිණ ඇති බව දැනගත් තරුණිය බියට පත්ව පොලිසියට හසු නොවී වෙනත් මාර්ගයකින් කැලය තුළට තව තවත් ගොස් ඇති බව පරීක්ෂණවලදී හෙළි විය. බියපත් ස්වරූපයෙන් පිළිතුරු දුන් පෙම්වතාව පොලිසිය විසින් වහා අත්අඩංගුවට ගනු ලැබීය.

    අතුරුදහන් වූ තරුණිය සෙවීම සඳහා පුලස්තිපුර, වැලිකන්ද, හිඟුරක්ගොඩ සහ මීගස්වැව යන පොලිස් ස්ථානවල නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන් ද එක්ව දින දෙකකට ආසන්න කාලයක් පුරා දැවැන්ත සෙවුම් මෙහෙයුමක් ක්‍රියාත්මක කළහ. වන අලින්, කොටි සහ වගවලසුන් ගැවසෙන තඹාල මහ වනය මැද ගසක් යට මුළු රැයක් පහන් කළ බවත්, එම අවස්ථාවේ වනඅලීන් කිහිපදෙනෙකුම තමා අසලින් ගමන් කළ බවත් පසුව සොයාගැනුණු තරුණිය පොලිසිය හමුවේ පවසා ඇත.
    දින දෙකක මෙහෙයුමකින් අනතුරුව ඊයේ (3) පස්වරු 4:00 ට පමණ වනගහනය මැදදී තරුණිය සොයාගැනීමට පොලිස් කණ්ඩායම්වලට හැකි වූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පෙම්වතා සහ තරුණිය යන දෙදෙනාම දැනට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
    ------ Post added on Sep 4, 2026 at 6:08 PM
     
    Last edited:
    • Haha
    Reactions: redux