වැඩ කරන තැන කැපිලි කෙටිලිද ?

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    වැඩ කරන තැන කැපිලි කෙටිලිද ?

    අපි හැමෝම දගලන්නේ ජීවත් වෙන්න.ඒ නිසා රස්සාවක් කරනවා..කැමති උනත් අකමැති උනත් අපිට සල්ලි හොයන්න රස්සාවක් අනිවාර්යයි.:)
    අපි සාපේක්ෂව වෙනස්..ලෝකේ රස්සාවල් කරන අය මේ වගේ බෙදන්න පුළුවන් .:nerd:

    1.අනුන් යටතේ වැඩ කිරීමට අකමැති වීම සහ තමන්ගේ අධීක්ෂණය යටතේ ව්‍යාපාරයක් කිරීමට කැමති අය.
    2.අනවශ්‍ය වගකීම් වලින් තොරව අන් අයකු හෝ සමුහයක් සමග (ප්‍රසිද්ධ ව්‍යාපාරයක) වැඩ කර හවුල්කරුවකුව ජීවත් වීමට කැමති අය.
    3.ක්‍රීඩා,කලා සහ දේශපාලනය වැනි විශේෂ ක්ෂේත්‍ර වල යෙදීමෙන් ජීවත් වන අය.
    4.ගැණුම්/විකිණුම්,කොටස් වෙළඳපොල සහ කොමිස් වැනි ක්‍රම වලින් ජීවත්වන අය.

    අපේ රටේ ඉන්න බොහොමයක් අය ඉහත කොටස් වලට වැටෙනවා.මීට අමතරව ඉන්නේ කප්පම්,සුදු,හොර මැර කම්,ගණිකා තුලින් සල්ලි හොයන අය තමා.ඒ නිසා ඒ අයව මම අමතක කරනවා.:angry::angry:

    මම මගේ ජීවිතයේ වැඩකරලා තියෙන්නේ දෙවෙනි කාරණාවට යටත්ව.මට තියෙන වසර 8ක විතර කුඩා පළපුරුද්දෙන් මම ලබාගත්ත දේවල් ටිකක් එළකිරියේ ඉන්නා සහෝදර සහෝදරියන් එක්ක බෙදාගන්න හිතුණා.මම අමාරුවෙන් ඉගෙනගත්ත දේවල් මට රස්සාවට යන්න කලින් කව්රුහරි කියලා දුන්නනම් මට මීට වඩා ටිකක් ඉස්සරහට ඉක්මනින් යන්න තිබුණා කියල මට හිතෙනවා.:)

    තමන්ට හොඳයි කියලා හිතෙනවනම් හා නිවැරදියි කියලා හිතෙනවනම් කියවලා බලන්න.මම හැමදාම විශ්වාස කරන විදිහට මගේ අඩුපාඩු තියෙනවනම් මට මතක් කරලා දෙන්න. මෙන්න කරුණු 15.


    ·1.සිනහවෙන් සෑහෑල්ලුවෙන් එහෙත් උසස් පෞරුෂයකින් අභිමානයකින් ජීවත් වෙන්න.
    සෑම විටම පෞරුෂය ගෑන අවධානයෙන් ඉන්න.ඔබ අළුත් සාමාජිකයෙක් වෙන්න පුළුවන්.ඒත් අනවශ්‍ය සමීපකම්,හිතවත්කම් නැතුව රස්සාව කරන්න මුල ඉඳන්ම පුරුදු වෙන්න.ගෑණු /පිරිමි හැමෝටම මේක එක වගේ වැදගත්.
    ලස්සනට හා පිරිසිදුවට අඳින්න පළදින්න.මේකට සල්ලි ඕනේ නෑ .
    විහිළුවෙන් සැහැල්ලුවෙන් කට්ටිය ඉන්නකොට බුම්මගෙන ඉන්න එපා...ඒ අය වගේම සතුටින් ඉන්න.ප්‍රසන්න සිනහවක් පුරුදු වෙන්න.සිනහවෙන් ඉන්න මිනිහෙකුට අකමැති කිසි කෙනෙක් නෑ.එත් comital චරිතයක් වෙන්න එපා.

    2.නිර්මාණශීලී චින්තනය සහ ඉවසීම ඔබගේ ජීවිතයට එකතු කරගන්න.
    මම ඉන්නේ IT field එකේ.අනිත් industries ගැනනම් මට ලොකුවට මේ දේ පේන්න නැ.කොහොම උනත් හැමෝගෙම දැනගැනීමට මම කියන්නම්. සාම්ප්‍රදායික හෝ පරණ විදිහට හිතන ,වැඩක් දුන්නම හිතලා කරන්න බැරි (රොබෝ චරිත) කෙනෙක් වෙන්න එපා.කෙන්තිකාරයෙක් නම් බොහොම කෙටි ගමනක් තමා යන්න වෙන්නේ.අලුතින් දෙයක් හිතලා,කාලය ඉතිරිකරලා,accurately වැඩ කරන්න පුළුවන් කෙනෙකුට යන්න පුළුවන් දුර වැඩි.

    3.Improve your accuracy in your assigned work.[කරන දේ හරියට දැනගෙන හරියට කරන්න ]
    සමහරවිට ඔබට භාරදෙන වැඩ අමාරු දුෂ්කර වෙන්න පුළුවන්.හොඳට මතක තියාගන්න.ඉතා ඉක්මණින් වැඩක් කරනවා යනු ආතතියෙන් වැඩ කිරීම නොව අවධානය අදාළ වැඩට පමණක් යොමුකර අන් වැඩ නොකර සිටීමයි.

    4.සැමවිටම මනස ප්‍රශ්න වලින් තොරව ලිහිල්ව තබාගන්න.
    ගෙදර,යාළුවෝ අමතක කරන්න.ලොකු සැලසුම් වැඩ කරන වෙලාවට ඔලුවට දාගන්න එපා.
    තවම උදා නොවූ ප්‍රශ්න පිලිබදව නොතැවෙන්න.ඒවාට විසදුම් කාලයත් සමගම ලැබේවි.එසේත් නැතිනම් ඒ සදහා ඉතා උචිත පසුබිමක් ඔබට සැලසේවි.
    දවල් සිහින මවනවා නම් වහාම නතර කරන්න.පියවි ලෝකයට එන්න.

    5.අවශ්‍ය අවස්ථාවලදී නළුවෙක්/නිළියක් වන්න.
    අවශ්‍ය අවස්ථාවලදී නළුවකු,හොඳ සන්නිවේදකයකු හෝ කථිකයකු වන්නට බිය සහ ලජ්ජා වෙන්න එපා.ඔබ අළුත් නිසා හැමවිටම ඔබට වැඩි අවධානයක් හිමි වේවි.ඔබට නොතේරුණත් ඒක එහෙම වෙනවාමයි.ඒ නිසා ඔබ ගැන හැමෝම විමසිලිවත් බව මතක තබාගන්න.අශෝභන සිරිත් ගති පැවතුම් තිබේ නම් ඒවා අතහරින්න කාලය දැන්.(ඉස්කෝලේ කාලෙදිම මේක කරගත්තනම් තමා වඩා හොඳ )

    6.අවධානම් ගැනීමට පසුබට වෙන්න එපා.
    සෑම ප්‍රශ්ණයකටම ඉතාම කදිම පිළිතුරක් ඇත.සැමවිටම එය සෙවීමට කටයුතු කරන්න.ඔබ නොදන්නා දෙයක් ඇත්නම් ඔබගේ ප්‍රවීණ සාමාජිකයෙකුගෙන්/කණ්ඩායම් නායකයාගෙන් උදව් ගන්න පසුබට වෙන්න එපා.වැරදියට කරනවට වඩා අවශ්‍ය දේ බැනුම් අහලා හරි කරන එක වැදගත්.සාමාන්‍ය බුද්ධිය හොඳටම පාවිච්චි කරන්න.

    7.දියුණුවේ මිනිසකු වීමට වඩා ගුණාත්මක මිනිසකු වීමට කටයුතු කරන්න.
    කාර්යාලයේ ඉන්න ඕනෑම කෙනෙකුට උදව්වක් කරන්න පසුබට වෙන්න එපා.එත් තමන්ගේ වැඩේට ප්‍රමුකථාවය දෙන්න.

    8. ඔබට ලෝකයේ අසාධාරණය දුරු කල නොහැක.එත් නිවටයකු ලෙස උඩ බලා සිටින්නද නොපුළුවන.
    ඔබට හැකි දේ,ඔබගේ අදහස් දිනපොතක හෝ වෙනත් තැනක ලියා විසුරුවන්න.එය ඔබව තෘප්තිමත් කරාවි.

    මේ ලෝකයේ අසාධාරණය නැති තැනක් කොහෙවත් නෑ.මිනිස්සු ඔක්කොම හොඳ නෑ.එක එක වර්ගයේ මිනිස්සු හැමතැනම ඉන්නවා.
    අසාධාරණකම් පෙනෙද්දී ,එය ඔබේ ශක්ති ප්‍රමාණයෙන් පිට නම් නිශ්ශබ්දව ඉන්න.ඒත් ඔබට බලය ලැබුණු දාට එය නොකරන්නට වග බලා ගන්න.
    ලෝකයේ වඩාත්ම අසාධාරණයට ලක්වුණු කෙනා ඔබ හෝ ඔබගේ සමීපතමයා නොවේ.

    9.ගොටු
    -ලොව ඕනෑම ක්ෂේත්‍රයක දක්ෂයන්ද සිටී.ඒ වාගේම පෙර වාසනාවෙන් හෝ අනිසි ලෙස පැමිණි අයද සිටී.මෙය හොඳින් අවබෝධ කරගන්න .ඒ ගැන සිතමින් කලකිරීම අනුවණ ක්‍රියාවක්...නායකත්වයට හැමවිටම අවනත වෙන්න..වැරදි ඇති.ඒත් ඔබට නොපෙනෙන යමක් ඔහුට පෙනෙනවා වෙන්නට පුළුවන්.කොහොම උනත් ඔබ වැඩ කරන්නේ ලංකාවේ නම් ,ලොක්කා always correct න්‍යාය වලංගුයි.දියුණු රටකදී නම් නායකත්වය විවේචනයෙන් ඔබට හොඳක් වෙන්න අවස්ථා තියෙනවා.එත් අපේ රට නම් තාම එතරම් දුර ඇවිත් නෑ.
    හොඳම දේ ඔබ නායකත්වයට ආවම ඒ දේ ඔබ වැනි යට යලි වෙන්න ඉඩ නොතියන එකයි.

    10.සෑම අවස්ථාවකදීම කිව යුතු දේ සහ නොකිව යුතු දේ ඔබ හොඳින් දැනගෙන සිටිය යුතුය.
    බුද්ධිමත් වන්න.සමහර කාරණා වලදී නිශ්ශබ්දව ඉන්නටත් ඔබගෙන් යමක් අවශ්‍ය විටදී එය ඉටු කිරීමටත් බුද්ධිමත් වෙන්න.
    [උදා :ඔබේ කාර්යාලයේ මෙතෙක් කල් පැවති ක්‍රමයක දැවැන්ත වෙනසක් කරනවානම් ඔබ ඊට උපදෙස් ලබාදීමට යාම නුවණට හුරු නොවේ.ඔබගේ රැකියාවේ පවතින අඩු ලුහුඬුකම් පිලිබඳ කථා කිරීමේදී හැකිතාක් ප්‍රවේසම් වන්න.
    [ මේක නම් මීට වඩා විස්තර කරන්න අමාරුයි :no::no:]

    11.ඔබ ඔබගේ කණ්ඩායමට හොඳ සම්පතක් වෙන්න.
    කිසිවිටෙක මන්දෝත්සාහිව සහ අසතුටින් ඉන්න එපා.ඔබව නැතිවම බැරි කෙනෙක් වෙන්න.දැන් ඔබට එය කරදරයක් වුවද ඔබේ ඉදිරි ගමනට එය දැවැන්ත පිටුවහලක් වේවි.

    12.ඔබට අමතර පැය කීපයක් වැඩ කිරීම/අත්‍යවශ්‍ය කටයුත්තකදී ඔබගේ ශ්‍රමය ලබාදීම සාමාන්‍ය දෙයකි.ඒ ගැන කිසිවිටකදී නොතැවෙන්න .
    (IT වලදී නම් මෙහි සීමාවක් නොමැතිබව කිව යුතුමය )

    13.පුද්ගලික ජීවිතය සහ රාජකාරි ජීවිතය හොඳින් කළමනාකරණය කරන්න.
    වැඩි අවධානය පුද්ගලික ජීවිතයට යොදන්න.හොඳ පුද්ගලික ජීවිතයක් නැත්නම් රාජකාරි ජීවිතයද බිඳ වැටෙනු ඇත.

    14.කිසිම සගයකු සමග දරුණු ලෙස සංවාද නොකරන්න .
    සැවොම මිතුරන් ලෙස උපක්‍රමශීලිව සලකන්න.රාජකාරියත් දේශපාලනය වැනිය.සදාකාලික මිතුරන්ද නැත.සතුරන්ද නැත.
    ඔබට යම් අයකු සතුටු කල හැකිනම් එයට රාජකාරියේදී පසුබට නොවෙන්න ඔබගේ කණ්ඩායමේ නිවැරදි වැරදි මිනිසුන් දෙවර්ගයම හා උපක්‍රමශීලීව වැඩ කිරීමට කටයුතු කරන්න.

    15.සුන්දර මිනිසෙක් වන්න .
    ඔබට එදිරිවාදිකම් කරන අය හා කටයුතු කල යුත්තේ ඉතාම පරිස්සමිනි.කිසිවිටෙක වෙනසක් පෙන්වන්න එපා! තලන්න තලන්න සුවඳ විහිදුවන සඳුන් ගසක් වන්න.නොසැලෙන හස්තිරාජයකු සේ සිටින්න.නිසි කාලය එනතුරු ඉවසා සිටින්න.ඔබව ඉතාමත්ම අත්‍යවශ්‍ය මොහොතක් එනතුරු සිට ඔහුට පිළිතුරු දෙන්න.කිසිවිටෙක වරදකරුවකු කොන් නොකරන්න

    අතිශය දුෂ්කරවුත් ඒ වාගේම සංවේදීවුත් අසිරිමත් මිනිසුන් මේ ලෝකයේ අනන්තවත් ජීවත් වෙනවා .සමහරවුන් මැරී මැරී ජීවත් වෙනවා .
    මිනිසුන් ගෙන් ඉගෙන ගන්න.ඔබ රැකියාවෙන් ගියපසු ඔබ කල වැඩ කටයුතු නිසා ඔබට රැකියා ස්ථානයේ කිසිවක් නොලබෙනබව තරයේ ඔළුවේ තබා ගන්න.ඒත් ඔබ සමඟ වැඩකළ මිනිසුන් ජීවිත කාලයම ඔබත් එක්ක ඉඳීවි.රාජකාරිය නිසා මිනිසත්කම කිසිදාක පහළට වැටෙන්න දෙන්න එපා.
    බලු පොරයකට යන්න අපි බල්ලෝ නෙමෙයි.

    ඔබට ජය !!! :)
     
    Last edited:

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    11.gif

    Rep Added +3