අකමැති මතක

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ ගැන ලියන්න හිතුනේ මම මිට පෙර ලියපු අකැමැකි මතක කියන පොස්ට් එකට ලැබුනු ප්‍රතිචාර වල තිබුන යම් යම් කරණු පාදක කරගෙන... මම මීට කලිනුත් කියලා තියනවානේ මම මානව හිමිකම් සම්බන්ධආයතනයක සේවය කලා කියලා...

    ඒ කාලේ මම පොලිස් නිළධාරීන්ට කාන්තාවන් සම්බන්ධයෙන් වෙන වැරදි වලදී කටයුතු කල යුතු ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුනා.....

    මෙහිදී ළමා සහ කාන්තා අපචාර සම්බන්ධයෙන් වැරදි වලදී කටයුතු කල යුතු ආකාරය සම්බන්ධයෙන් අපි රටපුරා පොලිස් නිළධාරින් දැන්වත් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කලා... මෙහිදි අපි බොහෝ විට මේ වැඩසටහන් සඳහා ප්‍රායෝගික උදාහරණ භාවිතා කලා ඔවුන්ට මේ පවතින තත්වයන් ගැන වටහාදෙන්න.

    මේ මම කියන්න හදන සිද්ධියත් ඒ වගේ පාවිච්චි කරපු උදාහණයක්... නමුත් මේ සිද්ධිය සත්‍ය කථාවක් යම් යම් අවස්ථා උචිත විදියට සංස්කරණය කරලා අධ්‍යාපනික වටිනාකමක් මතුවෙන විදියට....

    මේ කියන වකවානුවේ අපේ රටේ ආරක්ෂක තත්වය බොහොම බරපතලයි.... පැමිණිල්ලක් කරන්න පවා පොලිස් ස්ථානයකට ඇතුල් වෙන්න බොහොම අමාරු තත්වයක් තමයි තිබුනේ.....විශේෂයෙන්ම උතුරු පලාතේ....

    මේ සිද්ධියට මුන දීලා තිබුනේ අපේ රටේ හිටපු බොහොම දක්ෂ රජයේ නිතිඥ මහත්මයෙක්... මේ සිද්ධිය එතුමාගේ වචන වලින්ම විස්තර කරන්නම්.....

    ----------------------------------------------

    එක්තරා බාලවයස්කාර ගෑණූ දරැවෙක් තමන්ගේ නිවසේදීම දුෂණයට ලක්වෙනවා..... ඒ දරැවා එනවා පොලීසියට..... දරැවගේ කකුල් දෙකෙන් ලේ ගලනවා... ඒ පිටින්ම ඒ දරැවා පොලීසියට එනවා....

    මුලින්ම ඒ දරැවට හමුවෙන්නේ ගේට්ටුවේ ඉන්න අයි ජී පී මහත්තයා.....(ඔව් අර දුඹුරු පාටට හුරු පාටක් ඇඳගෙන ඉන්න එක්කෙනා)
    එයා අහනවා “මොකද මේ...?“
    සර් මාව අපේ බාප්පා දුෂණය කලා....
    ආ... ඇත්තද...?
    කොහොම උනේ......
    සර් මම තනියම කාමරේ ඉන්නකොට ඇවිත් මාව දුෂණය කලා...
    ආ... ඇත්තද.... කෝ ඇඳුම් ඉරිලා නැහැ නේ...
    කොහොමස දූෂණය කලේ...? ගවුම පිටින්මද....?
    නැහැ සර්..... (ගෑණු ළමයා අඹරෙමින්)
    එහෙනම්... ගවුම උස්සලාද.....?
    ඔව් සර්.....
    ආ... ඒ කොහොමද....?
    මම නිදියගෙන ඉන්නකොට ඇවිත් මගේ කට වහලා..... මාව තද කරගෙන දුෂණය කලා සර්.....
    ආ.... වෙන මොනවද කලේ......
    (ගෑණු ළමයා අඹරෙමින්... සිද්ධිය විස්තර කරයි...)
    හ්ම්... එහෙනම් යනවා ඇතුලට.....
    (ගේට්ටුව විවර වේ.... ළමයා ඇතුලට යයි....)

    පොලිසියේ පිළිගැනීමේ නිළධාරී...
    මොකද මේ....
    සර් බාප්පා මාද දුෂණය කලා....
    ආ...ඇත්තද....
    දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
    ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
    නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
    හ්ම් මොකද් උනේ...?
    (ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
    හ්ම් බංකුවෙන් වාඩි වෙලා ඉන්න... ඕ.අයි.සී. මහත්තා කථාකරනකම්....

    ඕ.අයි.සී මහතා......
    මොකද මේ....?
    සර් බාප්පා මාව දුෂණය කලා....
    මොකද උනේ....?
    සර්... මම ඇඳේ නිදියයෙන් ඉන්නකොට බාප්පා බීලා ඇවිත් මාව දූෂණය කලා සර්...
    ඔච්චචර දෙයක් කරනකම් තමුන්ට දැනුනේ නැද්ද...?
    දැනුනා සර්.... මම කෑගහන්න හදනකොට බාප්පා මගේ කට වැහැව්වා....
    වෙන මොනවද උනේ...?
    (ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
    හ්ම්.... ක්‍රයිම් කේස් එකක්.....
    ටිං...ටිං... (ඔ අයි සී මහතා සීනුව නාද කරයි)
    සර්.....
    මෙයාව ක්‍රයිම් එකට දානවා.....

    ක්‍රයිම් ඕ අයි සී (අපරාධ අංශය)
    මොකද උනේ.....?
    සර් බාප්පා මාව දුෂණය කලා..
    මොකද උනේ....?
    සර්... මම ඇඳේ නිදිහයෙන් ඉන්නකොට බාප්පා බීලා ඇවිත් මාව දූෂණය කලා සර්...
    තමුන් තනියමද ගෙදර හිටියේ......
    ඇයි දමව්පියෝ හිටියේ නැද්ද...?
    එයාලා කුඹුරට ගිහින් සර්....
    ඔච්චචර දෙයක් කරනකම් තමුන්ට දැනුනේ නැද්ද...?
    දැනුනා සර්....
    මම කෑගහන්න හදනකොට බාප්පා මගේ කට වැහැව්වා....
    වෙන මොනවද උනේ...?
    (ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
    වයස කීයද...?
    16 සර්....
    හ්ම්....
    මේක සී ඇන්ඩ් ඩබ්ලියු එකක්...(ළමා සහ කාන්තා අංශය)
    මෙයාව සි ඇන්ඩ් ඩබ්ලියු එකට ගෙනියන්න....

    ළමා සහ කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිතුමිය....
    මොකද උනේ.....ෙ
    බාප්පා මාද දුෂණය කලා....මැඩම්....
    ආ...ඇත්තද....
    දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
    ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
    නැහැ මැඩම් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
    හ්ම් මොකද් උනේ...?
    (ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
    ඩබ්ලියු පී සී ....
    මෙයාව අරගෙන යනවා ජේ ඇම් ඕ ගාවට (අධිකරන වෛද්‍ය නිළධාරී)
    (දරැවාව රෝහලට රැගෙන යයි)

    එහිදී..... අධිකරණ වෛද්‍ය නිළධාරී.....
    මොකද උනේ...?
    සර් බාප්පා මාද දුෂණය කලා....
    ආ...ඇත්තද....
    දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
    ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
    නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්...
    බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
    හ්ම් මොකද් උනේ...?
    (ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
    (සාක්ෂි ලබාගනියි..... දරුවා සම්පුර්ණ පරික්ෂාවකට ලක්වේ.....)
    (භෞතික සාක්ෂි ලබාගනියි)
    හ්ම්..... මේ ගැන ළමා රක්ෂක අධිකාරිය දැනුම් දේ....

    ළමා රක්ෂක නිළධාරී....
    මොකද උනේ....?

    සර් බාප්පා මාද දුෂණය කලා...
    ආ...ඇත්තද....
    දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
    ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
    නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
    හ්ම් මොකද් උනේ...?
    (ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
    දරුවාට නිතිඥ සහාය ලැබේ....

    නිතිඥ මහතා....
    මොකද උනේ..
    සර් බාප්පා මාද දුෂණය කලා....
    ආ...ඇත්තද....
    දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
    ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
    නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
    හ්ම් මොකද් උනේ...?
    (ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
    හ්ම්.....

    අධිකරණයේ දී.....ගරැ මහේස්ත්‍රාත්වරයා...
    මොකද උනේ.....
    සර් බාප්පා මාද දුෂණය කලා....
    ආ...ඇත්තද....
    දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
    ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
    නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
    හ්ම් මොකද් උනේ...?
    (ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
    විත්තියේ නිතිඥයා හරස් ප්‍රශ්ණ අසයි....
    ඇයි දුෂණය කරනකම් බලාගෙන හිටියේ....
    තමුන් සනීපෙට හිටියා නේද....?
    නැහැ... එහෙම නම් ඇයි විරුද්ධ නොවුනේ....
    (තව තවත් හරස් ප්‍රශ්ණ)
    සිද්ධිය මහාධිකරණයට යොමු වේ....

    ගරු මහාධිකරණ විනිසුරැ.....
    මොකද උනේ....?
    සර් බාප්පා මාද දුෂණය කලා....
    ආ...ඇත්තද....
    දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
    ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
    නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
    හ්ම් මොකද් උනේ...?
    (ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)

    සිද්ධිය මහාධිකරණයේ දි මාස ගනනක් විභාග වේ.....

    මේ අවසන් නඩු වාරයයි... තීන්දුව ප්‍රකාශ වීමට නියමිතයි....
    නැවතත් රජයේ නිතිඥ...
    මොකද උනේ....?
    (දැරිය නිහඬය...)
    නැවතත්....
    මොකද උනේ.....
    මුකුත් නැහැ....
    රජයේ නිතීඥ...... මුකුත් නැහැ..
    විනිසුරුගෙන් විනාඩි 30 ක් කාලයක් ඉල්ලයි....
    අවසර ලැබේ.....
    රජයේ නිතීඥ...
    මොකද ළමයා වෙලා තියෙන්නේ...
    ඇයි සිද්ධිය විස්තර කරන්නේ නැත්තේ....
    සර්.... මම මේ වෙනකොට මේ සිද්ධිය 54 වතාවක් කියලා තියනවා...
    සර්ට ඕනේ මේක 55 වෙනි වතාවටත් මගේ කටින් අහගන්නද...?

    රජයේ නිතිඥ නිහඬයි......
    :(:(

    ගත්තේ මෙතනින්...
    http://jbasnayaka.blogspot.com/

    සාරුවා සුනිල්ට විරුද්දව සාක්ෂි දෙන්න කවුරුවත් නැත්තේ ඇයි කියල තේරුම් ගන්න දැන් පුලුවන්ද?
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඔව්ව අහද්දිත් දුකයි බන් :(:(:(මම අකමැතිම රස්සා 2 තමයි පොලීසිය සහ නීතිඥවරු :growl::growl::growl:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    සිරාවටම දුක හිතෙනවා බං :( අඩූ ගානේ මේවගේ දෙයක් උනාම වත් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න කෙටි ක්‍රමයක් තියෙනවා නම් හොඳයි. අනිත් එක පොලිසියේ උසාවියේ මහත්තුරුත් නීති පොතේ පිළිවෙලටම ඕවා කරන්න යන්නේ නැතුව පොඩ්ඩක් මානුශීය විදිහට හිතල අහිංසක ළමයින්ගේ පෞද්ගලිකත්වය රැකෙන විදිහට වැඩ කරනවා නම් සාක්කි දෙන්න උනත් මිනිස්සු ඉදිරිපත් නොවෙන එකක් නෑ :baffled: ඒ උනාට ඉතින් මිනිස්සු වගේ හිතන්න ගිහිල්ල තමන්ගේ රස්සාවට කෙලවගන්න පොලිසියේ මහත්තුරු කැමති වෙන එකක් නෑනෙ :nerd: ASP ලා SSP ලා DIG ලා IGP ලා මගේ අම්මේ තීරණයක් ගන්න කලින් කීදෙනෙක් ගැන නම් හිතන්නද :baffled: ඒ කොහොම උනත් පොඩි ළමයෙකුට මේ වගේ දෙයක් උනාම හැම දේකටම වඩා ඒ ළමයාගේ අනාගතය ගැනයි හිතන්න ඕනි :oo: ඒ ළමයා ලොකු වෙලා සමාජයට මුහුණ දෙන්නෙ කොහොමද කියන එක ගැනයි හිතන්න ඕනි :oo: වැරැද්ද කරපු උන් ගැන ඒවාට වග කියන්න ඕනි උන් ගැන හිතනවට වඩා ඒකයි වටින්නේ :dull: අපි අන්න එහෙම හිතන නිසා තමයි ලිංගික අතවර, ස්ත්‍රී දූෂණ වගේ ඒවා ගැන මිනිස්සු පැමිණිලි කරන්න අකමැති වෙන්නේ. පැමිණිලි කරන්න ගියාම වටේ අරන් ගිහින් මේ වගේ බයිට් කරවීම :angry: ඊට පස්සේ ඒ මහත්තුරු ඒ අගතියට පත් උන පාර්ශවය දිහා බලන විදිහ :angry: ඔය වගේ හදන්න ඕනි දේවල් ගොඩක් තියෙනවා.ඉතින් මම නම් හිතන්නේ ඔක්කොටම කලින් වගකිව යුතු ලොකු ලොකු ලොක්කන්ට සත්තු වගේ නැතුව මිනිස්සු වගේ හිතන්න පුරුදු කරන්න ඕනි :dull: එතකොට උන් තේරුම් ගනී මේවගේ අවස්ථාවකදී නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි කොහොමද කියල:dull:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :growl:
    හෙන ගහනවා බන් ,,,
    මගේ හිතට එන එවුවා කියාගන්න බැරිතරම් පසුතැවීමක් ඇති උනා බන්.
    හෙනගහලා හැදිගෑවීලා පල වේසාවෝ ඔක්කෝම
    නැත්නම් ඕකුන්ගේ දුවෙකුට හරි සොයුරියකට හරි මිනිබිරියකට ඔය දේම සිද්ද වේවා.
    එතකොට තේරෙයි ඕකේ අමාරුව...
     
    කතාකරොත් නම් මේක
    බුදුදහමේ මුදුන්මල්කඩ
    බුදුන්ගේ දේශය
    සිංහල සිංහයන්ගේ දේශය
    ආසියාවේ ආශ්චර්ය
    මහ එකාගේ ලන්තෑරුම
    මෙව්වාට කතාකරන්න එක පකිරෙක් නැහැ
     
    Wadu Suda

    Active member
  • Feb 8, 2012
    316
    45
    28
    යටියන්තොට
    පොලිසි වල ඉන්න පර බල්ලො ඔහොමම තමයි.
    දැන් ඉන්න උන්ගෙ මනුස්සකමක් ගෑවිලාවත් නෑ....
     
    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart

    aniva machan