කිඹුල්_හූනෙක් ලක්ෂ 12 යි
කිඹුල් හූනන් දෙදෙනකු රුපියල් විසිහතර ලක්ෂයකට අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයන් දෙදෙනකු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි වැටලීම් ඒකකය මගින් ඊයේ (18 දා) දොම්පේ උඩුපිටිගම ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
ශ්රී ලංකාවට පමණක් ආවේණික කිඹුල් හූනෙක් රුපියල් ලක්ෂ දොළහක මුදලකට මොවුන් මෙසේ අලෙවි කිරීමට ගොස් ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ප්රකාශකයෙක් පැවසීය.
අත්අඩංගුවට ගනු ලැබූ එක් පුද්ගලයකු අලෙවිය සඳහා කිඹුල් හූනන් සපයන අයකු බවත් අනෙක් සැකකරු කිඹුල් හූනන් එකතු කර අලෙවි කරන්නකු බවත් එම ප්රකාශකයා පැවසීය.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු හදිසි වැටලීම් ඒකකයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.
සැකකරුවන් ඊයේ පූගොඩ මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
වනජීවී අධ්යක්ෂ ජනරාල් එච්. ඩී. රත්නායක මහතාගේ උපදෙස් පරිදි සහකාර අධ්යක්ෂ (නීති ක්රියාත්මක කිරීමේ) ගාමිණී විජිත් අමරකෝන් මහතාගේ මෙහෙයවීමෙන් හදිසි වැටලීම් අංශයේ වනසත්ව අඩවි ආරක්ෂක නිලධාරීන් වන බී. එස්. සුමනරත්න, ඩබ්ලිව්. ඒ. ඒ. පී. විඡේසිංහ, සහකාර අඩවි ආරක්ෂක නිලධාරීන් වන කමල් පීරිස්, කේ. ඩබ්ලිව්. ඩී. ජයලාල් යන මහත්වරුන් මෙම වැටලීම සිදුකර ඇත.
මෙම හූනන් විශේෂය විදේශිකයන්ට අලෙවි කෙරෙන අතර සුරතලයට ඇති කරන විදේශිකයන් මෙවැනි දුර්ලභ ගණයේ හූනන් මිලදී ගන්නා බව දැනගන්නට ඇත.
divaina
කිඹුල් හූනන් දෙදෙනකු ලක්ෂ 24 කට විකිණීමට ගිය දෙදෙනා දැලේ

කිඹුල් හූනෝ කියන්නේ මුන්ටලු.

Last edited:

.

පන්ස්දහකුත් අමාරුම නන් 10000ක් වගේ. ඊට වඩා නන් අඩු කරන්න අමාරුයි. මේ දවස් වල ජීවන වියද ඉහළයි... 