අනුර කුමාර දිසානායක

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    අනුර කුමාර දිසානායක

    ජවිපෙ නායක අනුර දිසානායක සමග මව්බිම සිදුකළ සංවාදය
    නුර දිසානායක සහෝදරයා හැටියටයි ඔබව රට හඳුන්වන්නේ. හොඳයි අපි ඔබේ ගමෙන්ම පටන් ගනිමු?

    මගේ උපන්ගම ගලේවෙල දේවහුව.

    මාතලේ දිස්ත්‍රික්කයේ?

    ඔව්. ඒ වුණත් බොහොම වියළි දේශගුණය තියෙන පළාතක්.

    ඔබේ පියා?

    කම්කරුවෙක්. නම ඩී.එම්. රම්බණ්ඩා.

    මව?

    මගේ මව සාමාන්‍ය ගැමි කාන්තාවක්. නම සීලවතී.

    ඔබේ ගෙවල් තිබුණෙ දේවහුව ජලාශය කිට්ටුවද?

    මගේ උපන් ගම දේවහුව වුණාට අවුරුදු 4ක් විතර වයසෙදි කැකිරාව කිට්ටුව ආඬියාගල කියන ගමේ පදිංචියට ගියා.

    ඔබ පාසල් ගියේ කොහෙද?

    1972දී අපේ පවුලේ අය තඹුත්තේගම මහවැලි එච් කලාපෙ පදිංචි වුණා.

    කවුද පවුලේ හිටියේ?

    අම්මත්, තාත්තත්, අක්කත්, මමත්.

    එතැනින් එහාට පාසල් ජීවිතය?

    මගේ පාසල් ජීවිතය සම්පූර්ණයෙන්ම තඹුත්තේගම ගාමිණී විද්‍යාලයට සීමා වුණා. අපි තමයි ගාමිණී විද්‍යාලෙ අන්තිම 10 පන්තියේ ළමයි.

    ඇයි ඔබ එහෙම කියන්නේ?

    අපි 10 වසරට යද්දී තඹුත්තේගම ගාමිණී විද්‍යාලය ප්‍රාථමික විද්‍යාලයක් කළා. තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයක් ඇති කළා. මම උසස් පෙළ විභාගය කළේ ඒ මධ්‍ය මහා විද්‍යාලයෙන්.

    ඔබ සෙන්ට්‍රල් එකේ පළමු ඒ ලෙවල් ශිෂ්‍ය කණ්ඩායමේ?

    ඔව්. ගාමිණී විද්‍යාලෙ අවසාන ඕ ලේවල් කණ්ඩායමත් මධ්‍ය විද්‍යාලෙ පළමු ඒ ලෙවල් ශිෂ්‍ය කණ්ඩායමත් මා නියෝජනය කළා.

    උසස් පෙළ ඔබේ විෂය ධාරාව?

    විද්‍යා ගණිතය විෂයයන් කළේ. සාමාන්‍යයෙන් ගාමිණී විද්‍යාලයේ විද්‍යා විෂයයන් කරන ළමයි අනුරාධපුර පාසලකට යෑම සිරිතක් වශයෙන් පැවතියා. නමුත් තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය ආරම්භ කිරීමෙන් පස්සේ එලෙස යෑම වැළැක්වුවා. නමුත් මුදල් තිබෙන පවුල් කීපයක ළමයි පාසලෙන් ඉවත්ව ගියා. අපිට එහෙම යන්න තත්ත්වයක් තිබුණේ නැහැ. අපි මධ්‍ය මහා විද්‍යාලෙම උසස් පෙළ විභාගය කළා පළමු ශිෂ්‍ය කණ්ඩායම හැටියට.

    ගණිතය උසස් පෙළට කරන්න මධ්‍ය විද්‍යාලෙ පහසුකම් තිබුණද?

    නැහැ. පහසුකම් තිබුණේ නැහැ. සමහර ගුරුවරු අපට කිව්වා ඔයගොල්ලො මේ ඉස්කෝලේ විද්‍යාව කරන්න හිතන්න එපා, ඔයාලව ගන්නේ පරීක්ෂණවලට ගන්න ගෙම්බො වගේ අත්හදා බැලීමක් කරන්න. ඒකට අහුවෙන්න එපා කියලා.

    ඒත් ඔබ ඇතුළු ළමයි කීපදෙනා විද්‍යා අංශයෙන් උසස් පෙළ කළා?

    ඔව්... සාමාන්‍ය පෙළ ඉතා හොඳ ප්‍රතිඵල ගත් දක්ෂ ළමයි හිටියා.

    සයන්ස් පන්තිවලට ගුරුවරු හිටියේ නැද්ද?

    ගුරුවරු හිටියේ නැහැ. එක ටීචර් කෙනෙක් පමණයි විද්‍යා ගණිත විෂයයන්වලට හිටියේ. ඇය විශාල උනන්දුවකින් අපට ඉගැන්නුවා. මඟ පෙන්නුවා. එතුමියගේ නම කේ. ශාමිනී. පසුගිය කාලෙ හොරණ ශ්‍රී පාලියේ උගන්වමින් හිටියා.

    සාමාන්‍ය පෙළ පන්තිවලදී?

    සාමාන්‍ය පෙළ කරද්දී කහවල කියලා ටීචර් කෙනෙක් හිටියා.

    උසස් පෙළ කරන්න එක ගුරුවරියකට පුළුවන් වුණාද?

    කහවල ටීචර් විවාහ වෙලා සිටියේ තඹුත්තේගම තැපැල් ස්ථානාධිපති සමඟ. තඹුත්තේගම නගරයේ එවකට තිබූ විශාලම ගොඩනැඟිල්ල තැපැල් කාර්යාල ගොඩනැඟිල්ලයි. ටීචර් පදිංචිව සිටියෙත් එහෙමයි. අපිට අමතර පන්ති තිබ්බෙත්, අපි පාඩම් කළෙත් විභාගෙ දවස්වල කෑවේ බිව්වෙත් ටීචර්ලාගෙ ගෙදරින්. ඇත්ත කියනවා නම් ඇය අපට වඩා උනන්දු වුණා.

    අපට ඉඩ පහසුකම් ඇති ගෙයක් තිබුණේ නැහැ. ගෙදර කුප්පි ලාම්පුව පත්තු කළේ. ටීචර්ගෙ සහයෝගය ලොකු හයියක් වුණා.

    උසස් පෙළ එකවර සමත් වුණාද?

    ඔව්... මම කිසිම විභාගයක් දෙවරක් කරලා නැහැ. උසස් පෙළ සමත් වුණා. පන්තියේ වෙන කිසිම ළමයෙක් විභාගෙ පාස් වුණේ නැහැ.

    මේ කාලේ ඔබේ ගෙදර ආදායම් මාර්ග මොනවාද?

    අප්පච්චි මැනුම් කම්කරුවෙක් හැටියට වැඩ කළේ. ඔහුගේ මාසික වැටුප මට මතක විදියට රුපියල් 420ක් විතර ඇති. එය තමයි මුදලක් හැටියට ගෙදරට ලැබුණේ.

    කුඹුරු ගොවිතැන් කළේ නැද්ද?

    අපි එච් කලාපෙ පදිංචි වුණාට අපට මුලින් මහවැලි ඉඩම් ලැබුණේ නැහැ. ඉඩම් ලැබුණෙ 1984දී තරම්.

    ඔබත් කුඹුරු ගොවිතැනට සම්බන්ධ වුණාද?

    ඔව්.. මම දක්ෂ ගොවියෙක්. මම පාසල් යද්දීම අප්පච්චි එක්ක කුඹුරු ගොවිතැන් කළා. ඊට අමතරව අපි හේන් ගොවිතැනත් කළා. ඔය දෙකම මට හොඳට හුරුයි. අධ්‍යාපන කටයුතු කළේ ගොවිතැන් වැඩට මැදිහත් වෙමින්.

    උසස් පෙළ ප්‍රතිඵල එනකොට මොකක්ද ඔබේ තත්ත්වය?

    ඇත්තටම ප්‍රතිඵල නිකුත් වෙද්දි මම ගෙදර හිටියේ නැහැ. මම එතකොට ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෙලා පූර්ණකාලීනයකු ලෙස විප්ලවවාදී ව්‍යාපාරයේ වැඩ කරන්න ගෙදරින් පිටවෙලා ගිහින්.

    ඔබ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වුණේ කොයි අවුරුද්දෙද?

    1987දී මම පක්ෂයට සම්බන්ධ වුණා.

    ඒ කියන්නේ සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙන ගනිද්දිද?

    ඔව්...

    ඔබේ ගෙදර තිබුණු දේශපාලන පසුබිම මොකක්ද?

    එහෙම විශේෂ දේශපාලනයක් ගෙදර තිබුණේ නැහැ.

    ඔබ මුලින්ම ශිෂ්‍ය ව්‍යාපාරයට සම්බන්ධ වුණා?

    කොහොමත් පාසල් රැඩිකල් ශිෂ්‍ය කණ්ඩායමේ නායකයෙක් හැටියට මට පසුබිමක් තිබුණා. අපි පාසල් ජීවිතය ඇතුළේ සිදුවූ යම් යම් අසාධාරණයන්ට එරෙහිව නැඟී සිටියා. අපිට ප්‍රමාණවත් ගුරුවරු නැති අවස්ථාවේ අපි අනුරාධපුර අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළා. කොහොමත් සටන්කාමී නායකත්වයක් අපේ ඔළු තුළ ගොඩනැඟී තිබුණා.

    ඒක කොහොමද ජනතා විමුක්ති පෙරමුණ සමඟ සම්බන්ධ වෙන්නේ?

    එප්පාවල, රාජාංගණය, ගල්නෑව වගේ අවට පළාත්වල මේ වෙනකොටත් ජනතා විමුක්ති පෙරමුණේ ශක්තිමත් සංවිධාන ජාලයක් ගොඩනැඟී තිබුණා. එහි ආස්වාදය තුළ අපි ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය අංශය සමඟ එකතු වුණා.

    ඔබ පළමුවෙන්ම රෝහණ විජේවීර දුටුවේ කවදාද?


    1982 අවුරුද්දේ තඹුත්තේගම නගරයේ රෝහණ විජේවීර සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමක් තිබුණා. ඒ රැස්වීමේ මුලසුන දැරුවෙත් අපේ ඉස්කෝලේ ගුරුවරයෙක්. ඒ රැස්වීම බලන්න අපේ මාමා කෙනෙක් ආව දේවහුව ඉඳන්. මම මාමාත් එක්ක රැස්වීම බලන්න ගියා. එතකොට මම හත වසරේ විතර හිටියෙ. විජේවීර සහෝදරයා පිළිබඳ මගේ මුල්ම මතකය එයයි.

    ගෙදරින් දැන සිටියාද ඔබ පූර්ණකාලීන දේශපාලන කටයුතුවල නිරත වන බව?

    ඔව්... අපේ නිවෙසේම මගේ ඥාති සහෝදරයෙක් සිටියා. ඔහු පක්ෂයේ වැඩ කළා. අපි දෙදෙනාම ෆුල් ටයිම් වැඩ කළා. මම ශිෂ්‍ය අංශයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩ කරමින් සිටියේ.

    1989 වෙද්දි දැවැන්ත භීෂණයකට ජනතා විමුක්ති පෙරමුණ ගොදුරු වුණා. ඔබ මුහුණ දුන් අත්දැකීම් කුමක්ද?

    අපේ පවුලේ අය පදිංචිව සිටි නිවෙස ගිනි තැබුවා. අම්මත් අප්පච්චිත් තඹුත්තේගම අතහැර ගියා. ඒ වනවිට අක්කා විවාහ වී නිවෙසින් පිටව ගිහින් තිබුණේ.

    අම්මත් අප්පච්චිත් කොහොමද ඒ කාලේ ජීවත් වුණේ?

    මුල් කාලෙ පක්ෂයට සම්බන්ධකම් තිබූ උදවිය කැලෑ වැදුණා. පසුව අම්මලා අපේ මුල් ගම වූ ආඬියාගලට ගිහින් ඥාතියකුගේ නිවෙසේ ජීවත් වුණා.

    ඔබත් සමඟ නිවෙසේ සිටි ඥාති සහෝදරයාට මොනවද සිදුවුණේ?

    ඔහු අපේ පුංචි අම්මාගේ පුතා. අපේ ගෙදරමයි හැදුණේ. ඔහු අතුරුදන් වුණා. ඔහු ජීවතුන් අතර නැති බව අම්මලාට කියන්න හැකියාවක් මට තිබුණේ නැහැ. පුංචි අම්මලා අවුරුදු ගාණක්ම ඒ නැතිවුණු සහෝදරයාව සොයන්න වෙහෙසුණා. විවිධ පිළිවෙත් ඔස්සේ ගියා. දේවාල කෝවිල් ගාණේ බාර හාර වුණා. දැන් නම් අයියා නැති බව ඔවුන් දන්නවා.

    ඔබ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ කවදාද?

    මගේ විශ්වවිද්‍යාල ප්‍රවේශයේ ලියකියවිලි පවා ලැබී තිබුණේ තඹුත්තේගම තැපැල් කන්තෝරුවේ ශාමිනී ටීචර්ලාගේ ගෙදරට. මට ඒ වකවානුවේ තඹුත්තේගම නගරයට එන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ නැහැ. ටීචර් තමයි මට ඒ කටයුතු කරගන්න උදවු කළේ. 1991 අවුරුද්දෙ මම පේරාදෙණියෙ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. මාස කීපයයි හිටියේ.

    එතැනින් එහාට අධ්‍යාපන කටයුතු කරගන්න පුළුවන් වාතාවරණයක් තිබුණද?

    පේරාදෙණියෙ ඉන්න අසීරු තත්ත්වයක් ඇතිවුණා. ඉන්ජිනේරු පීඨයේ අවුරුද්දක කාලයක් හිටියා. ප්‍රශ්න මතුවුණා. 1991 අග හරියෙ කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. කැලණියට ඇතුළත් වුණාට පස්සේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න අවකාශය ඇති වුණා.

    විශ්වවිද්‍යාල ජීවිතය තුළදී දේශපාලන වැඩවලට තිබූ සම්බන්ධතාව කුමක්ද?

    කෙටි කාලයක් සම්බන්ධතාවන් ගිලිහී ගොස් තිබුණා. එයට හේතුව වුණේ පක්ෂයේ නායකත්ව කේඩරය සම්පූර්ණයෙන්ම විනාශ වීමත් ප්‍රාදේශීය මට්ටමේ නායකයන් වැඩි පිරිස මරණයට පත්වීමත් තවත් අය සිරගත වීමත් තුළ බිඳී විසිරී යෑමයි. 1992 අග හරියේ මට නැවැත ටෙරන්ස් කියන සහෝදරයා හමුවුණා. අපි නැවැත පක්ෂය ගොඩනැඟීම පිළිබඳව අපේ මට්ටමින් සාකච්ඡා ආරම්භ කළා. නමුත් අපි සුළු පිරිසක් අතර ගුළියක් හැටියටයි ඒ කටයුතු සිදු වුණේ.

    මේ වෙනකොට ඔබේ මවුපියන් පදිංචිව සිටියේ කොහේද?

    අප්පච්චිල නැවත තඹුත්තේගමට ඇවිදින් අපේ ගිනි තබා විනාශ කර දමාපු නිවෙස තිබූ ඉඩමෙම කුඩා කාමරයක් හදාගෙන එහි පදිංචිව සිටියා. තඹුත්තේගම රජයේ සමහර අංශ මා ගැන සෝදිසියෙන් සිටීමත් මර්දනයේ හස්තය තවදුරටත් ක්‍රියාත්මකව පැවතීමත් නිසා මට එහි යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මම පැමිණ යනවාට අප්පච්චිලා බිය වුණා. කොහොම වුණත් 1993දී මගේ අප්පච්චි නැති වුණා.

    ඔබ අවමංගල්‍ය උළෙලට සහභාගි වුණාද?

    මේ වෙනකොට සාමාන්‍ය නෑදෑ පිරිස් පවා සිතා සිටියේ මා ජීවතුන් අතර නැති බවයි. ඒ නිසා මම කොහොමත් තඹුත්තේගම ගියේ නැහැ.

    ඔබ සරසවියෙන් පිටවුණේ?
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    1995දී මම කැලණිය සරසවියෙන් විද්‍යාවේදී උපාධිය ලබා පිටව ගියා. මේ වෙද්දී පක්‍ෂයේ දේශපාලන කටයුතු ක්‍රමයෙන් පුළුල්වෙමින් පැවතියා. මගේ සම්බන්ධතාව තිබුණේ ශිෂ්‍ය අංශය සමඟ. අපට විශාල දේශපාලන කාර්යභාරයක් පැවරී තිබුණේ නැහැ. අපි සමාජවාදී ශිෂ්‍ය සංගමය නැවත ගොඩනැඟීමේ කටයුතුවල නිරතව සිටියා.

    උපාධිය ලබා සිටි ඔබ ඇයි රැකියාවක් සොයාගන්න තීරණය නොකළේ?

    අති විශාල සංහාරයක් තුළින් අපේ සහෝදරවරු දහස් ගණනක් මරා දමා තිබුණා. අපේ ජීවිත කාලය තුළ අපට හමුවූ උදාර මිනිසුන් අප හැරගොස් තිබුණා. නමුත් ඔවුන්ගේ හදවත් තුළ තිබූ ප්‍රාර්ථනාවල උණුසුම අපේ සිත්වලින් පහව ගොස් තිබුණේ නැහැ. ඒ ප්‍රාර්ථනා සාක්‍ෂාත් කළ හැකි අලුත් ලෝකය ගොඩනැඟීම සඳහා අපි කැපවිය යුතුය කියන අධිෂ්ඨානය හිතේ තිබූ නිසා මම තීරණය කළා වෘත්තීය විප්ලවවාදියකු ලෙසම ජීවිතය ඉදිරියට ගෙන යා යුතුය කියා.

    එවැනි තත්ත්වයක් යටතේ යළි ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැඟෙද්දී ඔබ කොතැනද ස්ථානගත වුණේ?

    පක්‍ෂය ගොඩනැඟීමේ මූලික සංවිධාන ව්‍යුහයන්ට අපි ක්‍රමානකූලව එකතු වුණා. මම සමාජවාදී ශිෂ්‍ය අංශයේ දිගටම වැඩ කරගෙන ගියා. එදා ඉදිරියෙන් වැඩ කළ සහෝදරවරු පක්‍ෂය නැවත ගොඩනැඟීමේ අභිලාෂය අප තුළ ශක්තිමත් කළා.

    1994දී ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කරද්දී ඔබ ඒ තීන්දු ගැනීමට සම්බන්ධ වුණේ කොයි ආකාරයටද?

    එදා තීන්දු ගන්නා මට්ටමේ මගේ සම්බන්ධතාවක් තිබුණේ නැහැ. නමුත් පක්‍ෂය මැතිවරණයට ඉදිරිපත් වෙනවාය කියන තීරණය දැනගත්විට අපි මහත් ප්‍රබෝධයෙන්, ජවයෙන් හා අධිෂ්ඨානයෙන් ඊට කැප වුණා.

    ජනතා විමුක්ති පෙරමුණේ තාවකාලික වැඩ කිරීමේ මධ්‍යස්ථානයකට ඔබ අනුගත වෙන්නේ කවදා සිටද?

    1995න් පසුව ඒ කියන්නේ මැතිවරණයෙන් පස්සේ.

    අනුර ජනතා විමුක්ති පෙරමුණේ පළමු මහජන වේදිකාවට නැග්ගේ කවදාද?

    1994 අවුරුද්දේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අඟුරුවැල්ලේ පැවැති ප්‍රසිද්ධ රැස්වීමකයි මම පළමුවරට මහජනතාව අමතා දේශපාලන කතාවක් කළේ මහ මැතිවරණයේදී අපි මල් බඳුනෙන් ඡන්දයට ඉදිරිපත්ව සිටියේ.

    ඔබ ප්‍රචාරක අංශයේ වැඩ කරන්න කැමැත්තෙන් හිටියද?

    ඒක මෙහෙමයි. අපි පක්‍ෂය අපට පවරන ඕනෑම වැඩකටයුත්තක් කරන අධිෂ්ඨානයේ සිටියේ. එදා පක්‍ෂයේ වගකීම් දරපු සහෝදරවරු මට දැන්වුවා රැස්වීමෙ කතා කරන්න. මම කතා කළා.

    බිහිසුණු මර්දනීය කාල පරිච්ඡේදයකින් පස්සෙ නැවත ජනතාව අතරට යෑමේදී ඒ දුෂ්කරතාව ඔබට දැණුනෙ කොහොමද?

    නැවතත් වැඩ කරන්නට පටන් ගැනීමේදී අපට විශාල ආස්වාදයක් ඇතිවුණා. එක පැත්තකින් අපි ජීවතුන් අතර නැතැයි සිතා සිටි සහෝදරවරු මේ වැඩ කිරීම තුළ නැවත හමුවුණා. සතුරා විසින් මුලිනුපුටා දැමූ ව්‍යාපාරය නැවත ජීවමානව දකින්න ලැබීමම ඒ තුළ වැඩ කරන අපට මහත් ආස්වාදයක් ගෙන දුන්නා. ජනතාව අපට දක්වන ප්‍රතිචාර කෙබඳුද යන්න වැදගත් වුණේ නැහැ. සියල්ල යහපත් තැනට පත්කර ගන්නවාය කියන නොපසුබසිනා අධිෂ්ඨානයෙන් අපි වැඩ කරගෙන ගියා.

    ඔබ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක වෙන්නේ කවදා සිටද?

    පක්‍ෂ සම්මේලනයෙන් පස්සෙ මට ඒ වගකීම පැවරුණා.

    ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ඔබ මැතිවරණයකට ප්‍රථමයෙන් ඉදිරිපත් වුණේ කවදාද?

    1998 අවුරුද්දේ පළාත් සභා මැතිවරණයේදී මම මධ්‍යම පළාත් සභාව නියෝජනය කරමින් තරග කළා. නමුත් පළාත් සභාවට තේරී පත්වුණේ නැහැ.

    මහ මැතිවරණයකට තරග කළේ කවදාද?


    2000දී මම පාර්ලිමේන්තුවට ඇතුළු වුණා ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයකු හැටියට. 2004දී තමයි පළමු වරට පාර්ලිමේන්තු මැතිවරණයකට තරග කළේ.

    වියළි කලාපයේ අතිශය සාමාන්‍ය ගොවියකුගේ පුතකු වූ ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස සභාවේ අසුන් ගන්නව. මොකක්ද එදා ඇතිවූ හැඟීම?

    ඇත්තටම මට කිසිම බරපතළ ලොකු හැඟීම් කිසිවක් තිබුණේ නැහැ. පක්‍ෂය වෙනුවෙන් මට පැවරුණු තවත් වගකීමක් මම ඉෂ්ට කරනවා කියන හැඟීම විතරයි දැනුණේ. මම මේක මට හැකි උපරිමයෙන් කරනවා කියන අධිෂ්ඨානය හිතේ තිබුණා.

    පන්ති අරගලය තුළින් සමාජවාදී සමාජයක් උදෙසා තිබූ ඉලක්කය?

    පක්‍ෂයට බලය අත්පත් කරගත යුතුය. ඒ සඳහා පක්‍ෂය ශක්තිවන්තව ගොඩනැඟිය යුතුය කියන ඉලක්කය අපේ හිත්වල තිබුණා. මට තිබූ එකම ප්‍රශ්නය මම පාර්ලිමේන්තුව තුළ මේ වගකීම ඉටුකර ගන්නේ කොහොමද කියන එක විතරයි.

    ඔබ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයද?

    නැහැ. 2008න් පස්සෙ තමා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා වුණේ.

    2001දී ජනතා විමුක්ති පෙරමුණ චන්ද්‍රිකා සමඟ පරිවාස ආණ්ඩුවකට යනවා. ඒ ඇයි?

    ප්‍රධාන හේතුව තමයි ඒ වෙනකොට එල්.ටී.ටී.ඊ. සංවිධානය කටුනායක ගුවන්තොටට ප්‍රහාර එල්ල කර රට අරාජික තත්ත්වයකට ඇද දමමින් තිබුණා. ඒ වගේම පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙනෙන සූදානමක් තිබුණා එක්සත් ජාතික පක්‍ෂය විසින්. එස්. බී. දිසානායක ඇතුළු කණ්ඩායම ශ්‍රී ල.නි.ප.ය අතහැර එ.ජා.ප.යට එකතු වුණා. ඔවුන් ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගේන්න තීන්දු කළා.

    ජනතා විමුක්ති පෙරමුණ කුමක්ද තීරණය කළේ?

    අපට පක්‍ෂය හැටියට ඊට විරුද්ධවන්න තිබුණා. එක්කෝ පක්‍ෂ වන්න තිබුණා. නැතිනම් වෙන දෙයක් වෙන්න ඉඩහරින්න තිබුණා. මෙන්න මේ අවස්ථා තුනම ඒ මොහොතේ රටට කිසිවක් ගෙනෙන, ලබාදෙන දේවල් නෙවෙයි. ඒ වගේම අනෙක් පැත්තෙන් මේ විශ්වාසභංගය තුළින් අධිරාජ්‍යවාදී වැඩපිළිවෙළක් එක්සත් ජාතික පක්‍ෂය හරහා දියත් වෙමින් තිබුණා. මෙන්න මෙතැනදී ජනතා විමුක්ති පෙරමුණට කල්පනා කරන්න සිදුවුණා අපි කොහොමද අප ළඟ තිබෙන මන්ත්‍රි ධුර 10 යොදාගෙන යමක් රටට කරන්නෙ කියන කාරණය.

    පරිවාස ආණ්ඩුව පිහිටුවූවා?

    ඔව්. ඒක ලංකා ඉතිහාසෙ ඉතාම තීරණාත්මක සංසිද්ධියක්. අපි චන්ද්‍රිකා, මංගල ඇතුළු නායකයන් සමඟ සාකච්ඡා ගණනාවක් කළා. එහිදී යෝජනා තුනක් ආණ්ඩුවට ඉදිරිපත් කළා. පළමුවැන්න විශේෂයෙන් උතුරුමැද සහ තවත් පළාත් ගණනාවක ගොවීන් ගොවි ණය ගෙවා ගැනීමට නොහැකිව දිවි නසා ගන්නා ප්‍රශ්නයක් මතුවී තිබුණා. අපි ආණ්ඩුවට යෝජනඑහිදී යෝජනා තුනක් ආණ්ඩුවට ඉදිරිපත් කළා. පළමුවැන්න විශේෂයෙන් උතුරුමැද සහ තවත් පළාත් ගණනාවක ගොවීන් ගොවි ණය ගෙවා ගැනීමට නොහැකිව දිවි නසා ගන්න ප්‍රශ්නයක් මතුවී තිබුණා. අපි ආණ්ඩුවට යෝජනා කළා මේ ගොවි ණය කපා හැරිය යුතුයි. ඒකට ආණ්ඩුව එකඟ කරවා ගන්න හරිම අමාරු වුණා. අවම වශයෙන් රු:25,000කට අඩු ණය අහෝසි කර දමන තැනට ගෙනාවා.

    දෙවැන්න මොකක්ද?

    අපි යෝජනා කළ පරිවාස ආණ්ඩුවකට යනවා නම් අනිවාර්යයෙන්ම අමාත්‍ය මණ්ඩලය 20කට සීමා විය යුතුයි කියලා.

    එකඟ වුණාද?

    ඔව්. අසීරුවෙන් ජයගත්තා. අපි පරිවාස ආණඩුව සඳහා ඇමැති ධූර ගණන 20ට බැස්සුවා.

    ආණ්ඩුව පිහිටුවල එක දවසකින් ඕක 21ක් වුණා නේද?

    ඔව්, විජේපාල මෙන්ඩිස්ට කාර්යභාරයක් නැති ඇමැතිකමක් දීල ඇමැති ධූර ගණන 21ක් කළා. නමුත් පස්සෙ මංගල සමරවීර කැබිනට් ඇමැති ධූරය අතහැරල ඇමැති ධූර ගණන 20ක් බවට පත් කළා. පොරොන්දුව ඉෂ්ට කළා.

    පරිවාස ආණ්ඩුවේ තුන්වැනි යෝජනාව කුමක් ද?

    පරිවාස ආණ්ඩුවේ තුන්වැනි සහ වැදගත්ම යෝජනාව වූයේ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම. ඒ තුළින් විධායක බලය යම් සීමාවන් ඇති කිරීම. මෙහිදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට සිදුවුණා තමන්ගේ බලය සීමා කිරිම සඳහා වූ යෝජනාවලට අත්සන් කරන්න.

    විධායක බලයෙන් අංශු මාත්‍රයක් හෝ අත්හැරීමට ඒ අවස්ථාවේ ජනපතිනිය එකඟවුණා ද?

    ඒක මෙහෙමයි අවසන් අවස්ථාව දක්වා එක වගන්තියක් වෙනුවෙන් කතා කරමින් තමයි එකඟතා ගොඩනඟන්න සිදුවුණේ. ඒ තත්ත්වය නිසාම 17වැනි ව්‍යවස්ථාව සම්මත කර ගැනීම සඳහා අවසන් දිනයක් නියම කරන්න අපට සිදුවුණා. මට දිනය මතක නැහැ. අවසන් දිනයේ රාත්‍රි 10දක්වා පාර්ලිමේන්තුව රැස්වුණා අප තීන්දු කළ දිනය තුළම 17 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට.

    එකඟතාව අනුව දිනය වෙනස් කළේ නැහැ?

    ඔව්. දිනය පනින්න බැහැ. ශ්‍රී ල.නි.ප. බලය රැකගන්න අසීරු තැනක ජනපතිනිය හිටියේ. ඇය වරක් කියා තිබුණා මට ස්ථිරවම තියෙන්නේ මන්ත්‍රී ධූර 10යි කියා.

    2004දී ශ්‍රී ල.නි.ප.ය සමඟ එක්ව ජනතා විමුක්ති පෙරමුණ මහ මැතිවරණය තරඟ වැදුණා?

    ඔව් අපට පාර්ලිමේන්තුවේ ආසන 39ක් හිමි වුණා.

    එය ඔබේ පක්ෂය ලැබූ බහුතර ආසන සංඛ්‍යාව එය ලැබුණේ හවුල නිසා?

    එය සන්ධානය නිසා ලැබුණු බව ඇත්ත. නමුත් මනාප පළ කිරීමේදී ශ්‍රී ල.නි. පාක්ෂිකයෝ පවා ඡන්දය පාවිච්චි කළේ අපේ අපේක්ෂකයන්ට. සෑම තැනම වැඩිම මනාප ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු.

    සන්ධානයේ එකඟතාව උඩ අමාත්‍යාංශ බෙදන්න ගියාම හැල හැප්පීම් ඇති වුණා?

    අපි අමාත්‍යාංශ තුනක් සහ එම අමාත්‍යාංශවල නියෝජ්‍ය ඇමැති ධූර ඉල්ලා සිටියා. අප ඉල්ලුවේ නිෂ්පාදනය ඉලක්ක කරගත් ක්ෂේත්‍ර. කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත්, කුඩා කර්මාන්ත, ජාතික උරුමයන්.

    වාරිමාර්ග අමාත්‍යාංශයෙන් මහවැලිය ගැලෙව්වා?

    ආරම්භයේදීම ප්‍රශ්නයක් ආවා. වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ තිබූ මහවැලිය ගලවලා මෛත්‍රීපාල සිරිසේන මහතාට දුන්නා. අපි තදින්ම ඊට විරුද්ධ වුණා.

    සුනාමිය ජනතා විමුක්ති පෙරමුණටත් සුනාමියක් වුණාද?

    සුනාමියෙන් සිංහල, දෙමළ, මුස්ලිම් හැම දෙනාම බැට කෑවා. අපි ආණ්ඩුවට වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළා. ජාතික ආපදාවක් ලෙස සළකා අපේ රටේ ජාතික සමගිය ගොඩනගන්න ඉතාම හොඳ අවස්ථාවක් ලෙස මෙය යොදා ගනිමු කියා. ශ්‍රී ල.නි.ප.යට ඒ මොහොතේ කිසිම වැඩ පිළිවෙළක් තිබුණේ නැහැ. රට ගොඩනගන්න.

    කොටි සංවිධානය සුනාමි සහන මණ්ඩලය ගෙනාවා?

    ඔවුන්ගේ අරමුණ වෙලා තිබුණේ එම කළාපය තුළ ඔවුන්ගේ නෛතික බලය තහවුරු කිරීම. 4:3 අනුපාතය ඔවුන් ඉදිරිපත් කර තිබුණා. විදෙස් මුදල් ලබා ගැනීමේ අයිතිය ඉල්ලා තිබුණා. රට යළි දෙකඩවීමේ අනතුර දෙසට තල්ලු වෙමින් පැවැතියා.

    ජනතා විමුක්ති පෙරමුණ ජාතිවාදී අයුරින් මේ ප්‍රශ්නය දෙස බැලීම නිසා මෙහිදී වැරදි තීරණයක් ගත් බවට සමහරු චෝදනා කරනවා?

    කොහෙත්ම නැහැ. අප එදා ගත් තීරණය හරි. 2004 ආණ්ඩුව හැදුවා. 2004 ජූනි ආණ්ඩුවෙන් එළියට ආවා. සිදුවීම් දෙකක්. හැබැයි දෙකේම අරමුණු එකයි.

    හොඳයි ඇයි සන්ධානයට එකතු වුණේ?
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    2004 රනිල් වික්‍රමසිංහ මහතා සටන් විරාම ගිවිසුම ගහලා රට දෙකඩ කිරීම සඳහා පිඹුරුපත් සකස් කළා. අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව වැට්ට විය යුතුයි කියන තීරණය සමග අපි ගැට ගැහී සිටියා. ඒ නිසා අපි ආණ්ඩුවට එකතු වුණා.

    එහෙනම් මොකද ආණ්ඩුවෙන් ගියේ?

    ඒ දෙකම සිදු වුණේ එකම අරමුණක දිගුවක් හැටියට. ආවෙත්, ගියෙත් රට ආරක්ෂා කිරීමේ මග හැරිය නොහැකි ජාතික වුවමනාව වෙනුවෙන්.

    රෝහණ විජේවීර කිව්වෙ නිර්ධන පන්තියේ දේශපාලන ව්‍යාපාරය ධනපති පන්තියේ කිහිලිකරු‍වක් කරන්නේ නැහැ කියලායි?

    අපි දේශපාලන මණ්ඩලය ඒ අවස්ථාවේ එළැඹ තිබූ තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් කතාකර ඒ මොහොතේ රටටත් පක්ෂයටත් වඩා හිතකර තීරණයකට එළැඹුණා. අප ඒ තීරණය නොඑළැඹෙන්න රට වෙනත් දිශානතියක් කරා තල්ලු වී යෑමේ අනතුර තිබුණා.

    මේ තීන්දුව වැරැදි තීන්දුවක් ලෙස අද දකින්නේ නැද්ද?

    එක්සත් ජාතික පක්ෂය සටන් විරාම ගිවිසුම හරහා අරමුණු කළ ඉලක්කය අනිවාර්යෙයෙන්ම පරාජය කළ යුතුව තිබුණා. ඒ සඳහා අප ගත යුතුව තිබූ එකම ක්‍රියාමාර්ගය ආණ්ඩුව සමඟ සන්ධාන ගතවීමද කියන කාරණය දේශපාලන මණ්ඩලය විසින් පසුව ආපසු හැරී බැලුවා. ඒ සඳහා තවත් පියවරයන් තිබුණා. ඒ දුෂ්කර පියවරයන් පිළිබඳ ගැඹුරු සැලකිල්ල යොමු නොකොට වඩා පහසු තීන්දුවට එළැඹීම වරදක් හැටියට අපි දැක්කා.

    අපේ රට පාලනය කරන ප්‍රධාන ස්ථානය වූ කැබිනට් මණ්ඩලයේ ඔබ අසුන් ගත්තා. මට කියන්න මොකක්ද ප්‍රථමයෙන්ම ඔබට ඇතිවූ හැඟීම?

    මේ රට මෙහෙයවන තීන්දු තීරණ ගන්නේ මේ ආකාරයටද කියන විමතිය හා තිගැස්මක් ඇති වුණා. මොන තරම් නිහීන ආකාරයට ඔවුන් නායකත්වයට වන්දිභට්ටකම් කරනවද කියන කාරණය ගැන මහා කනස්සල්ලක් ඇති වුණා.

    ජනාධිපතිනිය අනෙකුත් අවස්ථාවල වගේම කැබිනට් මණ්ඩලයටත් ප්‍රමාද වී පැමිණියා ද?

    ඔව් ඇය කැබිනට් මණ්ඩලයට පැමිණෙන්නේ නියමිත වේලාවට වඩා බොහෝ ප්‍රමාද වී, ඒක ඇගේ පුරුද්දක්. ඒ දිනවල එතුමිය ඇති කරන බැල්ලියක් අරලියගහ මන්දිරයේ සිටියා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කැබිනට් එකට එන්නට මිනිත්තු තුන හතරකට පෙර ඒ බැල්ල කැබිනට් එකට එනවා. එවිට කැබිනට් ඇමැතිවරු දන්නවා තව සුළු වෙලාවකින් ජනාධිපතිනිය පැමිණෙන බව. ඒ බැල්ලට මේ ඇමැතිවරු දක්වන ගෞරව සැලකිල්ල ඔළුව අතගාන විදිය, කඳ අතගාන විදිය, සුරතල් කරන්න වෑයම් කරන විදිය දැක්කම හිතුණා මොවුන් මොනතරම් නිවට නියාලු මිනිසුන් ද කියා. ඔවුන් මොනතරම් වන්දිභට්ටයන් පිරිසක්ද කියන කාරණය අපට මහා අප්‍රසන්න හැඟීමක් ඇති කළා.

    ඔබ කියන්නේ කැබිනට් මණ්ඩලය තුළ රට වෙනුවෙන් ගන්නා තීන්දු ගැන වාද විවාද ඇති නොවන බවද?

    කිසි ‍දිනෙක කැබිනට් මණ්ඩලයේ ජනාධිපති ගෙනෙන කැබිනට් පත්‍රිකාවක් ප්‍රතික්ෂේප වී තිබුණේ නැහැ. නමුත් අප සිටියදී ගෙනා පත්‍රිකා දෙකකට අපි විරුද්ධ වුණා. විදුලි බලය පෞද්ගලීකරණය කිරීමේ යෝජනාව ඉන් එකක්. අපි එයට විරුද්ධ වුණා. එය සංශෝධනය කරමින් ගෙනාවා. අපි දිගටම විරුද්ධ වුණා.

    ඇයි එතුමිය ප්‍රමාද වෙන්නේ?

    ඒක චන්ද්‍රිකාගේ ආවේණික ලක්ෂණයක් හැටියට මා දකින්නෙ.

    රටේ මිනිස්සු අතර මතයක් තිබුණා ඇය කැබිනට් මණ්ඩලයට පැමිණෙන්නේ කුස්සි කැබිනට්ටුවේ තීන්දු තීරණ ගැනීමෙන් පසුව බව?

    මම දන්න තරමින් චන්ද්‍රිකාට කුස්සි කැබිනට් එකක් තියෙන්න ඇති. නමුත් ඒකෙ ඇත්ත ඇමැතිවරු කවුරුවත් සිටියෙ නැහැ.

    එනෙම් කවුද චන්ද්‍රිකාගේ කුස්සි කැබිනට් එකේ සිටියේ?

    මනෝ තිත්තවැල්ල, බාලපටබැඳි, තාරා ද මැල් ඔය වගේ ගජ මිතුරන් පිරිසක්.

    එතකොට මොනවද කැබිනට් එකේ වුණේ?

    ඕපදූපවලට විශාල ලෙස කාලය වැය වුණා. කැබිනට් පත්‍රිකා ගැන කිසිම අධ්‍යයනයක් තිබුණේ නැහැ. ඔහේ උස්සන්නන් වාලේ ඇමැතිවරු අත උස්සනවා.

    ඔය තත්ත්වය මේ රටේ ජනතාව දන්නේ නැහැනේ?

    ඒක තමයි තිබෙන නරකම තත්ත්වය.

    ලංකාව පාලනය වන‍්නේ කැබිනට් මණ්ඩලය තුළින් නොවේ කියාද ඔබ කියන්නේ?

    අපේ රට පාලනය කරන්නේ කැබිනට් මණ්ඩලය තුළින් නොවේ. මේ විධායක ජනාධිපති ක්‍රමය තුළ ඉතාම කුඩා පිරිසක් අතට බලය සංකේන්ද්‍රණය වෙලා. අදත් එහෙමයි. ඒ කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය තුළ ජනතා බලය හීන කරලා කල්ලියක් අතට බලය පත්කරනවා.

    අනාගත විධායක ජනාධිපතිවරයෙකු යටතේ මේ තත්ත්වය වෙනස් වෙයිද වෙනස් කළ හැකිද?

    කොහෙත්ම වෙනස් වෙන්නෙත් නැහැ. වෙනස් කරන්නත් බැහැ. ඒ සඳහා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතුයි.
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අවලාද ..මඩ ...අපහාස ...තාවකාලිකයි ...!
    ජනතා විමුක්ති පෙරමුණට අවලාද හා මඩ ගසන බොහෝ අය මෙරට නිර්ධනයින් වීම සුවිශේෂී කරුණකි. එක්කෝ කම්හලක සුළු සේවකයෙකු හෝ කාර්යාලයක සුළු රැකියාවක් කරන අය මේ අතර ඉහලින්ම සිටී. එවැනි දේ සිදු වන විට අප උපේක්ෂාවෙන් බලා සිටිය යුතුය. මන්ද මෙරට ජන සමාජය මේතාක් නිවැරදිව තම පන්තිය පිළිබඳව නිසි අවභෝදයක් නැතිකම නිසා මෙවැන්නක් තව දුරටත් සිදු විය හැකි නිසාය. ජනතා විමුක්ති පෙරමුණ පිලිබඳ සමාජයේ වඩා හොඳ කොටස නිවැරදි තක්සේරුවක් කර ඇති මෙවන් යුගයක, අද දවසේ අපගේ කාර්ය විය යුත්තේ බහු ජනතාව දිනා ගැනීම උදෙසා පළල් ජන සංවාදයකට මුල පිරීමය.
    ජනතා විමුක්ති පෙරමුණ පිලිබඳ 1965 සිටම මේ දක්වාම ප්‍රතිගාමී මාධ්‍ය මෙන්ම වාම විරෝධී වමේ සළු පිලි ඇඳ ගත් පිරිස අතින් ලියවී ඇත්තේ මඩ පච හා අවලාද පමණි. මෙරට ධනපති දේශපාලන පක්ෂ සිය දේශපාලනය ආරම්භයේදී පටන් කල එකම කට යුත්ත වුයේ ජනතාව රැවටීමය. ඒ වෙනුවෙන් බොහෝ පුද්ගල චරිත වරප්‍රසාද හා දොළ පිදේනි දීමෙන් මානාන ලදී. මෙයට දිය හැකි කදිම උදාහරණය නම් දයාන් ජයතිලකය. ඔහු ධනපති පක්ෂ දෙකම විසින් ප්‍රතිවිප්ලවීය සටනේ පෙරගමන් කරු ලෙස භාවිතයට ගැනුනි. තමන්ට ඇති එකම විවෘත අභියෝගය වන ජනතා විමුක්ති පෙරමුණ සමාජයෙන් වියුක්ත කිරීම වෙනුවෙන් දශක ගණනාවක් ඔස්සේ වපුරා ඇති බේගල් මේ වන විට අප සමාජය වසා පැතිරී ඇත. පක්ෂය වෙනුවෙන් නිවැරදි මතවාදයක් ගෙන ඒමට ඇති සියලු දොර කවුළුද වසා ඇත්තේ සත්‍ය එලිවීම තුල තම පරාජය ස්ථීර වන නිසා බව අප දන්නෙමු.
    ඉතිහාසය තුල ජනතා විමුක්ති පෙරමුණේ කාර්ය භාරය පිළිබඳව අනාගතය ස්ථීර ලෙසම නිවැරදි තීන්දුවක් ගනු ඇතැයි අපි දනිමු.
    තම පෞත්ගලික අරමුණු අපේක්ෂා වෙනුවට මුළු මහත් සමාජය කෙරෙහි වූ ලෙන්ගතු බැඳීමකින් රටත් ජනතාවත් නිදහස් කර ගැනීමට ක්‍රියාත්මක වූ මිනිසුන් අප දුටුවේ ජවිපෙ තුලය. ඒ වෙනුවෙන් මිනිසුන් නිර්මාණය කලේද ජවිපෙ ය. තම මරණය අනාගත ශ්‍රී ලංකාවේ නිදහස වෙනුවෙන් යයි සිතන මිනිසුන් බිහි වුයේ ජවිපෙ තුලය. තම දරුවා ගේ මෙන්ම තවත් සුවහසක් දරුවන්ගේ අනාගත සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කල යුතුයැයි සිතන මව්වරුන් පියවරුන් ගොඩ නැගුනේ ජවිපෙ දේශපාලනය තුලය. පෞද්ගලික පටු සීමාවන්ට කොටු කරන ලද දිරායන ධනේශ්වර ක්‍රමය විසින් නරා වලට තල්ලු කර දමා සිටි මිනිසුන් වෙනුවට පොදු වුවමනාවන් වෙනුවෙන් පෙරට එන , ඒ වෙනුවෙන් ධෛර්ය සම්පන්නව කටයුතු කරන , ඒ වෙනුවෙන් අරගල කර අවැසි නම් තම ජීවිතය වුවද පුද දෙන අව්‍යාජ මිනිසුන් බිහි කලේද ජවිපෙය. මේ අසම සම කැප කිරීම් වල ප්‍රතිපල මුළු මහත් සමාජයටම අඩු වැඩි වශයෙන් ලැබුණු බව අප පක්ෂයට එරෙහි වන්නට වුවද බැහැර කල නොහැකි සත්‍යකි.
    මෙන්න මේ කටුක කර්කෂක සත්‍ය නිවැරදිව අවබෝධ වන තුරු අපට ගහන්න..! අවලාද නගන්න..! අප මරා දමන්න..! එහෙත් සත්‍ය හා යුක්තිය මිය නොයන බව පමණක් සිතට ගන්න ...!! ජනතා විමුක්ති පෙරමුණ කිසිදිනක මෙරට ජනතාව තනිකර නැත. අභියෝග දහසක් හමුවේ වුවද ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නෙමු. ජනතාවට ජයග්‍රහණය ගෙන එන්නෙමු ..!

    Source - FB
     

    vishtcp

    Active member
  • Jul 27, 2013
    118
    25
    28
    වියළි කලාපයේ අතිශය සාමාන්‍ය ගොවියකුගේ පුතකු වූ ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස සභාවේ අසුන් ගන්නව. මොකක්ද එදා ඇතිවූ හැඟීම?

    ඇත්තටම මට කිසිම බරපතළ ලොකු හැඟීම් කිසිවක් තිබුණේ නැහැ. පක්‍ෂය වෙනුවෙන් මට පැවරුණු තවත් වගකීමක් මම ඉෂ්ට කරනවා කියන හැඟීම විතරයි දැනුණේ. මම මේක මට හැකි උපරිමයෙන් කරනවා කියන අධිෂ්ඨානය හිතේ තිබුණා.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    අවලාද ..මඩ ...අපහාස ...තාවකාලිකයි ...!
    ජනතා විමුක්ති පෙරමුණට අවලාද හා මඩ ගසන බොහෝ අය මෙරට නිර්ධනයින් වීම සුවිශේෂී කරුණකි. එක්කෝ කම්හලක සුළු සේවකයෙකු හෝ කාර්යාලයක සුළු රැකියාවක් කරන අය මේ අතර ඉහලින්ම සිටී. එවැනි දේ සිදු වන විට අප උපේක්ෂාවෙන් බලා සිටිය යුතුය. මන්ද මෙරට ජන සමාජය මේතාක් නිවැරදිව තම පන්තිය පිළිබඳව නිසි අවභෝදයක් නැතිකම නිසා මෙවැන්නක් තව දුරටත් සිදු විය හැකි නිසාය. ජනතා විමුක්ති පෙරමුණ පිලිබඳ සමාජයේ වඩා හොඳ කොටස නිවැරදි තක්සේරුවක් කර ඇති මෙවන් යුගයක, අද දවසේ අපගේ කාර්ය විය යුත්තේ බහු ජනතාව දිනා ගැනීම උදෙසා පළල් ජන සංවාදයකට මුල පිරීමය.
    ජනතා විමුක්ති පෙරමුණ පිලිබඳ 1965 සිටම මේ දක්වාම ප්‍රතිගාමී මාධ්‍ය මෙන්ම වාම විරෝධී වමේ සළු පිලි ඇඳ ගත් පිරිස අතින් ලියවී ඇත්තේ මඩ පච හා අවලාද පමණි. මෙරට ධනපති දේශපාලන පක්ෂ සිය දේශපාලනය ආරම්භයේදී පටන් කල එකම කට යුත්ත වුයේ ජනතාව රැවටීමය. ඒ වෙනුවෙන් බොහෝ පුද්ගල චරිත වරප්‍රසාද හා දොළ පිදේනි දීමෙන් මානාන ලදී. මෙයට දිය හැකි කදිම උදාහරණය නම් දයාන් ජයතිලකය. ඔහු ධනපති පක්ෂ දෙකම විසින් ප්‍රතිවිප්ලවීය සටනේ පෙරගමන් කරු ලෙස භාවිතයට ගැනුනි. තමන්ට ඇති එකම විවෘත අභියෝගය වන ජනතා විමුක්ති පෙරමුණ සමාජයෙන් වියුක්ත කිරීම වෙනුවෙන් දශක ගණනාවක් ඔස්සේ වපුරා ඇති බේගල් මේ වන විට අප සමාජය වසා පැතිරී ඇත. පක්ෂය වෙනුවෙන් නිවැරදි මතවාදයක් ගෙන ඒමට ඇති සියලු දොර කවුළුද වසා ඇත්තේ සත්‍ය එලිවීම තුල තම පරාජය ස්ථීර වන නිසා බව අප දන්නෙමු.
    ඉතිහාසය තුල ජනතා විමුක්ති පෙරමුණේ කාර්ය භාරය පිළිබඳව අනාගතය ස්ථීර ලෙසම නිවැරදි තීන්දුවක් ගනු ඇතැයි අපි දනිමු.
    තම පෞත්ගලික අරමුණු අපේක්ෂා වෙනුවට මුළු මහත් සමාජය කෙරෙහි වූ ලෙන්ගතු බැඳීමකින් රටත් ජනතාවත් නිදහස් කර ගැනීමට ක්‍රියාත්මක වූ මිනිසුන් අප දුටුවේ ජවිපෙ තුලය. ඒ වෙනුවෙන් මිනිසුන් නිර්මාණය කලේද ජවිපෙ ය. තම මරණය අනාගත ශ්‍රී ලංකාවේ නිදහස වෙනුවෙන් යයි සිතන මිනිසුන් බිහි වුයේ ජවිපෙ තුලය. තම දරුවා ගේ මෙන්ම තවත් සුවහසක් දරුවන්ගේ අනාගත සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කල යුතුයැයි සිතන මව්වරුන් පියවරුන් ගොඩ නැගුනේ ජවිපෙ දේශපාලනය තුලය. පෞද්ගලික පටු සීමාවන්ට කොටු කරන ලද දිරායන ධනේශ්වර ක්‍රමය විසින් නරා වලට තල්ලු කර දමා සිටි මිනිසුන් වෙනුවට පොදු වුවමනාවන් වෙනුවෙන් පෙරට එන , ඒ වෙනුවෙන් ධෛර්ය සම්පන්නව කටයුතු කරන , ඒ වෙනුවෙන් අරගල කර අවැසි නම් තම ජීවිතය වුවද පුද දෙන අව්‍යාජ මිනිසුන් බිහි කලේද ජවිපෙය. මේ අසම සම කැප කිරීම් වල ප්‍රතිපල මුළු මහත් සමාජයටම අඩු වැඩි වශයෙන් ලැබුණු බව අප පක්ෂයට එරෙහි වන්නට වුවද බැහැර කල නොහැකි සත්‍යකි.
    මෙන්න මේ කටුක කර්කෂක සත්‍ය නිවැරදිව අවබෝධ වන තුරු අපට ගහන්න..! අවලාද නගන්න..! අප මරා දමන්න..! එහෙත් සත්‍ය හා යුක්තිය මිය නොයන බව පමණක් සිතට ගන්න ...!! ජනතා විමුක්ති පෙරමුණ කිසිදිනක මෙරට ජනතාව තනිකර නැත. අභියෝග දහසක් හමුවේ වුවද ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නෙමු. ජනතාවට ජයග්‍රහණය ගෙන එන්නෙමු ..!

    Source - FB
    :):):):):):)