ම්රියා An-225

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ඔන්න මම අදත් වෙනද වගේම සුපිරි කියල කියන්න පුළුවන් බඩුවක් ගැන විස්තර අරගෙන අවා.

    මම කලින් සුපිරි බඩු ගැන දාපු නුල් කියවන්න බැරි උනානම් ඔයාලට මෙතනින් බලන්න පුළුවන්...

    http://www.elakiri.com/forum/showthread.php?t=1604890

    http://www.elakiri.com/forum/showthread.php?t=1604732

    http://www.elakiri.com/forum/showthread.php?t=1604189

    http://www.elakiri.com/forum/showthread.php?t=1605768

    එහෙනම් දැන් අලුත් බඩුවේ විස්තර දාන්නම්


    ඇත්තටම මේ බඩුව ඇවිල්ල ප්ලේන් එකක්, නිකන්ම නිකන් ප්ලේන් එකක් නෙවෙයි ලෝකේ දැනට තියන විශාලම ප්ලේන් එක තමයි මේක.

    සම්බවය : සෝවියට් යුනියන්/ යුක්රේනය
    නිෂ්පාදක : ඇන්ටනොව්
    නිෂ්පාදිත වර්ෂය : 1988
    නිෂ්පාදනය කල ප්‍රමාණය : 1
    පළමු පියාසර කිරීම : 1988 - 12 -21



    මේකේ සංකේත අංකය තමයි An-225 කියල කියන්නේ, මේකට දීල තියන නම තමයි "Mriya" කියල කියන්නේ (යුක්රේන බාසාවෙන් සිහිනය කියන තේරුම තියනවා).

    මේක තමයි දැනට ලෝකයේ පියාසර කරන විශාලම සහ බර අදිකම ගුවන් යානය. ඒ කියන්නේ මෙමෙ ගුවන් යානයට උපරිම බර ටොන් 640 රැගෙන ගුවන් ගත වෙන්න පුළුවන්.

    ඇත්තටම මෙතරම් විශාල ගුවන් යානයක් තැනීමේ මුලිකම පරමාර්ථය වෙලා තිබුනේ අජටාකාශ යානා ගුවනින් ගෙන යාමයි.

    පළමු පියාසර කිරීමේ සිට අද දවස වන තුරු මේ යෝදය පැය 3740 සහ කිලෝමීටර් 1 870 000 (ඇත්තටම මේ කියන්නේ ලෝකය වටේ 46 වතාවක් ගිය වගේ දුරක්).

    මෙම ගුවන් යානයේ ප්‍රමාණයන් ඉතාමත් සිත් ගන්නා සුළුයි. ඒ කියන්නේ මේකේ දිග මීටර් 84 උස මීටර් 18 (තට්ටු 6 ගොඩනැගිල්ලක් තරම් මේක උසයි). මේ යෝදයගේ තරම නිසා ලෝකයේ තියන ගොඩක් ගුවන්තොටුපලවල මෙයට නවතින්න ඉඩක් නැහැ එහෙම උනාම දාවන පතයේම මෙයාව නවත්තල තියනවලු. අනික මේකේ ප්‍රදාන තටු දෙක අතර දුර මීටර් 88.4 වෙනවලු.

    මේකට බලය දෙන්නේ D-18T කියන ඇති විශාල එන්ජින් හයකින්, මේ එක එනජිමක් මගින් ටොන් 23.4 ක තෙරපුමක් ලබා දෙනවා. ඒ කියන්නේ ඔක්කොම එකතු කරම ටොන් 140.5 වගේ ප්‍රමාණයක තෙරපුමක් මෙයට ගුවන්ගතවෙන්න නිෂ්පාදනය කරලා දෙනවා. ඒ වගේම මේ එක එන්ජිමකින් අශ්වබල 12,500 ශක්තියක් නිපදවනවා. මේ කියන එක එන්ජිමක් මීටර් 3 උසයි මීටර් 2.8 පළලයි ඒ වගේම ටොන් 4 කට වඩා බරයි.

    මේකේ ප්‍රදාන ඉන්දන ටැංකියේ ටොන් 365 බර ඉන්දන ගබඩා කර තැබිය හැකි අතර එම ඉන්දන ප්‍රමාණයෙන් මෙම ගුවන්යානයට එක දිගට නොනවත්වා පැය 18 කාලයක් පියාසර කිරීමට පුළුවන් (කිලෝමීටර් 15000 වැඩි දුරක්).

    තවත් විසේසත්වයක් තමයි මේකේ තියන ටයර් සැම ගොඩබැම 90 වකට වරක්ම නැවත අලුත් ටයර් යෙදීම කලයුතු වෙනවා. මෙම එක ටයරයක් මිල අසන්න වසයෙන් ඇමරිකානු ඩොලර් 1000 වෙනවා.

    මෙම ගුවන් යානය ගුවන් ගතකිරීම සදහා 6 දෙනෙකුගෙන් සමන්විත කාර්යමණ්ඩලයක් අවශ්‍ය වනවා. මෙම ගුවන් යානය ගුවන් ගත කිරීමේ සහ ගොඩබෑමේ වේගය පැයට කිලෝමීටර් 240 -280 වගේ වෙනවා.

    මේක මීටර් 7100 උඩු ගුවනේදී සාමාන්‍යය පැයට කිලෝමීටර් 675 වේගයක් ලබා ගන්නා අතර උපරිම වේගය කිලෝමීටර් 850 වෙනවා.


    අනිත් කට්ටියට කියවන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න....
    හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....


    දැන් පින්තුර ටිකක් පහලින් බලමු ......

    ur-82060-antonov-airlines.jpg


    Russian_Antonov_AN-225_in_1989.JPEG


    Antonov_An-225_front_left_view.jpg


    An-225_front_day.jpg


    An-225_Mriya.jpg


    9492.jpg


    an-225wheels1.jpg


    A380-An225-747-H4-Size.jpg


    අනිත් කට්ටියට කියවන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න....
    හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ත්‍රෙඩ් එකනං මල් මසුරං....... ඒත් ෆොටෝස් නම් සැහෙන්න ලොකු වැඩියි....... ඔන්න සැලකුවා මහන්සියට.......
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ත්‍රෙඩ් එකනං මල් මසුරං....... ඒත් ෆොටෝස් නම් සැහෙන්න ලොකු වැඩියි....... ඔන්න සැලකුවා මහන්සියට.......

    GOOD POST..+ හැබැයි මේක කියවන්න ස්ක්‍රීන් එක වටේ දුවන්නත් උනානේ.

    ඔව් මචන් තියන පින්තුරත් මේ ප්ලේන් රාජය වගේම තඩි සයිස් තියෙන්නේ......
     
    • Like
    Reactions: Randike Mendis

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    පුටෙ මම ත්‍රෙඩ් ටයිටල් එක දැක්ක ගමන් හිතුවේ ම්රියා (MRIA -මට්ටල රාජපක්ස ඉන්ටර් නැෂනල් එයරපොර්ට්) එකට AN-225 ගොඩබාල කියල
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    පුටෙ මම ත්‍රෙඩ් ටයිටල් එක දැක්ක ගමන් හිතුවේ ම්රියා (MRIA -මට්ටල රාජපක්ස ඉන්ටර් නැෂනල් එයරපොර්ට්) එකට AN-225 ගොඩබාල කියල

    :lol::lol::lol::lol::lol::lol: