කටුනායක ලිංගික අල්ලස් ගන්නා

Status
Not open for further replies.

Hashm01

Member
Apr 29, 2014
23
3
0
Negambo
කටුනායක ලිංගික අල්ලස් ගන්නා

කටුනායක ගුවන්තොටුපලේදී මා වෙත ඉන්දීය ව්‍යාපාරිකයකු පැමිණ කතා බහකට මුල පිරුවේය. එය අහම්බෙන් සිදුවූ හමුවීමකි. මෙම ව්‍යාපාරිකයා කටුනායක නිදහස් වෙළඳ කලාපයේ Snacka-Lanka Pvt Ltd (TP No 0112252114)නම් සමාගමේ ආයතන අධ්‍යක්ෂ (අයිතිකරු) Sanjay Bachhawat ය. වයසින් මුහුකුරා ගිය පෙනුමක් ඇති ඔහු ඉතා සුහදශීලි පුද්ගලයකු ලෙස හැසිරිණි.

විනාඩි පහක් පමණ සිදුවූ කතාබහේදී ඔහු මාගේ skype ලිපිනය ඉල්ලා සිටියේය. නමුත් මාගේ නම පමණක් ඔහුට පවසා පිටත්ව ගියෙමි. මාගේ නම ඔස්සේ මාගේ facebook ගිණුම සොයාගත් එම ඉන්දීය ව්‍යාපාරිකයා පසුදින මගේ facebook ගිණුමට පණිවිඩ එවන්නට පටන් ගත්තේය.

මාහට ලංකාවේ ඇති ඔහුගේ Snacka-Lanka නම් සමාගමේ Marketing Executive තනතුරක් දීමට ඉන්දීය ව්‍යාපාරිකයා සුදානම් විය. ඔහු මෙම තනතුර සඳහා මා තෝරාගෙන ඇති හේතුව ප්‍රහේලිකාවක් විය. ඒ මන්ද යත් මා ඔහුගෙන් රස්සාවක් ඉල්ලා නොසිටිය බැවිණි. අනෙක් අතට මා Marketing ගැන හෝ ව්‍යාපාර ගැන කිසිදු දැනුමක් නොමැත්තියක් නිසාවෙනි.


ඔහු මාගේ සුදුසුකම් වෙනුවෙන් ඉල්ලා සිටියේ මාගේ නිරුවත් ෆොටෝස් Msg කරන ලෙසය. තනතුර ලබා දීමෙන් පසු ඔහුත් සමඟ සමීප ආශ්‍රයක් පවත්වන ලෙසය.


පුවත් වෙබ් අඩවි කීපයක් ඔස්සේ මේ පුවත අන්තර්ජාලයට එක්වීමත් සමඟ Sanjay Bachhawat ඔහුගේ facebook ගිණුම් දෙකෙන් එකක් delete කර ඇත. මේ වන විට ඔහු විදේශ ගත වී සිටියි.

1_zps7327cdc6.jpg


Sanjay Bachhawat සමඟ සිදුකල facebook සංවාදයේ උපුටා ගත් කොටස් කීපයක් පහතින් දක්වා ඇත. ඔහුගේ අසහනය හා ඔහු සිටින මානසිකත්වය ඔබට තේරුම් ගතහැකි වනු ඇත.

2_zpse5c87b9c.jpg

3_zps629086e6.jpg

4_zps67e8e76d.jpg


Sanjay Bachhawat වැනි පුද්ගලයින් කටුනායක වෙළඳ කලාපයේ තවත් සිටිනු ඇත. අහිංසක යුවතියන් ඔවුනගේ ගොදුරු වනු ඇත. සේවයට බදවා ගැනීම, වැටුප් වර්ධක ලබාදීම, උසස් වීම් ලබාදීම, ඔවුන් සමඟ යහන්ගත වීම මත තීරණය වනු ඇත.

මෙය Sanjay ගේ පළමු කුරුමානම නොවන්නේය. ඔහුගේ ව්‍යාපාර තුළ ඔහු දඩයම්කල මුවැත්තියන් සිටිනු ඇත. ඔවුන් නිහඩ වන්නේ ලැජ්ජාව සහ රැකියාව නිසාය.

අප සමාජයේ සමහරක් පුද්ගලයින් මෙවැනි සිද්ධීන් දෙස නිහඩව බලාසිටී. ඇතැමුන් පැමිණිලිකාරිය දෙස වපර ඇසින් හෝ හාස්‍යයෙන් බලයි. එය සමාජයේ දුර්වලතාවයකි. අවශ්‍ය වන්නේ සාධනීය ප්‍රතික්‍රියාවකි.

යුවතියකගේ ආර්ථික අපහසුකම් මත හෝ රැකියාවක් ලබා ගැනීමේ අවශ්‍යතාවය නිසා මෙවැනි කාමාතුරයන්ට බිලි වීමට ඉඩ ඇත. මුදල්, චොකලට්, සුවඳ විලවුන් වලට රැවටී තම ආදරණිය මවුපියන්, පෙම්වතා, සැමියා, දරුවන් අමතකකර මෙවැනි කාමාතුරයන් සමඟ යහන්ගතවන ගැහැණිය මුළුමහත් සමාජයටම නරක පුර්වාදර්ශ සපයන්නීය.

අත්තටු මුදාහල කිරිල්ලියක් ලෙස නිදහසේ සරන්නට ගැහැණියකට අයිතියක් ඇත. එහෙත් එම නිදහස සම්මතය, සදාචාරය, සමාජ සම්මුතිය, සංස්කෘතිය, සම්ප්‍රදාය වැනි සමාජ කොන්දේසි අභිබවා නැගෙන වල් වැදුණු උන්මත්තක නිදහසක් නොවිය යුතුය.

පෙම්වතෙකු තම පෙම්වතිය තවත් පිරිමියකු සමඟ සිටිනු අකමැතිය. සැමියෙකු තම බිරිඳ වෙනත් පිරිමියකු සමඟ බෙදා ගැනීමට අකමැතිය. පියකු තම දියණිය ගණිකා වෘතියේ යෙදවීමට අකමැතිය. සහෝදරයකු තම සහෝදරිය නන්නත්තාරයේ යනු දැකීම අකමැතිය. පිරිමියකු ලෙස සිතිය යුත්තේ කාන්තාවකට ලිංගික යෝජනා ගෙන ඒමට ප්‍රථම තම පෙම්වතියට, බිරිඳට, දියණියට, සහෝදරියට මෙවන් සිද්ධියක් වුවහොත් ඔබට දැනෙන හැගීම ගැන අවංකව සිතා බැලීමය.

මා එඩිතරව මේ ලිපිය ලියුවෙමි. එයින් එක් යුවතියක් හෝ Sanjay Bachhawat වැනි පුද්ගලයින්ගෙන් බේරෙනු ඇත. ඇය සමාජයට පිරිසිදු නිර්මල චරිතයක් ඇති ගැහැණියක් වනු ඇත. එය මට මහත් සතුටක් සහ පිනක් වන්නේය.


5_zpsf785ccf3.jpg

6_zps49396158.jpg


He called me using two skype IDs (Sanjay and dineshjinesh1) The name "Dinesh" is part of his name


7_zpsb8fa2216.jpg

8_zps90e46634.jpg

9_zps3fe9f022.jpg


10_zps2155b900.jpg

11_zps53bea3dc.jpg


රැකියාව ආරක්ෂා කර ගැනීමට, අමතර වාසි ලබා ගැනීමට මෙවැනි කාමාතුරයන්ට යුවතියන් ගොදුරුවනු ඇත. අහිංසකකම, ලැජ්ජාව, සමාජයට මුහුණ දීමට නොහැකි කම මත පිරිසක් නිහඩ වන අතර තවත් පිරිසක් ලිංගිකත්වය හා වාසිය මතම පදනම් වී තමන් එතෙක් ගෙවූ චරිතවත් දිවිපෙවතට සමු දී විවිධ ව්‍යාපාරිකයන්ගේ සිට දේශපාලන බලවතුන් දක්වා ලිංගික සේවා සපයන්නියන් බවට පත්වේ.

ඇත්තෙන්ම අද කාන්තාව ලිංගිකත්වයේ සංකේතයක් බවට , සියලුම ප්‍රචාරණ මාධ්‍යයන් විසින් , පත් කොට ඇත. බොහෝ විට පිරිමිහු කාන්තාවන් හට අයුතු යෝජනා හෝ ඇරයුම් කරති. කාන්තාවන් එයට දක්වන ප්‍රතිචාරයන් මත එහි ඉදිරිය තීරණය වේ. එවන් ඇරයුමක් යෝජනාවක් කළ විට සුහදව එය ප්‍රතික්ෂේප කරන්න. ලිංගික අතවර හෝ අපයෝජන හෝ ලිංගික බලපෑම් සඳහා දෙපාර්ශවයේම යම් කිසි බලපෑමක් තිබිය යුතුය. එහෙත් එය එසේ නොවන අවස්ථා ද නැත්තේ නොවේ. කාන්තාවක් වශයෙන් ඔබ සමාජයේ ජීවත් වීමේදී පිරිමියකුට වඩා සැලකිලිමත් විය යුතුය.

පියා විසින් දියණිය දුෂණය කරන සමාජයක් අපට අවශ්‍ය නැත. තම කුසෙන් වැදු කිරිකැටියා කාණුවට විසි කරන අම්මලා බුදුන් වැඩි දේශයේ ඇති නොවිය යුතුය. අපට අවශ්‍ය වන්නේ ගෙදර බුදුන් බදු වූ සෙනෙහසේ ආදරණිය පාරමිතා පුරණ යුවතියකි ,ගැහැනියකි, බිරිදකි, මවකි.




හැදිච්චකම දන්නා වැරදි මඟ නොයන යුවතියන් අප අතර තවමත් ඇත. ඔබේ පෙම්වතිය, බිරිඳ, සහෝදරිය, මෑණියන් වෙනුවෙන් මෙවන් මිනිසුන් පිළිබඳ නොබියව සමාජය දැනුවත් කරන්න.

.
.
.
.


..............................................................................................
 
Last edited:

qihansa

Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    අද හමදෙටම ලින්ගිකත්වය මුල්වෙලා.............. අසහනය..............:(:(:(:(:(
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ගොඩක් හොදයි දාපු එක මේක අනෙක් මිනිස්සුන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. ඊළග දවසේ නොදන්න කෙනෙක් නම ඇහුවොත් කියන්න එපා. නොදන්න කෙනෙක් මොනවා ඇහුවත් කියන්න යන්න එපා මගහැරලා යන්න.

    අනෙක් එක කාන්තාවම විතරක් නෙවෙයි ලිංගිකත්වයේ සංකේතයක් වෙලා තියෙන්නේ අද වෙළද දැන්වීම් වල පිරිමිත් ලිංගිකත්වයේ සංකේතවෙලා තියෙනවා ඕන තරම්. මේ බලන්න Voodoo ads. මේ වගේ Ads ඕන තරම් අද ලෝකයේ තියෙනවා.

    මම හිතන්නේ මෙතන වරද ඒවාට සහභාගි වෙන මිනිස්සුන්ගේ මොකද ඕනෙම කෙනෙක් තමන්ව use කරන්න බලාගෙන ඉන්නේ ඉතින් ඒවාට සහභාගි වීම ඒවාට උඩගෙඩි දීමක් වගේ. ඔය කියන්න වගේ තමන් තමන්ට ගෞරව කරනවා නම් තමන්ගේ චරිතය පාවලා දෙන්නේ නැතුව ඉන්න ඕනේ..


    tumblr_md2tp5mwsp1r0shcx.jpg
     
    Last edited:

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,318
    6,492
    113
    lankawa diyunu wenava kiyanne aryojakayo arwothlune ithing sallikarayonge aryojanaye eka aramunak thamai hoyana salli viyadam karala vinoda vima evata goduruwena pirisak aniwaryayenma athivenawa. salli walata godak deval yata wenawa. saradarma pirihuna ratakata orwa palanaya karanna amaruiy. okath itihng Honda aryojanayakne salli ganama hithana ayata.
     

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    mulu samajema winasa wela ekata hethu gananawak thiynawa kellekta pare behela yannawath be bn.. kalakanni hamathanama.. dan jiwitheka watinakamakwath therennethi ganata minissunge olu wikara wela,,
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    kamathurayan hema thenama. kochchara hodai kiyana minissu unath awasthawa awama sathek wenna yanne thappara ganai.

    muwa allala nelanna thiyenne. indiayan wesige putha
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    hmmm මේක ආයි හොදට කියෙව්වා මෙතන හැබැයි "අල්ලස්" ගැනීමක් නෑ ඒක නිසා අල්ලස් සහ දුෂණ විමර්ශණ කොමිසමට පැමිණිලි කරන්න බෑ. අල්ලසක් වෙන්නේ රැකියාවකට අයදුම් කරලා ඒකට බදවා ගන්න යම් කිසි දෙයක් අපේක්ෂා කරනවා නම් සහා ඒ අපේක්ෂා කරන දේ නිසා අනෙක් අයට අසාධාරණයක් වෙනවා නම් විතරයි. උදාහරණයකට රැකියාවකට අයදුම් කරලා ඒකට බදවා ගන්න Sex, සල්ලි වගේ ඉල්ලුවොත් සහා ඒක දුන්න කෙනාට අනෙක් අයදුම් කරුවන්ට සාපේක්ෂ ලෙස වැඩි ප්‍රමුඛතාවක් දෙනවා නම් ඒක අල්ලසක් වෙනවා. මේක අල්ලසක් නෙවෙයි මේක අයදීමක් විතරයි. ඒක නීතී වීරෝධී නෑ නමුත් පස්සෙන් ඇවිත් හිරිහැර කරනවා නම් එතකොට Harassment එකක් ලෙස සලකලා පැමිණිලි කරන්න පුලුවන්.
     
    Status
    Not open for further replies.