අවවාදයයි! "ප.." භාවිතය අනතුරු සහිතයි.

Nov 11, 2009
1,429
111
0
අවවාදයයි! "ප.." භාවිතය අනතුරු සහිතයි.


මම 2009 ඉඳන්ම එළකිරියෙ උන්නට මොකද, එළකිරි සමිය ට (ElaKiri Forum) බින්න බැස්සෙ 2012 දි එළකිරි විසුළු (ElaKiri Jokes) වලින්. ඒ නිසාවෙන්, අවුරුදු 2 කට පස්සෙ ඔන්න ආයෙමත් එළකිරි විසුළු ඇතුළෙ නූලක් ගොතන්න යෙදුණ. :)
ඉතිං, කාලෙකට කලියෙන් මට හැබෑවට ම වුණ සන්තෑසියක් හිටි හැටියෙම සිහිපත් වෙලා එළකිරිය ඇතුළෙ දොඩන්න හිතුණ. :rolleyes:

දවසක් ද අපේ ගෙදර ට, කට පුරාවට බුලත් හපයක් එක්කල, දෙමළ ගෑණියෙක් හිඟමන ට ආව කියමුකො. ඔය වංගියෙ මම විතරයි ගෙදර උන්නෙ. ආ හැටියෙම ළතෝනිය පටන් ගත්ත ඕං... :growl:
ආ... පහළ "ගෑණි" කියන්නෙ අහවල් ගෑණි ට මිසක, මගෙ ගෑණි ට හෙම නෙවෙයි ඔන්න. මම තනිකඩය නොවැ. ;)



ගෑණි: (වැඳගෙන) අනේ බුදු මාත්තයා! කන්න මොනාරි දෙන්නා...

මම: (සිංහ සෙයියාවෙන්) අම්ම ගෙදර නෑ.

ගෑණි: (දණින් වැටීගෙන) අනේ දෙයියා! මිනිය නෙති ගේණි මං. දරුවොන්ට කන්න මොනාරි දෙන්නප්පා...

මම: (සානුකම්පාවෙන්) හොඳා... නැඟිටින්නකො. ඇයි? මිනිහ ට මක්කැයි වුණේ...?

ගෑණි: (වැලපීගෙන) අනේ මාත්තයා! මයෙ මිනිය බිසිනොස් තමා කොළා. "පයිය" කරේ තියං තමා කොළා. යෙදා ගීල්ල ආවෙ නෑ මාත්තය. යීට පස්සෙ බොඩිය තමා දෙක්‌ක මාත්තය. ගඟේ වෙටිල තමා මලා. අයියොයියෝ... සාමී...

මම: (හිඟමන ට සම්මාදම් වෙන්න මත්තෙන්, "පයිය" ගැන අහල පිස්සු පීකුඳු කොර ගල්බොකු වෙලා, ඔච්චම ට වගේ) කිරි අප්පොච්චියේ! ඔහේ ගෙ මිනිහ ගෙ "පයිය" ඒ හැටි දිගයි ද...? එහෙනං, ළමයි 10 ක්, 15 ක් වත් ඇති නොවැ. නැතිනං, "පයිය" පිහිටියෙ කරේ ද...? එහෙනං, හුජ්ජ දානකොට ඇඟ පුරා හැලෙන්න ඇති
නොවැ. (මම හිතුවෙ කීවට නොතෙරේවි කියල.)



ඒ අහපු හැටියෙම නෝක්කාඩුව ට වගේ ම
ගෙ දිහා බලාන, බුලත් කෙළ පිඬක් ගහල මේ ගෑණි යන්න ගියා ඕං... අනේ මන්ද... මගෙ කට හොඳ නැහැ නෙව. :oo:
කොහොමින් හරි, මම කල්පනා කෙරුව "යකෝ, ගෑණි මට "පයිය" ගැන කිව්ව නං, මම ගෑණි ට "පයිය" ගැන කිව්වහම ගෑණි ට ඌරු ජුවල් නැංගෙ මක්කටැයි...?" කියල.
:dull:
කොයිකටත්,
ගෙ හිත අවුල් කරාපු මේ ගැටය ලිහන්න හිතාන පස්සෙ කාලෙක "පයිය" ගැන මම දෙමළ මනුස්සයෙකුගෙන් ම ඇහුව. :confused:
කෙළිය...! බැලින්නම්, ගෑණි දෙමළෙන් "පයිය" කිව්වෙ සිංහලෙන් "බඩු-මුට්ටු" වලට නෙව. :shocked:

 
Last edited:

blue_in_rio

Well-known member
  • සිංහලෙන් පර්ස් එකට කියන්නෙත් පයිය.කථාවක් තියෙනවා, කිල්ලෝටෙට හෙන ගැහුවම, බුලත් පයිය ඉතුරු වෙයිද කියලා.කිල්ලෝටෙ කියන්නේ, ඉස්සර මිනිස්සු බුලත් විටට කන හුණුටික දාගෙන ඉන්න පොඩි ඩප්පියක් වගේ එකක්.ඒකයි, බුලත්, පුවක් අඩුම කුඩුම ටිකයි ඔක්කොම තියන් හිටියේ බුලත් පයියේ.තේරෙන සිංහලෙන් කිව්වොත් ඒක පොඩි පර්ස් එකක්.ඉතින් ඒකේ ඇතුලේ තියන කිල්ලෝටෙටම හෙණ ගැහුවම, බුලත් පයිය ඉතුරු වෙයියැ. :dull::dull:
     
    Last edited:
    • Like
    Reactions: champi123

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    0002031F.gif
     
    Nov 11, 2009
    1,429
    111
    0
    dan hinawena kotasa mark karapan balanna.
    ඇත්ත. මම වුණත් එක්කො පට්ට කුණුහරුප ඩිංගක් හැලුව නම්, නැතිනං යූ නලයෙන්/මුහුණු පොතෙන් අරන් දැම්ම නම් ඔයාට ලොල් වෙන්න තිබුණ. :(
    කොහොමින් හරි, උත්තර දුන්නට ස්තුති. :)