Lajjayaweyalla sinhaluneee..............
බොරුවක් ප්‍රචාරය කළ බෞද්ධ අන්තවාදීන් අලූත්ගම මුස්ලිම් වෙළෙඳ සලක් ගිනි තබලා------
අලූත්ගම මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට අයත් තෑගි භාණ්ඩ වෙළඳ සලක් බෞද්ධ අන්තවාදීන් පිරිසක් විසින් ඊයේ රාත්‍රී ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශ කර තිබේ.
වෙළඳ සලේදී සිදුවූ සොරකමක් අන්තවාදීන් විසින් විකෘති කර තිබීම මීට හේතු වී ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
මීට දින කිහිපයකට ඉහතදී වෙළෙඳ සලට දරුවෙක් සමග කාන්තාවක් පැමිණ තිබේ. දරුවා එහි තිබූ භාණ්ඩයක් සොරකම් කර කලිසම අස්සේ සඟවාගෙන ඇති අතර එය සේවකයන්ට හසුවී තිබේ. දරුවා සොරකමක් කළ බව මව කිසිසේත් පිලිගෙන නැති අතර දරුවාගේ කලිසම ගැලවූ විට සොරාගත් භාණ්ඩ එළියට පැමිණ ඇත.
සිද්ධියෙන් ලැජ්ජාවට පත් මව පසුව ප්‍රචාරය කර ඇත්තේ වෙළඳ සල තුලදී තම දරුවාට ලිංගික අතවරයක් කළ බවයි. ඇය මෙසේ පොලිසියට ද පැමිණිලි කර තිබේ. පොලිසිය සිද්ධියේ දෙපාර්ශවයම සලකා බලා දරුවාගෙන්ද විමසා සිද්ධිය සමාදානයකට යොමු කර ඇත. මෙහිදී පොලිසිය පක්ෂග්රාහීව ක්‍රියා කෙළේ යැයි පවසා ඊයේ දහවල් බෞද්ධ අන්තවාදී පිරිස් විසින් නගරයේදී විරෝධතාවයක් පවත්වා ඇති අතර ඊයේ රාත්‍රී වෙළෙඳ සැලට ගිනි තබා ඇත.
මේ වන විට අලූත්ගම මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයන් සහ ජනතාව තමන්ට ප්‍රහාරයක් එල්ල වෙතැයි බියෙන් පසුවෙති.
Last edited:



