වෙසක් සහ අපි

Jimmy Neutron

Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    කිසාගෝතමියක නොවේ

    විදී සරනා මවක දුටුවෙමි
    දෑස කඳුළින් තෙමී අඳවුණ
    ඇගේ ළමැදෙහි ගුළිව නිහඬ ව
    නොමළ බිලිඳෙකි සෙමෙන් මියයන

    කිසා ගෝතමියක ලෙසින් ඇය
    ලොවට අත පා අයැද සිටියේ
    මියැදි බිලිඳුට නැවත පණ නො ව
    මියෙන පොඩි පුතු රකින මඟකිය

    මංසලෙන් සල නැඟු තොරණින්
    මහරු සම්බුදු සිරිත දිස් විය
    උවසු උවැසිය ගැයූ බැති ගී
    අරම පිස වාගැබට එක් විය

    නැගෙන සැණකෙළි හඬින් සිව් දෙස
    පිරී අබිසෙස් ලැබී සොම්නස
    විදුලි එළියෙන් පුරය එකලුව
    අසිරිමත් සුර ලොවක් බිහි විය

    රැයෙහි මැදියම ගෙවෙන මොහොතෙහි
    දනන් කෙළි ලොල් හඬ නිමා විය
    මවක් ඉකි බිඳ වැලපෙනා හඬ
    පාළු වීදිය වසා මතු විය

    -දයාසේන ගුණසිංහ මහතා-

    මේ නිසඳස උපුටා ගත්තේ OL සිංහල සාහිත්‍ය පොතෙන්..මේක අහලා තියන කට්ටිය එළකිරියේ ඕන තරම් ඇති.අහලා නැති අයත් ඉන්නවා ඇති.මේ නිසඳසේ ගොඩක් ලොකු තේරුමක් තියනවා.බැලූ බැල්මට පෙන්නේ නැති උනාට මේක ඇතුලේ අද සමාජයේ තියන ලොකු අඩුපාඩුවක් පෙන්නලා තියනවා.හොඳට කියවලා බලපන් උබලට ඒ අඩුපාඩුව මොකක්ද කියලා තේරුනාද කියලා.ඇත්තටම අපි නියම විදියට වෙසක් සමරනවද නැද්ද කියලා පොඩ්ඩක් හිතට එකඟව හිතලා බලපන්.වෙසක් කියලා අපි කරන්නේ කිසිම තේරුමක් නැති දේවල් කියලා උබලට හිතෙන්නේ නැද්ද?ගොඩක් එවුන් වෙසක් සමරනවා කියලා කරන්නේ ආතල් ගන්න එක නෙමෙයිද?හැබැයි ඔය අතරේ නියම විදියට වෙසක් සමරන අයත් ඉන්නවා.මේ නිසඳසේ ඉන්න අසරණ අම්මා වගේ ඕන තරම් කට්ටිය අද ඉන්නවා.අපි කරන්න ඕන අපිට පුළුවන් විදියට අසරණ අයට පිහිටවෙන එක,උදව් කරන එක.පුළුවන් තරම් අපේ ආගමට අනුව ජීවත් වෙන එක.ඒ විදියට තමයි අපි නියම බෞද්ධයන් වගේ වෙසක් සමරන්න ඕන.වෙසක් එකට විතරක් නෙවෙයි හැමදාම එහෙම තමයි අපි ඉන්න ඕන.එහෙම කියලා උබලා වෙසක් කූඩු හදන්නේ නැතුව,දන්සල් දෙන්නේ නැතුව ඉන්න එපා හොඳේ.:)මේ වෙසක් එකේදී අපි ලොකු වෙනසක් කරමු මචන්ලා.උබලගේ හිතට ආපු දේවල් කියලා පලයන්.

    එළකිරියේ හැමෝටම සුබ වෙසඟක් වේවා!!

     
    Last edited: