සතුටින් සිටීමට රහස් වට්ටෝරුවක් !

Robin Hood of Sherwood

Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    සතුටින් සිටීමට රහස් වට්ටෝරුවක් !

    happiness.jpg




    - සතුටෙන් ඉන්න අපි කව්රුත් කැමතියි. සල්ලි ඇති වෙන්න තියනකොට සතුට ලැබෙහි කියලා හිතලා අපි ගොඩක් මහන්සි වෙනවා ප්‍රමාණවත් සල්ලි ටිකක් හොයා ගන්න. ඒත් සල්ලි තියෙන කාලෙක අපිට අමුතුවෙන් කියලා සතුටක් කවදාවත් දැනිලා නැති බව ඕගොල්ලො අත්දැකීමෙන් ම දන්නවා ඇති.
    සතුටෙන් ඉන්න මෙන්න මේ පියවර ටිකත් උත්සාහ කරලා බලන්න.


    1 - සතුට සොය සොයා යාමෙන් වලකින්න. සතුට තිබෙන්නේ අපගේ මනසේ ඇති සංතෘප්ත ස්වභාවය තුලයි.

    2 - හිතේ කහට තබා ගැනීමෙන් වලකින්න. කෙනෙක් සමග සමීප වීම මෙන්ම තවකෙක් වෙත වෛරයක් ක්‍රොදයක් පැවතීමද එම පුද්ගලයා තව තවත් අපවෙත බැඳී තිබීමට හේතු වනවා.

    3 - තමාට හොඳින් සලකන්න.ගෞරව කරන්න.තමාගේ යහපත වෙනුවෙන් කටයුතු කරන්න.හොඳ නින්දක් මෙන්ම ව්‍යායාම ද ලබාගැනීම ඉතාම වැදගත්.


    4 - තමාගේ පව්ල සහ යහළුවන් හිතවතුන් සමග සමීප වන්න. ඔව්න් වෙනුවෙන් ඔබගේ කාලය ගත කරන්න.


    5 - කිසිලෙසකින් වත් තමාව වෙනත් කෙනෙකුගේ හෝ කණ්ඩායමකගේ ජීවිත සමග සංසන්දනය කිරීමෙන් වලකින්න. ඔබට ඇත්තේ තනි ගමනකි.එය සිදුවන අයුරු ඔබට පමනක් විශේෂ වේ. ඒ නිසා තමන් ගේ සහ සමාජයේ යහපත වෙනුවෙන් කටයුතු කරන්න.


    6 - ආත්මාර්ථකාමී ලෙස කටයුතු කිරීමෙන් කිසිදිනෙක යහපත් මතකයක් ඉතුරු නොවන බව සිහි තබා ගන්න. පරාර්ථකාමී භාවයෙන් ලැබෙන සතුට සිරුර තුල විවිධ යහපත් රසායනික වෙනස්කම් ඇතිකිරීමට සමත්ය.


    7 - අතීතයේ හෝ අනාගතයේ ඡීවත් වීමෙන් වලකින්න. වර්ථමානයේ සිදුකරන ක්‍රියාව වෙනුවෙන් මනස යොමු කරන්න.


    8 - අකෘතඥ වීමෙන් වලකින්න. කෘතඥ වීමෙන් සංතෘප්තිය ඇතිවේ.


    9 - හැකි නම් බිය නොවී සිටීමට උත්සාහ ගන්න. අපතුල ඇති විවිධාකාර වූ බිය මැඬගැනීමට හැකිවුවහොත් අපට අප ජිවිතයේ බලාපොරොත්තු වන නොයෙකුත් ඉලක්ක වෙත යාම පහසුවේ.

    ඉරනමට අනාගතය පැවරීමෙන් වැලකී ඔබගේ හිතේ ඇති බලාපොරොත්තුව වෙත අදම ගමන් අරඔන්න. ඒ වෙනුවෙන් යමි කුඩා පියවරක් හෝ පෙරට තබන්න.


    source : www.lankascience.com
     

    roxmira

    Member
    Jan 30, 2010
    1
    0
    0
    පරාර්ථකාමී භාවයෙන් ලැබෙන සතුට සිරුර තුල විවිධ යහපත් රසායනික වෙනස්කම් ඇතිකිරීමට සමත්ය.
     

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    පරාර්ථකාමී භාවයෙන් ලැබෙන සතුට සිරුර තුල විවිධ යහපත් රසායනික වෙනස්කම් ඇතිකිරීමට සමත්ය.

    Good Post






    Thanx machanla