ලෝක දේශපාලන ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේදී පෙනී යන පැහැදිලි සත්‍යයක් නම්, රුසියාව හෝ චීනය වැනි බලවතුන් මතම යැපෙමින් තම රටවල් පාලනය කළ කිසිදු නායකයෙකුට අවසානයේදී යහපත් ප්‍රතිඵල අත් නොවූ බවයි. රැසියාව හා චීනය වැනි බලවතුන් සැමවිටම කටයුතු කරන්නේ තමන්ගේ දේශපාලනික සහ ආර්ථික උවමනාවන් ඉටුකර ගැනීමට මිස, තමන්ව විශ්වාස කරන පාලකයන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට නොවන බව ඉතිහාසය මැනවින් සාක්ෂි දරයි.
රුසියාව සහ චීනය කෙරෙහි පමණක් විශ්වාසය තබා කටයුතු කෙරූ ඉරානයේ අයතුල්ලා කුමේනිට (Ayatollah Khamenei) ද ඊයේ මෙවැනිම ඉරණමකට මුහුණ දීමට සිදු විය
ඉතිහාසය පුරා රුසියාව හෝ චීනය මත විශ්වාසය තැබූ බොහෝ නායකයන්ට අත් වූයේ මරණය, සිරගත වීම, රටින් පිටුවහල් වීම හෝ තම රටවල් අළු දූවිලි බවට පත් කරගෙන බලයේ රැඳී සිටීමට සිදු වීමයි. එලෙස විනාශයට පත් වූ සහ දැනට දැඩි අර්බුදයක පසුවන ප්‍රධාන නායකයන් ලැයිස්තුවක් ඇත.
* නිකොලායි චෞසෙස්කු (රුමේනියාව)
* මොහොමඩ් නජිබුල්ලා (ඇෆ්ගනිස්ථානය)
* එරික් හොනෙකර් (නැගෙනහිර ජර්මනිය)
* පෝල් පොට් (කාම්බෝජය)
* සදාම් හුසේන් (ඉරාකය)
* මුවම්මර් ගඩාෆි (ලිබියාව)
* බෂීර් අල් අසාද් (සිරියාව)
* නිකලස් මදුරෝ (වෙනිසියුලාව)
* ස්ලොබොඩන් මිලොසෙවික් (යුගෝස්ලාවියාව)
* වික්ටර් යනුකොවිච් (යුක්රේනය)
* සැමුවෙල් ඩෝ (ලයිබීරියාව)
* අලි අබ්දුල්ලා සාලේ (යේමනය)
* මවුරිස් බිෂොප් (ග්‍රෙනාඩාව)
* ඉම්රේ නාගී (හංගේරියාව)
* ඇලෙක්සැන්ඩර් ඩබ්චෙක් (චෙකොස්ලොවැකියාව)
* මතියස් රකොසි (හංගේරියාව)
* හිස්නි කොජා (ඇල්බේනියාව)
* මොන්ගුටු සෙසේ සෙකෝ (සයිරේ/කොංගෝ)
* මෙන්ගිස්ටු හයිලේ මරියම් (ඉතියෝපියාව)
මෙම නායකයන් සියලු දෙනාම පාහේ රුසියාවේ හෝ චීනයේ සමීප මිතුරන් ලෙස පෙනී සිටි අතර, තම රටේ සම්පත් එම රටවල් වලට පාවා දෙමින් තමන්ගේ ජනතාව ඝාතනය කරමින් මර්දනය කරමින් ඒකාධිපති පාලනයන් පවත්වාගෙන ගියහ. නමුත් ඔවුන්ගේ අවසානය පැමිණි මොහොතේ, එනම් ජනතා කැරලි හෝ විදේශ ආක්‍රමණ හමුවේ ඔවුන් අසරණ වූ විට, රුසියාව හෝ චීනය ඔවුන්ව බේරා ගැනීමට කිසිදු සැබෑ මැදිහත්වීමක් කළේ නැත. අසාද් පමනක් රැසියාවට පැනගොස් සිටින අතර වෙනිසියුලාවෙි නිකලස් මදුරෝ වැනි නායකයන් අද සිරගතව සිටින්නේ තම රටවල් සම්පූර්ණයෙන්ම විනාශ වී ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත් වීමෙන් පසුවය.
අයතුල්ලා කුමේනිගේ මියයාම සහ ඉරානයේ අනාගතය
ඉරානයේ අයතුල්ලා කුමේනි ද මේ වන විට එම වැරදි මාවතේම ගමන් කරමින් මියගොස් ඇත.රුසියාවට යුධමය ආධාර දෙමින් සහ චීනය සමඟ මහා පරිමාණ ආර්ථික ගිවිසුම් ගසමින් ඔහු සිතුවේ එම බලවතුන් තමන්ව සහ තම පාලනය ආරක්ෂා කරනු ඇති බවයි. නමුත් සත්‍යය නම්, ඉරානය අභ්‍යන්තරයෙන් බිඳ වැටෙන මොහොතක හෝ විශාල විදේශ ආක්‍රමණයකට මුහුණ දෙන මොහොතක, රුසියාව හෝ චීනය තමන්ගේ හමුදාවන් එවා කුමේනිව බේරා ගැනීමට කිසිසේත් ඉදිරිපත් නොවුයේය. ඔවුන් කරේ ඉරානයේ තෙල් සහ උපායමාර්ගික සම්පත් තමන්ගේ වාසියට පාවිච්චි කර, අවසානයේ කුමේනිටද සදාම්ට හෝ ගඩාෆිට අත් වූ ඉරණමම අත් වීමට ඉඩ හැර බලා සිටීමයි.
ඉහත සඳහන් කළ කිසිදු නායකයෙකු වෙනුවෙන් රුසියාව හෝ චීනය සිය ජීවිත හෝ සම්පත් පූජා කළේ නැත. ඔවුන් කළේ එම නායකයන්ව තමන්ගේ උවමනා එපාකම් සඳහා රූකඩ ලෙස පාවිච්චි කර, අවසාන විනාශය පැමිණි විට ඔවුන්ව අතහැර දැමීමයි. එබැවින්, කිසිදු පාලකයෙකු රුසියාව හෝ චීනය වැනි බලවතුන්ගේ පොරොන්දු විශ්වාස කරමින් රාජ්‍ය පාලනය නොකළ යුතුය. ඔවුන් තමන්ගේ ඔිනෑ එපාකම් සදහා පාවිච්චි කර ඔබේ මරණය හෝ විනාශය හමුවේ මුනිවත රැකීම ඔවුන්ගේ සැබෑ ස්වභාවයයි.
මාරී - Production
