මුස්තාපා පැටියා ලොව එළිය දකී!!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුස්තාපා පැටියා ලොව එළිය දකී!!

    father.jpg

    අපේ ආදරණීය සස්ලිට් සහෘදයා, මුස්තාපා නමින් එළකිරියේ චිරප්‍රකට, එළකිරි රේඩියෝවෙන් ඔබේ රස මං හෙළිපෙහෙළි කළ සුන්දර මනුස්සයා මීට මද මොහොතකට පෙර පිය පදවියෙන් පිදුම් ලැබූ බව සකල එළකිරි වාසීන් වෙත හෘදවිදාරණ ප්‍රීතියෙන් යුක්තව දැණුම් දෙමි.



    අළුත උපන්, මෙලොව සුවද ඉව කරන අපේ සස්ලිට් පුතු පැට්ටාට නිදුක් නිරෝගී චිරජීවනය ද, සස්ලිට් දෙමහල්ලන්ට උණුසුම් සුබ පැතුම් ද එක් කරමු.

    [FONT=&quot]මේ අලුතින් ඉපැදී මෙලොව රුව ගුන ඉව කරන නව ජීවියාට කෙරෙන ආසිරි යාගයයි............[/FONT]


    [FONT=&quot]
    [/FONT]


     
    Last edited:
    • Like
    Reactions: Sai_baba

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිස්සු පුසා;16655914 said:
    පුතෙක්ද දුවෙක්ද
    දරු පැටියගෙයි සැසාගේයි , බිරිඳගෙයි අනාගතේට ඉත සිතින් සුභ පතනවා, අනේ වාසනාවක්:):)
    සස්ලිට්ටා ගේ සියලු වැඩ ඉදිරියට ගෙනයන්න පුත් රුවනක්..............
    (සියලු වැඩ - කරටි කැඩෙන තුරු ගැසීම, මහරගමට වී කට්ට කෑම, රේඩියෝ වැඩසටහන් කිරීම, කොටු පැනීම....එක්සෙට්රා..එක්සෙට්රා:baffled::rofl::rofl:)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පුන් සද රන් තරු ආසිරි නාවා....
    රෑ මැද නිදි නැති පෙම් ලොව දේවා.....
    මහරගමෙන් පොද වැස්සක් ගාවා...
    සසාට පෙම්මල් සුවදක් ආවා.........

    කුරුනෑගල දී තියපු වෙඩිල්ලේ.....
    තරම දැනේදෝ නිවි සැනසිල්ලේ.....
    මගුලක් අරගෙන දකුණේ වැල්ලේ...
    දාගත්තා තොන්ඩුව මුගෙ බෙල්ලේ.....

    එලියෙදි ශූටිං ඇතුලෙදි මීටිං....
    බනින ගමං බත් මුට්ටිය ඊටිං...
    බාරිය වේටිං නොට් මච් ජෝකිං...
    කොහු මිටවල් දස අතටම මූවිං....

    ඔයින් මෙයින් කල් ගෙවිලා යන්නේ...
    දින දින ඇගෙ වෙනසකි වැටහෙන්නේ...
    ආලෝකයකිනි දෙහද පිරෙන්නේ....
    ඔහෑ ඔහෑ හඩ ලගදි ඇහෙන්නේ............

    දඩි බඩි හඩවල් දැන් අඩුවෙන්නේ...
    මුස්තාපා ගෙදරට චෙෆ් වෙන්නේ.....
    හැන්දෑවට පිලිකන්නට යන්නේ...
    සෑර් නොවෙද අර රෙදි හෝදන්නේ.....

    දස මස සැනෙකින් ගෙවිලා යන්නේ....
    කිරිකැටියා ඉපදෙන දින එන්නේ....
    සස්ලිට් අයියා මොකද කරන්නේ....
    අන්න බලන් ගේ පේන්ට් කරන්නේ.....

    බිත්තිය රෝසයි බිත්තිය නිලටයි..
    පරාල වැහෙන්න සිවිලිම ගැහුවයි....
    මදුරු දැලක් කාමරයට වැඩියයි.....
    බබුන්ගෙ රූපෙන් බිත්තිය පිරුණයි....

    සොදුරු කැදැල්ලක පැකුම් පිරීලා.....
    දසතම සතුටින් ඇත ඉතිරීලා...
    මොකක්ද මොකක්ද බලමුද හොයලා....
    ප්‍රිය සස්ලිට් පිය පදවිය ලබලා....

    හුරේ.... කොල්ලෙක් ඉපදිලා...
    3.gif


    මින් පසු ඇදුරා පාසල් වත්තේ.....
    නිදි මරගාතේ ඇවිදිනවා........
    කාලච්ඡේදේ ගෙවා ගමන්නට....
    ගුරු මේසෙට හිස තියැවෙනවා.....
    රෑ නිදි නොබලා.... සේවය සලසා....
    අළුයම නිවසින් පිටවෙනවා......
    විවේකයට තව විවේකයක් සිසු..
    කැළටම නොමිලේ ලැබ දෙනවා..............

    දස අත හෙමිහිට සුලගේ සැලෙනා....
    ලා නිල් නැප්කින් දිලිසෙනවා.....
    බේබි සබන් ජොන්සන් සහ ජොන්සන්...
    කබඩ් එකක් උඩ හිනැහෙනවා......
    කිරි කිරි බෝලේ... රැලි රැලි මාලේ....
    වයින් කරං තව කැරකෙනවා............
    ඇද උඩ හිනැහෙන කිරිකැටියාගේ......
    සිරියෙන් ගෙට කිරි ඉතිරෙනවා..........

    සුවබර දිවියක් පුතු හට සැපතක්.....
    හැමදාමත් රැකගෙන දෙන්න.......
    සිය ප්‍රිය බිරිදත් නිවසේ සැමටත්....
    සිනා ගගුල් මැද කිමිදෙන්න......
    ආසිරි පතනෙමි සස්ලිට් අයියේ ....
    සිතු පැතු හැමදේ ඉටු වෙන්න.....
    රට දැය බබලන ජාතිය දිනවන...
    පුතෙකුට ජීවිතයක් දෙන්න............
    11.gif





    father.jpg


     
    Last edited:
    • Like
    Reactions: rskoora

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :):) දරුවටයි අම්මටයි තාත්තාටයි නිදුක් නිරොගි වාසනාවන්ත දිවියක් ප්‍රර්තනා කරනවා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළකිරි කොල්ලෙක්;16655933 said:
    සසා පට්ටම හැපි එකේ ඇත්තෙ! :)සුභ පැතුම් වේවා! දුවෙක්ද පුතෙක් ද ??:dull:
    පුතෙක්...පුතෙක්...............:):)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔන්න එහෙනං අපෙනුත් සුභ පැතුම්.......:)

    බලමු දැන්වත් මේකා හැදෙ‍යිද කි‍යලා......
    :oo::baffled::rofl: