මුත්‍රා

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
මුත්‍රා වල පැහැයෙන් ලෙඩ රෝග පිළිබඳව පැවසෙන වැදගත් තොරතුරු

මුත්‍රා පිටවීමේදී ඔබ එහි වූ වර්ණය පිළිබඳව කිසිඳු අවදානයක් යොමු නොකරන කෙනෙක් නම් මේ උත්සහ කරන්නේ ඔබට අනතුරු ඇඟවීමක් සිදු කිරීමටයි . මතක තබා ගන්න , මුත්‍රා වර්ණයන් වල වෙනස් විම පෙන්වා සිටින්නේ ශරීරයේ ඇති බරපතල රොගී තත්ත්ව පිළිබඳවයි . එමනිසා ඔබ මෙම ලිපිය කියවිය යුතුම වෙනවා

1. වර්ණයක් නොමැති විනිවිද ස්වභාවය

1.png


ඔබ වැඩි වශයෙන් ජලය පානය කරන නිසාවෙන් තමයි මුත්‍රා වල වර්ණය වර්ණයක් නොමැති විනිවිද ස්වභාවයෙන් දිස් වන්නේ .
වැඩි වශයෙන් ජලය පානය කීරීම සජලනය සඳහා බෙහෙවින් උපකාරී වෙන යහපත් පුරුද්දක් .
නමුත් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ජලය පානය කිරීමට ඔබ පුරුදු වී සිටිනවා නම් මදක් පමණ අඩු කර ගන්න .


2. දීප්තිය අඩු පිටුරු වල ඇති කහ පැහැය . ( විනිවිද ස්වභාවයක් ඇති කහ පැහැය )
2.png


මෙය නිරොගී සම්පන්න සාමාන්‍ය තත්වයකි

3. අඳුරු කහ පැහැය

3.png


සාමාන්‍යයි , නමුත් තරමක් වැඩිපුර ජලය පානය කල යුතු වෙනවා

4 . කහ පාටට හුරු පැණි පැහැය

4.png


ඔබේ ශරීරයට ප්‍රමාණවත් තරම් ජලය ලැබෙන්නේ නැහැ .
එමනිසා වැඩිපුර ජලය පානය කිරීමට අවධානය යොමු කරන්න


5 . දුඹුරු පැහැය

5.png


ඔබ මුත්‍රා කිරීමේදී මුත්‍රා පිට වන්නේ තරමක් දුඹුරු පැහැයකින් නම් අක්මාව ආශ්‍රිත රොගී තත්වයක් ඔබට වැළඳී තිබෙනවා විය යුතුය .
තවද විජලනය කියන තත්වයට ඔබ පත් වී ඇති බව අවබෝධ කරගන්න ...
ඒ හේතුවෙන් ඔබ වහාම ජලය වැඩි ලෙස පානය කිරීමට පුරුදු විය යුතුය.
එම තත්වය තව දුරටත් පවතිනවා නම් කරුණාකර වෛද්‍යවරයෙක් හමු වන්න.


6 . තැඹිලි පැහැය


6.png



ප්‍රමාණවත් තරම් ජලය පානය නොකරන නිසාවෙන් හෝ අක්මාව ආශ්‍රිතව හෝ පිත නාල ආශ්‍රිතව යම් ආසාධන තත්වයක් ඇති නිසාවෙන් තමයි තැඹිලි පැහැයෙන් මුත්‍රා පිටවීමක් සිදු වෙන්නේ ...
සමහරවිට ආහාර වල ඇති වර්ණකයන් නිසාවෙන්ද මුත්‍රා තැඹිලි පැහැයෙන් පිටවීමට ඉඩ තිබෙන බව මතක තබා ගන්න


7. නිල් පැහැය සහ කොළ පැහැය

7.png


දුර්ලභව වැළඳෙන ජානමය රොගී තත්වයන් නිසාවෙන් මුත්‍රා නිල් හෝ කොළ පැහැයක් අරගැනීමට හැකියාව තිබෙනවා .

හොඳින් මතක තබා ගන්න ආහාරයන් වල ඇති වර්ණකයන් නිසාවෙන්ද , ඔබ ගනු ලබන ඖෂධ නිසාවෙන්ද , අසාමාන්‍ය ලෙස මුත්‍රා වල වර්ණය මෙසේ වෙනස් වීමට ඉඩ තිබෙනවා .. එම තත්වය වෙනස් නොවී පවතිනවා නම් වෛද්‍යවරයකු වෙත යොමු වන්න .

පිටවන මුත්‍රා වල වර්ණය මගින් ඔබේ සෞඛ්‍ය තත්වය පිළිබඳව වැදගත් වූ තොරතුරු රාශියක් කියවෙන බව මින් පෙර ඔබ දැන නොසිටියා වෙන්න පුළුවන් . නමුත් ඔබට ඒ පිළිඹඳව ප්‍රමාණවත් තරම් දැනුමක් ලැබෙන්න ඇති කියා විශ්වාස කරනවා


source http://nodutu-lokayak.blogspot.com/2014/05/what-color-of-your-urine-says-about-you.html
 
Last edited:

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ඔබේ ශරීරයට ප්‍රමාණවත් තරම් ජලය ලැබෙන්නේ නැහැ.එමනිසා වැඩිපුර ජලය පානය කිරීමට අවධානය යොමු කරන්න :dull:
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,608
    1,553
    113
    එක එක දවසට එක එක පාටින් යන්වා,, ඊයෙ නිකන් දෙදුන්න වගෙ පාට පාට :D

    rep+++++
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔබේ ශරීරයට ප්‍රමාණවත් තරම් ජලය ලැබෙන්නේ නැහැ.එමනිසා වැඩිපුර ජලය පානය කිරීමට අවධානය යොමු කරන්න :dull:
    happeeeeee... ඒ ටිකට ගිහින් බලල ආවද???:lol::lol::lol:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    mamath tikaK wedipura wathura bonna one... :baffled:
    වැඩියම වතුර බිව්වත් හොද නෑ ලුනෙ :nerd:
    බොක්කෙ ගල් හැදන ඉඩ වැඩි වෙනවලු (අඩුවෙන් බුව්වමත් එහෙමයි)
    මම දැක්ක තියෙනව කොහෙ හරි බොක්කෙ ගල් දිය වෙන්න තියෙන ඒව තනුක වෙනවලු ගොඩක් වතුර බිව්ව :P
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ජොනී බට්ට;16660193 said:
    එල එල වැදගත්

    ඔය එක එක බෙහෙත් ජාති බිවහමත් එක එක පාටට මුත්‍රා පිටවෙනවනේ :dull::dull:
    ඔව් ... බෙහෙත් වර්ග වගේම ආහාර වල වර්ණක නිසාත් වෙනස් වෙනවා :D
    ඒ ගැනත් ලිපියේ අන්තර්ගතයි :rofl:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ගෙඩි පිටින්ම උස්සලනෙ :baffled: මම හිතුව ලිව්වෙ වෙද නෝන කියල
    ගෙඩි පිටින් උස්සපු නිසා තමයි SOURCE කියල thread එකේ මුලින්ම දාල තියෙන්නේ ...

    මමම ලිව්ව threads වල මම එහෙම දාල නෑ :no::no::no:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වැඩියම වතුර බිව්වත් හොද නෑ ලුනෙ :nerd:
    බොක්කෙ ගල් හැදන ඉඩ වැඩි වෙනවලු (අඩුවෙන් බුව්වමත් එහෙමයි)
    මම දැක්ක තියෙනව කොහෙ හරි බොක්කෙ ගල් දිය වෙන්න තියෙන ඒව තනුක වෙනවලු ගොඩක් වතුර බිව්ව :P

    eka nisa thamai wedipura wathura nobee hitiye... :P