එහෙනං කියවල බලන්න

දීඝ නිකාය, අග්ගඥ්ඥ සූත්‍රය.. ඒ සූත්‍රයට අනුව ගත්තාම මිනිසා පරිණාමය ආරම්භ වෙලා තියෙන්නෙ පොලොවෙ ඇතිවුනු අලුතමයි.. ඒකට අනුව ඩයිනෝසරයන්ටත් පෙර ඉඳන් මිනිසුන් පැවත එන්න ඕනෙ.. මිනිසා පරිණාමය වීමෙදි ලිංගබේදයක් නැති සතෙක් විදිහට ඉඳල ස්ත්‍රී පුරුෂ දක්වා බෙදීම ගැන හිටං සඳහන් කරල තියෙනව.. භාශාව මුල්ම වචන ඇතිවුනු හැටි ගැන පවා (ඇත්තටම වචන නෙමේ සංකල්ප විදිහට ගන්න ඕනෙ) සඳහන් කරල තියෙනව.. මුලින්ම හොරකම බොරුව ඇතිවුනු හැටි, කම්මැලි කම නිසා එක පාර වැඩියෙන් ගොඩගහගැනීම ඇතිවුනු හැටි, ගෙවල් හදන්න පටං ගත්ත හැටි, රජවරු පත්කරගත්තු හැටි ගැන පවා සඳහන් වෙනව.. මිනිස්සු ආහාරයට ගත්තු ආහාර කාලෙන් කාලෙට නැතිවීම හා ආදේශක ලැබීම ගැන හිටං සඳහන් වෙනව. එච්චර දේවල් සඳහන් වෙන දේශනාවෙ අවුරුදු මිලියන ගානක් පොලොවෙ ආධිපත්‍යය පතුරුවපු ඩයිනෝසරයන් හිටිය යුග තුනේ මිනිස්සු මොනාද කලේ, මිනිස්සු ඒ කාලෙ වෙද්දි වඳ වෙලා ගිහිං නැවත බිහිවුනාද කියලවත් කිසිම සඳහනක් නෑ..
මට නං මේකෙන් තේරෙන්නෙ එකම එක දෙයයි.. බුදු හාමුදුරුවො කියන්නෙ අසීමිතව තුන්කල් දක්නා මාවල් කොමික්ස් වල තියෙන ජාතියෙ සුපිරි බලයන්ගෙන් හෙබි සුපර් මෑන් කෙනෙක් නෙමේ.. බුදු හාමුදුරුවො වුනත් නිගමන වලට එලඹුනේ අද විද්‍යාඥයො කරනව වගේ තමන් දකින දන්න සීමාව දිහා බලල.. ඒ කියන්නෙ කිසිම විදිහකින් පොලොව හාරන්නෙ නැතුව ෆොසිලයක් හොයාගෙන නොතිබුණු මීට අවුරුදු දෙදාස් හයසීයකට විතර ඈත එපිට යුගයේ හිටපු තවත් එක් බුද්ධිමත් මිනිසෙක් වුනු බුදු හාමුදුරුවො ඩයිනෝසරයන් ගැන දැනගෙන හිටියෙ නෑ...
ඉතිං බුදු හාමුදුරුවො තමන් දකින වටපිටාවෙන් උපකල්පනය කරා පෘථිවිය ජීවයට සුදුසු වුනු කාලවකවානුවේ ඉඳලම මිනිස්සු පෘථිවියේ හිටිය කියල.. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට අවුරුදු මිලියන 2කටත් වැඩි කාලෙක ඉඳන් මිනිසා ඉන්නව කියන බොරුව බුදු හාමුදුරුවො දේශනා කරන්නට යෙදුනා...
මං දන්නව දැන් මේක කියවන අය මේක තේරුං ගන්නෙ බුදු හාමුදුරුවන්ව පහත් කොට සලකල ලියපු කමෙන්ට් එකක් විදිහට කියල.. ඒකටත් කලින්ම කියන්න එපෑ.. එහෙම කිසිම දෙයක් මේකෙ කියල නෑ.
ඒ කාලෙ හැටියට අග්ගඤ්ඤ සූත්‍රය මාර දේශනාවක්.. මොකද ජීවයේ ආරම්භය ගැන ඩයිනෝසරයො ගැන කිසිම කෙනෙක් දැනං හිටියෙ නැති නිසා.. නමුත් ඒව ගැන දන්න යුගයට අග්ගඤ්ඤ සූත්‍රය කතන්දරයක් විතරයි..