මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

banjamin_button

Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    මනස කියන්නෙත් හිතම තමයි. හිත උනත් අපිට උවමනා විදිහට තියෙන්නෙ නැහැ. ක්ෂණයක් ක්ෂණයක් පාසා සිතුවිලි ඇති වෙලා නැති වෙලා යනවා.

    සිතුවිලි ඇති නැති වෙනවා, නමුත් මතකයන් නැති වෙන්නේ නැ. ඒ මතකයක් එකතු කරන තැන (දෙය?) මැරුණම නැති වෙනවද?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එහෙම එකක් නෑ බං. මං දන්න දේවල් බොහෝම ටිකයි තියෙන්නෙ. හරියටම මේවා ගැන දැනගන්න නම් හොඳින් ධර්මය දන්න හාමුදුරු කෙනෙක්ගෙන් අහගන්නම වෙනව :)

    ඔව් බන්

    :dull::dull:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සිතුවිලි ඇති නැති වෙනවා, නමුත් මතකයන් නැති වෙන්නේ නැ. ඒ මතකයක් එකතු කරන තැන (දෙය?) මැරුණම නැති වෙනවද?

    ඒක ගැනනම් කියන්න හරියටම දන්නෙ නැහැ. මටනම් කලින් භවය ගැන කිසි දෙයක් මතක නැහැ. :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බින්දු;16671762 said:

    :lol::lol: ඕකව වැඩිය ගණන් ගන්න එපා. ඕකා මම දාන දාන හැම පෝස්ට් එකේම කුණු හරුප පෝස්ට් කරනවා කිව්වා :lol::lol: ඔප්පු කරන්න කිව්වම, කටයි පු%යි වහගෙන දැක්කේ නෑ වගේ ඉන්නවා :lol::lol: පුරන් අප්පු සීන් එකේදි පොර කතෝලික කියලා ඔප්පු කරන්න කියලා කවුන්ටර් ආගිව්මන්ට් එකක් ගෙනාවම ඒකත් දැක්කේ නෑ වගේ ඉන්නවා. අන්තිමට පේරා ෆැක් එකෙන් සාක්ශි උස්සන් එන්න පිලිගන්නවද ඇහුවම ඒකත් දැක්කේ නෑ වගේ මාරු :rofl::rofl: ඕකා ගණන් ගත යුතු සත්වයෙක් නෙවෙයි :P:P:P

    ඔව් බන් සතා කව්ද කියල දන්නව
    උත්තරයක් දෙන්නෙ නැතුව හරි නැහැ නෙ ඉතින් හෙහෙ

    :lol::lol::rofl::rofl:
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    ඒක ගැනනම් කියන්න හරියටම දන්නෙ නැහැ. මටනම් කලින් භවය ගැන කිසි දෙයක් මතක නැහැ. :(

    එකයි මම කිව්වේ ඉපදෙන්නේ තමනුත් නෙවෙයි වෙන කෙනෙකුත් නෙවෙයි කියල කිව්වොත් එක බුද්ධාගමේ හරයන්ට පටහැනියි කියල..
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Download_Now kiyana member me thread eka danakota hithanna aththe buddagama gana danne nathi dewal bedaganna wenna athi
    eth dan wenne thaman ge danuma wadi kiyala pennanna hadana waliyak witharai
    oya mona de danan hitiyath wadak na e anuwa jiwath wenne naththan :yes:

    thread එකේ අරමුණට අනුව වැඩේ යනවා සහෝ.. නොදන්නා අය අහනවා. දන්න අය උත්තර දෙනවා. තමන් නොදන්නා දෙයක් තියනවනම් දන්න/නොදන්න හැමෝම ඉගන ගන්නවා. කෙනෙකුට වඩා පොඩි හරි යමක් තව කෙනෙක් දන්නවා නම්, එක බෙදා ගැනීමේ වැරැද්ද මොකද්ද? :)
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මචන්ලා මම කෙලින්ම අහන්නම් ප්‍රශ්නේ .....වෙන ආගම් වල අයට කරදරයක් වුනාම .....පිහිටක් ඉල්ලන්න පුළුවන් ,,,,
    මිනිස්සු විදියට අපි දුර්වලයි නේ බන් ....බුදු දහමේ එහෙම අපිට කරගන්න බැරි දෙයකට පිහිටක් ඉල්ලගන්න බැරිද ??
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මචන්ලා මම කෙලින්ම අහන්නම් ප්‍රශ්නේ .....වෙන ආගම් වල අයට කරදරයක් වුනාම .....පිහිටක් ඉල්ලන්න පුළුවන් ,,,,
    මිනිස්සු විදියට අපි දුර්වලයි නේ බන් ....බුදු දහමේ එහෙම අපිට කරගන්න බැරි දෙයකට පිහිටක් ඉල්ලගන්න බැරිද ??

    නපුරු කලට සතහට පැම්නෙන වෙහෙස
    එ දුරු නොවෙයි කල පව් පල දෙවා මිස
    තඹරු වනය මුකුලිත වන බව සවස
    කවුරු විසින් වැලකිය හැක මෙදිය කුස
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එකයි මම කිව්වේ ඉපදෙන්නේ තමනුත් නෙවෙයි වෙන කෙනෙකුත් නෙවෙයි කියල කිව්වොත් එක බුද්ධාගමේ හරයන්ට පටහැනියි කියල..

    එතකොට වෙන්නෙ "ඉපදෙන කෙනා තමනුත් තමයි වෙන කෙනෙකුත් තමයි ද?" :baffled:
     
    v7soft1

    Active member
  • Dec 13, 2012
    207
    28
    28
    අවුරුදු 2500 උඩදි ඩයිනොසොර්ලා ගැන කිව්වා නම් ඒ කාලේ මිනිස්සුන්‍ට කවදාවත් තේරුම් කරන්න වෙන්නේ නැ..:lol:
    බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා නේ තමන් වහන්සේ දන්න දෙයින් බොහොම ටිකයි දේශානා කරලා තියෙන්නේ කියලා..අනිත් කරනා නිවනට ආදාල නොවන නිසා දේශානා
    කරන්නේ නැ කියලා:)
    Hmm
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මචන්ලා මම කෙලින්ම අහන්නම් ප්‍රශ්නේ .....වෙන ආගම් වල අයට කරදරයක් වුනාම .....පිහිටක් ඉල්ලන්න පුළුවන් ,,,,
    මිනිස්සු විදියට අපි දුර්වලයි නේ බන් ....බුදු දහමේ එහෙම අපිට කරගන්න බැරි දෙයකට පිහිටක් ඉල්ලගන්න බැරිද ??

    උබට මනුෂ්‍ය නොවන කෙනෙක් පිහිට වෙයිද කියල නේද ඔය අහන්නෙ.. පිහිටක් තියෙන්න පුළුවන් උබ කරපු කුසල කර්මයක් අනූව එත් උදාහරණයක් විදියට දැන් අපේ රටේම බලහන් බුද්දහගමේ උන් කොච්චරක් දේවාල වල ගිහින් වැදගෙන පලතුරු වට්ටි තියාගෙන කොළ වල නම් ලියාගෙන හිටගෙන ඉන්නවද කියල.. මිත්‍යා දෘෂ්ටිය නිසා එහෙම වෙන්නෙ

    දැන් එහෙම පිහිටක් ඉල්ලුවාම පිහිටක් හම්බෙනවද ?
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    එතකොට වෙන්නෙ "ඉපදෙන කෙනා තමනුත් තමයි වෙන කෙනෙකුත් තමයි ද?" :baffled:

    එකයි මට හරියට දැනගන්න ඕන, ඔයාගේ අදහස මොකක්ද?
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචන්ලා මම කෙලින්ම අහන්නම් ප්‍රශ්නේ .....වෙන ආගම් වල අයට කරදරයක් වුනාම .....පිහිටක් ඉල්ලන්න පුළුවන් ,,,,
    මිනිස්සු විදියට අපි දුර්වලයි නේ බන් ....බුදු දහමේ එහෙම අපිට කරගන්න බැරි දෙයකට පිහිටක් ඉල්ලගන්න බැරිද ??

    පුළුවන් මචන්. බුදු දහමට අනුව ජීවිතය හදාගස්වාගෙන සැමටම මෛත්‍රී කරමින් වාසය කරන අයට දෙවිවරු පිහිට වෙනවා මචන්. සමහර විට අපි එක ඉල්ලන්න ඕනෙත් නැහැ. සමහර වෙලාවට අපි එක ඉල්ලන්න ඕනේ... හැබැයි ඒ අයගේ උදවු ලබන්න නම් ගොඩක් සිල්වත් වෙන්න ඕනේ. ධර්මයේ හැසිරෙන්න ඕනේ. ඒ වගේම ධර්මයේ හැසිරෙන කෙනා ධර්මය විසින්ම පුදුමාකාර විදිහට රකිනවා මචන්.
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    බුද්ධ ධර්මය ගැන මෙහෙම ඇහුවා කියලා හරියටම හරි පිළිතුරු දැනගන්න හම්බෙන්නේ නෑ. මොකද අඩුම තරමේ බහුතරයක් හාමුදුරුවරු වත් ධර්මය හරියට දන්නේ නෑ.
    එළකිරි එන අපිවත් හරියටම බුද්ධ ධර්මය දන්නේ නෑ. ඒ කාලේ ඇත්තටම දේශානා කරපු ධර්මය අද වෙනකොට එක එක විදිහට වෙනස් වෙලා ඇති.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එකයි මට හරියට දැනගන්න ඕන, ඔයාගේ අදහස මොකක්ද?

    වෙන දේනම් මේකයි. මරණය සිද්ධ වෙන වෙලාවේ ඇතිවන චුති සිතට අදාලව වෙනත් ශරීරයක් අල්ලාගෙන ඒ තුල බැසගන්නවා. ඒ චුති සිත පහළ වුනේ මගේ දැනීම මතවත්, මගේ උවමනාවටවත් නෙවේ. ඒ ලැබෙන ශරීරයත් මගේ නෙවේ. එතකොට මේ ශරීරයත් මගේ නෙවේ. ඇති වෙච්ච සිතත් මගේ නෙවේ. :)
     
    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28
    බින්දු;16671741 said:

    :P:P:P උඹ මොලේ උඩ වාඩි වෙලා නෙවෙයි නම් ඉන්නේ පොඩ්ඩක් හිතපන් ග්‍රීන්ලන්තේ සීල් මාලු අල්ලන කෙනෙක් ගැන කියන්න ගියා නම්, ආදර්ශය, අවවාදය දෙනවට වඩා දවස් ගාණක් නාස්ති කරගෙන කරන්න වෙන්නේ ඉග්ලු නිවාස හදන හැටි කියන්න, සීල් මාලුවා මොනවගේද කියලා දෙන්න, සීල් මාලු අල්ලන හැටි කියලා දෙන්න, හිම වලස්සු ගැන කියලා දෙන්න. ඕවා නිවනට වැඩක් නෑ හොයන්න එපා කිව්වම උඹ වගේ මිනිස්සු කිය කිය යනවා අපෝ බුදුහාමුදුරුවෝ දන්නේ නැති බයිලා ගහන්න ගිහින් නෝන්ඩි වුනා , ඔය මනුස්සයා විශ්වාස කරන්න එපා කියලා. :rofl::rofl::rofl: ඕවා දැන ගන්න එකෙන් නිවන් දකින්න සත 5ක ප්‍රයෝජනයක් තියෙනවද?? මගේ උදාහරණේ මම පෙන්නපු ගෑල්ලමයෙක් ගැන හිත හිත හිටපු හාමුදුරුවෝ බණ භාවනා කරන්න යොමු වෙනවද?? වැඩිම වුනොත් ඒ හාමුදුරුවෝ ගෑල්ලමයා පැත්තකින් තියලා එස්කිමෝවරු ගැන හොය හොය ඉඳීවි. එක ඩිස්ට්‍රැක්ශන් එකක් වෙනුවට තව එකක් දෙන්න බණ කියන්න ඕනද :rolleyes::rolleyes::rolleyes: :P:P:P අනිත් එක ඊජිප්තුවේ කතාව වෙනස් කරලා කියන්න තරම් කතා අහේනියක් නෑ. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ ජාතක කතා 547. :P:P ඒත් කල්ප ගානක් තිස්සේ කොච්චර භවවල ඉපදිලා තියෙනවද??

    පිලිගන්න අමාරු නම් මචන් පිලිගන්න ලේසි ආගම් තියෙනවා. දෙයියෝ අපිව මැව්වා, දෙයියෝ තමයි සේරම කරන්නේ වගේ ලේසි උත්තර තියෙන. ඒ වගේ ආගමක් තමයි ඔබතුමාට ගැලපෙන්නේ. :):):) කිසි කරදරයක් නෑ නේ. දෙයියන්ගේ කැමැත්ත කියලා ඉන්න තියෙන්නේ :):):)

    පොඩ්ඩක් තද වෙලා වගේ.:lol::lol:.මම බුද්දාගම ගැන දැන ගන්න අසයි එකයි ප්‍රශ්න අහන්නේ.අපහස කිරීමේ බලාපොරොත්තුවෙන් නම් නෙමේ.වැරදියට තේරුම් ගන්න එපා.දැන් නිදා ගන්න යනවා මට තව ප්‍රශ්න ගොඩක් තියනවා අහන්න. ඔයයි ඔයාගේ යාළුවා යි දෙන්න දෙකක් කියන්නේ. :rofl::rofl::rofl:. එක ඊට වඩ ප්‍රශනයක් මට.

    අනිත්‍ය කියන සංකල්පෙට මොකද වෙන්නේ කියල මගෙන් අහන්න එපා.ඔය අනිත්‍ය කියන එක හරි කියල පිලි අරන් තියන තැනෙ ඉඳගෙනයි ඔය මම අහපු එකට උත්තරය ගොඩ නගල තියන්නේ එකයි ඔයාට මගෙන් එක අහල තියෙන්නේ.

    පුනුරුත්පතිය ගැන මට තාම ප්‍රශනයක් එකට හරියට ඔයාලගෙන් උත්තර හම්බ උනේ නැහැ. පෙරුම් පුරාගෙන එන එකට මම පිළිගන්න පුළුවන් උත්තරයක් හම්බ උනා එක මම අද ඉගෙන ගත්තු අලුත් දෙයක් ස්තුති එක ලස්සනට පැහැදිලි කරාට...අනිත් ඒවාට ඔය දෙන්න කිව්වා දේවල් නම් පිළිගන්න බැහැ.එකකට එකක් ගැලපෙන්නේ නැති දේවල් කිව්වේ.මොකද බුදුන්වහන්සේ ඉන්දියාව විතරක් සම්බන්ද කරගෙන කතා කරන එක .අනිත් රටවල් වලින් බුදුවහන්සේ හිටිය නම් ඒ රටවල් වලින් කිසිම ආරංචියක් නැහැ බුදු වෙන්න කලින් ඒ රටවල් වල හිටිය කියලවත්.එතොකොට හුදෙක් සියලු කතා මනකල්පිත විදියට තමයි සලකන්න වෙන්නේ.

    මම ආයේ නිවාඩු වෙලාවකට එන්නම්. මට දර්මය පැහැදිලි කරන්න ගත්තු උත්සාහයට බොහොම පින්. බුදුසරණයි..
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    පුළුවන් මචන්. බුදු දහමට අනුව ජීවිතය හදාගස්වාගෙන සැමටම මෛත්‍රී කරමින් වාසය කරන අයට දෙවිවරු පිහිට වෙනවා මචන්. සමහර විට අපි එක ඉල්ලන්න ඕනෙත් නැහැ. සමහර වෙලාවට අපි එක ඉල්ලන්න ඕනේ... හැබැයි ඒ අයගේ උදවු ලබන්න නම් ගොඩක් සිල්වත් වෙන්න ඕනේ. ධර්මයේ හැසිරෙන්න ඕනේ. ඒ වගේම ධර්මයේ හැසිරෙන කෙනා ධර්මය විසින්ම පුදුමාකාර විදිහට රකිනවා මචන්.

    හැබැයි මචන් ඔතන දෙවි වරු කියන දේ කොහොම අර්ථ කථනය වෙනවද දන්නවද ??

    ඒ කියන්නේ මේ දෙවිවරු කියන්නේ කවුද කියන එක....එහෙම නැත්නම් ස්ව්බ්බව දර්මයද කියල
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    එකයි මම කිව්වේ ඉපදෙන්නේ තමනුත් නෙවෙයි වෙන කෙනෙකුත් නෙවෙයි කියල කිව්වොත් එක බුද්ධාගමේ හරයන්ට පටහැනියි කියල..
    සිත අනිත්‍යයි සිතට අරමුණු වන සිතිවිලි අනිත්‍යයි. ඒ අනුව මතකය කියා නිත්‍ය සිතිවිල්ලක් නැහැ. මතකය එකතු කරන තැන(දෙය) කියා ඔබ අදහස් කලේ විඥ්ඥානයයි. විඥ්ඥානය කියන්නෙ සිතිවිලි පරම්පරාවක්. මම කලින් දුන්න ගඟේ උදාහරණය වගේ. විනාඩි පහකට කලින් තිබුණු දෙය නෙමෙයි දැන් තියෙන්නෙ. ඉතින් කොහොමද ඔබ කියන්නෙ එය කලින් තිබූ විඥ්ඥානය මයි කියල. දැන් තිබෙන සිත කලින් තිබූ සිතිවිලි පරම්පරාවේම වර්තමාන අවස්ථාවයි. ඒ නිසා ඔබ කියන්නෙ කොහොමද මේ තියෙන්නෙ කලින් තිබුන විඥ්ඥානය නොවෙයි කියල???
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එකයි මම කිව්වේ ඉපදෙන්නේ තමනුත් නෙවෙයි වෙන කෙනෙකුත් නෙවෙයි කියල කිව්වොත් එක බුද්ධාගමේ හරයන්ට පටහැනියි කියල..

    ලංකාවෙ ගොඩක් උන්ට ඕක තමයි වෙලා තියෙන්නෙ.. අතර මන් වෙලා ඉන්නෙ හරි මොකද්ද වැරදි මොකද්ද කියල තේරුම් ගන්න බැරුව..

    බෞද්ධයා විමුක්ති මග සොයාගත යුත්තේ හේතුඵල දහම තමා තුළ නිරන්තරයෙන් ක්‍රියාත්මක වන ස්වභාව ධර්මානු කූල ක්‍රියාවලියක් මගිනි.මෙය කරන්නෙක් හෝ කරවන්නෙක් නැත.ඉබේ සිදුවන මෙම ක්‍රියායාවලිය ක්ෂණයක් පාසා තමා තුළ ම ඇතිවි නැතිවී යයි.සම්මා සතියෙන් දකින්නාට මෙය ප්‍රඥා ඇසින් දැකගත හැක. එසේ නොමැතිව පටිච්ඡ සමුප්පාදය යන්න අතීත / වර්තමාන / අනාගත, ඉපදීමක් පැවත්මක් , නැවත සම්මුති මරණයක් විඤ්ඤානය මවු කුසක බැස ගැනීමක් වැනි දෑ ගැන කතා කිරීම දහම විකෘත කිරීමකි.
    බුදු හිමියන්මප්‍රතික්ෂේප කළ ආත්මය, පුනරැත්පත්තිය, නිගණ්ඨනාථ පුත්‍ර ගේ කර්ම ඵලවාදය නැවත බුදු දහමට පිවිසවීමට ගත් අත්තනෝමතික උත්සාහයකි.ඊළග ආත්මය කරා ගමන් කරන විඤ්ඤානයක් යන්නද ආත්මවාදී සංකල්පයකි. “ විඤ්ඤානය” මෙසේ ගමන් කරන බවට දේශණා කරමින් සිටි “සාති” නම් භික්ෂුවට බුදුන් වහන්සේ තදින් අවවාද කළ බව පෙල දහමේ සදහන්ය.

    පුනර් භවය යන සංකල්පයද හේතුඵල ක්‍රියාවේ පුද්ගලයකු තුළ ඇතිවෙමින් නැතිවෙමින් යන ස්වභාවිකක්‍රියාදාමය ම වේ. කරැණු එසේ වුවත් අද ඉපිදෙමින් මැරෙමින් යන "භව" ගමනක් හැම විටකම ඉස්මතු කරගෙන ඇත.ඒ පාදක කොට කරන පුද පූජා. වත් පිළිවෙත් ,දේශණා එමට බුදුසමය තුලට රිංගවා හුදු ආගම් මාත්‍රයක් බවට පත්කොට ගෙන ආගම් ඔල්මාදයක් ද වපුරමින් සිටී.

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පොඩ්ඩක් තද වෙලා වගේ.:lol::lol:.මම බුද්දාගම ගැන දැන ගන්න අසයි එකයි ප්‍රශ්න අහන්නේ.අපහස කිරීමේ බලාපොරොත්තුවෙන් නම් නෙමේ.වැරදියට තේරුම් ගන්න එපා.දැන් නිදා ගන්න යනවා මට තව ප්‍රශ්න ගොඩක් තියනවා අහන්න. ඔයයි ඔයාගේ යාළුවා යි දෙන්න දෙකක් කියන්නේ. :rofl::rofl::rofl:. එක ඊට වඩ ප්‍රශනයක් මට.

    අනිත්‍ය කියන සංකල්පෙට මොකද වෙන්නේ කියල මගෙන් අහන්න එපා.ඔය අනිත්‍ය කියන එක හරි කියල පිලි අරන් තියන තැනෙ ඉඳගෙනයි ඔය මම අහපු එකට උත්තරය ගොඩ නගල තියන්නේ එකයි ඔයාට මගෙන් එක අහල තියෙන්නේ.

    පුනුරුත්පතිය ගැන මට තාම ප්‍රශනයක් එකට හරියට ඔයාලගෙන් උත්තර හම්බ උනේ නැහැ. පෙරුම් පුරාගෙන එන එකට මම පිළිගන්න පුළුවන් උත්තරයක් හම්බ උනා එක මම අද ඉගෙන ගත්තු අලුත් දෙයක් ස්තුති එක ලස්සනට පැහැදිලි කරාට...අනිත් ඒවාට ඔය දෙන්න කිව්වා දේවල් නම් පිළිගන්න බැහැ.එකකට එකක් ගැලපෙන්නේ නැති දේවල් කිව්වේ.මොකද බුදුන්වහන්සේ ඉන්දියාව විතරක් සම්බන්ද කරගෙන කතා කරන එක .අනිත් රටවල් වලින් බුදුවහන්සේ හිටිය නම් ඒ රටවල් වලින් කිසිම ආරංචියක් නැහැ බුදු වෙන්න කලින් ඒ රටවල් වල හිටිය කියලවත්.එතොකොට හුදෙක් සියලු කතා මනකල්පිත විදියට තමයි සලකන්න වෙන්නේ.

    මම ආයේ නිවාඩු වෙලාවකට එන්නම්. මට දර්මය පැහැදිලි කරන්න ගත්තු උත්සාහයට බොහොම පින්. බුදුසරණයි..

    ආත්මය පුනර්භවය පුනුරුප්පත්තිය ගැන දීර්ග විදියට දාන්නම් ඉස්සරහට thread එකත් එක්ක ඉදපන්.. උබේ අහපු කලින් ප්‍රශ්නයට ඊට වඩා හොද පිළිතුරක් අපිට වඩා දැනුමෙන් වැඩි කෙනෙක් ගෙන් අහල මෙතන පොස්ට් කරන්නම්.. එතකන් හිටහන්..