පුනරුත්පත්තිය හා පුනර්භවය

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    රණ රාල;16362585 said:
    ඇයි මම ඔබතුමාට කිව්වේ දෙකම කියලා.
    මම ඇහුවේ ලෝභය යහපත පිණිසද අයහපත පිණිසද කියලයි...???
    1)
    යහපත පිණිස
    2)
    අයහපත පිණිස
    :)
    1 ද? 2 ද?
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    යාලු... ඔයා කියන විදිහට...
    1. ඔයා කැම වලට ආසා කරනවා...හැබැයි කැම ලැබුනේ නැත්තම්?
    2.ඔයා ලින්ගිකත්වයට ලොබයි....හැබැයිලිංගික තෘප්තිය විදින්න බැරි උනොත්???
    එකී මෙකි නොකී හැමදෙයක්ම ලැබෙනවානම් සතුටක්... හැබැයි නොලැබුනොත් දුකක්... මේ ජිවිතේ කිසිමදෙයක් ස්ථිර නෑ යාලු... මේ හැමදෙයක්ම දුකක්!! ඔබ පිළිගන්නවද? :) :)

    ඔව් කැම ලබුනෙ නැත්තම් දුකයි ....ජිවිතය් යනු දුකක් කියල කියන්නෙ බුදුද්හමෙ කොනයෙන් , ජිවිතය කියන්නෙ මෙ වගෙ කියල එක එක කොනයන්ගෙන් බලන ආගම් තියනව ... මිනිහෙක් උපදින්නෙ දුක සතුට වගෙ හැගිම් ස්මුදායක් එක්ක , එ ඔක්කොම සොබදහමෙ එක පැකෙජ් එකක් , ජිවිතය කියල ලැබෙන කාලය දුක කියන හැගිම නැති කරන්න පවිච්චි කරන්නත් පුලුවන් , එත් මරුනට පස්සෙ ඔයාට ඔය මොන හැගිමක්වත් දැනෙන්නෙ නැ , ඔය ආදරෙ කියන හැගිම දැනෙන්නෙ නැති ලෙඩකුත් තියනව කියල ලගදි නුලක් දාල තිබුනෙ ....

    මම මොකක්වත් බොරු කියල කියන්න හැදනව කියල වැරදියට තෙරුම් ගන්න එපා, දුක කියන හැගිම ඇතිවෙන්නෙ ලොබ බැදිම කියන එක නිසා , එ ලොබ බැදිම නැති කලාම යලි පැවැත්මක් නැති වෙනවාය කියන දෙ ඇත්තද බොරුද කියල කියන්න මම දන්නෙ නැහැ ,

    යලි උපදිනවාය , ඔය ජිවය ලෙස තමුන්ට සොබ දහමෙන් ලැබුනු හැගිම් ආසාවන් වගෙ දෙවල් මතු ජිවිතයකට හෙතු වෙනවාය කියන දෙවල් තෙරුම් ගන්න අමාරුයි

    යලි උපදින්නෙ මගෙ දරුවෙක් ය , ගසකින් වැටෙන ඇටයක්ය කියන එකනම් තෙරෙනව , මැරුනු කෙනෙක්ගෙ හිත කලින් කරපු සිද්දි වල කර්ම අරන් ගිහින් වෙන කෙනෙක්ගෙ කලලයකට යනව නම් , ගස් වැල් විදිහට තියන ජිවයටත් අනිත් ජිවය ඇති කරන්න එ වගෙම ගස් වල තියන මොකක් හරි වෙනව ඇති ,
    මොකද කලින් ජිවිතෙ කරපු කර්ම අනුව කියනවනෙ අනිත් ජිවිතෙ උපත ලබන්නෙ

    කර්මානු රුපිව මිනිහෙක් කොර හො අන්ග විකල වෙනවනම් , ගසක් විකර රුපි වෙන්නත් එ වගෙ හෙතුවක් තියෙන්න එපැය

    මිනිහෙක් දුප්පත් වෙන්න කර්මානු රුපිව බලපානවනම් , අඩු පොශිත් පසක හැදෙන කෙඩැරි ගහකට එහෙම අඩු පොශිත පසක පැල වෙන්න සිද්ද වෙනව ඇත්තෙ එ වගෙම සිද්දියකට වෙන්ඩ ඇති
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි...

    ඔව් කැම ලබුනෙ නැත්තම් දුකයි ....ජිවිතය් යනු දුකක් කියල කියන්නෙ බුදුද්හමෙ කොනයෙන් , ජිවිතය කියන්නෙ මෙ වගෙ කියල එක එක කොනයන්ගෙන් බලන ආගම් තියනව ... මිනිහෙක් උපදින්නෙ දුක සතුට වගෙ හැගිම් ස්මුදායක් එක්ක , එ ඔක්කොම සොබදහමෙ එක පැකෙජ් එකක් , ජිවිතය කියල ලැබෙන කාලය දුක කියන හැගිම නැති කරන්න පවිච්චි කරන්නත් පුලුවන් , එත් මරුනට පස්සෙ ඔයාට ඔය මොන හැගිමක්වත් දැනෙන්නෙ නැ , ඔය ආදරෙ කියන හැගිම දැනෙන්නෙ නැති ලෙඩකුත් තියනව කියල ලගදි නුලක් දාල තිබුනෙ ....

    මම මොකක්වත් බොරු කියල කියන්න හැදනව කියල වැරදියට තෙරුම් ගන්න එපා, දුක කියන හැගිම ඇතිවෙන්නෙ ලොබ බැදිම කියන එක නිසා , එ ලොබ බැදිම නැති කලාම යලි පැවැත්මක් නැති වෙනවාය කියන දෙ ඇත්තද බොරුද කියල කියන්න මම දන්නෙ නැහැ ,

    යලි උපදිනවාය , ඔය ජිවය ලෙස තමුන්ට සොබ දහමෙන් ලැබුනු හැගිම් ආසාවන් වගෙ දෙවල් මතු ජිවිතයකට හෙතු වෙනවාය කියන දෙවල් තෙරුම් ගන්න අමාරුයි

    යලි උපදින්නෙ මගෙ දරුවෙක් ය , ගසකින් වැටෙන ඇටයක්ය කියන එකනම් තෙරෙනව , මැරුනු කෙනෙක්ගෙ හිත කලින් කරපු සිද්දි වල කර්ම අරන් ගිහින් වෙන කෙනෙක්ගෙ කලලයකට යනව නම් , ගස් වැල් විදිහට තියන ජිවයටත් අනිත් ජිවය ඇති කරන්න එ වගෙම ගස් වල තියන මොකක් හරි වෙනව ඇති ,
    මොකද කලින් ජිවිතෙ කරපු කර්ම අනුව කියනවනෙ අනිත් ජිවිතෙ උපත ලබන්නෙ

    කර්මානු රුපිව මිනිහෙක් කොර හො අන්ග විකල වෙනවනම් , ගසක් විකර රුපි වෙන්නත් එ වගෙ හෙතුවක් තියෙන්න එපැය

    මිනිහෙක් දුප්පත් වෙන්න කර්මානු රුපිව බලපානවනම් , අඩු පොශිත් පසක හැදෙන කෙඩැරි ගහකට එහෙම අඩු පොශිත පසක පැල වෙන්න සිද්ද වෙනව ඇත්තෙ එ වගෙම සිද්දියකට වෙන්ඩ ඇති
    නැහැ. සියල්ල සිද්ධවන්නේ කර්මය පදනම් කරගෙන නොවෙයි. බුදුදහමේ එය කිසිසේත්ම කියන්නේ නැහැ. බුදුන් දේශනා කරේ විශ්වයේ සියලු සිද්ධි නියාම ධර්ම පහක විධායකයට යටත් බවයි... ඒ නියාම ධර්ම තමයි පංච නියාම ධර්ම කියලා කියන්නේ.. එනම්...

    1. බීජ නියාමය(ශාක හා සත්ත්වයන්ගේ පැවැත්ම )
    2. උතු නියාමය(වස්සාන, හේමන්ත, ගිම්හාන යන ප්‍රධාන සෘතු හා අනු සෘතු පැවතීම, වර්ෂාව, සුළඟ, අවුව, දිවා රෑ පැවැත්ම)
    3. කම්ම නියාමය(චේතනාව මූලිකව සිත, කය, වචන තිදොරින් සිදුවන කර්ම ශක්තීන් ජීව අජීව සියල්ල කෙරෙහිම බලපෑම් ඇති කරයි. සත්ත්ව උපතට බලපාන ප්‍රධාන කරුණු )
    4. ධම්ම නියාමය[සොබාදහම කාරණා හා ඵල සමූහයක් ලෙස පැවතීම(පටිච්ච සමුප්පාද) ]
    5. චිත්ත නියාමය (මිනිසා හා සතුන් තුළ බල පවත්වන අධ්‍යාත්මික නියාමයක්)
    මේ නියම ධර්ම පහෙන් කියලා තියනදේ ඉතා සරලව තේරෙන භාෂාවෙන් තමයි මම මෙතන දැම්මේ...:yes:

    මේ පහෙන් එකක් තමයි කර්මය කියන්නේ...බුදු දහමට අනුව කර්ම යනු සචේතනිකව කරනු ලබන ක්‍රියාවේ. ''චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි''තවද බුදු දහමට අනුව කර්මය යනු පංච නියාම ධර්ම වලින් එකක්...පංචනියාම ධර්ම විවරණයේ කර්මය එක් නියාම ධර්මයක් පමණයි..:)
    මෙම නියාම ධර්ම පහ මැනවින් තේරුම් ගැනීම, ලෝකය පිළිබඳ යථාර්ථය දැකීමයි. නියාම ධර්ම අවබෝධයෙන් ලෝකය හඳුනා ගත්විට ආත්මීය හැඟීම් (මමත්වය) දුරුකොට සියලු බැඳීම් හා දෘෂ්ටි වලින් මිදුණු මනසක් අපට ඇති කර ගන්න පුළුවන් . (සචිත්ත පරියොදපනං - එතං බුද්ධානුසාසනං) ඒ ශක්තිය නුවණ ඔබ සැමට ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා..! බුදුසරණයි.... :yes:
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බුදු දහමෙ කියවෙන්නෙ මේ ජාතියෙ මැරුණු කෙනා නෙමේ නැවත ගිහිං ඉපදෙන්නෙ. එයාගෙ පඤ්චස්කන්ධය නිරුද්ධ වෙනව.. එයාගෙන් කිසි දෙයක් යන්නෙ නෑ.. යන්නෙ කරපු කර්ම විතරයි. ඉපදෙන්නෙ එයා නෙමේ වෙනකෙනෙකුත් නෙමේ කියල...

    එහෙමනං හදිසි අනතුරු වලිං මැරෙන අය ආයෙ ඉපදිලා පෙර ජාතිය කියනව කියන්නෙ පැහැදිලිවම මතකය අනික් කෙනාට ගිහිං තියෙනව කියන එකනෙ ? ඒ කියන්නෙ මතකය කියන එක හදිසි අනතුරක් වගේ දේකදි ඊලඟ ජාතිය දක්වා යන්න පුළුවන්.. එතකොට ඔය කියන පසුගිය ජීවිතේ ගැන බුදු දහමෙ පැහැදිලි කිරීම වැරදියිනෙ බං.. බුදු දහමෙ එහෙම පෙර ජාතීන් දක්නා නුවණ තියෙන අය ගැන සඳහන් වෙනව.. ඒත් ඒ හැම තැනදිම මොකක් හෝ කර්මයක විපාකයක් විදිහට එහෙම හැකියාවක් ලැබුව කියලයි සඳහන් වෙන්නෙ.. ඒත් දැන් වෙන්නෙ ඒ විපාකය හදිසි අනතුරු හින්ද වෙන එකනෙ..

    ඒ වගේම ඔය පෙර ජාතිය කියන ලමයින්ගෙන් සමහර සිද්ධි වාර්තා වෙනව කලින් ජීවිතේ වෙලා හිටිය කෙනා මැරිල තියෙන්නෙත් ලමය ඉපදිලා කාලයක් ගියාට පස්සෙ.. ( එහෙම විස්තර කල සිද්ධි ගැලපිලත් තියෙනව) එතකොට ඒකට බුදු දහමෙන් දෙන පැහැදිලි කිරීම මොකක්ද ? මිනිහ මැරෙන්න කලින් පඤ්චස්කන්ධෙ එහෙම්මම තියෙද්දි නිරුද්ධ වෙලා තවත් මව් කුසක පිළිසිඳ ගන්නව කියන එකද ?

     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83

    එහෙමනං හදිසි අනතුරු වලිං මැරෙන අය ආයෙ ඉපදිලා පෙර ජාතිය කියනව කියන්නෙ පැහැදිලිවම මතකය අනික් කෙනාට ගිහිං තියෙනව කියන එකනෙ ? ඒ කියන්නෙ මතකය කියන එක හදිසි අනතුරක් වගේ දේකදි ඊලඟ ජාතිය දක්වා යන්න පුළුවන්.. එතකොට ඔය කියන පසුගිය ජීවිතේ ගැන බුදු දහමෙ පැහැදිලි කිරීම වැරදියිනෙ බං.. බුදු දහමෙ එහෙම පෙර ජාතීන් දක්නා නුවණ තියෙන අය ගැන සඳහන් වෙනව.. ඒත් ඒ හැම තැනදිම මොකක් හෝ කර්මයක විපාකයක් විදිහට එහෙම හැකියාවක් ලැබුව කියලයි සඳහන් වෙන්නෙ.. ඒත් දැන් වෙන්නෙ ඒ විපාකය හදිසි අනතුරු හින්ද වෙන එකනෙ.. ඒ වගේම ඔය පෙර ජාතිය කියන ලමයින්ගෙන් සමහර සිද්ධි වාර්තා වෙනව කලින් ජීවිතේ වෙලා හිටිය කෙනා මැරිල තියෙන්නෙත් ලමය ඉපදිලා කාලයක් ගියාට පස්සෙ.. ( එහෙම විස්තර කල සිද්ධි ගැලපිලත් තියෙනව) එතකොට ඒකට බුදු දහමෙන් දෙන පැහැදිලි කිරීම මොකක්ද ? මිනිහ මැරෙන්න කලින් පඤ්චස්කන්ධෙ එහෙම්මම තියෙද්දි නිරුද්ධ වෙලා තවත් මව් කුසක පිළිසිඳ ගන්නව කියන එකද ?

    යාලු ඔයා මතුකරන්න හදන අදහස පැහැදිලි නෑ....
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    කර්ම භවය සහ පුනර්භවය සකස්වන ආකාරය

    කර්ම භවය සහ පුනර්භවය සකස්වන ආකාරය :)

    ශ්‍රී සද්ධර්මය හොඳින් අවබෝධ කරගැනීමට නම් පටිච්ච සමුප්පාද ක‍්‍රමයට අනුව භවය සහ පුනර්භවය හොඳින් වටහා ගන්න ඕන. කර්ම භවය සහ උප්පත්ති භවය වශයෙන් භවය දෙයාකාරයි. කෙනෙක් දන් දීම, සිල් සමාදන් වීම, භාවනා කිරීම, බණ ඇසීම වැනි දස පුණ්‍ය ක‍්‍රියාවන්වල යෙදෙන විට ඒ පුද්ගලයා හොඳ බවට පත්වෙනවා. එසේම කෙනෙක් සතුන් මැරීම, සොරකම් කිරීම, දුරාචාරයේ යෙදීම, බොරු කීම, කේලාම් කීම වැනි දස අකුසල්වල යෙදෙමින් කටයුතු කරන විට නරක පුද්ගලයෙක් බවට පත්වෙනවා. මේ අනුව කෙනෙක් හොඳ බවට හෝ නරක බවට පත්වන ආකාරය පටිච්ච සමුප්පාද ධර්මය තුළින් විමසා බැලීමෙන් දහම් න්‍යාය තේරුම් ගැනීම පහසු වෙනවා. අපි මුලින්ම කර්ම භවයේ ස්වභාවය විමසා බලන්න ඕන.
    අවිද්‍යාව කියන්නේ ඇත්ත ඇති ආකාරයෙන් නොදැන ලෝකය නිච්ච, සුඛ, අත්ථ යනුවෙන් ඇතිකර ගන්නා වූ මුලා සහගත දෘෂ්ඨියයි. ඒ අවිද්‍යාවේ ස්වභාවය අනුවයි සංඛාර හෙවත් අවිද්‍යා සහගත පින් පව් ගොඩනැගෙන්න පටන් ගන්නේ. අවිද්‍යාවෙන් ගන්න නිගමනය රාග සහගත නම් ඒ අනුව හටගන්නා සිතිවිලි, ක‍්‍රියා, වදන් රාග සහගතයි. ද්වේශ සහගතව ගැටිලා හැපිලා කෙසේ හෝ ජය ගන්නවා කියන අදහස ආවොත් ඒක ද්වේශ සහගත අවිද්‍යාවක්. සිත, කය, වචනය මුල් කරගෙන ප‍්‍රිය මනාප දෙයකට බැඳී, පැවැත්ම හොඳයි කියා යම් ඇලීම් සහගත කටයුත්තක් හෝ අප‍්‍රිය අමනාප දෙයක් සමග ගැටී යම් ගැටීම් සහගත කටයුත්තක් හෝ කරගෙන යමින් ඒ අනුව හිතන්න, කියන්න, කරන්න පටන් ගත්තාම ඒක මෝහ සහගත අවිද්‍යාවක් වෙනවා. දන් දීම, සිල් සමාදන් වීම ආදී හොඳ කටයුතුවල යෙදී ඒ තුළ පැවැත්ම හොඳයි කියා ගත්තොත් හොඳ වුනත් ඒකත් අවිද්‍යාවේ නිගමනයක්.
    අවිද්‍යා පච්චයා සංඛාරා කියන විට අදහස් කරන්නේ කුමක්ද???? :shocked:

    ''පුඤ්ඤාභි සංඛාරා, අපුඤ්ඤාභි සංඛාරා, ආනෙඤ්ඤාභි සංඛාරා අයං වුච්චති අවිද්‍යා පච්චයා සංඛාරා''
    යනුවෙන් පුඤ්ඤාභි සංඛාරත් අවිද්‍යා ප‍්‍රත්‍යයෙන් සිදුවන බවයි බුදුන් වහන්සේ දේශනා කරල තියෙන්නේ. ඒ පුඤ්ඤාභි සංඛාරත් සසර ගමනට හේතු වෙනවා. මේ අයුරින් පුඤ්ඤාභි සංඛාරයක් සිදුවන විට සංඛාර පච්චයා විඤ්ඤාණං කියන න්‍යායට අනුව විඤ්ඤාණයක් හටගන්නවා. එය හඳුන්වන්නේ පුඤ්ඤාභි සංඛාර විඤ්ඤාණයක් ලෙසයි. ඒ අභිසංඛාර විඤ්ඤාණය තමයි සසර ගමනට හෙවත් පුනර්භවයට බීජය වෙන්නේ. නැත්නම් උප්පත්ති භවයට බීජය වෙන්නේ. එය කර්ම භවයයි. උප්පත්ති භවයමයි පුනර්භවය ලෙස සඳහන් කළේ. කර්ම භවයටයි භවය කිව්වේ. මේ අනුව මුලින්ම හටගන්නේ කර්ම භවයයි.
    ඒ ඇතිවන්නා වූ අභිසංඛාර විඤ්ඤාණය තුළින් ජීවත්ව ඉන්න පුද්ගලයෙකුගේ මානසික තත්ත්වයේ වෙනස් වීමක් හටගන්නවා. හොඳ වැඩ කරමින් ඉන්න විට අපේ මානසිකත්වය තුළ නව විඤ්ඤාණයක් පහළ වෙනවා. හොඳ මානසිකත්වයට හැම විටම ගෝචර වෙන්නේ හොඳ වැඩ පිළබඳ අදහස්, හොඳ ක‍්‍රම රටාවල්, ඒවායේ සටහන්, මනෝ රූප ආදියයි. මේ පුණ්‍ය විඤ්ඤාණයේ බැසගන්නා නාම රූපයයි. ප‍්‍රවෘත්ති පටිච්ච සමුප්පාදයේ විඤ්ඤාණ පච්චයා නාම රූපං යන සිද්ධාන්තයයි මෙහිදී සිදු වුණේ.
    ඉන් පසුව නාම රූප පච්චයා සලායතනං කියන සිද්ධාන්තයට අනුව ඇස, කන, නාසය, දිව, කය, මන යන ඉන්ද්‍රිය හය හොඳ වැඩවලට ආයතන බවට පත්වෙනවා. මේ අනුව පුණ්‍ය මානසිකත්වයට අවශ්‍ය දේ යලි යලිත් ගොඩනැගීමට හේතුකාරක වන ආකාරයට ක‍්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ අනුව ඒවා පුණ්‍ය ධර්ම ක‍්‍රියාත්මක කරවන ආයතන බවට පත්වෙනවා. එබඳු පුණ්‍ය අදහස් මුල්කරගෙන ලබන ස්පර්ශය පුණ්‍ය ධර්මයන්ගේ ස්පර්ශයයි. සලායතන පච්චයා ඵස්සෝ යනුවෙන් සඳහන් කළේ ඒ ස්පර්ශයයි.
    ඒ ස්පර්ශයෙන් හටගන්නේ පුණ්‍ය වේදනාවක්. ඒ වේදනාව නිසා ඇතිවන්නේ පුණ්‍ය ප‍්‍රසාදයක්. ඒ ප‍්‍රසාදයෙන් ලැබෙන්නේ අධිමොක්ක හෙවත් මුදුන්පත් වීමක් (නිවන් පැත්තට ඇදී යාම). ප‍්‍රසාද පච්චයා අධිමොක්කෝ යනුවෙන් සඳහන් කර ඇත්තේ ඒ මුදුන් පත්වීමයි. අධිමොක්කෝ යන තත්ත්වයෙන් පසුව ඇතිවන භවය පුණ්‍ය භවයයි. මේ තමයි කර්ම භවය. මෙලොවදී ලැබුවා වූ මේ කර්ම භවය තුළින් මතු උපතක් හටගැනීමට හේතුකාරක වන මරණාසන්න අවස්ථාවේ හටගන්නා චිත්ත වීථියේදී, ඒ කර්ම භවයෙන් උප්පත්ති භවයක් හෙවත් පුනර්භවයක් හටගන්නවා.
    මෙසේ යහපත් වැඩ කළොත් යහපත් බවටත්, නරක වැඩ කළොත් නරක බවටත් වශයෙන් කර්ම භවය සකස් වෙනවා. භවයෙන් පුනර්භවය හටගන්නා ආකාරය මීළඟට විග‍්‍රහ කර බලමු. මොනවද නරක වැඩ කියන්නේ? යම් අවැඩක් හෝ දුශ්චරිතයක් සිදු වුනාම ඒවා තිරිසන් වැඩ, නැත්නම් බලූ වැඩ කියලත් ඇතැම් විට කියනවා. කෙනෙකුගේ පුනර්භවය බලූ වැඩකින් සකස් වුනා යැයි සිතමු. බලූ වැඩ යන වචනවල ශබ්ද නිරුක්තිය තුළින් මුලින්ම එහි අර්ථය දැනගත යුතුයි. බසක් ඉවත්කර දැමීම නිසා බහ+ලූ =බලූ ලෙසින් අර්ථ ගැන්වෙනවා. බහ හෙවත් බස කියන්නේ සද් බසයි. ලොව්තුරා බුදුපියාණන් වහන්සේ පහළ වීමට පෙර විසූ යහපත් ගුණ ඇති ඍෂිවරු පවා ඔවුන්ගේ ලෞකික අවබෝධය තුළින් බොරු, කේලාම්, පරුෂ වචන, ප‍්‍රලාප, ප‍්‍රාණ ඝාත, සොර මැර වංචා, සුරා සූදු, දුරාචාර සහ ලෝභ, ද්වේශ, මෝහ සහගතව ජීවත්වීම යන කරුණු, අත්හල යුතු අයහපත් දේවල් ලෙස පෙන්වා දී තිබුණා. කෙනෙක් සද් බස ඉවත දා දුෂ්චරිත ලෙස කටයුතු කරනවා නම් ඔහු බලූ විදිහට කටයුතු කරන්නෙක් ලෙස හඳුන්වනවා.
    මෙසේ කෙනෙක් බලූ විදිහට කටයුතු කරනවා නම්, කියනවා නම්, හිතනවා නම් කර්ම භවය තුළින් ඒ තැනැත්තා මෙලොවදීම බලූ බවට පත් වෙනවා. මෙසේ කෙනෙක් පටිසන්ධියේදී ඔහු ගෙනා කර්ම ශක්තිය කෙළවර වී නැවත පටිසන්ධියක් ලැබීමට හේතුකාරක වන මරණාසන්න මොහොතේදී, ඔහු බැඳී සිටියේ බලූ ධර්ම තුළ නම් ඒ ධර්මතාව අවසාන මොහොතේදී යළි මතුව එනවා. මේ බලූ කර්ම භවයි.
    එහෙනම් බලූ උප්පත්ති භවක් හටගන්නේ කොහොමද? මිනිසෙක්ව සිටියදී බලූ වැඩ කිරීම නිසා මරණාසන්න මොහොතේදී කර්ම, කර්ම නිමිති, ගති නිමිති යන කාරණා තුනට අනුකූලව බලූ විදිහට කළ වැඩ, කර්ම විදිහට මතුවෙලා හීනයක් සේ පෙනෙන්න පටන් ගන්නවා. මේ වන විට ඔහුගේ ඇස, කන, නාසය, දිව, කය යන ඉන්ද්‍රියන් අඩපන වෙලා. නමුත් මනස හොඳින් ක‍්‍රියාත්මක වෙනවා. මෙසේ පෙර පුරුදු කරපු දේවල්වලට අනුව බලූ කර්ම භවක් හටගෙන කෙනෙකුගේ පුනර් භවය හෙවත් උප්පත්ති භවය සිදුවෙනවා. මෙය සිදුවන්නේ මරණාසන්න චිත්ත වීථියේදී. චුතියට අමතරව චිත්තක්‍ෂණයක තරම්වත් අතරක් නැති පටිසන්ධියක් සිදුවෙන්නේ මේ ආකාරයටයි. මේ කාලයේ මහා ගැටළුවක් වෙලා ඇති ප‍්‍රශ්නයක් තමයි චුතියත් පටිසන්ධියත් අතර අතරක් නැහැ කියන කාරණය.
    දැනට භාවිතා කරන සාමාන්‍ය චුති චිත්තයක ස්වභාවයයි මේ. මෙහි සම්පූර්ණ විස්තරය මීට වඩා බොහෝ විග‍්‍රහ සහිතයි. පංචද්වාර චිත්ත වීථියත් සමග අනුබද්ධ ආධාරක චිත්ත වීථි තුනක් සහිත වූ සන්තති වර්තමානය විග‍්‍රහ කිරීමේදී නියම චුති පටිසන්ධි චිත්ත වීථිය විග‍්‍රහ වෙනවා. දැනට භාවිතාවෙන් ඉතා දුරස්ව ඇති මේ පිළිබඳව පසුව බලාපොරොත්තු වන්න.
    මරණාසන්න මොහොතේ හටගන්නා පංචද්වාර චිත්ත වීථියක් පිළිබඳව අභිධර්මයේ විස්තර කරල තියෙන්නේ මෙහෙමයි. අතීත භවාංග, භවාංග චලන, භවාංග උපච්ඡේද ලෙස චිත්ත වීථියක චිත්තක්‍ෂණ දාහතකින් තුනක් ක‍්‍රියාත්මක වෙලා, පංචද්වාර ආවර්ජන, චක්ඛු විඤ්ඤාණ යන චිත්තක්‍ෂණවලට පසු සම්පටිච්චන, සන්තීරණ, වොත්තපන යන චිත්තක්‍ෂණ තුනක් පහළ වෙලා, ජවන ජවන ජවන ජවන ජවන ලෙස චිත්තක්‍ෂණ පහක් ක‍්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අනතුරුව චුති, පටිසන්ධි, භවාංග, භවාංග ලෙස චිත්තක්‍ෂණ දාහතක් හටගන්නවා. මේ ආකාරයෙන් චිත්ත වීථියක් හටගැනීමට නම් ඒ චිත්තක්‍ෂණ දාහත අවසන් වන තෙක් තවත් චිත්ත වීථියක් හෙවත් සිතක් හටගන්නෙ නෑ. මේ චිත්තක්‍ෂණ දාහතක චිත්ත වීථිය අවසාන වන තෙක් ඒ චිත්තය හටගන්න අවශ්‍ය හෘදය රූපය තියෙන්නේ මරණාසන්නව පණ අදින පුද්ගලයාගේ හදවත ඇසුරු කරගෙනයි. ජවන චිත්තක්‍ෂණ පහ අවසන් වන විට චිත්තක්‍ෂණ දහතුනක් අවසන් වෙලා ඉවරයි. දාහතර වන චිත්තක්‍ෂණයේදී චුත වෙනවා. පහළොස්වන චිත්තක්‍ෂණයේදී පටිසන්ධිය ලබනවා. දහසය දාහත චිත්තක්‍ෂණ දෙක ගෙවිල යන්නත් ඉතිරි වෙනවා.
    මේ ආකාරයෙන් පටිසන්ධියක් ලබන්නේ මවු කුසක නොවෙයි. අවසාන චිත්ත වීථියෙයි. චිත්ත වීථිය අවසන් වෙන්න පෙර භවාංග දෙකක් ගිහින් පටිසන්ධියෙන් පසුව දැන් ඉපදිලා ඉවරයි. චුති, පටිසන්ධි චිත්තක්‍ෂණ දෙක අතර අතරක් නැතැයි සඳහන් කළේ ඒ නිසයි. මේ තත්ත්වයට පත්වුනාම ජාතිය පහළ කර අවසානයි. එහෙනම් පටිසන්ධියේදී හටගත්තේ මොකක්ද? පටිසන්ධියට අවශ්‍ය වන්නේ කර්මවලින් හටගන්නා කර්මජ රූප මිසක් මවු කුසක හටගන්නා උතුජ රූප නොවෙයි.
    ''පටිසන්ධි ඛනේ විපාකාභ්‍යා- කකානං කටත්තාච රූපානං කම්ම පච්චේන පච්චයො. විපාක පච්චේන පච්චයො''
    යනුවෙන් විග‍්‍රහ වෙන්නේ පටිසන්ධි මොහොතේදී ඒ කර්මජ රූප සහ කර්මජ බලයෙන් හටගන්නා රූප සහ අව්‍යාකෘත නාම (ව්‍යාකෘත නම් ක‍්‍රියාත්මක වීමේ හැකියාවයි, බලයයි. ඒක නැති නිසා අව්‍යාකෘත වෙනවා. එවිට දැනෙන්නේ ඉබේ ක‍්‍රියාත්මක වෙනව වගෙයි, කරන ඒවා නොවෙයි. විපාක හිත් අව්‍යාකෘතයි) සම්බන්ධ වෙලා ඊළඟ අත්බව හටගන්න බවයි. ඒ අනුව කර්මජ බලූ බවෙන් කර්මජ බලූ ජාතිය හටගන්නවා. මෙහිදී සිදුවන්නේ මිනිසා කර්මජ බල්ලෙක් වීමයි. මෙය ඉතා සියුම් ප‍්‍රසාද රූපයක් (ප‍්‍ර + සාද – නැවත නැවතත් සාධනය කරනවා. අපේ බලාපොරොත්තුව අනුව අපි යම් ප‍්‍රසාදයක් ඇතිකර ගන්නවා. නැවතත් බලන්න ඇත්නම්, නැවතත් අහන්න ඇත්නම් ආදී ලෙස ආස්වාදය යලි යලිත් ගොඩනැගීම සඳහා ප‍්‍රසාදය මුල් කරගෙන ගොඩනැගිච්ච රූප) ඒ චිත්ත වීථිය අවසන් වන විට මෙසේ කර්මජව හටගත් කර්මජ රූපය තුළ යළි සිත් හටගැනීමට අවශ්‍ය වස්තු රූපයත් හැදී අවසානයි. පටිසන්ධි අවස්ථාවේදී කාය දසක, භාව දසක, වස්තු දසක ලෙස පරමාණු තුනක් කර්ම බලයෙන් පහළ වෙනවා. එතැන් සිට චිත්තජ රූප එන්න පටන් ගන්නවා. මේ අනුව කර්මජ රූපයෙන් ගති රූපයක් උරුම වී බලූ රූපය හැඩගැසී අවසානයි. එහෙත් මේ බලූ රූපය ඇහැට පෙනෙන එකක් නොවෙයි. ඇසි පිය ගහන මොහොතකදී මේ සියල්ල සිදුවී අවසන් වෙනවා. ඊළඟ අවස්ථාවේදී සිදුවන්නේ කර්මජ රූපයන්ගේ ඉතිරි වන්නා වූ රූප පහළ කොට පූර්ණ කිරීමයි. එනම් චක්ඛු දසක, සෝත දසක, ඝාන දසක, ජිව්හා දසක කියන ඒවායි. දසක ලෙස හඳුන්වන්නේ පරමාණුවක් (ශුද්ධාෂ්ඨකයක්) සමග එකතු වී පරිවර්ථන හා පරිභ‍්‍රමණ යන රූප දෙක සමග සෑදෙන රූප දහයක සම්පිණ්ඩනයක්. මේ දෙවැනි අවස්ථාව වන විට එබඳු ඒවා හැත්තෑවක් සකස් වී අවසානයි. මේ අවස්ථාව හඳුන්වන්නේ සංජාති කියලයි. ජාති කියන අවස්ථාව පැහැදිලි කරල තියෙන්නේ මෙහෙමයි.
    ''කතංච භික්ඛවේ ජාති. යං තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්ත නිකායේ ජාති, සංජාති, ඔක්කන්ති, අභිනිබ්බන්ති, කන්දානං පාතුභාවො ආයතනානං පටිලාභෝ අයං වුච්චති භික්ඛවේ ජාති.''
    මෙහි ජාති යනුවෙන් හඳුන්වා ඇත්තේ මේ පළමු කරුණු තුනේ සම්පිණ්ඩනයක්. රූප කලාප හැත්තෑව සමග චිත්තජ රූප එකතු වෙලා කර්මජ චිත්තජ අවස්ථාව ඉක්ම යන විටම උතුජ රූප සැදී සිදුවන සම්පිණ්ඩය සංජාති හෙවත් ගන්ධබ්බයායි. චුති පටිසන්ධි අතර අතරක් නැති බවත්, එසේම ගන්ධබ්බයෙක් නැත්නම් සංජාතිකයෙක් ලෙස හඳුන්වන මව් කුසේ ඉපදෙන තුරු පවතින අතර කාලය තුළ කුමක් වන්නේද යන්නත් සොයාගන්න බැරුව අද පටලැවිලයි තියෙන්නේ. මේ අතර කාලය තමයි සංජාති කියන අවස්ථාව.
    මේ සංජාති අවස්ථාවේ ඇතිවන සූක්‍ෂම කායිකයා හෙවත් ගන්ධබ්බයා කර්මජ, උතුජ හා චිත්තජ රූපයන්ගෙන් සැදී කර්මජව නිපදවෙන ආහාර, ආහාර කරගෙන නැත්නම් තණ්හාව උපාදාන කරගෙන ජීවත් වෙනවා. ඉන්පසු මේ ගන්ධබ්බයා උතුජ කාය හෙවත් ඍතු විපර්යාස කරගත් රූපයකින් යුක්තව ත‍්‍රිජ කාය කියන සියුම් කයකින් පිටවෙලා යනවා. සුළඟට හසු වූ පරඬැලක් සුළඟ හමන අතට ගසාගෙන යනවා වගෙයි, කර්ම ශක්තියට ගෝචර වන ඒ සියුම් කය හෙවත් ගන්ධබ්බයා කර්ම ප‍්‍රවාහයට හසුවෙලා කර්ම ශක්තියට අනුකූලව බලූ ගැබක් හටගන්නා තෙක් කරකවමින් මේ විශ්වය තුළම තබාගන්නවා.
    සං:නි:(4), 700 පිටුවේ එන කුතුහලසාලා සූත‍්‍රයේදී බුදුපියාණන් වහන්සේගෙන් වච්චගොත්ත පරිභ‍්‍රාජකයා අහනවා, ස්වාමීනි, මේ කයත් අත්හැරියා මතු කයකට ගියෙත් නෑ මේ අතර කාලය තුළ සත්ත්වයා කුමක් උපාදාන කරගනිමින් ජීවත් වෙයිද කියා. ඒ අතර කාලය තුළ සත්ත්වයා ජීවත් වෙන්නේ තණ්හාව උපාදාන කරගෙනයි කියා බුදුපියාණන් වහන්සේ දේශනා කර තියෙනවා. එහෙනම් චුති, පටිසන්ධි අතර අතරක් නෑ කියන කාරණය බොරුවක් නොවෙයි. ජාති යන්න විග‍්‍රහ කිරීමේදී සංජාති කියන අවස්ථාවයි ඒ අනුව ගන්ධබ්බ අවස්ථාව ලෙස පෙන්වූයේ. යම්කිසි බලූ ගැබක් සකස් වෙලා කර්ම ශක්තියෙන් එතැනට ඇදී එන තුරු ඉන්නේ මේ සංජාති හෙවත් ගන්ධබ්බ අවස්ථාවෙයි.
    ඔක්කන්ති කියන්නේ ඊළඟ අවස්ථාවයි. සංජාතියෙන් ඔක්කන්තියට යනවා කියන්නේ මේ බලූ ගන්ධබ්බයා උප්පත්ති ස්ථානයට යාමයි.
    ''ඔක්කන්ති ඛනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චයෝ''
    යනුවෙන් පෙන්වා ඇත්තේ නාම රූපයෝ නාම රූපයන්ට සහජාත ප‍්‍රත්‍යයෙන් ප‍්‍රත්‍ය වීමයි, අඤ්ඤමඤ්ඤ ප‍්‍රත්‍යයෙන් ප‍්‍රත්‍ය වේ යන්නයි. ඒ ගන්ධබ්බයා බලූ ගැබ තුළ සකස් වී ඇති බලූ කලලය අල්ලා ගැනීම ඔක්කන්ති වීමයි.
    අභිනිබ්බන්ති යනුවෙන් සඳහන් වන්නේ අභ්‍යන්තර නිර්මාණයක් වීමයි. මනෝමය කයට අනුව මස් ලේ කයක් බලූ ගැබ තුළ නිර්මාණය වෙන්න පටන් ගන්නවා. දැන් බලූ රූපස්කන්ධයක් බලූ ගැබ ඇතුලේ පහළ වෙලා. ඒ රූපස්කන්ධයට වේදනාව දැනෙනවා, සංඤා දැනෙනවා. මේ ආකාරයෙන් බලූ සංඛාර සහ බලූ විඤ්ඤාණ පහළ වෙලා බලූ පංචස්කන්ධයක් හටගන්නවා. ඛන්ධානං පාතුභාවෝ කිව්වේ මෙයයි. දැන් හැදිලා ඉවරයි. එළියට එන විට ආයතන ප‍්‍රතිලාභය ලැබිලා ඇසට රූපය, කනට ශබ්දය, නාසයට ගන්ධය, දිවට රසය, කයට බලූ ස්පර්ශ සහ මනට බලූ ධර්මයන් උපදිනවා.
    “කම්මා විපාකා වත්තන්ති” යනුවෙන් කර්මයට විපාකයක් වශයෙන් බලූ ධර්මයක් අරමුණු වුණා. මුලදී සකස් වී තිබූ අභිසංඛාර විඤ්ඤාණය හෙවත් කර්ම භවයේ පිහිටන ලද විඤ්ඤාණයේ බීජය ඇදී ඇවිත් යම්කිසි අවස්ථාවක කරන ලද කර්මය යළි කළා හා සමානව මතුවී එනවා. කර්මය කුඹුරයි, විඤ්ඤාණය බීජයයි, තණ්හාව ජලයයි, අවිද්‍යාව බැම්මයි යනුවෙන් උපමා කර ඇති පරිදි අවිද්‍යා බැම්මෙන් වටකර ඇති කර්මය නමැති කුඹුර තණ්හාව නමැති ජලයෙන් තෙමා අභිසංඛාර විඤ්ඤාණ නමැති බලූ ගතියෙන් හටගත් බීජය වැපුරුවාම බලූ ගති ලක්‍ෂණ සහිත සත්ත්වයෙක් කුඹුරෙන් මතුවන පැලයක් සේ පුනර්භවය ලබනවා.
    මීළඟට “විපාකෝ කම්ම සම්භවෝ” යනුවෙන් සඳහන් කළේ පටිච්ච සමුප්පාද ක‍්‍රියාවලිය අනුව මරණාසන්න මොහොතේදී කර්මය මතු වී ඒමයි. මේ අනුව මරණාසන්න මොහොත වන විට කෙනෙක් අවිද්‍යාව දුරු කොට සත්‍යය දැකල තිබුණෙ නැත්නම්, ඔහු පිහිටන්නේ බලූ ධර්ම හොඳයි ප‍්‍රියයි මනාපයි කියන බලූ අවිද්‍යාව නමැති මානසිකත්වය තුළයි. මරණාසන්න මොහොතේ ඊට අනුකූලව පරිසරයක් මැවිලා හිතින්, කයින්, වචනයෙන් ඔහු බලූ විදිහට කටයුතු කරන්න පටන් ගන්නවා. පැත්තක කය පණ අදිනවා. මනසින් හදාගත් සිහිනමය කයකින් ඔහු ඒ පරිසරය තුළ සැරිසරමින් සංඛාර ගොඩනගනවා. ඒ තමයි දෙවනි අවස්ථාව. එනම් පුනර්භවයට හේතුවන අවිද්‍යා පච්චයා සංඛාර ගොඩනැගෙන අවස්ථාව.
    විපාක අරමුණක් ලෙස මෙසේ බලූ ධර්මයක් ඇවිත් විපාකයක් හටගන්නවා. ඒ විපාකයෙන් සංඛාර පච්චයා විඤ්ඤාණ කියන පටිසන්ධි විඤ්ඤාණ අවස්ථාව හටගන්නවා. මේ ආකාරයෙන් පටිසන්ධි විඤ්ඤාණය සකස් වුනාම එහි නාම රූප බැහැගන්නවා. ඒ නාම රූප කියන්නේ බලූ ගති ලක්‍ෂණයි. විඤ්ඤාණයේ හටගන්නා ඒ සියුම් නාම රූප තුළින් බලූ විදිහට සකස් වුන ඇස, කන, නාසය, දිව, කය, මන කියන ආයතන ලබාගෙන ඒ මගින් බලූ ස්පර්ශ, බලූ වේදනා, බලූ තණ්හා, බලූ උපාදානවලට පත්වෙලා බලූ උප්පත්ති භවයකට පත්වෙනවා. භවට පත්වුනාට පසුව භව පච්චයා ජාති කියන අවස්ථාව සම්පූර්ණ වෙලා බලූ ජාතිය හටගන්නවා. මේ පටිසන්ධි පටිච්ච සමුප්පාදයයි.
    මේ ආකාරයෙන් ඒ ඒ සත්ත්ව ජාති හටගන්නා හැටි, ඒ ඒ සත්ත්වයන්ගේ නම් ගොත් විග‍්‍රහ කර බැලීමෙන් අවබෝධ කරගන්න පුළුවන්. සත්ත්ව ජාති හටගන්නෙත් ඒ ඒ සංඛාරයන්ගේ ස්වභාවයි අනුවයි. ඒ ඒ ගති ලක්‍ෂණයන්ට අනුව හටගන්නා ලෝකයේ කොච්චර සත්ත්ව සංඛ්‍යාවක් හිටියත්, පටිච්ච සමුප්පාද ක‍්‍රියාවලියට අනුව තේරුම් ගත්ත නම් ඒ සත්ත්වයින් සකස් වන ආකාරය අවබෝධ කරගන්න පුළුවන්. මිනිහෙක් මැරිලා සතෙක් වන ආකාරය මෙයින් පැහැදිලි වෙනවා.
    ඒ අනුව සත්ත්වයෙක් සකස් වන හේතුව නිරෝධ කිරීමෙන් නැවත භවයක් සකස් වීම නතර කරන්න පුළුවන්. මෙබඳු වන්නා වූ සසර ගමනේ යථාර්ථය දැකලා සියලූ දුකින් නිදහස් වීමට අධිෂ්ඨාන කරගන්න.
    බුදුසරණයි..
    [දේශිත සැඟවුණ දහම් කරුණු ඇසුරින්]



    ජීවියා අනෙකුත් ජීවින්ගෙන් වෙනස් වීමට එක් ප්‍රධාන හේතුවක් තමයි ඔහු තුල ඇති සිතීමේ හැකියාව. බුද්ධිමත් ජීවියා යන ගෞරව නාමය ඔහුට හිමිවෙලා තිබෙන්නේත් මේ නිසයි. නමුත් ලෞකික ලෝකයේ ඇති විවිධ දේවල් වලට ආකර්ෂණය වී ඇති නිසා මිනිසාගේ චින්තනයන් ලෞකික ලෝකයටම සීමා වෙලා තිබෙන බව අපට දැක ගන්න පුළුවන්. මේ නිසා ඇතැම් සංකීර්ණ ප්‍රශ්න දිහා සිත යොමුකරන්න මිනිසා උත්සහ දරන්නේ නැහැ.. ඔන්න ඕකයි වෙලා තියෙන්නේ...
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    Rep++++ දීපු හැමෝටම ගොඩක් ස්තුති....
    රේප් කපපු කෙනෙකුත් ඉන්නවා... ගොඩක් රිදිච්ච කෙනෙක්....


    Rep++++ දීපු හැමෝටම ගොඩක් ස්තුති....
     
    Last edited:
    Jan 7, 2013
    182
    16
    0
    මම ඇහුවේ ලෝභය යහපත පිණිසද අයහපත පිණිසද කියලයි...???
    1)
    යහපත පිණිස
    2)
    අයහපත පිණිස
    :)
    1 ද? 2 ද?
    මට නම් දැන් එපා වෙලා ඔබතුමාගේ හරස් ප්‍රශ්න වලට උත්තර දීලා. ඔබ තුමා ඔය හරස් ප්‍රශ්න අහලා කියන්න හදන දේ කෙලින්ම කිව්වා නම් මීට වැඩිය ලේසියි. අනේ මට නම් ඔබ තුමාගෙන් අහලා දුක්ඛ සත්‍ය තේරුම් ගන්න ඕනි නෑ. මම මේ ඉන්න විදිහටම ඔහේ කියන නිසරු දේ බලාගෙන ඉන්නම්. :P මෝහනය ගැන මම කිව්වා දේ පිළිගනිම හෝ නොගැනීම ඔහෙට භාරයි.
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    රණ රාල;16366097 said:
    මට නම් දැන් එපා වෙලා ඔබතුමාගේ හරස් ප්‍රශ්න වලට උත්තර දීලා. ඔබ තුමා ඔය හරස් ප්‍රශ්න අහලා කියන්න හදන දේ කෙලින්ම කිව්වා නම් මීට වැඩිය ලේසියි. අනේ මට නම් ඔබ තුමාගෙන් අහලා දුක්ඛ සත්‍ය තේරුම් ගන්න ඕනි නෑ. මම මේ ඉන්න විදිහටම ඔහේ කියන නිසරු දේ බලාගෙන ඉන්නම්. :P මෝහනය ගැන මම කිව්වා දේ පිළිගනිම හෝ නොගැනීම ඔහෙට භාරයි.

    බෝහොම හොදයි යාලු... මේ ත්‍රෙඩ් එකේ තමන්ගේ අදහස් ඉදිරිපත් කරාට ගොඩක් ස්තුතියි යාලු....:yes:
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    ලොභය කියන එක යහපතට වගෙම අයහපතටත් හෙතු වෙන්න පුලුවන් ......
    ඔයා කැම වලට ආසා කරන්නෙ එක සොබදහමෙ නියමයක් නිසා .ඔයා ලින්ගිකත්වයට ලොබ වෙන්නෙ එකත් සොබ දහමෙ නියමයක් නිසා, එ සමහර ලොබ බැදිම් නැත්තන් ආකර්ශයයන් තමන්ගෙ පැවැත්මට හනිකර වෙන්න පුලුවන් හො නැති වෙන්න පුලුවන් .ගස්වැල් විතරක් නෙවෙයි ජිවය කියල පවතින හැම දෙම එ වගෙ ටිකක් කල්පනා කරල බැලුවොත් යම් යම් ලොබ බැදිම් තමයි එ හැම දෙයක්ම ඔයා කියන කොනෙන් බැලුවොත්


    • ලෝභ කම කොහොමද යාලු යහපතටයි අයහපතටයි දෙකටම යෙදෙන්නේ?????? පොඩ්ඩක් හැමෝටම පැහැදිලි කරන්න... ගොඩක් කට්ටිය කැමතිවෙයි දැනගන්න...
     
    Last edited: