ඔය වාහනයක් අපේ ගෙදරත් තිබ්බා. ඔකේ තියෙන හොඳම දෙය තමයි
Pros
- diesel කරනවා මාර විදියට. මම lieter එක 70ගණන් වලට තිබ්බ දවස්වල ගනේමුල්ලේ ඉඳල වැල්ලවත්තට ගිහින් එනවා 350ක ගහල. ගෙදර එන්නේ empty light එක පත්තුවෙවී. හැබැයි කවදාවත් මග හිටලා නැහැ.
- යට වදින්නේ නැහැ උස නිසා. ඕනෑම තැනක යන්න පුළුවන්.
- පිටිපස්සේ පොල්පරාල කීපයක් වුනත් හදිස්සියට දාගෙන එන්න පුළුවන්
cons
- පස්සේ සීට් එක අවුල් එකේ adultsලට යන්න බැහැ
- වාහනේ paint එක රෙදි කෑල්ලටත් හීරෙනවා
- ඉස්සරහ සීට් හෙල්ලෙන්න ගන්නවා
- ඇතුලේ ප්ලාස්ටික් හරිම බාලයි
- පිටිපස්සේ buffer එක (නිකල් එක) මලකඩ කනවා. එක හැපුනොත් හදන්න බැහැ අලුතෙන් දාන්නම වෙනවා.
- විකුනන්න මාස 4ක් බලන් හිටිය. ලක්ෂ 5 ක් පාඩු පිටත් විකුනන්න කෙනෙක් හොයාගන්න අමාරුයි. අවාත් එන්නේ diesel වහාන කාපු බාස් කෙනෙක් හරි බ්‍රෝකර් කෙනෙක් හරි අඩුවට ගන්න බලන්.
අන්තිමට මේ වාහනේ දැක්කහමත් මට මානසික ආතතිය වගේ හැදෙන්න පටන්ගත්ත. මේක තමයි මගේ දුක හිතෙන කතාව. අපිත් ඕක ගත්තේ අර මුල්ම දවස්වල ආපු ගමන්. ඒ දවස්වලනම් දැන් Toyota aqua එක වගේ හැමතැනම මේ වාහනේ තමයි තිබ්බේ. හැබැයි තනි පාවිචියටනම් කියාපු වාහනේ. වේගෙන් යන්න පුළුවන් පැට්‍රොල් වාහනයක් වගේ pickup එක. හය්යියෙන් යනවා තේරෙන්නේ නැහැ. අනිත් එක 5 gear එකට දාල 30ට වුනත් යන්න පුළුවන් මාරම economical.