බලු-හඩ

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මිතුරු කෙලි කවට කම්...
    උච්චතම අවධියට......
    අහල පහලින් බැනුම්...
    ඇරඹෙනා කාලයට......
    ආලයට නොමැතිනම්...
    දක්වනා භීතියට......
    තාලයට විකුණපන්...
    මගේ නම ලෝකයට......

    ගුණ කලත් කොයි තරම්..
    ජීවිතේ ඇති තුරා......
    විද ගමින් පහර පිට..
    පහරවල් නිරතුරා......
    හිමිකරුට අවනතව ...
    එක් හඩින් ඔහු කරා.....
    දිව එන්නෙ වෙන කව්ද..
    පවසපන් සුමිතුරා........

    බලු වැඩක් කරනවා....
    බල්ලා වගෙ ඉන්නවා......
    බැල්ලියෙක් වගේමයි....
    බලු ගතිය කියනවා......
    නරක මිස හොද තැනට...
    කිසි දිනෙක නොයෙනවා....
    උන්මන්ත මිනිස් කැළ...
    හිතුමතේ දුවනවා..........

    1532104_1424631811133112_1185898367611424285_n.jpg