මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :baffled: බණ වැඩසටහන් වලදි අහලා තීයෙන්නේ..තේරැම නම් නොදනි:dull:

    :(
    එකනේ..
    තේරුම දන්නෙ නැතුව මගේ ගොන් මොලේට යන්නෙ නැහැ
    :baffled:

    5t3gLKJ.jpg

    පාලි වචනයේ අර්ථය නම් මේකයි

    “ඇවැත්නි ආනන්ද, ඒ ආකාරයට අතීත වූ ද අනාගත වූ ද, වර්තමාන වූ ද, ඇතුළත වූ ද, බාහිර වූ ද, ඕදාරික වූ ද සූක්ෂ්ම වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද ළං වූ ද දුර වූ ද යම් රූපයක් වේ ද යම් වේදනාවක් වේ ද යම් සංස්කාරයක් වේ ද යම් විඥානයක් වේ ද ඒ කිසිවක් මගේය, මම වෙමියි, මගේ ආත්මයයි නොසැලකිය යුතුයි."

    ඒක මෙතනට ගලපගන්නේ කොහොමද??? :confused:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    යාළුවා;16681882 said:
    11.gif


    මට සිද්ධිය තේරුණා. සතාව මරන්නෙ මම නිසා දැනගන කන එක පව්. නැත්තන් නෑ.
    සමීකරණ නෙමේ කියල තෝ කෝඩ් එකක් ගැහුවනෙ මාව මන්ද මෝල් වෙලා ගියා :shocked::rofl:
    පාඩුවේ ඉන්න මිනිස්සු බය කරන්න එපා IF ELSE ගහල :dull:

    කන්ඩිෂන් එකක් බොල

    :rofl:

    pseudo codes ගැන වත් දැනගන් තී i.t නේද කරන්නෙ

    :frown::frown:

     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ලොකුම දක්ෂකම නුවණින් විමසීමමයි.

    මේ thread එකේ සමහර අය එකම ප්‍රශ්නේ අහ අහ හිටියනේ තේරුම් ගන්නෙ නැතුව. ඒ නිසා මේ post එක දාන්නේ. නුවණින් විමසීමේ වටිනාකම ගැන. ගත්තේ මහා මෙව්නාව වෙබ් එකෙන්.

    “ලොකුම දක්ෂකම නුවණින් විමසීමමයි.”

    පින්වතුනේ, පින්වත් දරුවනේ,
    “අපට ඕනතරම් දේවල් සිතන්න පුළුවන්. ඒකට කවුරුත් බාධා කරන්නෙත් නෑ. කාටවත් පේන්නෙත් නෑ. කාටවත් හොයන්නත් බෑ. ඒ නිසා හොඳ වේවා, නරක වේවා ඕන දෙයක් හිතන්න පුළුවන්” කියලයි අපට සිතෙන්නේ. ඒ වුනාට අප සිතන දේවල් දකින්න පුළුවන් අය මේ ලෝකයේ ඉන්නවා. ඒ වගේම සිතන්න ඕන ආකාරය කියා දීමට දක්ෂ අයත් මේ ලෝකයේ ඉන්නවා. ඒ වගේම ඒ අනුව සිතා යහපත සලසා ගත් අයත් ලෝකයේ ඉන්නවා.


    කෙනෙකුට තිබිය යුතු ලොකුම දක්ෂකම නම් නුවණින් විමසීමමයි. නුවණින් විමසීම බාහිර දෙයක් නොවෙයි. තමා තුළ තිබෙන දෙයක්. ඒක මේ විදිහයි. දැන් චුට්ටක් හිතන්න. අපට ඇසක් තිබෙනවා. ඒ වගේම කණ්, නාසය, දිව, ශරීරය ආදිය තිබෙනවා. මේවා අපි හඳුන්වන්නේ අපගේ කියල නෙ. ඒ වගේම අපි කල්පනා කරනවා, සිතනවා, සිතින් නොයෙකුත් නිර්මාණ කරනවා. මේවා තිබෙන්නේ අප තුළමයි. ඉතින් අප තුළ තිබෙන මේ දේවල් අතර වටිනාම දේ කුමක්ද? එය හඳුනාගත්තේ බුදුරජාණන් වහන්සේ පමණයි. උන්වහන්සේ මෙහෙමයි වදාළේ.


    “පින්වත් මහණෙනි, තමා තුළ තිබෙන දේවල් අතර මෙතරම්ම තමාගේ යහපත පිණිස බලපාන යමක් ඇද්ද, පින්වත් මහණෙනි, නුවණින් විමසීම තරම් අන් කිසිම දෙයක් මං බුදු ඇසින් දකින්නෙ නෑ. පින්වත් මහණෙනි, මහත් වූ යහපත පිණිස පවතින්නේ නුවණින් විමසීමමයි.”
    (අංගුත්තර නිකාය – ඒකක නිපාතය)

    ඉතින් පින්වතුනේ, පින්වත් දරුවනේ, නුවණින් විමසීමේ දක්ෂතාවය නැති කෙනෙකුට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ වටිනාකම තේරෙන්නෙ නෑ. එතකොට එබඳු අය වටිනා දේ අත්හැරලා නොවටිනා දේ අල්ලගන්නවා. නමුත් නුවණින් විමසන කෙනා එහෙම නොවෙයි. ඒ තැනැත්තා ඉතාමත් දක්ෂ විදිහට වටිනාම දේ අල්ලගන්නවා. නොවටිනා දේ අත්හරිනවා.


    ඉතින් පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසූ එක්තරා පින්වත් දරුවෙකුට මහණ වෙන්නට සිතුනා. ඉතින් ඔහු ගෙදරින් අවසර ගෙන සියලූ දේම අත්හැරලා මහණ වුනා. ඔහුගේ බලාපොරොත්තුව කුමක්ද? අපේක්ෂාව කුමක්ද? පැතුම කුමක්ද? සිහිනය කුමක්ද? එය හරිම අමුතු දෙයක්. විශේෂ දෙයක්. නුවණින් විමසන කෙනෙක් විතරක්ම දකින දෙයක්. ඒ ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ මෙහෙමයි.​



    ”පින්වත් මහණෙනි, අතීත කාලේ වුනත් යම් පින්වත් දරුවන් ගිහි ජීවිතය අත්හැර බුද්ධ ශාසනයෙහි ඉතා යහපත් ලෙස පැවිදි වුනා නම්, ඒ සියලූ දෙනාම පැවිදි වුනේ චතුරාර්ය සත්‍යය ධර්මය ඒ ආකාරයෙන්ම අවබෝධ කරගැනීම පිණිස පමණයි. ඒ වගේම පින්වත් මහණෙනි, අනාගත කාලෙදී වුනත් යම් පින්වත් දරුවන් ගිහි ජීවිතය අත්හැර බුද්ධ ශාසනයෙහි ඉතා යහපත් ලෙස පැවිදි වෙනවා නම්, ඒ සියලූ දෙනාම පැවිදි වෙන්නේ චතුරාර්ය සත්‍යය ධර්මය ඒ ආකාරයෙන්ම අවබෝධ කර ගැනීම පිණිස පමණයි. ඒ වගේම පින්වත් මහණෙනි, අද වුණත් යම් පින්වත් දරුවන් ගිහි ජීවිතය අත්හැර බුද්ධ ශාසනයෙහි ඉතා යහපත් ලෙස පැවිදි වෙනවා නම්, ඒ සියලූ දෙනාම පැවිදි වෙන්නේ චතුරාර්ය සත්‍යය ධර්මය ඒ ආකාරයෙන්ම අවබෝධ කරගැනීම පිණිස පමණයි.”
    (සංයුත්ත නිකාය 5-2 – සච්ච සංයුත්තය)

    ඉතින් පින්වතුනේ, පින්වත් දරුවනේ, පැවිදි ජීවිතයේ සැබෑම අර්ථය ඒ ස්වාමීන් වහන්සේ හොඳින් දැනගෙන හිටියා. පැවිදිව උපසම්පදා වෙලා හුදෙකලාවේ භාවනා කිරීමට කැමැත්තක් ඇතිවුනා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේව බැහැදැක, උන්වහන්සේගේ ශ‍්‍රී පතුල් නළළ තබා වන්දනා කළා. එකත්පස්ව වාඩි වුනා. මෙහෙම කිව්වා. ”ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මං ටික කලක් හුදෙකලාවේ භාවනා කරන්නටයි කැමති. එනිසා මං ටිකක් ඈතට යනවා. මට ප‍්‍රගුණ කළ යුතු උතුම් ධර්මය අනුකම්පාවෙන් කියා දෙන සේක්වා!”


    ”හොඳයි, පින්වත් භික්ෂුව. ඔබ කළ යුත්තේ නුවණින් විමසීමමයි. නුවණින් විමසන කෙනෙකුට පංච උපාදානස්කන්ධයේ සැබෑ ස්වභාවය දකින්නට අවස්ථාව ලැබෙනවා. එතකොට තමයි ‘මමය, මාගේය, මාගේ ආත්මයය’ කියා සිතා සිටින්නා වූ දේ පිළිබඳව සත්‍යය අවබෝධ වෙන්නේ. එදාට එය අත්හරීවි. ඒ සඳහා කළ යුත්තේ නුවණින් විමසීම මයි.”


    මේ ස්වාමීන් වහන්සේ මෙය හොඳට හිතට ගත්තා. බුදුරජාණන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට ප‍්‍රදක්ෂිණා කොට පාත‍්‍රයත්, තුන්සිවුරත් ඇතිව පිටත් වුනා. ඈත පළාතකට වැඩියා. ලස්සන වන ගොමුවකුත් ලැබුනා. හුදෙකලා කුටියකුත් ලැබුනා. ගමට පිණ්ඩපාතෙ වඩිනවා. සිහිය දියුණු කරන්නට හරියට මහන්සි ගන්නවා. අකුසල් බැහැර කරන්න ගොඩාක් වීරිය කරනවා. නුවණිනුත් විමසනවා. හැබැයි චිත්ත සමාධිය වැඩෙන්නෙ නැහැ. මහන්සියේ තරමට ප‍්‍රතිඵල නැහැ. කොයිතරම් වීරිය කළත් චිත්ත සමාධිය වැඩෙන්නේ නැතිවෙන කොට අවබෝධය පිණිස සිත සකස් වෙන්නෙ නැහැ. ඉතින් අන්තිමේදී මේ ස්වාමීන් වහන්සේ ආයෙමත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව සොයාගෙන වඩින්නට තීරණය කළා. නැවත සැවැත් නුවර බලා එන්නට පිටත් වුනා.​



    ඒ දිනවල අව්ව සැරයි. උන්වහන්සේ පාරේ වඩිද්දී ඈතින් පේන්නෙ පාර මැද ජලාශයක් තියෙනවා වගෙයි. හොඳින් බැලූවා. “අර පේන්නේ කුමක්ද? වැස්සෙ නැහැ නෙව. මෙතරම් වතුර කොහෙන්ද? පාර මැද්දේ ජලාශයක් කොහෙන්ද? නෑ. මේක වෙන්න බෑ.” ඉතින් උන්වහන්සේ එතනට ළං වෙන කොට ජලාශය එතන නැහැ. දැන් ජලාශය පේන්නෙ ගොඩක් ඈතින්. උන්වහන්සේ මෙහෙම හිතුවා.


    “ඇත්තෙන්ම මේක තමයි මිරිඟුව. මිරිඟුව කියන්නේ මහා පුදුම දෙයක්. ඇත්ත වගේමයි පෙනෙන්නේ. යමක් තියෙනවා වගේමයි පෙනෙන්නේ. නමුත් ළං වෙලා බලද්දී එය එතන නැහැ. ඈත තියෙන්නේ. කවරදාකවත් මිරිඟුව අල්ලන්න බැහැ. මට හිතෙන්නේ මේ අපට පේන ලෝකයත් මිරිඟුවක් වගේ කියලයි. අප හඳුනාගන්නා දෙය කවදාවත් අප ළඟ රඳවා ගන්නට බැහැ. වෙනස් වෙලා යනවා. බලාපොරොත්තුවක් හැටියට සිතා සිටින දේත් අපගේ අතට පත්වෙද්දී වෙන බලාපොරොත්තුවක් ඈතින් දිස්වෙනවා. මිරිඟුවක් පසුපස යාම වගේමයි.”


    මේ විදිහට ඒ ස්වාමීන් වහන්සේ ඉතා හොඳින් නුවණින් විමසන්නට පටන්ගත්තා. දැන් සැවැත් නුවරට සමීපයි. අචිරවතී නදිය ළඟට පැමිණුනා. උඩ පළාතට වැහැලා. නදියේ වතුර මඩ පාටින් ගලා බසිනවා. නදිය පුරාවට පෙණ කැටි පිරිලා තියෙනවා. ඒවා ගඳයි. ටිකෙන් ටික වියැකී යනවා. උන්වහන්සේ මේ ගංගාවේ පහළට ගලා යන පෙණ කැටි දිහා බලා සිටියා. ගං ඉවුරේ රැඳී තියෙන විශාල පෙණ කැටි දිහා බලා සිටියා. උන්වහන්සේට මතක් වුනේ මේ ශරීරයයි. මේ ශරීරයත් මේ විශාල පෙණ ගුලිය වගෙයි. ගඳයි. ක‍්‍රමක‍්‍රමයෙන් රෝගී වෙලා වයසට ගිහින් දිරලා මැරිලා යනවා. පෙණ ගොඩක ඇති අර්ථය කුමක්ද? පෙණ ගොඩක් සමඟ සෙල්ලම් කිරීමෙන් කුමක් ලබන්නද? පෙණ ගොඩකට ආසා කිරීමෙන් කුමක් ලබන්නද? පෙණ ගොඬේ ස්වභාවය නම් කෙමෙන් කෙමෙන් අභාවයට පත්වීමයි.”
    4_3-stanza.jpg
    උන්වහන්සේ ගං ඉවුරේ වාඩි වුනා. පෙණගොඩ දෙස බලා මෙලෙසින් නුවණින් මෙනෙහි කරන විට විසුරුණු සිත ටිකෙන් ටික තැන්පත් වෙන්නට පටන්ගත්තා. දෙව්රම් වෙහෙරේ වැඩසිටි අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙය නුවණින් දුටු සේක. තමන්ගේ ශ‍්‍රාවකයන් වහන්සේ නමක් ගං ඉවුර මත වාඩි වී සත්‍යය දකින්නට වෙහෙසෙන අයුරු උන්වහන්සේ දුටු සේක. කෙමෙන් කෙමෙන් ඒ ශ‍්‍රාවකයන් වහන්සේගේ සිත තැන්පත් වී යන අයුරු නුවණින් දුටු සේක. එවිට බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේ ඉදිරියේ ආලෝකයක් පතුරුවා මෙම ගාථා රත්නය ඇසෙන්නට සැලැස්සුවා. දැන් ඒ භික්ෂුව පෙණ ගොඩ දෙස බලාසිටිද්දී ඉතාම මිහිරි ස්වරයෙන් අර්ථවත් ගාථාවක් ඇහෙන්නට පටන් ගත්තා. එහි අරුත් ටිකෙන් ටික වැටහෙන්නට පටන් ගත්තා. සිහි නුවණ හොඳින් පිහිටියා. හිත ඉතා හොඳින් සමාධිමත් වුනා. මුලාව විනිවිද සත්‍යය මතුවුනා. නිකෙලෙස් වුනා. රහතන් වහන්සේ නමක් බවට පත්වුනා. උන්වහන්සේගේ ජීවිතය අමා නිවන කරා රැගෙන ගිය ඒ ගාථාව මෙයයි.



    ඵේණූපමං කායමිමං විදිත්වා
    මරීචිධම්මං අභිසම්බුධානෝ
    ඡෙත්වාන මාරස්ස සපුප්ඵකානි
    අදස්සනං මච්චුරාජස්ස ගච්ඡේ

    දැනගෙන මේ කය නුවණින් - නිසරු පෙණ පිඬක් විලසින්
    හඳුනාගන්නා සියල්ල - දැනගෙන මිරිඟුවක් ලෙසින්
    මාරයාගෙ ලොවට බැඳෙන - මල් දම් සිඳගෙන නුවණින්
    මරු නොදකින ඒ නිවනට - යන්නට පුළුවනි සැණෙකින්
    පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේට මේ කය දෙස නුවණින් දකින්න කීවේ පෙණ ගොඩක් දෙස බලන විදිහටයි. මේ කය දෙස ඒ විදිහට බලන එක ලෙහෙසි නෑ. ලෝකයේ බොහෝ දෙනා කතා කරන්නේ ලස්සන කොණ්ඩයක් ලැබීම ගැනයි. එහෙම නැත්නම් සුදෝ සුදු දත් දෙපලක් ලැබීම ගැනයි. එහෙම නැත්නම් කුරුලෑ නැතිකර ගැනීම ගැනයි. එහෙම නැත්නම් දිලිසෙන සමක් ලැබීම ගැනයි. එහෙමත් නැත්නම් ලස්සනට ඇඟපත සකස් කරගැනීම ගැනයි. මෙයට වසඟ වී සිටින සාමාන්‍ය ලෝක සත්වයාට සත්‍යය දකින්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ සියලූ දෙනාම අසත්‍යය තුළ තෘප්තියක් විඳින්නට හරි ආසයි. ඒ අසත්‍යයට තමයි සම්මාන ලැබෙන්නේ. ගෞරව ලැබෙන්නේ. ප‍්‍රශංසා ලැබෙන්නේ.


    කවුරුන් හෝ කිව්වොත් මේ කය පෙණ ගොඩකට උපමා කොට බලන්න කියා, එයාට ඒක තේරෙන්නෙ නෑ. එයාට හිතෙන්නෙ මහා අමුතු දෙයක් කිව්වා කියලයි. මහා වැරැද්දක් වගෙයි පෙනෙන්නේ. ජීවිතය දිහා අසුභවාදීව බැලූවා කියලයි හිතෙන්නේ. ඒක ඍණාත්මක චින්තනයක් කියලයි කියන්නේ. ඒ නිසා බැලූ බැල්මට මතුපිටින් සොයද්දී මේ තුළ ජීවිත අවබෝධයට ඍජු උපකාරයක් තියෙනවා කියා මෝඩ කෙනෙකුට සොයන්නට බැහැ. මෝඩ කෙනා ආශ්වාදය සොයන්නේ මේ කය තුළින්ම නෙ.


    බුද්ධිමත් අය ලෝකයේ ඉන්නවා. ඒ අය නුවණින් විමසන්නට දක්ෂයි. ඒ බුද්ධිමත් අය උදෙසා තමයි බුදු කෙනෙකුගේ ධර්මය තියෙන්නේ. ඒ බුද්ධිමත් කෙනා බුදුරජාණන් වහන්සේ සත්‍යය මතුකොට පෙන්වද්දී අසත්‍යය මැකී යන ආකාරයෙන් සත්‍යය ඉස්මතු කරගන්නට සමත් වෙනවා. ඉතින් ඒ සමර්ථකම කෙනෙකුට තිබුනොත් ගඳ ගසන පෙණ ගොඩක් වියැකී යන ස්වභාවයෙන්ම මේ ශරීරයත් යුක්ත යැයි නුවණින් දකිනවා.


    ඒ වගේම අප හඳුනාගන්නා රූප, අපට ඇසෙන ශබ්ද, නාසයට දැනෙන ගඳසුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස ගැන චුට්ටක් සිතන්න. ලස්සන රූප දකින්නට අපි කොයිතරම් ආසයිද? ඒවා තියෙන තැන් සොයාගෙන යනවා. මිහිරි සංගීතයට අපි කොයිතරම් ආසයිද? ලස්සන කටහඬ සොයන්නට අපි තරඟ පවත්වනවා. දිවා රෑ දෙකේ නිදිවරාගෙන මිහිරි හඬ සොයනවා. මිහිරි හඬක් ලැබුනා කියා සතුටු වෙනවා. නමුත් ආයෙමත් මිහිරි හඬක් සොයලා අලූතෙන් තරඟ තියෙනවා. මේකෙ ඉවරයක් නෑ. ඈතට මිරිඟුව පේනවා. මිරිඟුවට ළං වෙනවා. එතකොට මිරිඟුව එතන නෑ. නමුත් ඈතින් ආයෙමත් මිරිඟුව පේනවා.
    නාසයෙන් සුවඳ දැනගනිද්දිත් මොන තරම් අපි සුවඳ වර්ග සොයනවාද? ප‍්‍රණීත ආහාරයක රසය සොයන්නට කොයිතරම් සිහින මවනවාද? මහන්සි වෙනවාද? නමුත් රසය සෙවීමේ අවසානයක් නෑ. කයට දැනෙන පහස සොයන්නට ගිහින් සම්මතය දෙදරවාගෙන අමාරුවෙ වැටෙන අය කොතරම් ඇද්ද? ගිම්හාන කාලයට ජලය හිඟයි. එතකොට පිපාසයෙන් තොළ කට වේලූන මුවරංචු දිය සොයාගෙන පියමං කරනවා. ඔවුන්ට ඈතින් මිරිඟුව පෙනෙද්දි හරිම සතුටුයි. තව මොහොතකින් මගේ පිපාසය සංසිඳේවි කියල වතුර බොන හැටි සිත සිතා ඒ තුළම ජීවත් වෙමින් මිරිඟුව පසුපස යනවා. හඹාගෙන යනවා. නමුත් ඒ පෙනෙන මිරිඟුව හැමදාම ඈතයි. අන්තිමේදී ඒ මුවරංචුව පිපාසය නිසාම මැරී වැටෙන්නේ මිරිඟුවට රැවටිලයි. එසේ මැරී වැටෙද්දී පවා සිතෙන්නේ තව පොඩි වෙලාවක් සිටියොත් වතුර බොන්න පුළුවන් කියලමයි. මිරිඟුව තුළ මායාවක් තියෙන බව ඒ අහිංසක සතුන් කිසි දවසක තේරුම් ගන්නෙ නෑ. අපේ ජීවිතයත් ඔය වගේම තමයි.


    මේ ඇස, කණ, නාසය, දිව, කය, මනස යන හයට බලපුළුවන්කාරකම් කරන පුද්ගලයෙක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ඔහුව හඳුනාගත්තා. ඔහුට තමයි ‘මාරයා’ කියන්නේ. ඔහු ලෝකයට අතිවිශාල බලපෑමක් කරනවා. ලෝක සත්වයා තමාගේ යටතේ රඳවාගන්නට ගොඩාක් මහන්සි වෙනවා.


    මාරයා කියන්නේ තනතුරක්. එතැනට කර්මානුරූපව පුද්ගලයෙක් උපත ලබනවා. ඊට පස්සේ ඔහු මේ ලෝකය හසුරුවන්නට පටන් ගන්නවා. ඔහු කැමති නෑ ලෝක සත්වයා මෙයින් නිදහස් වෙනවාට. ඇස, කණ, නාසය, දිව, කය, මනස අවබෝධ කරනවාට ඔහු කිසිසේත් කැමැති නෑ. ඔහු කැමති වෙන්නේ එයට මුළා වී සිටිනවාටයි. මේ මාරයා බුදුරජාණන් වහන්සේට හරියට බාධා කළා. ඒ සියලූ බාධා මැඬගෙන මාර බලය මර්ධනය කොට බුදුරජාණන් වහන්සේ ජයගත්තා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයන් වහන්සේලාට හරියට කරදර කළා. ධර්ම මාර්ගයට බාධා කළා. ඒ ගැන බුදුරජාණන් වහන්සේ නිතර නිතර පෙන්වා දෙනවා. සිහියෙන්ම ඉන්න කියල කිව්වා. මෙයින් බේරෙන්නට තිබෙන්නේ සතර සතිපට්ඨානය වැඞීමෙන් පමණයි කියලා පෙන්වා දුන්නා.


    මේ ගාථාවේ පෙන්වා දෙනවා මාරයාට මල් තියෙනවා කියලා. මාරයාගේ මල් මාලාව තමයි ලස්සන රූප. මිහිරි ශබ්ද. මිහිරි සුවඳ. ප‍්‍රණීත රස. සිනිඳු පහස. මේ පංච කාම ගුණයන්ට ලෝක සත්වයා හසුවෙන්නෙ තොණ්ඩුවකට හසුවෙන සතෙක් වගෙයි. ඇමයක් ගිලින මාළුවෙක් වගෙයි. එය සිඳබිඳගෙන යන එක ලෙහෙසි නෑ. එයට ලොකු වීරියක් ඕන. ඉතාමත් දක්ෂ නුවණක් ඕන. කැපවීමක් ඕන. ප‍්‍රමාද නොවීමක් ඕන. අතිශයින්ම දක්ෂ වෙන්නට ඕන. ඉතින් මේ ස්වාමීන් වහන්සේට පංච කාමය කෙරෙහි ඇති ආශාව සිඳ දමන්නට පුළුවන් වුනා.


    මාරයා පුද්ගලයාව හසුරුවන්නේ ඔහු තුළ ඇති කෙලෙස් වලිනුයි. ඉතින් කෙනෙක් ඒ කෙලෙස්වලට ඉඩ නොදී පංච කාමය කෙරෙහි ආශාව නැතිකොට සිත සමාධිගත කරගත්තොත් ඒ වෙලාවට ඔහුගේ ධර්ම මාර්ගයට බාධා කරන්නට මාරයාට පුළුවන්කමක් නැහැ. ඒ වගේම හොඳට සමථ විදර්ශනා වඩා නිකෙලෙස් භාවයට පත්වුනොත් ඒ කෙනා පිරිනිවන් පානවා. මාරයාට කිසිසේත්ම රහතන් වහන්සේගේ උපතක් සොයන්නට බැහැ. මේ නිසයි බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් මාරයා නොදකින තැනට යන්න කියල පවසා වදාළේ. මාරයා නොදකින තැනට යන්නට ඇත්නම් කොයිතරම් අගේද!


    පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මහා දුක්කක්කන්ධ සූත්‍රය සිංහලෙන් තියෙනවා නම්
    කවුරු හරි දෙනවා ද
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    අනේ සාදු....සාදු... සාදු... දැන් ධර්මය අවබෝධ නොවූ හැමෝටම වගේ ටික ටික අවබෝධ වෙන්න පටන් අරන්... ඔහොම යමු... තෙරුවන්සරණයි..:)
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ආස්වාදය දිය බිඳකි ආදීනව මහ සයුරකි
    දයාසේන ලියනාරච්චි

    ස්වල්ප වූ ද හීන වූ ද කාමාස්වාදය, බියකරු ආදීනව රාශියකට හේතු වන අයුරු පැහැදිලි කැරෙන ලිපියකි.
    විදර්ශනා භාවනාවෙහි යෙදෙන යෝගාවචරයාට දුක පිරිසිඳ දැකගන්නට යෝග්‍ය උතුම් භාවනාමය කමටහනෙකි මජ්ඣිම නිකායේ එන මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය. බුදු රජාණන් වහන්සේ මෙහිදී පංචකාමයෙහි ආස්වාදය දක්වන්නේ මෙසේ ය:
    ‘මහණෙනි, කාමයන්ගේ ආස්වාදය නම්, චක්ඛු විඤ්ඤාණයෙන් රූප දැක, රූප කාමයේ ආස්වාදය විඳ, සෝත විඤ්ඤාණයෙන් ශබ්ද අසා, ශබ්ද කාමයේ ආස්වාදය විඳ, ඝාන විඤ්ඤාණයෙන් ගඳ සුවඳ විඳ, ගන්ධ කාමයේ ආස්වාදය විඳ, ජිව්හා විඤ්ඤාණයෙන් රස විඳ, රස කාමයේ ආස්වාදය විඳ, කාය විඤ්ඤාණයේ පහස විඳ, ස්පර්ශ කාමයේ ආස්වාදය විඳ කාම සැප ලබන්නේ නම් එය කාමයාගේ ආස්වාදය යි.’
    කාමයේ ආස්වාදය ස්වල්පයකි; ආදීනව නම් මහා භයානක ය. එහෙත් ඒ බිඳක් වූ කාම ආස්වාදය මිනිසා අන්ධයකු කරයි; අපාගාමී කරයි. ඕලාරික වූ කාම ආස්වාදයෙන් නොමඟ යා නොදී, මනස ලෝකෝත්තර වූ වේදනාවේ ආස්වාදයෙන් නිවා ලනු පිණිස මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය බුදු පියාණන් වහන්සේ දේශනා කළ සේක.
    “මහණෙනි, කාමයාගේ ආස්වාදය, ආදීනවය සහ නිස්සරණය මනා කොට විඤ්ඤාණයෙන් පිරිසිඳ නොදකී නම් ඔහුට ජීවිතය විදසුන් නැණින් අවබෝධ කොටගත නොහැක්කේ ය.
    “මහණෙනි, රූපයාගේ ආස්වාදය නම් කවරේ ද? සොළොස් හැවිරිදි වූ, ඉතා උස් නොවූ, ඉතා මිටි නොවූ, කෙට්ටු නොවූ, මහත් නොවූ, ඉතා කළු නොවූ, ඉතා සුදු නොවූ ක්ෂත්‍රිය හෝ බ්‍රාහ්මණ හෝ ගහපති හෝ කන්‍යාවක් වේ ද ඇයගේ ඒ ලස්සන රූපය නිසා සැපයෙක් සොම්නසෙක් උපදී ද ඒ රූපයාගේ ආස්වාදය යි.’
    මේ සුළු ආස්වාදය ද අනිත්‍ය ය; එනම් වෙනස් වනසුලු ය; දුකට ම හේතු වෙයි. බුදු හිමියන් දක්වා වදාළ මේ ආස්වාදයේ දුර්-විපාක ජාතියේ විනාශය දක්වා ම විහිදී ගොස් ඇත. විශ්ව ගම්මාන නමැති මිථ්‍යා සංකල්පයක විපාක වශයෙන් ඒඩ්ස් නමැති මරළතෝනියෙන් මිනිසා ඔත්පළ ව සිටී. මේ අනිත්‍ය වූ ද දුක්ඛ වූ ද ආස්වාදයේ අමිහිරි කථාවක් 2012 දෙසැම්බර් මාසයේ ‘නමස්කාර’ සඟරාවේ පළ වී තිබිණි. ඒ ගැන විමසා බලන්නට පෙර මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රයේ දේශිත කාමයේ ආදීනව අපි දකිමු.
    නැවැත බුදු රජාණන් වහන්සේ රූපයාගේ ආදීනව මෙසේ දක්වන සේක:
    “මහණෙනි, රූපයෙන් පැහැපත් ආස්වාදනීය වූ එම නැගණිය ම සැත්තෑ, අසූ හැවිරිදි වයස්ගත වූවා, ජරා ජීරණ භාවයෙන් වැසුණි, වක් වූ කොන්දෙන් පීඩිත ව සැරයටියෙන් යන්නී දකින්නා තුළ කුමන නම් සිතිවිල්ලක් හට ගන්නේ ද? තව ද ඇඟ රැලි වැටී ඇති, පෙර වූ යොවුන් බව තුරන් වී ඇති ඒ නැගණිය කෙරේ පෙර හටගත් ඒ ආස්වාදය දැන් පවතින්නේ ද?
    “නැවත ද මහණෙනි, දැඩි ලෙස ගිලන් වූ, තමන්ගේ ම මල මූත්‍රයෙහි ගැලී හොවින, අනුන් විසින් නැගිටුවනු ලබන එම නැඟණිය ම දකින්නේ ද කුමක් නම් සිතේ ද?
    “මහණෙනි, මැරී දවසක්, දෙකක්, තුනක් ගත වී ගිය ඉදිමී නිල් වූ සොහොනෙහි දැමූ මළ සිරුරක් වූ එම නැඟණිය ම දක්නේ නම් හට ගන්නේ පිළිකුල ම ය. එය ද රූපයේ ආදීනවය වෙයි.
    “එම නැගණියගේ ම වූ, කපුටන්, හිවලුන් කාදමන්නා වූ, සොහොනෙහි ලූ කුණු වී ගිය මළ සිරුර දක්නේ; එය ද රූපයේ ආදීනවය යි.
    “මහණෙනි, නැවත ද ඇටසැකිල්ලක් වූ නහරවැලින් බැඳී ඇති මස් නැති ලේ නැති එම නැඟණියගේ ම සිරුර දක්නේ ද එය ද රූපයාගේ ආදීනවය යි. තව ද විසිර ගිය හිස් කබල එක් තැනක ය, අත් ඇට තව තැනක ය, පා ඇට තව තැනක ය. උකුල් ඇට තව තැනක ය. මෙසේ විසුරුණු ඇට ඇති, සොහොනෙහි දමන ලද එම නැඟණියගේ ම සිරුර දක්නේ, කුමක් හඟිණේ ද? මෙය ද රූපයාගේ ආදීනවය යි. අවුරුදු ගණන් ගෙවී ගිය හෙයින් සුදුවන් පැහැගත්, දිරාගිය එම ඇට කැබැලි දක්නේ, එය ද රූපයේ ආදීනවය යි.” (මජ්ඣිම නිකාය 1 – මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය, බුද්ධ ජයන්ති සිංහල පරිවර්තනය ඇසුරෙනි).
    බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ආස්වාදය සහ ආදීනවය පිළිබඳ ව යමක් සංවේදී මනසින් දකින්නට කවුරුන් හෝ සමත් වෙති යි මම සිතමි. අද බොහෝ දේශනා සිදු කැරෙන්නේත්, අසන්නේත් පරමාර්ථ ධර්මය අනුව නොවන නිසා ය. එහෙත් අපි මේ ගැන මඳක් සාකච්ඡා කරමු. දෙසැම්බර් මාසයේ ‘නමස්කාර’ සඟරාවේ 69 පිටුවේ ‘මට හිතෙන හැටි’ ලිපිය ගැන මට හිතෙන හැටි ය මේ. මේ සිදුවීම සත්‍යයක් ම යැ යි මම සිතමි. එසේ නම් එය ආස්වාදයේ තවත් පැතිකඩෙකි; වෙනත් ලෙසකින් කීවොත් මිනිස් සිතෙහි ජඩ ස්වභාවය කියා පෑමෙකි. සිහි නුවණින් මිදුණ මිනිස් සතා නන්දි රාගයෙන් මත් වූ කල ආදීනවය තුළින් ආස්වාදය ලබයි. කාමයෙන් ඔද්දල් වූ සිත ඕනෑ ම කසළ ගොඩක ම අමිහිරි සුවය ආස්වාදය කරයි; රස විඳියි.
    “ඒ ගැහැනිය මෙසේ හඬා, දොඩයි: “අනේ! බුදු මහත්තයෝ… ගෙදර මාස එකහමාරක කිරි දරුවෙක් ඉන්නවා. දරුවො තුන් දෙනෙක් ඉස්කෝලෙ යනවා. මගෙ අම්මගෙ ඇස් පේන්නෙ නැහැ. මිනිහා දාල ගිහින්… මට අච්චු කරන්න එපා. බුදු බව ලැබෙයි. වඳින්නම්…”
    ලොව පැරැණිතම වෘත්තියේ යෙදීමේ වරදට (ආස්වාදයට නො වේ) තෙමසකට බන්ධනාගාරගත වූ මැදිවියේ ස්ත්‍රියකගේ විලාපයේ කොටසකි ඒ උපුටා දැක්වූයේ.
    දැන් දකින්න යෝනිසෝමනසිකාරයෙන්, දුක්ඛ වේදනාවේ ‘සැපය’ ලබන්නට සිරස් ව යන මිනිස් සතා ‘තිරස් ව යන සතකු’ වූ සැටි:
    “රජ, සිටු, මැති, ඇමැති මන් කලඹවාලූ අනගි වස්ත්‍රාභරණයෙන් සැරැසුණු සුරූපී ලාලිත සිරුරෙන් හෙබි නගරශෝභිනියන් ගැන බණ කථා මම අසා ඇත්තෙමි. මම මඳකට මේ අසරණ ස්ත්‍රිය පිරික්සීමි. ගොමස්කඩ කඩමාලු හැට්ටයකින් හා කිලිටි රෙදි කඩෙකින් වැසුණ ඇයගේ සිරුර කුමන නම් ජීවියකු තුළ කාමෝද්දීපනයක් ඇති කළා දෝ යි මට නොවැටැහිණි.”
    ඉන් නොනවතින ලේඛිකාව මිනිසාගේ කාමාස්වාදයේ අන්ධස්වභාවය මෙසේ ද තහවුරු කරයි:
    “බුලත් කහටින් දුර්වර්ණ වී ගිය දෙතොල ද දින කීපයකින් සබන් වතුර නොපෙන්වූ මුහුණ ද, අවුල් වී ගිය හිසකෙස් ද, යාර කීපයක් දුරට විහිදුණ ඩහදිය කුයිල ද, කොයි ආකාරයකින් නම් පිරිමියකු වසඟ කෙරේ දැ යි යන්න ගැන අංශු මාත්‍රයක සේයාවකින් හෝ අදහාගැනීමට මම අපොහොසත් වීමි.”
    මිනිස් සිතේ හටගන්නා ඕලාරික වූ ආස්වාදය නම් වූ පංචකාම තණ්හාව, විටෙක කොතරම් ගිනියම් වූයේ ද යත්: ඒ නිසා ම බුදු රජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේ අරභයා දැඩි විනය නීති පවා පනවන්නට සිදු විය. මිය ගිය ස්ත්‍රී ශරීරය පවා කාමෝද්දීපනය සඳහා සුන්දර වස්තුවක් වෙද්දී උපසම්පදා භික්ෂුත්වයෙන් පාරාජික වීමේ විනය නීතියක් ද එදා පැනැවිණි.
    එසේ බලන විට මිනිසාගේ කාමාස්වාද අන්ධභාවය අද මෙන් ම එදා ද නොතිබුණා නො වේ. ශික්ෂණය නොවූ මිනිසාගේ චක්ඛු විඤ්ඤාණය අන්ධ ය; සෝත විඤ්ඤාණය බිහිරි ය; ඝාණ විඤ්ඤාණය දුබල ය; ජිව්හා විඤ්ඤාණය කුණු රස ය; කාය විඤ්ඤාණය ගොරෝසු ය; මනස විකෘති වී ඇත.
    අර අහිංසක ස්ත්‍රිය එය කර ඇත්තේ මා සිතන සේ නම් ආස්වාදය පිණිස නො වේ; කාමාතුර පේ‍්‍රතයකුගේ නීච රස වින්දනය සපුරා, අහිංසකයන් කීප දෙනකුගේ කුසගින්න නිවීමේ අභිප්‍රායයෙනි. එහෙත් මෝහයෙන් මුළාවට ගියවුන්ගේ කාම ආස්වාදය නම් ඉතා පහත් ය.
    අසුභය වඩා නිවන් අවබෝධය ලබන්නට සිතා සොහොනේ දමන ලද මිනී කුණක් සොයා ගිය භික්ෂුවක පණුවන් ගැවැසුණු ගැහැනු සිරුරක් දැක විදසුනෙන් මිදුණේ තමන්ගේ ගිහි කල යෙහෙළියගේ රූසපුව සිහිපත් වූ හෙයිනි.
    තව ද භික්ෂුවක් සොහොන් පාලිකාව අමතා මෙසේ කී සේක: “නැගණිය, විදසුන් වඩන්නට නිසි මළ කුණක් දුටු දා මට කියන්න.” ඇයට දිනක් එබන්දක් හමු විය. ඒ හිමියනට ගොස් කාරණය දැන්විණි. උන් වහන්සේ රූමතියකගේ ඒ මළ කුණ දැක, “නැඟණිය, අසුභය දකින්නට සුදුසු විටක මට දන්වන්න” යි කී සේක. ඇය නුවණ ඇත්තියකි. ඕතොමෝ එම දේහය දර සොහොනක තබා ගිනි දල්වා භික්ෂූන් වහන්සේට දැන්වූවා ය. උන් වහන්සේ රූපස්කන්ධයාගේ ආදීනවය විදසුන් කොට ලොවුතුරු ආස්වාදයෙන් සැනැසී නිවීගිය සේක.
    පුරුෂයකුට ස්ත්‍රියක නිසා හටගන්නා පංචකාම රසයත් ස්ත්‍රියකට පුරුෂයා නිසා හටගන්නා පංචකාම රසයත් තරම් ඕලාරික වූ සුඛ වේදනාවක් නැති බව බොහෝ සූත්‍ර දේශනාවන්හි බුදු හිමියන් දේශනා කර ඇත.
    මිනිසා මුළා වූ සිහියෙන් තණ්හාව උපාදානය කරගෙන රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධයෙහි ඇලී සිටින තාක් ඔහු දුක නො දකී. හේ මාරයාගේ ග්‍රහණයෙන් නොමිදෙනු ඇත. පටිච්ච සමුප්පන්න ව (හේතු ඵල න්‍යායයෙන්) භවගත වූ මේ සම්මුති සත්ත්වයා අවිද්‍යාවෙන් හා තෘෂ්ණාවෙන් නොමිදුණේ නම් ඒකාන්තයෙන් ම ජරාව ව්‍යාධිය සහ මරණය උරුම කරගත්තේ අනන්ත වූ සංසාරයේ සැරි සරනු නියත ය. දෙතිස් කුණපයක් වූ තම කයට, තවත් කුණපගොඩක ස්පර්ශයෙන් ලබන ස්වල්ප වූ ද හීන වූ ද කාමාස්වාදය මාරයාගේ ආශීර්වාදය පිණිස වනු නියත ය.
    දුසිරිත සහ සුසිරිත යන සංකල්ප දෙක ලෝකයේ විද්‍යමාන ය. ලෝකයේ ආගම් පහළ වූයේ මිනිසා දුසිරිතින් මුදනු පිණිස ය. සුසිරිතෙහි ඇලුණ අය ස්වර්ග සම්පත්ති ලබන බවත් දුසිරිතේ යෙදුණ අය අපා දුක් විඳින බවත් ඒ ඒ ශාස්තෲහු පෙන්වා දුන්හ.
    එහෙත් පරමාර්ථ වශයෙන් සත්ත්වයකු නො ව, නාමරූප දෙකක එක් වීමත් බිඳීයෑමත් පටිච්ච සමුප්පාද න්‍යායය ඇසුරෙන් ප්‍රත්‍යක්‍ෂ ඥානයෙන් අවබෝධ කළ බුදුහිමියෝ චේතනාව කර්මය වශයෙන් දේශනා කළ සේක. බුදු දහම ප්‍රඥාවෙන් දකින්නා ඒකාන්ත වශයෙන් මෙසේ දකිනු ඇත: නාම – රූප දෙකකි. ‘ඇය’ ධාතු මාත්‍රයක් පමණි.

    Article – Namasakara.lk (නමස්කාර සගරාව)


    source
    http://thebuddhism.lk/?p=407#
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අනේ සාදු....සාදු... සාදු... දැන් ධර්මය අවබෝධ නොවූ හැමෝටම වගේ ටික ටික අවබෝධ වෙන්න පටන් අරන්... ඔහොම යමු... තෙරුවන්සරණයි..:)

    :yes::yes::yes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    වයින් වෙරි වෙන්න බොන ජාතියක් නෙමේනෙ.
    ඔන්න අරක්කු පැත්තට යනකොට නං වැඩේ වැරදි එක ඇත්ත.
    ඒ කාලෙ එහෙ වතුර වගේ තමා වයින් පාවිච්චි කළේ ඒ රටවල්වල. ජාතික නිෂ්පාදනයක්..
    ඉතින් අපේ අය එළකිරි දොවල කොටසක් විකුණලා කොටසක් බොනව වගේ තමා ඒ කාලෙ එහෙ වයින්. එළකිරිත් උකුවට තුනක් විතර ගැහුවොත් කෙල වෙනවා :baffled: ලස්සී වගේ.:dull:
    කෑම කාල වේල් දෙකට තුනට පොඩ්ඩක් බොන්න. අර පුලියානම් වගේ දෙයක් විදියට පාවිච්චි කරපු දෙයක්නෙ. මිදී වයින්. මහා පරිමාණ මිදී වතු එහෙ තියෙන්නෙ. තාමත් එහමයි.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේ තියෙන්නේ මම අර කලින් කියපු පොත.

    මේ තියෙන්නේ මම අර කලින් කියපු පොත. ඕන කෙනෙකුට ගුණසේන එකකින් එහෙම ගන්න පුළුවන්.


    10394796_10201103055897255_2000026116165733047_n.jpg



    මේ පොතේ සුත්‍ර දේශනා 2ක් ඇතුළුව ධර්ම දේශනා 3ක් තියනවා.

    10295675_10201103069137586_5107547882018691353_n.jpg


    10408807_10201103069617598_4685871684987917517_n.jpg


    1502489_10201103069657599_5227028330746511459_n.jpg



    මේ 3න් දැන් මම දන්නා යන්නේ පලවෙනි එක. මේ සුත්‍රය වල තියන කරුණු ගොඩක් advanced. ඒ නිසා මේ කරුණු මුල ඉඳලා ධර්මය හදාරන කෙනෙකුට තේරුම් ගැනීම - දල අවබෝධයක් හෝ ගැනීම අමාරු වෙන්න පුළුවන්. මොකද මේ තියන කරුණු අවබෝධ උන නම්, එයා සෝවාන් වෙලා - සක්කාය දිට්ටියෙන් මිදිලා.
     

    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    යාළුවා;16682521 said:
    වයින් වෙරි වෙන්න බොන ජාතියක් නෙමේනෙ.
    ඔන්න අරක්කු පැත්තට යනකොට නං වැඩේ වැරදි එක ඇත්ත.
    ඒ කාලෙ එහෙ වතුර වගේ තමා වයින් පාවිච්චි කළේ ඒ රටවල්වල. ජාතික නිෂ්පාදනයක්..
    ඉතින් අපේ අය එළකිරි දොවල කොටසක් විකුණලා කොටසක් බොනව වගේ තමා ඒ කාලෙ එහෙ වයින්. එළකිරිත් උකුවට තුනක් විතර ගැහුවොත් කෙල වෙනවා :baffled: ලස්සී වගේ.:dull:
    කෑම කාල වේල් දෙකට තුනට පොඩ්ඩක් බොන්න. අර පුලියානම් වගේ දෙයක් විදියට පාවිච්චි කරපු දෙයක්නෙ. මිදී වයින්. මහා පරිමාණ මිදී වතු එහෙ තියෙන්නෙ. තාමත් එහමයි.

    මචන් වයින් කියන්නෙ වතුර වෙනුවට ගන්න දෙයක් නෙමෙයි අරක්කු සැර වගේ නැතුව ඇති ඒත් alcohol නෙ