කිං බානට්....

waligamaya

Well-known member
  • කිං බානට්....
    උපහාසාත්මක දේශපාලන තීරු ලිපි අතර ඉහළම ස්ථානයක් ඉරිදා දිවයින පුවත්පත මගින් පලකළ කිං බානට් තීරු ලිපියට හිමිවිය.මා කිං බානට් තුමාගේ කතාවක් මුළින්ම කියවුයේ පාසල් යන කාලයේදීය.පසුව එයට කොතරම් තදින් ඇබ්බැහි වූවාක් දැයි කිවහොත් දිවයින පුවත්පත අතට ගත්විට මුළින්ම කරන්නේ කිං බානට්තුමා සොයා යාමයි.
    එම තීරු ලිපිය ලියු රචකයා තුළ අතිමහත් නිර්මාණශීලී හැකියාවක් විය.දේශය පාලනය කරන්නටයැයි පැමිණ තමන්ගේ බඩ වඩාගත්, මේ රටේ සංස්කෘතිය වනසා රට පාවා දුන් දේශ පාලුවන්ව කිං බානට්තුමා විසින් නිර්දය ලෙස විවේචනය කළේය.නමුත් එය අපහාසයක් නොවී උපහාසයක්ම වුයේ රචකයා තුල තිබූ නිර්මාණශීලී හැකියාව නිසාය.
    ඔහු කිසිවෙක් නියම නමින් හැඳින්වුයේ නැති අතර අන්වර්ථ නාමයකින් හැඳින්වීය.නමුත් ඒ නම ඔවුනට කදිමට ගැලපුණි.
    මර්වින් සිල්වා ඇමතිතුමා හැඳින්වුයේ මැර-වින් සිල්වා යන නමිනි.
    උපුල් ජෝශප් ප්‍රනාන්දු උලුක්කාර් ජෝකර් ප්‍රන්නාන්දු යන නමින් හැඳින්වීය.
    ටී.බී.ඒකනායක ඇමතිවරයා ජිනා මැඩම්ගේ පොට් එකේ ඉඳ පොලිසියට අසුවූ විට කිං බානට්තුමා විමසුවේ ගණිකා මඩමකට අරක්කු බොන්න යාමට තරම් ඒකා-නායකයෙක්ද යනුවෙනි.
    කිං බානට්තුමාගේ අන්තිම තීරු ලිපිය පළවුයේ 2012/04/22 දිනයි.ඒ කටුගේ කඩු හොරකම ගැනයි.මේ හොරකම ගැන පරීක්ෂණ පැවැත්වූ ආරක්ෂක අංශ අසරණ කරමින්, දිගින් දිගටම ප්‍රශ්න කරමින් ඉතා සාර්ථක ලිපි පෙළක් ලියන ලද්දේ දිවයින පුවත් පතේ ජානක ලියනාරච්චි විසිනි.මේ අතර කිං බානට් තීරු ලිපිය මගින් ඉතා හදිසියේම කටුගේ හොරකම ගැන ඔත්තුවක් සපයන ලදී.මෙහිදී එම ලිපිය මගින් උත්සාහ කරන ලද්දේ සමාජයට දැඩි කම්පනයක් ඇතිකර කටුගේ හොරා ඇල්ලීමේ දිශානතියට පරීක්ෂණ අංශ යොමු කීරීමයි.නමුත් අපේ නිර්වින්දනය වූ සමාජය කම්පනය තියා සෙලවීමටවත් ලක්වුයේ නැත.අන්තිමේදී සරත් සියඹලාපිටිය ඇමතිතුමා දිවයින පුවත් පතෙන් කෝටි 100ක් ඉල්ලා එන්තර වාසියක් යවා තිබුණි.දිවයින පුවත් පතින් එය ගෙවූ බවක් හෝ පුවත් පතට එරෙහිව නඩුවක් ක්‍රියාත්මක වූ බවක් දැනගන්නට ලැබුනේ නැත.අවසානයේදී සිදුවුයේ කිං බානට්තුමා අන්ත්‍රස්දාන වීමත්, අනුර සේනානායක නියෝජ්‍යය පොලිස්පතිතුමා (හිටපු බයිලා ගායක ) එම හොරකම කන් ගැට්ටෙක් කල බව පවසා පරීක්ෂණය අවසන් කීරීමයි.
    කටුගෙයි අරුම පුදුම සොරකමක් සිදුවූ බවත්, එය සිදුකළේ කන් ගැට්ටා නම් විශ්වකර්මයෙක් බවත් අපේ හුදී ජනයාට මතක් කරනු වස් කිං බානට්තුමාට අන්ත්‍රස්දාන වීමට සිදුවූ කතාව පහත පලකලෙමි.
    ==========================================================
    සියඹලා පිට්‌ටනිය ඇමැතිතුමා වෙතයි,
    ගරු ඇමැතිතුමනි, කාලයක්‌ තිස්‌සේ ඔබතුමා ඇමැතීමට
    බලාපොරොත්තුවෙන් සිටියෙමි.
    එහෙත් එයට අවස්‌ථාවක්‌ නොවීය.
    මුලදී ඔබතුමාව කඩ්ඩෙන් ඇමතීම සුදුසු යෑයි මට සිතුනි.
    ඒ ඔබතුමා කඩුවලට ඉමහත් ලැදියාවක්‌ දක්‌වන බව දැනගන්නට ලැබුණු හෙයිනි.
    කෙසේ වෙතත් හුදී ජන පහන් සංවේගය උදෙසා සුද්ද සිංහලෙන්ම ඔබතුමා ඇමැතීමට සිතුවෙමි.
    ඇත්ත වශයෙන්ම මට ඔබතුමා ගැන ආඩම්බරය.
    ඒ, ඇමැතිවරයෙකු වූ පසු කටුගෙය නරඹන්නට ගිය එකම ඇමැතිතුමා ඔබතුමාම වන හෙයිනි.
    අපේ පැරැණි කඩු කස්‌ථාන, කිරිච්චි, කාසි ආදිය ගැන උනන්දුවක්‌, ආසාවක්‌ ඇති ඇමැතිතුමකු අප අතර සිටීම කෙතරම් වාසනාවක්‌ද...?
    ඇත්ත වශයෙන්ම ඔබතුමා මේ රටට පමණක්‌ නොව ජාත්‍යන්තරයට ද ආදර්ශයකි.
    ඇමැතිවරුන් යනු මැටි මෝල් හරක්‌ ටිකක්‌ යෑයි සමහරු සිතති.
    එහෙත් එම මතය වැරැදි බව ඔප්පු කරන්නට ඔබතුමා සමත්ව තිබේ.
    ඔබතුමා පුරාවිද්‍යා කේෂේත්‍රයට මුළු හදවතින්ම ඇළුම් කරන්නෙකු බව අද වනවිට ජාතියටම ඔප්පු වී හමාරය.
    ඔබතුමා කිහිප විටක්‌ම කෞතුකාගාරය නරඔන්නට පැමිණි බව ආරංචිය.
    එය කෙතරම් ආශ්චර්යයක්‌ ද?
    අපේ පොඩි එකාට කෞතුකාගාරය පෙන්වන්නට මට තාම බැරි විය.
    එපමණක්‌ද නොව ඔබතුමා කෞතුකාගාර සේවකයින් නිතර නිතර ඔබතුමාගේ මන්දිරයට කැඳවාගොස්‌ හො`දින් සංග්‍රහමාන කටයුතු කරන බවද ආරංචිය.
    එය අති විශිෂ්ට ක්‍රියාවකි.
    මෙයින් ගම්‍ය වන්නේ කුමක්‌ද...?
    ඔබතුමා පුරාවස්‌තුවලට පමණක්‌ නොව ඒවා රැකබලා ගන්නා පුද්ගලයින්ට ද ආදරේ කරන බවය.
    පුරා වස්‌තු පමණක්‌ නොව ඔවුන්ව ද රැකබලා ගන්නා බවය.
    ඔබතුමා පුරා වස්‌තුවලට මෙන් ශ්‍රී දළදා වහන්සේට ආදරේ නොකිරීම සම්බුද්ධ සාසනයේ වාසනාවක්‌ බව අපේ ආච්චි අම්මා සාධුකාර දෙමින් කියා සිටියාය.
    මේ ආණ්‌ඩුවේ ඇමැති මංඩලය තුල කප්පම්කරුවන්, කුඩු බිස්‌නස්‌කාරයින්, ඉල්ලම් හොරුන් සිටියද පුරා වස්‌තු කොල්ලකරුවන් සිටියේ නැත.
    දැන් ඒකත් සම්පූර්ණය.
    අපේ භාරකාරතුමාට ඔබතුමා ගැන සැළවුණොත් අලුතින් මුදල් හා පුරා වස්‌තු පිළිබඳ අමාත්‍යංශයක්‌ ඇතිකොට එය ඔබතුමාටම භාරදෙනු සහතිකය.
    එතෙක්‌ ඔබතුමාට තිස්‌තුන් කෝටියක්‌ දෙවි දේවතාවුන් වහන්සේලා ගේ පිහිට හා ආරක්‌ෂාව ලැබේවායි පතමි.
    මෙයට,
    කිං බානට්‌තුමා
    ( ප. ලි.- මේ දිනවල අකුණු සැර බහුල බැවින් ප්‍රවේශමෙන් එළියට පහළියට බහින මෙන් ඔබතුමාට කාරුණිකව මතක්‌ කරමි. )

    10273800_10204072893009028_3591409124105583423_n.jpg

    ගත්තේ බුකියෙන්
     
    Apr 8, 2014
    1,411
    35
    0
    මම පොඩිකාලෙත් ඕක ගියා. දිවයින පත්තරෙ නෙ. මට මතකයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිං බානට් ට කලින් කොච්චර දේශපාලන ප්‍රහසන තීරු ලිපි ගියා ද?
    පටන් ගත්තේ භූත රිපෝටර්- ගෙන්
    පකිස්ලන්තය
    ටොයිස්ලන්තය
    කාක්කා
    සත්තු කතා කරති
    උකුස්සා

    ඔය වගේ හැට හුට හමාරක් ගියා ඒ කාලෙ ඉදන්
    ඕක ලියන්නේ හරිත පෙරේරා කියන හාදයා..............
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    කිං බානට් ට කලින් කොච්චර දේශපාලන ප්‍රහසන තීරු ලිපි ගියා ද?
    පටන් ගත්තේ භූත රිපෝටර්- ගෙන්
    පකිස්ලන්තය
    ටොයිස්ලන්තය
    කාක්කා
    සත්තු කතා කරති
    උකුස්සා

    ඔය වගේ හැට හුට හමාරක් ගියා ඒ කාලෙ ඉදන්
    ඕක ලියන්නේ හරිත පෙරේරා කියන හාදයා..............

    දැන් ඒ හරිතයා වියලී ගොස්ද? නැතහොත් වියලෙන්නට දමා ඇත්ද?:rolleyes: