ග්‍රහ අපල වලට ආයුර්වේද ඔසු.
මීට පෙර වතාවක මා පලකල ලිපියක ආයුර්වේදය හා ජ්‍යොතිෂ යනු නිවුන් සොහොයුරන් දෙදෙනෙකු බව පැවැසුවා ඔබට මතකයැයි සිතමි. ආයුර්වේදයේදී නම් නිතරම වාගේ ප්‍රථිකාර ආරම්භයට, විස කලාව සෙවීමට හා බෙහෙත් ඇඟට අල්ලන්නේ නැති විට ඒ සඳහා පිලියම් කිරීමට ජ්‍යොතිෂය භාවිතා වන බව බොහෝදෙනා දන්නා කාරනයකි. ජ්‍යොතිෂ ගැන දැනුමක් නැති වෙදාට වෙදා කීමට වඩා ගොනායැයි කීම උචිත බව වකුගඩු සම්භන්ධ විශේෂඥ්‍ය ආයුර්වේද වෛද්‍ය හෙන්දිරික්ද සිල්වා හෙට්ටිහොඩ (සිද්ධාලේප ආයතනයේ වත්මන් හිමිකරුගේ පියා) මැතිතුමා වරක් ප්‍රකාෂ කලේ ඒ නිසාය.. එය එසේ නමුත් ජ්‍යොතිෂයේදී අපල දුරු කිරීමට ආයුර්වේදය භාවිතා වන බව දන්නේ සුලු පිරිසකි. අද මා කියා දෙන්නට යන්නේ ඒ පිලිබඳවය.
නොයෙකුත් ග්‍රහයන්ගේ අපල කාල වලදී පරිසරයේ ඇති එම කිරන වලින් ආරක්ෂා වීමට හැකි ඔසු විශේෂ පැරනි සෘෂි වරුන් ඔවුන්ගේ සෘෂි නුවනින් දැක අවබෝධ කර ගත්හ. කළුවර අඳුන සෑදීමේදීද ඔවුන් භාවිතා කලේ මේ මූල ධර්මයමය. එනම් යම් ඔසු වර්ග කීපයක් සංයෝග කර ශරීරයේ තවරා හැනීමෙන් ආලෝකය වර්ථනය කර හැරීමයි. මෙහිදීද සිද්ධාන්ථය මෙයමය, අදාල කිරන ශරීරය සමග නොගැටිම සඳහා ආරක්ෂක ස්ථරයක් සකස් කිරීම මෙහිදී සිදුවේ.
මෙහිදී සිදුවන්නේ ඒ ඒ ග්‍රහයාගේ කිරන වලට අදාල ප්‍රථිචාර දක්වන ඔසු තම්බා ස්නානයයි. එහිදී මේ ඔසු ශරීරයේ තැම්පත් වී ආරක්ෂක ස්ථරයක් ලෙස ක්‍රියාත්මක වේ. මේ ඔසු මොනවා දැයි දැනගැනීම වැදගත් වේ යැයි සිතමි.
රවිගේ අපල වලට
මනෝසීල, එනසාල්, දේවදාර, කුංකුමප්පු, සපුමල්, සැවැන්දරා වැල්මී, නෙලුම් රේනු, මයිල මල් තැම්බූ වතුර ස්නානය
සඳුගේ අපලවලට
කිරි, දීකිරි, ගිතෙල්,ඇත්දත් සක්බෙල්ලන්,පිළීඟු,කුමුදු තැම්බූ වතුර ස්නානය. (මෙයට ගෝමුත්‍ර සවල්පයක්ද එක් කරගන්නා ලෙස පවසා ඇතත් එසෙකිරීමට සියාල්ලන් පාහේ අකමැති බැවින් එය නැතිව වුවද කම් නැත. නමුත් බොහෝ ආයුර්වේද බෙහෙත් වල කුකුල් බෙටි එලුමුත්ර ගෝමුත්‍ර පමනක් නොව නර මුත්‍ර පවා බෙහෙතට ගත් බව මතක් කරනු කැමැත්තෙමි. )
කුජගේ අපලයට
බෙලි, සුදුහඳුන්, බැවිල, කනේරුමල්, පෙරුංකායං, රුක්මල්,මූන මල්, ජටාමංස තැම්බූ වතුර ස්නානය
බුධගේ අපලයට
යව ඇට, ගොරෝචන, මීපැණි ස්වල්පයක්, ගල්පෙඳ, රන්, තැම්බූ වතුර ස්නානය.
ගුරුගේ අපලයට
සමන්පිච්ච මල්, සුදු අබ, ඉද්ද කොල, වැල්මී තැම්බූ වතුර ස්නානය.
සිකුරුගේ අපල වලට
එනසාල්, මනෝසීල,ගෙඩි මල් සහිත කුංකුම තැම්බූ වතුර ස්නානය.
ශනිගේ අපලයට
කලුතල, අංජන කැට, ලොත් සුඹුලු, බැවිල, වීපොරි, සතකුප්ප තැම්බූ වතුර ස්නානය.
රාහුගේ අපල වලට
ඊතන, තල, කොලොං කොල, කලාඳුරු අල, ඇත් දත්, කස්තුරි, එලකිරි, තැම්බූ වතුර ස්නානය.
කේතුගේ අපලයට
ඊතන, තල, කොලොං කොල, කලාඳුරු අල, කස්තුරි, එළු කිරි, ගෝ මුත්‍ර තැම්බූ වතුර ස්නානය.(මෙහිදීද ගෝ මුත්‍ර එක් කිරීමට අපුලක් දැනේ නම් එක් නොකලාට වරදක් නැත.)
තවත් මෙවැනි ලිපියක් සමග හමුවෙමු.
http://tharaka-eli.blogspot.com/2014/05/blog-post_29.html

Last edited:

මම ඒත් බැලුව මේවට ප්‍රතිකර්ම එක එක්කෙනාට වෙනස් වෙනව ද අපලෙ හැටියට වෙනස් වෙනව ද කියල