රට යමු

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    පිටරට ඉන්න අපේ කොල්ලෝ මොකද හිතන්නේ? ලංකාවේ ජීවිතේට සාපේක්ෂව පිටරට ජීවිතේ කොහොමද? මම හිතන්නේ රට යන්න හිතන් ඉන්න හැමෝටම වැදගත් වේවි :yes:

    1. නීතිය ක්‍රියාත්මක වීම ?:yes:
    2. ඔලුව කෙලින් තියාගෙන ජීවත් වෙන්න පුලුවන්ද? (සුද්දෝ එහෙම අපිට ජාතිවාදී විදියට සලකනවා කියල මම අහල තියෙනවා) :oo:
    3.වියදම එහෙම ? :rolleyes:
    4.තව ඔය එක එක දේවල්?

    තමුන් ඉන්න රට / කොච්චරකල් එහෙ ජීවත් වෙනවද? වගේ දේවලුත් එක්ක දැම්මොත් හැමෝටම ප්‍රයෝජනවත් වෙයි :yes::yes:
     
    spnkas

    Junior member
  • Oct 28, 2010
    853
    23
    18
    south korea
    machan lankawa hondai pitaratawala monawa honda unath thamnge aya inne lankawe rata enakal eka danenne na awahama thamai danenne ape rate age amma thaththa nadayo.. a okkoma ekka dala wenarataka inna amarui ban hithala balapan
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    දැන්නම් කොල්ල ලංකාවේ ඉන්නේ. එත් හිටපු දවස් වල දැකපු දෙයක් තමා ආසියාතික රටවල් වල නීතිය ක්‍රියාත්මක වෙනවා අඩුයි. එත් වෙන රටක වරදක් කරලා මට්ටු වුනොත් fine එක ගෙවන්න ඇට දෙක උගස් තියල සින්න වෙලත් යනවා. hospital වලත් එහෙමයි.

    Racist අය ඉන්නවා ඕනේ තරම්. NY, SF වගේ නම් racist අය අඩුයි. එත් සාපේක්ෂව ඇමෙරිකාවේ ඉන්නවා racist අය ගොඩක් ඉන්නවා. ලතින් ඇමෙරිකානු රටවල් නම් maxxa. රුසියාවෙ මිනිස්සු තමන්ගේ රටේ අයත් එක්ක පවා හිනා වෙනවා අඩුයි. mexico වගේ රටවල් පට්ට friendly.

    වියදම් ලංකාවට වඩා අඩුයි ඉන්දියාවේ. නමුත් අනිත් රටවල බොහොමයක වියදම ලංකාවට වඩා වැඩියි.

    ගොඩක් අයට දැන් ලංකාවේ අයයි indians ලයි වෙන කරලා අදුරගන්න පුළුවන්. ඔයා තනියම රට යනවනම් hostel එකක නවතින්න. වටිනා අත්දැකීමක් වේවි. අම්බම racist රටක වුනත් hostel වල ඕනේ තරම් friendly අය ඉන්නවා.

    ගොඩක් රටවල expats ලා ඉන්නේ එකට. ඒ නිසා වැඩි අවුලක් නැතුව තමන්ගේ රට වගේ ඉන්නත් පුළුවන් ඕනෙනම්.
     
    Last edited:
    Sep 25, 2008
    757
    35
    0
    මම singapore වල ඉන්නේ, වියදම නම් ගොඩක් සැරයි... මෙහෙ ගොඩක් දියුණුයි... ආර්ථික දියුණුව, මෙහෙ උන් නම් මර විදියට වැඩ කරන්නේ ,, නිවාඩුවක් ගන්නේ නැති තරම් ... මට නම් අපු දවල් වල කෑම තමා ගොඩාක් ම අවුල් උනේ,, දැන් නම් ටිකක් පුරුදුයි... මට හිතෙන විදියටම ලන්කාවේ තමා රසම කෑම තියෙන්නේ ... මෙහෙ මම PHD eka karanawa. NTU kiyana uni eke .NTU eke lecture kenek vidiyatath weda karanawa..wena job ekak nam karanne na.මෙහෙ ගොඩක් උන් හිතන්නේ අපි indian කාරයෝ කියලා .. ඒ නිසා පඩේකට ගණන් ගන්නේ නැ .. නමුත් ලංකාවේ කීවාම ටිකක් විතර පිලි ගැනීමක් තියනවා ...
     
    Last edited:

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,581
    656
    113
    sri lanka
    මම ඉන්නේ මැලේසියාවේ. නිතිය ක්‍රියාත්මක වීම නම් හොදයි. එත් ඉතින traffic පොලිස් නම් ඉතින් ලංකාවේ වගේම තමයි. ජරාව දීල යන්න පුළුවන්. ජිවන වියදම නම් ලංකාවේ ගානටම වගේ තියෙනවා. හැබැයි පඩිය නම ලංකාවේ වගේ දෙතුන් ගුණයක් ගන්න පුළුවන් කරන job එක අනුව. එක හින්ද සල්ලි ඉතුරු කරන්න පුළුවන්. standard of living එක ඉතින් developed country එකක් වගේම තමයි. ජොබ් එක කරන්න හොද උනාට PR අරණ හරි citizen අරන් හරි ජිවත් වෙන්න නම් හොද නැ. මොකද මෙහෙ ඉන්න එවුන් ගොඩක් ජතිවදියි. මැලේ තමයි ප්‍රදාන බාෂාව. ගෙදරට එන light bill එක පවා එන්නේ මැලේ වලින්. හැබැයි job එකක් කරලා කියක් හරි ඉතුරු කරන් යන්න නම් හොදයි. මම දැන් මෙහෙ අවරුදු එක හමාරක් විතර ඉන්නවා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පිටරට ඉන්න අපේ කොල්ලෝ මොකද හිතන්නේ? ලංකාවේ ජීවිතේට සාපේක්ෂව පිටරට ජීවිතේ කොහොමද? මම හිතන්නේ රට යන්න හිතන් ඉන්න හැමෝටම වැදගත් වේවි :yes:

    1. නීතිය ක්‍රියාත්මක වීම ?:yes:
    රට අනුව තමා මලේ, යුරොප් වල නම් සාදාරනයයි, ඇමෙරිකා, යුඇස්වල නම් යම්තාක් දුරට ඒශියන් උන්ට අඩු සැලකිලි තියනවා. ඉන්දියාවේ, පකිස්තානේ අරාබියේ කියලා වැඩක් නැ.

    2. ඔලුව කෙලින් තියාගෙන ජීවත් වෙන්න පුලුවන්ද? (සුද්දෝ එහෙම අපිට ජාතිවාදී විදියට සලකනවා කියල මම අහල තියෙනවා) :oo:
    ඔව්, 80-90 ගනන්වල එන්ගලන්තෙත් ඔය තත්වේ තිබ්බ, දැනුත් සමහර මිනිස්සු ඉන්නවා හබ බ්‍රවුන් උන්ට කරි මන්චීස් කියන පොරවල්. ඒත් සමස්තයක් හැටියට, උබ ජීවත් වෙන කරන රැකියාව උගත්කම මත සුද්දො උබට සර් කියන්න ලොස් නැ.. ඉස්සර වගේ පන්ති බේද අඩුයි. ගොඩක් අරාබි චීන උන් යුරොප්වල සෙල්ලන් දාන නිසා.

    3.වියදම එහෙම ? :rolleyes:
    ව්යදම තීරනය වෙන්නේ රටේ ආර්තිකය සහා උබ යන වඩේ අනුව. උබ විනොදෙට යනවා නම් යුරොප්, සින්ගා, ජපන් කියන්නේ ඉතාමත් මිල අදික රටවල් ජීවන වියදමට. අයිස්ලන්තේ, නොර්වේ, ඩෙන්මාක් මේ වගේ රටවල විදේසිකයන්ගේ ලිවින් කොස්ට් එක ඉතාමත් ඉහලයි ටුවරිස්ට් පර්පස් නම් ගිහින් ඉන්නේ. නමුත් රැකියාවකට යනවා නම් ලැබෙන වැටුපට අනුව ජීවත්වීම අපහසු නැ.

    4.තව ඔය එක එක දේවල්?

    තව ඉතින් එක එක දේවල් කියන්නේ, උන්ගේන් (ඔනැම රටක උන්ගෙන් ) අපිට්ය ඉගෙන ගන්න දේවල් බොහොයි. මෙහෙ වගේ ඔෆිස්වල, බොක්කු උඩ,. පාරවල් ගානේ කාලේ කන්න උන්ට වෙලාවක් නැ, ස්ටුඩන්ට් ලොන් වලට ඉගෙන ගන්නේ හැම එකාම, ඒ නිසා උන්ට දියව්, පලයව් කියලා උද්ගොශන කරන්න කාලයක් අවශ්යතාවයක් නැ. අදහන්න ඔනා එකම නීතිය තමා පිනටකැම, ආන්ඩුව ඔක්කොම කරන්න ඔනැ, මේක අපේ අයිතිවාසිකම, මේ වගේ දේවල් නම් ඒ රටවල මිනිස්සු ඉතාමවත් අඩුවෙන් තමා දකින්නේ. අයිතිවාසිකමට වඩා යුතුකම ගරුකරනවා.

    තමුන් ඉන්න රට / කොච්චරකල් එහෙ ජීවත් වෙනවද? වගේ දේවලුත් එක්ක දැම්මොත් හැමෝටම ප්‍රයෝජනවත් වෙයි :yes::yes:

    ඒක එක හේතු වලට එක එක රටවල ජීවත් වෙලා තියනවා පැය 24 ඉදන් මාස 6 දක්වා. ඒ දේවල්වලින් මම ඉගෙන ගත්තු දේ තමය්. අපිට ලන්කාවේ මිනිස්සු හැටියට කම්මැලි වෙලා, දියුනුවක් නැත්තේ අපිට සැප වැඩියි.. තුන්සියහැටපස් දවසේම අපිට ඉර අව්ව තියනවා, ඒත් ගොඩක් උන්ට එහෙම නැ, සමර් එකට ඉන්න බැ රස්නෙයි. ඒ කාලේට වෙනම ඇදුම් ඔනා, වින්ටර් එකට ඉන්න බැ සීතලයි, ඒ කාලෙට තව ඇදුම්. මේවා නිකන් පාත් වෙන්නේ නැ, හම්බ නොකලොත් වැඩ නොකලොත් සීත කාලෙට කන්න නැ. ඒක නිස මිනිස්සුන්ට ටාගට් තියනවා. කරන්න වැඩ තියනවා. අපිට 356 දවසම එක වගේ නිසා, බයිලයක් ගහලා අනුන්ගේ කුනක් කියවලා බොක්කුවක් උඩත වෙලා කාලේ කනවා.
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy

    Apoiii